Thursday, May 14, 2009

ආගම මිලිටරිකරණය වීම හෙවත් තුවක්කු පිරිත් කිරීම.


මීට ටික වේලාවකට පෙර සිරස FM (යුද්දෙ තියෙනකං... සිරස නෑදෑකං...) තුලින් කවියක් ප‍්‍රචාරය විය. එය අග්ගමහා පණ්ඩිත ආදී වශයෙන් වූ නම් රැසකින් හඳුන්වා ගන්නා චීවරධාරියෙකු විසින් මිමිණුවකි.(ඔබේ වචනයට අනූව නම් දේශනා කරන ලද්දකි.) එහි අවසන් පදයට අනූව කහ සිවුරයි තව මොකක්දෝ එකකුයි තිබෙන්නේ පුතේ උඹ අතේය කියා කීවේය. මෙහි පුතා යනු හමුදා සෙබලාය.(භික්ෂූන් බුද්ධ පුත‍්‍රයන් වන අතර හමුදා සෙබලූන් භික්ෂූන්ගේ පුත‍්‍රයන් වී ඇත.) මේ භික්ෂුවට කෙටියෙන්ම කියනවානම් කීමට ඇත්තේ ඉක්මනට පුතාගෙන් කහ සිවුර ඉල්ලගන්න කියාය. එ් මන්ද යත් ඔය පුතා අර අහිංසක දෙමළ දැරියන් දූෂණය කරන විට ඕක එලාගැනීමට ඉඩ ඇති බැවිනි.

Wednesday, May 6, 2009

කේතුමතී නුවරක පවතින කැ(කිල්)ලේ නීතිය


හිටි හැටියේ ප‍්‍රදේශයෙන් වාර්තා වු සි¥වීමක කියාවුණේ කුඩා දරුවන් දෙදෙනෙකු නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන් වු බවයි. මෙය මු`ඵ ශ‍්‍රී ලංකා සමාජයම ගිනි තබමින් ක්ෂණයෙන් පැතිරගියේ දහසක් දෙනාගේ නෙත් අගට කඳු`ඵ බිදු නංවමිනි. එම නිසා මෙම සිදුවීමෙන් සමාජය දෙදෙරුම් කෑවේය. (මේ හරහා උතුරේ සටන්වලට මැදිවී මිය යන කුඩා දරුවන් ගැන වුවද තොරතුරු ලැබේ නම් තමා කම්පාවීමට සුදානම් බව කියා සිටියේ දකුණේ ජනතාව තමා තවමත් අවසංවේදීකරණය වී නැති බව පෙන්වීය.)

දිනක් දෙකක් ගතවන විට නිවස අසලින්ම දරුවන් දෙදෙනාගේ නිසල සිරුරු සහ සෙල්ලම් කරමින් සිටි බයිසිකලයද සොයා ගැණුනු අතර මෙය ඉඩම් ආරවුලක් නිසා අසල නිවැසියෙකු සිදුකළ අපරාධයකැයි හෙළිවන්නට පටන් ගත්තේය. Reed more>>>

Related Posts with Thumbnails