Tuesday, June 16, 2009

මර්වින්ගේ වීරක‍්‍රියා (කැළණිය විශ්ව විද්‍යාලයේ වික‍්‍රමාන්විතය)

මර්වින් සිල්වා විසින් රටේ ජනතාවට නොමිලේ දෙන ආතල් වල අලූත්ම ආතල් එක මීට දින දෙක තුනකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. සරසවි සිසුන් සහ අදාල ගම් ප‍්‍රදේශයේ වැසියන් අතර ඇතිවූ ගැටුමකදී රටේ කම්කරු අමාත්‍ය වරයා වන (ආචාර්‍ය යැයි කියාගන්නා) මර්වින් සිල්වා මෙයට මැදිහ ත් විය. අමාත්‍ය වරයා පමණක් නොව කැළණිය බෞද්ධ පුරපරයේ අහිංසක ළමයින් ටිකද පොලූ මුගුරු රැගෙන එතුමා වටේ සිට වචනයෙන් වචනයට විසිල් පිට විසිල් ගැසූහ.අප හැමෝම මේ පාර්ශයන් සියල්ලේම චර්‍යාව දැක ගත්තෙමු. නමුත් අප උත්සහ ගත යුත්තේ මේ පාර්ශවයන් එකිනෙකෙහි අවශ්‍යතාවය නිශ්චය කර ගැනීමටය.

1 විශ්ව විද්‍යාල සිසුන් -

- විභාගය ඉතා ආසන්නව ඇති බැවින් කෙසේ හෝ විශ්ව විද්‍යාලය වසා ගැනීම.
- තම පෙම්වතින්ට හෝ මිතුරියන්ට අනිසි බලපෑම් කරන ගමේ කොල්ලන්ගෙන් වාඩුව ගැනීම.
- එකම වයසේ තරුණ පිරිසක් සිටින බවින් ගැටුම් වලට යෑම හරහා පෞර්ෂය වර්ධනය කරගැනීමට උත්සහ ගැනීම.


Reed More >>>

Friday, June 12, 2009

ප‍්‍රභාගෙන් හිස්වුණු පුටුවට Vacancy යක් තියෙනවා......!

ආයුධ බලය ගැන තිබූ අධිමානය සහ නිවැරදි දේශපාලන ප‍්‍රවේශයක් නොමැති වීම යන ප‍්‍රධාන කරුණුත් තවත් අනු කරුණු රැසකුත් මුල්කරගෙන LTTE සංවිධානය සහ නායකත්වය ශ‍්‍රී ලංකාවේ හා ලෝකයේ ඉතිහාසයට එක්වී හමාරය. නමුත් අවසන් වූයේ LTTE සංවිධානයේ මිනිස් බලය හා ආයුධ බලය පමණි. ඔවුන් විසින් නියෝජනය කළ මතවාදය මල්ටිබැරල් ගසා විනාශ කර දැමිය නොහැකිය. එය වත්මන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නම්වූ සන්ධර්භය තුළදී සිංහල-බෞද්ධ මතවාදය හමුවේ යටපත් වූවා පමණි.

Friday, June 5, 2009

මම නම් මාතෘ භූමියට ආදරේ නෑ.


විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රීසිංහලාධීශ්වර (හාමුදුරුවරු දෙන්නාගේ ගරු නාමය) මහින්ද මහරජතුමන් (ප‍්‍රසන්න රණතුංගගේ ගරු නාමය) විසින් ශී‍්‍ර ලංකාවෙන් ත‍්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සිංහනාදයක් කරන ලදි. එහිදී කියා සිටියේ අපට මෙතෙක් තිබුණේ අභිමානවත් අතීතයක් පමණක් බවත් නමුත් අද සිට අපට අභිමානවත් අනාගතයක්ද පවතින බවත්ය. මෙතකින් නොනැවතුණු මහින්ද නරිඳුන් (ආචාර්්‍ය මර්වින් සිල්වාගේ ගරු නාමය - මර්වින් සිල්වා ආචාර්‍ය යන්න ලියන්නේ ඉහත පරිදිය.) අද සිට ලංකාව තුළ සුළුජාතියක් හෝ මහජාතියක් නැති බව කියා සිටියේය. එසේම අපේ ජනපතිඳාණෝ (ඇතුගලගේ ගරු නාමය) කිවේ අද සිට සිටින්නේ මාතෘ භූමියට ආදරේ කරන පිරිසක් සහ මාතෘ භූමියට ආදරේ නැති පිරිසක් පමණක් බවයි.

Related Posts with Thumbnails