tag:blogger.com,1999:blog-3825513316312756822.post7427266972337714737..comments2023-07-20T17:10:25.924+05:30Comments on අඩව්ව: විසිල් විතරයි........... කරණම් නෑ..............hashanhttp://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3825513316312756822.post-16271438291532427502010-06-07T11:01:40.711+05:302010-06-07T11:01:40.711+05:30@rama
අපි ඔබට එකගයි රාමා. අඩව්ව මේ ලිපියේදී උත්සහ...@rama

අපි ඔබට එකගයි රාමා. අඩව්ව මේ ලිපියේදී උත්සහ ගත්තේ යූ.එන්.පී යේ ඇති වෙලා තියෙන අර්බුධය සිරස පෙන්නනවාට වඩා වෙනස් කියලා කියන්නයි. ඒ වගේම ප්‍රතිසංවිධානයන් හරහා ඇති විය හැකි අර්බුධයත් මේ හරහා ටිකක් විතර සාකච්ඡා කරා. ඔබ කියන කතාව ඇත්ත රාමා. මොකද සජිත් පොඩි මහින්ද කෙනෙක් බව අපිත් දකිනවා. ඒකේ විවිධ දේශපාලනික පැතිකඩයන් අපි බරපතල විදිහට කතා කරන්න වෙනවා. මොකද මේ හරහා වෙන්නේ ලංකාවේ ජනප්‍රිය මතවාදය ප්‍රශ්ණ කරන ප්‍රතිවිරුද්ධ මතවාදයක් නැති වෙන එකයි. ඒක භයානක තත්වයක්. මහින්ද රෙද්ද බැනියම ඇ`දගෙන කුරහන් කකා දේශපාලනය කරන කරනවා කියලා පෙන්නන එක ඇත්ත. ඒත් ඒ රෙද්ද එපා වෙන මිනිස්සුන්ට දේශපාලනිකව විකල්පයක් තියෙන්න ඕනේ. ඒක මොකක්ද කියන එක ගැන කථීකාවක් ඇති වෙන්න ඕනේ තමයි. ඒත් එහෙම එකක් තියෙන්න ඕනේ. නමුත් දැන් වෙන්නේ ජනප්‍රිය රැල්ල තමන්ගේ කරගන්න දෙගොල්ලන්ම හදන එකයි.

නමුත් රාමා අපි කොහොම කිව්වත් ඒකට විශයබද්ධ පෙළඹවීමක්ම තියෙනවා. මොකද දැන් දැන් මහින්ද ධනවාදී ප්රවාහයක වැඩ කරනවා. ඒක මහින්දගේ උපක්‍රමයක් හැටියට හෝ බටහිර පෙළඹවීමක් මත හෝ වෙන්න පුළුවං. ඒත් ඒකට විරුද්ධව රනිල් කොහොමද කට අරින්නේ කියලා ප්‍රශ්ණයක් තියෙනවා නේද? මේ හිඩසෙන් සජිත් ප්‍රයෝජනයක් ගන්නවා වෙන්න බැරි නැද්ද?

තත්වය කොහෙම වුණත් රාමා මහින්ද තාමත් අපේකම අතඇරලා නෑ. දැන් මහින්ද ධනවාදී බටහිරගැති වැඩ ටික කරන්නෙත් සිංහළ බෞද්ධ කම ඉස්සරහින් තියාගෙන. මේ වෙලාවේ යූ.එන්.පී ය පක්ෂයක් හැටියට කරන්න ඕනේ මේ චලනයන් තේරුම් අරන් උපක්රමික තීන්දුවක් ගන්න එකයි. නමුත් සිද්ධ වෙන්නේ ඒකද කියන එකයි ප්‍රශ්ණය.hashanhttps://www.blogger.com/profile/02529532983667386658noreply@blogger.comtag:blogger.com,1999:blog-3825513316312756822.post-41780405576716223772010-06-02T03:06:43.574+05:302010-06-02T03:06:43.574+05:30@ අඩව්ව
කාලෙකින් පසු දක්නට ලැබීම සතුටක්.
යූඑන්පිය...@ අඩව්ව

කාලෙකින් පසු දක්නට ලැබීම සතුටක්.
යූඑන්පිය තුල දැන් ඇතිවෙලා තියෙන තත්වය ගැන මගේ කියවීම තරමක් වෙනස්.

http://ramachandrageadaviya-ramachandra.blogspot.com/2010/05/blog-post_07.html

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස එජාපයේ ගැලවුම්කරුවා කියල තියන මතය යූඑන්පී කාරයාගේ පැත්තෙන් ගත්තත් නිෂ්පල සිතුවිල්ලක්.සජිත්ට කරන්න පුලුවන් උපරිම දෙය ඩුප්ලිකේට් මහින්ද කෙනෙක් වෙන එක.නමුත් මහින්ද තමන්ගේ ගේම් එක ගහගෙන යන වටපිටාවක ඩුප්ලිකේට් මහින්ද කෙනෙක්ට තියෙන්නෙ ඔරිජිනල් මහින්දගෙ ගේම් එක දිහා බලාගෙන ඉන්න භූමිකාව විතරයි.සරිත් වැන්නෙක් ආදේශ වීමෙන් එජාපයට දැනට තියෙන චන්ද පදනමත් (නාගරික මධ්‍යම පංතික හා සුලු ජාතික චන්ද ) දෙදරන්න පුලුවන්.
සජිත් මට අනුව මේ මොහොතේ මහින්දගේ න්‍යාය පත්‍රය තුල වැඩ කරමින් ඉනනෙක්.මේ තීව්ර වෙන සමනය කිරීම අසීරු භේදය විසින් දැනටත් වැටිල තියෙන විපක්ෂය තවත් දුර්වල කල හැකි බව රාජපක්ෂ දන්නවා.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.com