
මීට ටික වේලාවකට පෙර සිරස FM (යුද්දෙ තියෙනකං... සිරස නෑදෑකං...) තුලින් කවියක් ප‍්‍රචාරය විය. එය අග්ගමහා පණ්ඩිත ආදී වශයෙන් වූ නම් රැසකින් හඳුන්වා ගන්නා චීවරධාරියෙකු විසින් මිමිණුවකි.(ඔබේ වචනයට අනූව නම් දේශනා කරන ලද්දකි.) එහි අවසන් පදයට අනූව කහ සිවුරයි තව මොකක්දෝ එකකුයි තිබෙන්නේ පුතේ උඹ අතේය කියා කීවේය. මෙහි පුතා යනු හමුදා සෙබලාය.(භික්ෂූන් බුද්ධ පුත‍්‍රයන් වන අතර හමුදා සෙබලූන් භික්ෂූන්ගේ පුත‍්‍රයන් වී ඇත.) මේ භික්ෂුවට කෙටියෙන්ම කියනවානම් කීමට ඇත්තේ ඉක්මනට පුතාගෙන් කහ සිවුර ඉල්ලගන්න කියාය. එ් මන්ද යත් ඔය පුතා අර අහිංසක දෙමළ දැරියන් දූෂණය කරන විට ඕක එලාගැනීමට ඉඩ ඇති බැවිනි.