skip to main |
skip to sidebar
නුදුරු අනාගතයේම මැතිවරණ උණුසුමක් දැනෙන්නට වන්නේ නම් දේශපාලන පක්ෂ ඊට ලහි ලහියේ සූදානම් වීම සාමාන්‍ය දෙයකි. මෙය මුහුද හත්ගොව්වක් තියාගෙන අමුඩ ගැසීමකැයි යමෙකු පැවසුවොත් එම නිර්වචනයට අප දෙන විශ්ලේෂණය වන්නේ එය ඔහුගේ දේශපාලන දැනුමේ තරම කියාය. මන්ද දේශපාලන පක්ෂයක් යන්න ධනවාදී පදනමක සිට විග‍්‍රහ කරන්නේ නම් ‘ බලය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ සමාන අදහස් සහිත පුද්ගල කණ්ඩායමක් ’ ලෙස හඳුන්වා දිය හැකි බැවිනි. එම නිසා ගුරුවරයාට විභාගයත්, වෛද්‍යවරයාට ශල්‍යකර්මයත් වැදගත් වන්නේ යම් සේද දේශපාලනඥයාට මැතිවරණය තම වෘත්තීය ජීවිතයේදී ඉතාම වැදගත් වේ.Read More>>>
කවුරුන් කෙසේ කුමන කතා කීවත් ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්තිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදුවේ. ඒ මන්ද යත් ජය නියතව පවත්නා මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ලබන වසරේ ජනාධිපතිවරණයකට යෑමෙන් යම් හෙයකින් ජනාධිපති තනතුර මහින්දගෙන් ගිලිහී ගියහොත් 2004දී එජාප ආණ්ඩුවට අත්වූ ඉරණම 2012දී පැහැදිලිවම සන්ධාන ආණ්ඩුවට අත්වනු නියතය. එනිසා අඩුම ගණනේ තවත් වසර 7ක් රැකගත හැකි (මේ ජනවාරි ජනාධිපතිවරණයකට ගියහොත් 2011 ජනවාරියේදී දිව්රුම් දිය හැකි නිසා) තමන්ගේ පාලන බලය නිකරුණේ තවත් වසර 2ක් තුළ විහින් වල පල්ලට යවා ගැනීමට භාරකරු ඇතුළු කේවට්ටයන් රැලට අනවශ්‍ය නිසා ඉතාම ඉක්මනින් ඒ සත්‍යය ජනතාව ඉදිරියට පමුණුවනු ඇත.Read More >>>