Monday, July 5, 2010
විසම්මුතික මතයට බයිනෙත්තුව හැරවීම නොහොත් සියතින් ගෙල මිරිකා ගැනීම.
රටක් ලෙස ගත් කළ ඕනෑම අවස්ථාවක ජනප‍්‍රිය රැල්ල හා එය ප‍්‍රශ්ණ කරන පිරිස ලෙස දෙකොටසක් පවතී. පවතින ජනප‍්‍රිය රැල්ලේ ප‍්‍රබලත්වය මත එය ප‍්‍රශ්ණ කරන පිරිස නොහොත් විසම්මුතික මතධාරීන්ගේ ක‍්‍රියාකාරීත්වය අඩු වැඩි වන බවද දක්නට ලැබේ. ජනප‍්‍රිය රැල්ල නොහොත් පවත්නා බල හවුල හැම විටම මෙම විසම්මුතික මතය නොඉවසන අතර එය මර්ධනය කිරීම තුළින් තමන්ට කඬේ යන්නන් පමණක් ඉස්මතු වන සමාජයක් නිර්මාණය කර ගැනීමට උත්සහ දරයි. මෙය මනෝවිද්‍යාත්මකව මිනිසා තුළ පවතින ආශාවක් වන බැවින් ඕනෑම මට්ටමකදී මෙය යථාර්ථයක් වන බව අපට ප‍්‍රතික්ෂේප කිරීමට නොහැකිය.
ගමේ පන්සලේ දායකයන් අතරින් නායක හාමුදුරුවන්ව නොසෑහෙන්න වර්ණනා කරන දායක/දායිකාවන්ට මහත්වූ සැලකිලි ලැබෙන අතර කුමන හෝ ආකාරයකින් පන්සලේ ක‍්‍රියාකාරීත්වය ප‍්‍රශ්ණ ගැමියන්ට පිරිතක් කියා ගන්නට අවශ්‍ය වුවත් එහි යවන්නේ පන්සිල් වත් කටපාඩම් නැති කුඩා සාමණේර නමකි. පාසලේ ගුරුතුමා සමග හවසට සෙට්වෙන හෝ පෞද්ගලික පන්තියකට ගෙදරට ගෙන්වන පුද්ගලයාගේ පුතාට මහත්වූ සැලකිලි ලැබෙන අතර ගුරුතුමාගේ ඉගැන්වීම ගැන ප‍්‍රශ්ණ කරන පුද්ගලයාගේ පුතාට ඈණුමක් ගියත් ගුටි කන්නට සිදුවේ. පාසලේදී හා පන්සලේදී පමණක් නොව, ආයතනය තුළද තත්වය මෙයයි. බොස්ගේ තුරුල්ලට වී කියන කියන දේට වනන (හිස) පුද්ගලයාට උසස්වීම් පමණක් නොව කීයකින් හරි පඩියද වැඩි කර දෙන අතර බොස්ගේ අණුවන ක‍්‍රියා ප‍්‍රශ්ණ කරන පුද්ගලයාට සිදුවන්නේ ගෙදර ගොස් බිස්නස් එකක් කර ගැනීමටය.
ඔබැවින් පන්සලට, පාසලට හා ආයතනයට පොදුවූ මේ ධර්මතාවය ලොව ඕනෑම තැනකට පොදු වන අතර ජාත්‍යන්තර තලයේදීද බලවත් රාජ්‍යයට කඬේ යන රටවල් වලට නොලැබෙන සහයක් නැත්තා සේම ඔවුන්ට ඇගිල්ලක් දික් කරන රාජ්‍යයකට ෂොට් එක දීමටද ඔවුන් සැදී පැහැදී සිටිති. ශ‍්‍රී ලංකාවේ පාලන තන්ත‍්‍රය මෙය විවිධාකාරයෙන් ජනතාවට කීමට උත්සහ දරයි. ‘අපි ජාත්‍යන්තරයට කඬේ යන්නේ නෑ. ඇමරිකාව කියන කියන දේ කරන්න අපි සූදානම් නෑ.’ යනුවෙන් විවිධ ලෙස මෙය කියති. ඒ හරහා ඔවුන් කීමට උත්සහ ගන්නේ ඇමරිකාවට, යුරෝපයට කඬේ යෑමට තමන් සූදානම් නැති බවයි. මෙහි සත්‍යයක් ඇත. මන්ද අපට රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරය තුළ විසම්මුතික මතයක් දැරීමට බැරි නැති නිසාය. ඒ සදහා අපට අයිතියක් ඇත. නමුත් ඒ සමගම අප රටේ අභ්‍යන්තරය දෙසද බැලිය යුතුය. ජාත්‍යන්තරය ප‍්‍රශ්ණ කරමින් එක්සත් ජාතීන්ට විසම්මුතික මතය ගැන පුරසාරම් දොඩන අපි රට තුළ පවතින විසම්මුතික මතයට කර ඇත්තේ කුමක්ද යන්න අමතක කිරීම වැරදිය.
ධනවාදී ලිබරල් ජාත්‍යන්තරයේ ජනප‍්‍රිය රැල්ලට අභියෝග කිරීමට සමාජවාදී ප‍්‍රවේශයක් ගත් කරුණු දක්වන ශ‍්‍රී ලංකාව ඒ සමගම සංවේදී විය යුත්තේ රටතුළ පවතින සමාජවාදී ප‍්‍රවේශයක් ගත් ජනප‍්‍රිය රැල්ලට අභියෝග කරන ධනවාදී ලිබරල් විසම්මුතිය ගැනය. මේ අනුව ශ‍්‍රී ලංකාව මේ මොහොතේ අභියෝග කරමින් සිටින ජාත්‍යන්තරය හා මර්ධන කරමින් සිටින විසම්මුතික මතය සමපාත වන බවක් පෙනේ. එහි සම්බන්ධතාවය මනාවට විද්‍යාමාන වන්නේ විසම්මුතිය මර්ධනය තුළින් ජාත්‍යන්තරයට මාතෘකා නිර්මාණය වීමත්, ජාත්‍යන්තරයේ යෝජනා දේශීය විසම්මුතියේ මාතෘකා බවට පත්වීමත් යන කරුණු දෙක තුළිනි. මේ අනුව මෙතෙක් පොරටෝක් දුන් GSP ය හා මූල්‍ය අරමුදලේ වාරික ලබාගැනීම උදෙසා තිස්සනායගම්ට ජනාධිපති සමාව දීමටත්, හදිසි නීති රෙගුලාසි ලිහිල් කිරීමටත්, සංහිදියා කොමිසමක් නමට හෝ පත් කිරීමටත් රජයට සිදුවන්නේ මේ නිසාය. එවිට ජාත්‍යන්තරට මෙසේ පවසයි. ‘කරපු වැඩ නං හොදයි. ඒත් මේ ලිස්ට් එකේ තියෙන 15ත් කරන්න ඕනේ.’ මෙය අසන දේශීය විසම්මුතිය ‘හූ..... හූ...... අපි එදා කියපුවා දැං කරන්න වෙලා නේද’ කියමින් කෝචොක් දමති. මේ හරහා ඉහත කී සම්බන්ධතාවය මනාවට පැහැදිලි වේ.
මෙම සම්බන්ධතාවය දැකීමෙන් පසුව අප ඊලගට බැලිය යුත්තේ ආණ්ඩුව, විසම්මුතිය හා ජාත්‍යන්තරය ගණුදෙනු කරන ආකාරය ගැනය. ආණ්ඩුවේ ජනප‍්‍රියතාවයේ හිනිපෙත්තේ පසුවන මේ මොහොතේ ඔවුන්ට තිබෙන ආඩම්බරකම නිසාම දේශීය විසම්මුතිය ගැන කිසිදු තැකීමක් නොකරන බවනම් පෙනෙන්නට තිබේ. ඒ හේතුව පමණකුත් නොව, විසම්මුතිය යැයි දේශීයව මහා බලවේගයක් බිහිනොවීමත් මෙයට තවත් හේතුවකි. ආණ්ඩුවේ මර්ධනය හමුවේ රට හැර ගිය සිවිල් ක‍්‍රියාකාරීන් හා ඔලූව හංගාගත් අනෙක් අය මේ තත්වයට ඍජුවම වගකිව යුතු වේ. එවිට පවතින්නේ විපක්ෂයේ පහණින් එළිය බලන විසම්මුතික මතයක් නිසා එහි කොළපාට ගා කුඩුවෙන්න ගැසීම ඒ තරම් අපහසු දෙයක් නොවන්නේය. ඒ අනුව ආණ්ඩුව හා විසම්මුතික මතධාරීන් අතර කිසිදු ගණුදෙනුවක් නොවන අතරම යම් හෙයකින් හඩක් නැගූ විසම්මුතිකයන්ටද සිදුවන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමට හෝ නීතියේ දරුණුම වගන්ති යටතේ නොපෙනෙනා අනාගතයක් දක්වා යකඩ කූරු ගනින්නටය. නමුත් මුළු ආදායමට වඩා ජාත්‍යන්තරයට ණය හා පොලී ගෙවන රාජ්‍යයට ජාත්‍යන්තරයෙන් මිදීමට නොහැකි නිසා ඔවුන් නගන ප‍්‍රශ්ණ වලට උත්තර බැදීම මග හැරීමට නොහැකිය. යුධ සමයේදී ජාත්‍යන්තරයට වැඩි කුළුපග කමක් නොදැක්වූ ආණ්ඩුව මැතිවරණ සමයේදී රටේ ජනතාවට දුන් පොරටෝක් වල තරමින් එය මැනීමට යෑම නම් කීපගුණවකින් අතිශ්‍යෝක්තියක් වන බවත් අප දැනගත යුතුය. කෙසේ වුවද යුධ සමයේදී ජාත්‍යන්තරය මගහැර සිටි ශ‍්‍රී ලංකාවට දැන් ජාත්‍යන්තරය සමග යම් ගණුදෙනුවකට යෑමට සිදුව තිබේ. එහිදී GSP ය, මූල්‍ය අරමුදල හා එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරීත්වය හමුවේ ශ‍්‍රී ලංකාව අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බව නම් පැහැදිලිය.
දැන් තත්වය ලේසි නැති බව ආණ්ඩුවට මෙන්ම අපටද තේරේ. නමුත් ආණ්ඩුවට එදා හෝ අද නොතේරෙන විසම්මුතියේ වටිනාකම මේ හරහා මනාවට පැහැදිලි වේ. ආණ්ඩුව දැන් රටතුළ ක‍්‍රියාත්මක වන්නට විසම්මුතික මතයකට ඉඩතබා නැත. ජාත්‍යන්තර සංවිධාන වලට පහර දී එළවා ගත්තේ යුධ ජයග‍්‍රහණයේ උමතුවෙන් කිරිබත් කෑ ජනතාවට අතුරු පසක් දෙන්නට සිතාගෙනය. රටතුළ සිටි සිවිල් ක‍්‍රියාකාරින්ට මරණ තර්ජන එල්ල කර රට පන්නා ගත්තේ හෝ තමන්ගේ පැත්තට සෙට් කරගත්තේ ප‍්‍රභාකරන්ට කරපු දේම උඹලටත් කරනවා කියා නොකියා කීමෙන්ය. දයාසිරි ඇරෙන්නට එජාපයේ සිටි හඩක් තිබූ සියල්ලන්මත්, ජවිපෙ සීනුවේ තිබූ යකඩ ගුලියත් ගලවා ගත්තේ විසම්මුතියට පාර්ලිමේන්තුව තුළ හා දේශපාලන වේදිකාවේ කට අරින්නට තිබූ හැකියාවද අහිමි කරමිනි. මෙසේ සමස්ථ විසම්මුතියම නිහඩ කර මහරජාණෙනි කියමින්, කවමින් - පොවමින් - ආතල්ද දෙමින් තමන් හුරතල් කරන ආචාර්‍ය මහාචාර්‍ය වරුන්ගේ (ආචාර්‍ය කම නැත්තේ කිහිපයකට පමණක් වන නිසාය.) දෝතේ නැලවෙන මහින්ද මහ රජතුමා නොදන්නා එක කරුණක් තිබේ. එනම් ඔහු විසින් නිහඩ කර දැමුවේ ඔහුට ලොකුම උදව්ව කරන පිරිස කියාය.
මෙසේ කී සැනින් ඔබට ප‍්‍රශ්ණයක් නැගෙනු ඇත. මදක් සිතන්න. රටතුළ තිබූ විසම්මුතික මතය යනු හැමවිටම ජනප‍්‍රිය රැල්ලට දෙවැනි වූවකි. යම් හෙයකින් එය අභියෝගයක් වන්නේ නම් කළ යුත්තේ කළමනාකරණය කිරීම පමණකි. නමුත් ශ‍්‍රී ලංකාවේදී කළාක් මෙන් එය මුලිනුපුටා දැමීම යනු විකල්ප මතයකට රටතුළ කිසිවක් කිරීමට නොහැකි කිරීමක් වන්නේය. එය මහා මෝඩ ක‍්‍රියාවකි. මන්ද එවැනි ක‍්‍රියාකාරීත්වයකට රටතුළ ඉඩක් තිබුණේ නම් ආණ්ඩුවට වඩා දහස් ගුණයකින් ප‍්‍රබල ජාත්‍යන්තරයේ ඍජු බලපෑම මේ තරම් දරුණු වන්නේ නැත. මන්ද ඔවුන්ට දේශීය විසම්මුතිය හරහා ප‍්‍රවේශයක් පවතින නිසාය. ඒ අනුව ජාත්‍යන්තරයේ වෙස් ගත් දේශීව විසම්මුතියක් සමග ගණුදෙනු කිරීම හරහා මෙවන් මහා පීඩනයක් ආණ්ඩුව මත බලපෑම් නොකරන තැනට කටයුතු සූදානම් කරගන්නට තිබුණි.
එපමණක්ද නොව, ආණ්ඩුව පත්කරනු වස් ඡන්දය දුන්නද බඩු මිල, ගෑස් මිල, පිටි මිල, වැනි පීඩනයන් හමුවේ පාලකයන් සමග තරහක් ඇති කරගන්නා ජනතාවට වෙනදා මෙන් ආණ්ඩුවට අභියෝග කරන විසම්මුතිකයන් දෙස බලා තම ඇරියස් පියවා ගැනීමටද හැකියාවක් නැත. මන්ද වෙනදා මෙන් බඩු මිල වැඩිවූ විට පාරට බසින්නට කෙනෙකු දැන් නැත. එබැවින් ජනතාවට පෙර තිබූ මහා විරෝධතා දෙස බලා පිටකර ගත් වේදනාව දැන් පිටකර ගැනීමට ක‍්‍රමයක් නැත. මෙහි අවසන් ප‍්‍රතිඵලය විය හැක්කේ 70-83 හෝ 88 ජනතාව ඇරියස් පියවා ගත් ආකාරය විය හැකිය.
මේ අනුව ආණ්ඩුව විසින් සිදුකොට ඇත්තේ ආණ්ඩු විරෝධීන් විසින් සිදු කළ යුත්තක් බවද කිව යුතු වන්නේය. මන්ද හැමවිටම විරුද්ධවාදීන් යනු කරදරයක් සේම ඊට එහා ගිය කරදරයක් මගහරවා දෙන්නන් පිරිසක් යන්න ආණ්ඩුව අමතක කර ඇති නිසාය. විරුද්ධවාදීන්ගේ අවාසිදායක බලපෑම කෙටිකාලීනය. නමුත් ඔවුන් හරහා ජනිත වන වාසිදායක බලපෑම දිගු කාලීනය.
Sunday, June 20, 2010
අභියෝග කර ලබා ගැනීම සහ සෙට් වී රැකගැනීම
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම යනු දත් නැති කොටීයෙක් යැයි බොහෝ දෙනා කතාවට කියනවා අපට ඇසී ඇත. නමුත් දැන් තත්වය වෙනස්ය. වෙනස් වී ඇත්තේ කොටියාට දත් ලැබීමෙන් නම් නොවේ. කොටියා දැන් හිටියාටත් වඩා බලූ වී ඇත. මේ තත්වය තුළ පෙර තිබූ ජනවහර පහත ආකාරයෙන් වෙනස් විය යුතු යැයි අප යෝජනා කිරීමට කැමැත්තෙමු.
”දැන් දතුත් නෑ. කොටියත් නෑ.”
මානව හිමිකම් කොමිසම නම් කොටියාට ඉස්සර සිටම දත් නොතිබූ බව නම් අප දැන සිටියෙමු. ඒ අනෙකක් නිසා නොව ඔවුන්ට කරන්නට දෙයක් නොතිබූ නිසාය. ඔවුන් මේ තත්වයට පත්ව සිටියේ සීමා කිරීම් කිහිපයක් නිසා බව අප තේරුම් ගත යුතුය. සීමා කිරීම් යැයි කියූ සැනින් ඔබගේ සිතට නැගෙනවා ඇත්තේ මූලික අයිතීන්, විධායක හෝ පරිපාලන, වැනි සීමා කිරීම් හරහා බලයක් නැති නිර්දේශ නිකුත් කිරීම ආදියයි. ඒවාත් මෙම සීමා කිරීම් වලට අයත් වුවද ඊටත් එහා බරපතල සීමා කිරීම් වූයේ ආණ්ඩුවේ බලපෑම් නම් සීමාවන්ය. මේ තුළ ස්වාධීන කොමිෂන් සභාවක පැවැත්ම කඩා බිද දමා ජනාධිපති අතින් අභිෂේක ලබන කොමසාරිස්වරයෙකු බිහිවීම තුළින් ඉන් ඉදිරියට ඇති සමස්ථ ක්‍රියාවලියම හා එහි ස්වාධීනත්වය සින්නක්කර ලියා ගැනීමට පත්වන ආණ්ඩුවට හැකි විය.
එපමණක්ද නොව කොමිසමට මුදල් වෙන්කිරීම පවා සිදුවන්නේ ආණ්ඩුව හරහා නිසා කොමසාරිස් විසින් එක දමා ගන්නා ප්‍රමාණය අනුව මුදල් හා අනෙකුත් පහසුකම තීරණය විය. මෙවන් තත්වයක් තුළ බිහිවන්නේ සමහර රාජ්‍ය ආයතන වලටත් වඩා ආණ්ඩුවට කඬේ යන වහයක් විනා ස්වාධීන කොමිසමක් නම් නොවන බව අප අමුතුවෙන් කිවයුතු නොවේ.
අප ඉහත කතා කළේ අතිශය පරාධීන තත්වයක තිබූ ස්වාධීන යැයි කියාගන්නා කොමිසම ගැනය. මීට අමතරව මානව හිමිකම් අමාත්‍යංශයක්ද ශ්‍රී ලංකාවේ විය. එය සත්වෙනි මහින්ද විසින් අටවෙනි මහින්දට තෑගි දුන් අමාත්‍යංශයයි. එම අමාත්‍යංශයේ කාර්‍යය වූයේ මානව හිමිකම් රැකීම නොවන බව කිවහොත් ඔබට පුදුමත් සිතෙනු ඇත. නමුත් එය සත්‍යයකි. එම අමාත්‍යංශයේ කාර්‍යය වූයේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පමණි. නමුත් සත්‍යය ලෙසම ගත් කළ යුධ සමයේදී ජාත්‍යන්තරයෙන් එන ප්‍රශ්ණ භාරගැනීමට හා ඒවාට උත්තර බැ`දීමට පමණක් මෙම අමාත්‍යංශය භාවිතා වූ බවද නොරහසකි.
මේ අනුව ගත්කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ප්‍රධානම ආයතන දෙකක් වූයේ කොමිසම හා අමාත්‍යංශයයි. ඉන් අමාත්‍යංශය කිසිම විටෙක ආණ්ඩුව ප්‍රශ්ණ නොකළ අතර කොමිසම ඉතා සීමිත වපසරියක පරීක්ෂණ පැවැත්වූ අතර එහි අවසන් නිර්දේශ කිසිම වටිනාකමක් නැති තත්වයක තිබුණි.
මේ වූකලී මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මානව හිමිකම් යාන්ත්‍රණයන් දෙකකි. අනෙක් කාරණය කතා කරන්නට පෙර මේ යාන්ත්‍රරණයන් හරහා ශ්‍රී ලංකාවේ ජනතාවෙගේ මානව හිමිකම් සුරක්ෂිත වන්නට ඇත්දැයි අප ඇසුවොත් ඔබගේ පිළිතුර කුමක් වේවිද? ------ එය සත්‍යයකි. මෙතෙක් කොමිසම හරහා නිකුත් කර ඇති කිසිම වැදගම්මකට නැති නිර්දේශ දහස් ගණන එයට හොදම සාක්ෂියයි. මේ අනුව පැවති යාන්ත්‍රරණය බල රහිත, ස්වාධීනත්වයක් නැති ඒවා බව පැහැදිලිය. නමුත් දැන් තිබෙන යාන්ත්‍රරණ ගැන ඇසුවොත් ඔබ ඊටත් වඩා පුදුම වේවි. මන්ද මේ මොහොත වන විට එම යාන්ත්‍රරණයන් දෙකවත් ක්‍රියාත්මක නොවන නිසාය. එනම දැන් මානව හිමිකම් අමාත්‍යංශයක් නැත. කොමිසමට කොමසාරිස්වරු පත්කර නැත. එසේ නම් පෙර කී කතාව කොයිතරම් නම් සාධාරණදැයි ඔබට වැටහෙනු ඇත.
”දැන් දතුත් නැත. කොටියත් නැත.”
කොහේ හෝ වරදක් ඇති බව පෙනේ. නමුත් ඒ රාජ්‍යයේද, ආණ්ඩුවේද, කොමිසමේද, අමාත්‍යංශයේද යන්න ගැටළු සහගතය. නමුත් මේ වචන වලින් සමන්විත රාමුවෙන් එළියට විත් අප මෙවන් සාකච්ඡාවක් ගොඩ නැගීමට සිතන්නෙමු. මානව හිමිකම් යන්න ලෝකය ආරම්භයේදී තිබුණේ නැත. එතැන තිබුණේ කැළේ නීතියයි. ප්‍රබලයා විසින් දුබලයා පරාජය කිරීම හරහා සියල්ල තීරණය විය. මෙලෙස පාලනය වූ ගෝත්‍රික සමාජය පසුකර ඉදිරියට එන පාලිතයන්ට මෙහි ඇති වරද තේරෙන්නට හා දැනෙන්නට පටන් ගත් තැන පාලකයන්ට අභියෝග කර ජීවිතට පරදුවට තබා නිදහස සොයන්නට විය.
වහල් හිමියාගේ බූදලයක් වූ වහලා ඉන් මුදවා ගැනීමට වහල් නායකයෙක් වූ ස්පාටකස් ක්‍රි.පූ 73දී කළ කැරැල්ල යනු මිනිස් නිදහසේ වැදගත් සිදුවීමකි. ක්‍රි.ව 1215දී පල්ලියේ හා ජනතාවගේ එකතු වීමක් හරහා කළ සටන නිසා රජුට මැග්නාකාර්ටාවට අත්සන් නොකර ඉන්නට බැරිවිය. 1628 දී ක්‍රොම්වේල් ඇරඹූ ගොවි විප්ලවය හරහා ”ජනතාවගේ ආණ්ඩුවක්” යන සංකල්පය ලොවට බිහිවිය. 1763දී ඇමරිකන් නිදහස් සටන හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පීඩනයෙන් ඇමරිකානු ජනතාව නිදහස් විය. නිදහස, සහෝදරත්වය, සමානත්වය පදනම් කරගත් ප්‍රoශ විප්ලවය හරහා ලූවී රජ පෙළපතේ කුරිරු පාලනය නිමා කර සිවිල් ජනතාව ජයගන්නා ලදි. මෙහි පදනම සැකසූ ප්‍රoශ දාර්ශනිකයන් ”සෑම මිනිසෙක්ම උපතින් සමානය” යන්න ලෝකයට දායාද කොට මානව හිමිකම් උදෙසා අවශ්‍ය මූලික තර්කය සකසා දුන්හ. 1816 දී ආර්ජන්ටිනාවද ඉන්පසුව චිලියද, බොලීවියාවද නිදහස් සටන් හරහා ජයගත්හ. 1871 දී පළමු වරට පීඩිත ජනතාව විසින් ආණ්ඩුවක් ලෙස පැරිස් කොමියුනය පිහිටවූහ. 1917 දී ඔක්තෝබර් විප්ලවය හරහා ලොව පළමු සාර්ථක නිර්ධන පංති සටන ජය ගන්නේ සාර් රජ පාලනය පරාජය කරමින්ය. එසේම චීන, වියට්නාම, කියුබානු, විප්ලව ආදයද සිදුවිය. එහෙම් හිංසාවාදී අභියෝග පමණක් නොව 1857 සිට 1947 දක්වා තිබූ ඉන්දියානු නිදහස් අරගලයේ ප‍්‍රධාන භූමිකාවක් රග දැක්වූ මහත්මා ගාන්ධීගේ අවිහිංසාවාදී අභියෝග ක්‍රමයක්ද මේ ඉතිහාසයට විශේෂත්වයක් එක් කළේය.
මෙවන් වීර ඉතිහාසයක් මානව හිමිකම් කෙරෙහි පවතී. මෙම වීරත්වයේ තුළ අභිමානයෙන් විද්‍යාමාන වන කරුණක් තිබේ. ඒ අනෙකක් නොව. මෙම ජයග්‍රහණයන් සියල්ල ලබා ගත්තේ පවත්නා පාලන තන්ත්‍රයට අභියෝග කිරීමෙන් බවය. එනම් මානව හිමිකම් යනු පාලකයන්ට අභියෝග කර දිනාගත්තක් විනා පාලකයා විසින් දායාද කර දුන්නක් නොවන බවයි. එය ස්පාටකස්ගේ සිට අප දක්වාම අත්දුටු සත්‍යයකි. මේ අනුව පෙනෙන්නේ මානව හිමිකම් යන්න පාලකයාට කරදරයක් නිසා සැම විටම පාලකයා ඊට හරස් වන බවයි. මානව හිමිකම් හී මෙම වීරත්වය අප නොදකින හෝ අමතක කළ පැත්තකි. එසේම එලෙස අභියෝග කර ලබාගත් දෙය පාලකයා සමග කරට අත දමාගෙන රැක ගැනීමට හැකිද යන්න අප අනෙක් අතට ප්‍රශ්ණ කළ යුත්තක් වන්නේ ශ්‍රී ලංකාවේ තිබූ කොමිසම හා අමාත්‍යංශය ගැන සිහිකරන විටය. අප පෙර කී පරිදිම මානව හිමිකම් වලට මෙවන් විරු ඉතිහාසයක් තිබෙන්නේම පාලකයන් එයට එරෙහි වන තරම නිසාය. නමුත් එලෙස විරුද්ධ වන පාලකයන් සමග සෙට් වී සිට ජනතාවගේ හිමිකම් රැකීමට හැකියැයි සිතීමම මෝඩකමක් නොවන්නේද?
මේ අනුව අභියෝග කර ලබාගත් මානව හිමිකම් සෙට්වී රැකීමට යෑම අප මෙසේ ප්‍රශ්ණ කර සිටින්නෙමු. සෙට්වී රැකීමේ තරම කෙතරම්ද යන්න ලංකාව දෙස බැලීමේදී පැහැදිලි වේ. ව්‍යවස්ථා ප්‍රකාරව මූලික අයිතීන් යැයි කොටසක් දක්වා ඇත. නමුත් එය රකිනු වස් පවතින (ස්වාධීන යැයි කියාගන්නා) කොමිසමට කොමසාරිස් පත්කරන්නේද, ආණ්ඩුවේ වැරදි සෙවීමට යෑමට වාහන ලබා දෙන්නේද, අනෙකුත් සියළු වියදම් සදහා මුදල් වෙන් කරන්නේද විධායක ජනාධිපතිය. අමාත්‍යංශයට ඇමතිවරයා පත්කරන්නේද, මුදල් වෙන් කරන්නේද විධායක ජනාධිපතිය. තවමත් ක්‍රියාත්මකව පවතින (නමුත් අයිතිවාසිකමක් ගැන කතා කිරීමට ලක්ෂ ගණනක් වැයකළ යුතු - මෙය සාමාන්‍ය ජනතාවට කෙතරම් අපහසුදැයි ඔබම දන්නවා ඇත) ශ්‍රේෂ්ඨාධිකරණයට අගවිනිසුරු ඇතුළු විනිසුරුවරු පත් කරන්නේද විධායක ජනාධිපතිමය. මේ විධායක ජනාධිපති යනු අසමසම බලය හිමි පාලකයාය. ඔහු සහ සාර් අතර වෙනසක් නැති තරම්ය. ඔහු සහ ලූවී රජු අතර ඇති සමානකම් අනන්තය. ඔහු හා ජෝන් රජු අතර ඇත්තේ කාලයේ වෙනස පමණි. මේ බව කියන්නේ අප නොවේ. රටේ ජනතාවයමය. මන්ද ජනතාව ඔහු අමතන්නේ සත්වෙනි මහින්ද රජු කියාය. සමහරුන් කියන්නේ දියසෙන් කුමරා කියාය.
තත්වය එසේ නම් ලංකාව තුළ මානව හිමිකම් යන්න කොයිතරම් විහිළුවක්දැයි ඔබටම පැහැදිලි වනු ඇත. ප්‍රoශයේ ජනතාව ලූවී රජු මරා සොයාගත්, රුසියාවේ ජනතාව සාර් රජු මරා ලබාගත්, අයිතීන් රැකගනු වස් ශ්‍රී ලංකාවේ ජනතාව මහින්ද රජු විසින් කොමසාරිස්වරු පත්කරන තුරු මගබලා සිටිති. එබැවින් මේ හරහා අප අවමන් කරමින් සිටින්නේ මානව හිමිකම් වලටද, ඒවා සොයාගන්නට සටන් කළ ස්පාටකස් වැනි විරුවන්ටද, නැතිනම් අද ජීවත් වන අපගේ යහපත උදෙසා දිවිපිදූවන්ටද යන්න නැවතත් සිතා බැලිය යුතුය. කෙසේ වුවද කොමසාරිස්වරයෙක් පත්කර අමාත්‍යංශයක් ඇතිකර ඇමතිවරයෙක් පත්කරන තුරු සහ ස්වාධීනත්වය උදෙසා 17 ක්‍රියාත්මක කරන තුරු දත නියවමින් බලා හිදින ඔබටත් වෙන වැඩක් නැති නිසා මෙයවත් කල්පනා කරන්නැයි අඩව්වේ අප ආරාධනා කරන්නෙමු.

Tuesday, June 1, 2010
විසිල් විතරයි........... කරණම් නෑ..............
සජිත් දැන් දැන් ප්‍රේමදාස යුගයක් ගැන කතා කරයි. සිරස පක්ෂ අර්බුධයක් ගැන කෑ ගසා ඇතිවුණ තැන බහිරව දෝෂයක් ගැන දොඩවයි. සාමාන්‍ය යූඑන්පී කාරයාගේ මුවගින් සජිත්, දයාසිරි, බුද්ධික, මනූෂ වැනි නම් නිතර නිතර ගිලිහෙයි. මේ කිමෙක්ද? මේ අන් කිසිවක් නොව 1994 සිට දිගින් දිගටම (එක් අවස්ථාවකදී ඇරෙන්නට) ලත් පරාජයන් හරහා එජාප පාක්ෂිකයා තුළ ජනිත වූ වේදනාවයි.
කුමක් හෝ සිදුවන බව නම් සත්‍යයකි.
- විටෙක එය සමස්ථ ව්‍යුහයේම වෙනසක් විය හැකිය. (නමුත් අඩව්වේ අප මේ විසඳුමට වැඩි බරක් තබන්නේ නැත. ඒ අපගේ විග‍්‍රහාත්මක බුද්ධියේ තරම නිසා මිස අප යූඑන්පී කාරයන් හෝ රනිල් වාදීන් නොවන නිසාය.)
- තවත් විටෙක එය අංශු මාත‍්‍රයකුදු නොවීමටද ඉඩ ඇත. (මන්ද රටේ ජනතාව හිතේ දුක පහවන තුරු රනිල්ට බැනීමෙන් හා සිරස ප‍්‍රවෘත්ති බැලීම හරහා සියළු ආශා සංතෘප්ත කරගැනීමෙන් පසු තවදුරටත් වෙනසක් කිරීමට අවශ්‍යය නැති නිසාය.)
- මේ අවස්ථා දෙකම නොවුවහොත් ඒ අතර මැද අවස්ථාවක් වන, සද්දෙ වැඩි අයට පොඩි පොඩි තනතුරු කීපයක් දීම නම් අඩව්වේ අපට අනුව වැඩි සම්භාවිතාවයක් සහිත විසඳුම වන්නේය. (උපනායක, ජාතික සංවිධායක වැනි තනතුරු නිර්මාණය කර දොළදුක් නිවීමට අතීතයේ සිටම එජාපය දක්ෂතාවයක් දක්වා ඇති බව ඔබත් දන්නවා ඇති.)
විසඳුම කුමක් වුවද අප තවදුරටත් අනාගත වාක්‍යය කියන්නාගේ භූමිකාව බදාගෙන නොසිට විචාරාත්මක ප‍්‍රවේශයකින් මෙම දේශපාලනික ප‍්‍රපංචයන් ආමාන්ත්‍රරණය කළ යුතුය යන්න අඩව්වේ අප දරණ මතයයි. එසේම අප විසින් ඔබට කරන ආරාධනයත් එයයි.

මෙම මාතෘකාව විචාරාත්මක තලයකට ගෙන එන විට අප මුලින්ම හඳුනාගත යුතු වන්නේ පක්ෂ ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව මතුවූයේ කෙසේද කියාය. මෙය මුලින්ම කරලියට ගෙනෙන්නේ සිරසයි. පසුගිය වසර 16ක පරාජයන් ප්‍රස්ථාර ගත කර ජනතාවගේ දෑස් ඉදිරිපිට දිගහරින සිරස තම විවේචනය, වේදනාව සිරකරගෙන සිටි යූඑන්පී කාරයාගේ කටින්ම එළියට ගැනීමට සමත් වෙයි. කවුරුත් කෙසේ කීවත් මෙය සිරසේ උවමනාවකට වුණ දෙයක් පමණක් නොව. මන්ද පක්ෂය ගැන බිඳකුදු විවේචනයක් නොතිබුණ ජනතාව තුළින් ප්‍රතිසංවිධාන කතාවක් කියවා ගැනීමට කිසිදා සිරසට නොහැකි වනු නියතය. එබැවින් මෙය ඒක පාර්ශවික සිරසේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට ඇතිවූ අමාරුවක් යැයි ලඝු කොට දැකීමට අප ප්‍රතික්ෂේප කරමු. ඒ මන්ද, අප හැම දන්නා පරිදි මෙය ක්‍රම ක්‍රමයෙන් ජනතාව තුළ මතුවෙමින් තිබුණ විරෝධයක් වුණ නිසාය.
නමුත් ජනප්‍රිය මතධාරාවෙන් විකල්පව ගමනක් යන සිරස වැනි නාලිකාවක් මේ කරන්නේ ජාතික රූපවාහිනිය කරන විග්‍රහය නම් නොවන බවත් අප තේරුම් ගත යුත්තේය. පක්ෂය නන්නත්තාර කර ආතල් එකක් ගැනීමට හෝ බහුතර පෞද්ගලික මාධ්‍යය මෙන් මහින්දට සෙට්වී එක දමාගැනීමට සිරසට අවශ්‍යය නැත. එබැවින් මේ සම්බන්ධ අපගේ තර්කය වන්නේ, යුද්ධය-ඡන්දය වැනි හොට් ගේම් නිමවී ඇති මේ මොහොතේ ටෙලිනාට්‍යයක් සොයා චැනල් මාරු කරන යූඑන්පී කාරයා (නැතහොත් මෙතෙක් සිරස ප‍්‍රවෘත්ති බැලූ පාරිභෝගිකයා) තව දුරටත් තමන් කෙරෙහිම රඳවා ගැනීමට පක්ෂය තුලින්ම හොට් ගේම් එකක් සෙට් කරදී තම ප්‍රවෘත්ති පැය මාකට් කරගැනීමක් යන්නය. ඒ හරහා සිදුවන කුමන හෝ වෙනසක් තුළ අනාගත ලාභ ප්‍රයෝජනද ඇස්තමේන්තු කර නැතැයි කියා අප කියන්නේද නැත.
සිරස හරහා උත්තේජනය වූ හෝ පක්ෂයේ වෙනසක් අපේක්ෂා කරන හෝ යූඑන්පී කාරයාගේ මීළඟ තේරීම බවට සජිත් පත්වන්නේ වෙනත් විකල්පයක් නැති තැනද යන්න අප මීළඟට විග්‍රහ කරගත යුතුය. වෙනත් විකල්ප නැතුවාම නොවේ. කරූ, ජොන්, ජේෂප්, රවී වැනි ජ්‍යෙෂ්ඨයන් සිටිති. නමුත් සජිත්ගේ නම ජනතාව මතුරන්නේ කුමක් නිසාද? මෙය අන් කිසිවක් නොව. යූඑන්පී කාරයාගේ සිතේ හටගත් අවිඥානික තත්වයකි. මන්ද දිගින් දිගටම පරාජයන්ගෙන් හෙමබත්වූ ඔවුන් දැන් ප්‍රාතිහාර්‍යයක් බලාපොරොත්තු වෙති. මෙහිද වැරැද්දක් ඇතැයි කීමට අපට බැරිය. ඒ එයටද සාධාරණ හේතු ඇති නිසාය.
1. තවත් අවුරුදු 6කට ඡන්දයක් නැති නිසා ආණ්ඩුව වෙනස් කිරීමට අපට බැරිය.
2. පවතින ආණ්ඩුව වැනෙන සුළු එකක් නොවන අතර, 2/3ත් දැන් නිර්මාණය කරගෙන හමාරය.
3. මහින්දට ද්‍රෝහි වේ යැයි සිතූ GSP+, IMF වැනි සිද්ධිත් මහින්දගේ පැත්තටම කැරකීම.
මෙවැනි තත්වයක් තුළ සාමාන්‍ය යූඑන්පී කාරයා ප්‍රාතිහාර්‍යයක් විනා අන් කුමක් විශ්වාස කරන්නද?
මේ අවිඥානික ප්‍රාතිහාර්‍යමය ආශාව සංතෘප්ත කරගැනීමට ඔවුන් විසින් නිර්මාණය කරගන්නා කතාවේ කතා නායකත්වයට විශ්වකර්මයෙක් අවශ්‍ය වේ. එහිදී ජනතාවගේ තේරීම වන්නේ සජිත්ය. ඊට හේතුව එක්කෝ ඉතිහාසයේ මෙලෙස දුටු විශ්වකර්මයෙක් වූ ප්‍රේමදාස නිසාය. නැත්නම් සජිත් හම්බන්තොට විශ්වකර්මයා බවට පත්ව ඇති නිසාය. ඒත් නැත්නම් එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගේ දුර්වලතාවයන් දකින නිසාය. මේ කුමන හේතුවක් මත වුවද ජනතාව ගත් මේ අතාර්කික තීරණය හරහා ඔවුන් අපේක්ෂා කරන්නේ සජිත් නම් විශ්වකර්මයා විත් ප්‍රාතිහාර්‍යයක් තුළින් මහින්ද රෙජිමය බිඳදා දේශපාලන බලය යූඑන්පීයට හරවා ගනු ඇත කියාය. මෙය සමස්ථ යූඑන්පී කාරයාගේ පමණක් නොව, විසම්මුතික මතයක් දරන්නා වූත් ජනප්‍රිය ධාරාව ප්‍රශ්ණ කරන පිරිසගේත් අවිඥානික ආතල් එක බවට පත්ව හමාරය.
එබැවින් මෙහෙව් හීන කතන්දරය ප්‍රශ්ණ කිරීම ඔබගේත් ඔහුගේත් ස්වප්නගත ප්‍රිතිය බිඳීමක් බව අප දනිමු. නමුත් පොළවේ පැලවෙන යථාර්තය හා සිහිනය සැමවිටම අහස පොළව මෙන් දුරස් බව ඔබත් දන්නා නිසා අප මේ විශ්වකර්මයා හා ප්‍රාතිහාර්‍යය ගැන නොවිමසා හැරිය නොහැකි තැනක සිටින බව පිළිගත යුතුය.
මේ විශ්වකර්මයා ගැන විමසා බලන කල පසුගිය වසර ගණනාව පුරාම ඔහු සද්ද නොකර නිද්‍රාගත දේශපාලන දිවියක් ගෙවා ඇත්තේය. ඒ මන්දැයි මුලින්ම විමසිය යුතුය. ඔහු දැන් නම් නිදි නැත. ජාතික ජීවයක් රැගෙන, පියාමෙන් ඇගිලි වලින් උඩපනිමින්, ගිරිය කැඩෙන තරමින් කෑ ගසමින් යූඑන්පී කාරයන් අවධි කරමින් යයි. මේ සද්දය මීට දමන්නට බැරිවූයේ ඇයිදැයි වත්මන් යූඑන්පී කාරයා මේ විශ්වකර්මයාගෙන් නොඅසයි. නමුත් අප මුලින්ම අසන ප්‍රශ්ණයද එයයි. එයට පිළිතුරක් ඔහුගේ තියා ඔහුගෙන් ප්‍රාතිහාර්‍යයක් අපේක්ෂා කරන යූඑන්පී කාරයාගේවත් කටින් පිට නොවනු නැත. නමුත් දෙපළගේම සිත් තුළ අප මේ දිගහරින තිත්ත ඇත්ත සගවා තබා ඇත. එම තිත්ත ඇත්ත නම් පක්ෂය මෙතෙන්ට වැටෙන තුරු ඔහු බලා සිටියාය යන්නයි. එනම් මේ පරාජයන් සියල්ල හා අසාර්ථකතා සියල්ල ඔහු අපේක්ෂා කළාය යන්නයි. ඒ අනුව බලන කළ පොදුවේ යූඑන්පී කාරයා විසින් මේ තෝරාගත් විශ්වකර්මයාත් රාජිත, බන්දුල, ලොකුගේ වැනිම පක්ෂයට ෂොට් එක අපේක්ෂා කළ අයෙක්මය. නමුත් ඔහුගේ එකම වෙනස වන්නේ එස්.බී මෙන් හදිසි නොවී නායකත්වය තමන්ගේ පැත්තට හැරෙන තුරු ඉවසීමට සමත් වීමයි.
එලෙස නායකත්වය උරුම කරගන්නට සිතූ සජිත්ගේ ජාතික නායකත්වයේ හැකියාවද අප නොවිමසා බැරිය. සජිත් හම්බන්තොට පන්සල් වල පෙරපාසල් විවෘත කරමින් සහ පෙරපාසල් උත්සව වලදී පොත්පත්, බැංකු ගිණුම් ආදිය ලබා දෙමින් දුප්පත් ගැමියා තුළ සිටින ඡන්ද දායකයා තමා කෙරෙහි නම්මවා ගැනීමට උපන් හපනෙකි. ඒ ඔහුගේ එකම දේශපාලන ක්‍රියාවයි. නමුත් ගමේ පෙර පාසල් දියුණු කිරීම සහ රටක් දියුණු කිරීම යනු දෙකකි. එබැවින් සජිත්ගෙන් ප්‍රාතිහාර්‍යයක් බලාපොරොත්තු වන යූඑන්පී කාරයා මීළඟට සිතිය යුත්තේ සජිත් සතුව ජාතික නායකත්ව ලක්ෂණ තිබේද යන්න ගැනය.
එපමණක්ද නොව සජිත් නියෝජනය කරන මතවාදී ධාරාවද අප විග්‍රහ කරගත යුතුය. පොදුවේ එජාපය දක්ෂිණාංශික - ධනවාදී ප්‍රවේශයක් ගත් පක්ෂයක් බව සත්‍යයකි. රනිල්ගේ නායකත්වය තුළ බටහිර හිතවාදී මුහුණුවරක්ද මනාව එයට එක්වී ඇත. නමුත් සජිත් ආමන්ත්‍රණය කරන්නේ දුප්පත් ජනතාවටය. කතා කරන්නෙ එදා වේල කෑම ගැනය. ගමේ ගොවියා ගැන ලොකු කැක්කුමක් ඇති බව උඩ පනින තාලයෙන්ම පෙනෙයි. (මේවායේ කිසිඳු වරදක් ඇතැයි අප කියන්නේ නැත.) මේ හරහා නැවත අප මතකය දිව යන්නේ 88න් ඇරඹුණු ප්‍රේමදාස යුගයටය. එහි පදනම වූයේ දුප්පත්කමින් තොරවූ සමාජයක් යන්නයි. මෙයින් පෙනී යන්නේ සජිත් නැවතත් උත්සහ ගන්නේ පේ‍්‍රමදාස ප‍්‍රවේශය හරහා මහින්දට ඉතා කිට්ටු වූ මතවාදයකට යූඑන්පීය ගෙනයෑමටය. දිනෙක එය සිදුවුවහොත් සජිත් පොඩි මහින්ද කෙනෙකු බවට පත්වේ. යූඑන්පීය විජාතික බටහිර කුමන්ත්‍රණ මඩ සෝදාහළ සිංහළ ජාතිකත්වයෙන් ඔද වැඩුණු සහ බෞද්ධ පිරිත් නූලෙන් පව් සමා කළ සාධු පක්ෂයක් බවට පත් වනු ඇත.
අප දුප්පතාට සැලකීම ගැන හෝ සිංහළ බෞද්ධ කම ගැන හෝ තර්කයක් ගොඩනැගීමට උත්සහ ගන්නේ නැත. අප උත්සහ ගන්නේ මේ ප්‍රවේශය හරහා අනාගතයේ ඇතිවිය හැකි අනතුර ගැනය. එය එක් අතකින් අනතුරකි. තවත් අතකින් අහිංසක යූඑන්පී කාරයා කබලෙන් ලිපට වැටීමකි. තේරෙන සිංහලෙන් කීවොත් නුදුරු අනාගතයේ යූඑන්පී යට ලැබෙන අවස්ථාව නැවතත් මගහරවා ගැනීමකි. ඒ අන් කිසිවක් නොව, වත්මන් ආණ්ඩුවේ ඇතිවන ගැටීමක් තුළින් මෙය පුපුරා යෑමට ඇති ඉඩකඩ දැන් දැන් ප්‍රදර්ශන තලයකට පත්වෙමින් තිබේ. ඒ අනුව එයට බාහිරින් තිබෙන විකල්පය විය යුත්තේ යූඑන්පීයයි. නමුත් යූඑන්පී යත් පොඩි මහින්ද කෙනෙක් අතට පත්වී අන්ත ජාතිවාදී ප්‍රවේශයක් හරහා මුල සිට ගොඩ නැගෙන තත්වයකට පත්ව සිටිය හොත් එක්කෝ වන්නේ සිදුවන බෙදීම තුළින් කැඩීඑන පිරිස සජිත් හා දයාසිරි වැනි පොඩි වුන් යටතේ නොසිට වෙනමම සිටීමට ගොස් ඇණ ගැනීම හරහා නැවතත් මහින්දට ආණ්ඩු බලය විතැන්වීමය. නැතහොත් සිදුවන්නේ බාහිරින් විශ්වාසදායී සහයෝගයක් නොපෙනෙන කළ කඩාගෙන යෑමේ ආශාව සිත තුළම සිරකරගෙන නාමල්ට ඔලූව වනමින් හපන්න බැරි අත ලෙවකෑමටය.
ඒ අනුව අඩව්වේ අපගේ යෝජනාව වන්නේ පක්ෂ ප‍්‍රතිසංවිධාන අවශ්‍යතාවය ස්වායත්වය පක්ෂයේ විචල්‍යතාවයන් සමග පමණක් ගලපා තීරණය කළ යුත්තක් නොවන බවයි. එය අතීතය මෙන්ම අනාගතය සමගත්, පක්ෂ අභ්‍යන්තරය සමග මෙන්ම බාහිර දේශපාලන විචල්‍යතාවයන් සමගත් සමපාත කර මනා විගහයකින් පසුව කළ යුත්තක් බවයි. නැතිව කාගේවත් හිරි ඇරගැනීමට පක්ෂ ප්‍රතිසංවිධානයක් කළාට වැඩක් නැත.
Friday, March 26, 2010
දෙමළ මිනිස්සුන්ට තලමින් අපිම වැනසෙමුද? - (ගැටුම් නිරාකරණයේ එන බාහිර සතුරා පිළිබඳ සංකල්පය තුළින් කෙරෙන විග‍්‍රහයකි.)
අප මුලින්ම බාහිර සතුරා පිළිබඳ සංකල්පය යනු කුමක්දැයි විග‍්‍රහ කර ගනිමු. ගැටුම් නිරාකරණය තුළ එන මෙම සංකල්පයේදී කියැවෙන්නේ අප හැම විටම බාහිරින් සතුරෙක් නිර්මාණය කරගැනීමට උත්සහ දරන බවයි. ඒ අනුව අප අනන්‍යතාවයක් නිර්මාණය කරගන්නා අතර එයට එකඟ නොවන අනෙකා අපේ සතුරා ලෙස සලකා ඔහුට එරෙහිව ක‍්‍රියා කිරීම අපගේ පොදු ලක්ෂණයක් බව මෙහිදී කියැවේ. උදාහරණයක් ලෙස අප පාසලේ වාර විභාගයේදී අසල පුටුවේ වාඩි වී සිටින මිතුරා දකින්නේ සතුරෙකු ලෙසය. ඔහු මට වඩා ළකුණු ගන්නවාට මම කැමති නැත. එනිසා කෙසේ හෝ ඔහුට වඩා ළකුණු ලබාගෙන ඔහුව අභිබවා යෑම මගේ අරමුණ වේ. ඒ මොහොතේ මගේ බාහිර සතුරා ඔහුය. නමුත් මගේ පන්තිය යන සන්ධර්භයෙන් සැලකූ විට මගේ පන්තියේ සියලූ සිසුන් මිතුරන් වන අතර අනෙක් පන්තියේ සිසුන් සතුරන් ලෙස සලකනු ලබයි. මෙය අපේ වසර හා ඉහළ වසර ලෙස බෙදෙන තැනදී අපේ බාහිර සතුරා වන්නේ අපට ඉහළ වසරේ සිසුන් සියලූ දෙනාය. පාසලේදී මෙලෙස බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක‍්‍රියාත්මක වී පන්ති පිටින් අඬ දබර වන අවස්ථා දැකිය හැකිය. නමුත් වාර්ෂික මහා ක‍්‍රිකට් තරඟයේදී බාහිර සතුරා වන්නේ අප පාසලේ අය නොව අනෙක් පාසලේ අයයි. එවිට අප පාසලේ සියලූම දෙනා මගේ කණ්ඩායමට අයත් වන අතර අනෙක් පාසලේ සෑම දෙනාම සතුරන් ලෙසන් විග‍්‍රහ වේ. පලාත් තරඟ වලදී මේ තත්වය මගහැරින අප පලාත නියෝජනය කරනු ලබන කණ්ඩායම ජයග‍්‍රහණය කරනු වස්, පලාතේ සියලූ පාසල් වලින් ආ ක‍්‍රීඩකයන් කෙරෙහි සහයෝගය ලබා දෙන්නෙමු.
මේ ආකාරයට අප ජීවත් වන සන්ධර්භය මත ඒ ඒ අවස්ථාවේදී අප විසින් බාහිර සතුර නිර්මාණය කරගනු ලබයි. මෙය කිසිවකු විසින් නිර්මාණය කර දිය යුත්තක් නොවන්නේ අප සංවේදී වන පරාසය තුළදී අපේ සවිඥනිකත්වය අනුව එය අප විසින්ම නිර්මාණය කරගන්නා බැවිනි. මෙලෙස බාහිර සතුරෙක් නිර්මාණය කර ගැනීමේ වාසි සහ අවාසි යන දෙඅංශයම තිබේ. බාහිර සතුරෙක් නිර්මාණය කරගැනිමෙන් මම හෝ අපේ කණ්ඩායමේ අභ්‍යන්තර උනන්දුව, ශක්තිය හා කණ්ඩායම් හැඟීම ආදිය ඉහළ යන අතර නිරන්තරයෙන් මතුවන තරඟකාරීත්වය තුළ නිර්මාණශීලී යමක් බිහිවීම මෙහි ඇති ප‍්‍රධානම වාසිසහගත තත්වය වන්නේය. නමුත් මෙම බෙදීම නිසා දහසක් පොදු ලක්ෂණ ඇති දෙපිරිසක් එක් වෙනස් කමක් වෙනුවෙන් පිල් බෙදී විරසක වීමත් තරඟකාරීත්වය ජයගැනීමට නිශේධනාත්මක ප‍්‍රවේශයන් භාවිතා කිරීමත් නිසා භයානක ප‍්‍රතිඵල ඇති වීමත් මෙහි ඇති භයානක තත්වයන් වන්නේය. කෙසේ වුවද මෙහි ඇති අවාසි සහගත තත්වයන්ට වඩා වාසිසහගත තත්වයන් වැඩි නිසා මෙය යෝග්‍යයැයි කීමට හැකියාවක් නැතත් සත්වයාට පොදුවූ ලක්ෂණයක් නිසා සෑම පුද්ගලයෙකු තුළත් සෑම සන්ධර්භයක් තුළත් ක‍්‍රියාත්මක වෙමින් පවතී.
ඉහතදී හඳුනාගත් සංකල්පමය තත්වය විග‍්‍රහ කර ගැනීමට අප දැන් උත්සහ ගනිමු. මෙහිදී දැකගත හැකි විශේෂ තත්යක් වන්නේ අප යම් මොහොතක නිර්මාණය කරගෙන සිටින සතුරා අනුව අප සිටින සන්ධර්භය තේරුම්ගත හැකි වේ ය යන්නයි. අප පන්තියේ අනෙක් ළමයෙක් සතුරා ලෙස තෝරාගනී නම් එහිදී අප සිටින්නේ පන්තියේ බිත්ති හතරට කොටුවූ මානසිකත්වයකය. නමුත් අප වෙනත් පාසලක සිසුන් සතුරන් ලෙස තෝරාගෙන ඇත්නම් අප ඊට වඩා දියුණු මානසිකත්වයක සිටින බව පෙනේ. මේ ආකාරයට මෙම තත්වය රටක් කෙරෙහිද සමපාත කර බැලීමෙන් එම රට කුමන මට්ටමකට අයත් වේ දැයි නිශ්චය කරගත හැකිය. ඇමරිකාව වෙනත් ග‍්‍රහලෝක සමග තරඟකරන විට ශ‍්‍රී ලංකාව තම රටේම සිටින දෙමළ ජනතාව සතුරා කරගෙන තරඟ වදිමින් සිටියි. මේ අනුව ඇමරිකාවට සාපේක්ෂව අප පසුවන තරාතිරමේ පටු බව ඔබට මනාව වැටහෙනු ඇත.
අප ශ‍්‍රී ලංකාවෙන් මදක් ඔබ්බට ගොස් බංග්ලාදේශය දෙස බැලූවත්, නේපාලය දෙස බැලූවත් අප‍්‍රිකා හෝ ලතින් ඇමරිකා රාජ්‍යයන් දෙස අපට දැකගත හැකි පොදු ලක්ෂණය වන්නේ රට අභ්‍යන්තරයේම පවතින අර්බුධයන්ය. ඒ අනුව ‘ඔවුන් තම බාහිර සතුරා නිර්මාණය කරගෙන තිබෙන්නේ රට තුළමය. ත‍්‍රස්තවාදී ගැටුම්, බෙදුම්වාදී අරගල ලෙස හෝ ගෝත‍්‍රික ගැටුම් ලෙස පවතින මෙම අභ්‍යන්තර අර්බුධයන් වල අවසන් ප‍්‍රතිඵලය වන්නේ රටේ ජනතාව රට තුළටම කොටුවූ පටු මානසිකත්වයක් සහිත දියුණු අතින් තම කුඩා සතුරාව පමණක් අභිබවා යන්නට හැකි තත්වයකට ඕනෑ කමින්ම පත්වීමයි. ඒ අනුව මේ රටවල පොදු ලක්ෂණය වන්නේ නොදියුණු රාජ්‍යයන් ගණයට අයත්වී තිබීමයි.
නමුත් අප දියුණු යැයි කියනා රාජ්‍යයන් වෙත අවධානය යොමුකළ හොත් ඔවුන් රටතුළට කොටුවූ මානසිකත්වයෙන් මිදී බොහෝ විට අන්තර් රාජ්‍යය කණ්ඩායම් ලෙසත්, ජාත්‍යන්තර හෝ විශ්වීය මානසිකත්වයකින් තරඟ කරන්නන් ලෙසත් වෙන්කර හඳුනාගත හැකි වේ. අප යුරෝපීය රාජ්‍යයන් දෙස අවධානය යොමුකළ හොත් ඔවුන් අනෙක් රටවල් හා කරට කර තරඟයකට පිවිස සිටින්නේ තාක්ෂණය හෝ ආර්ථිකය වැනි අංශ හරහාය. මෙම නිරායුධ බාහිර සතුරා සමග සටන් කිරීමේදී එම රාජ්‍යයන් ම්ලේච්ඡ ගෝත‍්‍රික හැසිරීම් වලින් මිදී අනෙකාට ඇහුංකන් දීම, අනෙකා පිළිගැනීම හා මතවාදීමය තලයේදී ජයගැනීමට උත්සහ ගැනීම වැනි දියුණු ක‍්‍රමවේදයන් මෙම සටන් සඳහා යොදා ගනිති. එසේම අප මෙහිදී විශේෂයෙන්ම බැලිය යුත්තේ බාහිර සතුරන් කවුරුන්ද කියාය. ජපානය අදවන විට තරඟ වදින්නේ සමස්ථ ලෝකයම සමගය. කාර්මික නිශ්පාදන අතින් ලෝකය ජයගැනීම ඔවුන්ගේ අරමුණය. ආසියාන් සංවිධානයට අයත් නව කාර්මීකරණය වූ රටවල් තම බාහිර සතුරා ලෙස දකින්නේ යුරෝපා සංගමය වැනි අති දියුණු රාජ්‍යයන්ගෙන් සමන්විත එකතුවකි. ඇමරිකාව දෙස බැලූවොත් තත්වය මීට හාත්පස වෙනස්ය. ඔවුන් රට අභ්‍යන්තරයෙනුත්, අන්තර් රාජ්‍යය මට්ටමිනුත්, කලාපීය මට්ටමිනුත් මිදී අද වන විට තරඟ වදින්නේ විශ්වීය තලයේය. නාසා ආයතනය ආදිය හරහා වෙනත් ග‍්‍රහලෝක හා ග‍්‍රහවස්තු තම බාහිර සතුරා බවට පත්කරගෙන වා ජය ගැනීමට වෙර දරමින් සිටී.
මේ අනුව බාහිර සතුරා පිළිබඳ සංකල්පය ක‍්‍රියාත්මක තලයේදී භාවිතා වන මට්ටම අනුව රටක සංවර්ධනයේ තරම හඳුනාගත හැකිය යන්න ඔබට පැහැදිලි වනු ඇත. මේ ආකාරයට බාහිර සතුරා පිළිබඳ සංකල්පය රටක දියුණුවට බාධා කරන්නේ හෝ සහය දෙන්නේ කෙසේද යන්න තවමත් ඔබට ප‍්‍රශ්ණාර්ථයක් වන්නටද බැරි නැත. එනිසා අප ඒ පිළිබඳව මෙසේ විග‍්‍රහ කරන්නෙමු.
අප බාහිර සතුරා ලෙස යමෙකු තෝරාගත් පසු අපගේ පරම අරමුණ ඔහුව අභිබවා කෙසේ හෝ ජයගැනීමය. එනිසා අප තෝරාගත් බාහිර සතුරා පරාජය කරනු වස් ඔහුට වඩා සාර්ථක වීමට උත්සහ දරයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ජනතාව දෙකට බෙදී අනෙකා සතුරා ලෙස දකින නිසා අප දියුණු වන්නේ අනෙකාට වඩා මිස ඉන්දියාවට වඩා නොවේ. නමුත් රුසියාව දියුණු වන්නට බලන්නේ ඇමරිකාවට වඩාය. ජපානය ලෝකයටම වඩා කාර්මික අතින් දියුණු වීමට උත්සහ දරයි. ඇමරිකාව විශ්වයටම වඩා ඉදිරියෙන් සිටීමට වෑයම් කරයි. ඒ නිසා මෙකී රාජ්‍යයන් බාහිරින් නිර්මාණය කරගන්නා සතුරාගේ මට්ටම මත තම දියුණුව අත්පත් කර ගනියි.
මේ අනුව ගැටුම් නිරාකරණයේ එන බාහිර සතුරා පිළිබද සංකල්ප ප‍්‍රකාරව සමහර රාජ්‍යයන් දියුණුවක් අත්පත් කරගෙන නැගී සිටින්නේත් තවත් සමහරක් නොදියුණු රාජ්‍යයන් ලෙස පරාජය ලබන්නේත් මේනිසාය. නිර්මාණය කරගන්නා බාහිර සතුරාගේ තරම අනුව අපගේ මානසිකත්වය සකස් වන බව මෙහිලා ගම්‍යමාන වන සත්‍යයි. එනිසා මෙය එදිනෙදා ජීවිතයට අදාලව වුවද විග‍්‍රහ කරගත හැක. ඒ අනුව අප නිවස තුළින් හෝ කාර්‍යයාලය තුළින් බාහිර සතුරා සොයා ගනීනම් අප සිටින්නේ ඉතා පටු මානසිකත්වයක බව වටහාගත යුතුය. එබැවින් ඔබේ නිශ්ඨාවට ගැලපෙන බාහිර සතුරෙකු නිර්මාණය කරගැනීමෙන් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ළඟාකරගත හැකි බව පැවසීමට කැමැත්තෙමු.
Monday, March 22, 2010
සිරසට ගල් ගැසූ මර්වින් සරමෙන් මූණ හංගා ගනී. නමුත් හෙළුව රටටම පෙනේ.
අද සවස සිසර ප‍්‍රධාන කාර්‍යාලයට එල්ල කළ මුග්ධ ප‍්‍රහාරය අඩව්ව මේ මොහොතේ පිළිකුලෙන් හෙළා දකින බව ප‍්‍රකාශ කරන්නෙමු.
සිරස ආයතනය අභියෙසට කැළණිය ඩිපෝවට අයත් ලංකා ගමනා ගමන බස්රථයකින් පැමිණෙන මෙම මැර පිරිස (දේශපාලන ආධාරකරුවන් ලෙස කීම තවත් නිවැරදිය.) නිදහසේ බැස විත් පාරේ ඇති විශාල ප‍්‍රමාණයේ ගල් අහුලා සිරස ආයතනය දෙසට පහර දෙන්නට විය. 50කට අධික පිරිසක් මෙම අධම ප‍්‍රහාරයට සම්බන්ධ වන අතර ඔවුන් මහමග සිට සිරස ආයතනය දෙසට පහර දෙන වේලාව අතර තුර කිසිඳු නීතිය රකින ආයතනයක් විසින් එය වැලැක්වීමට පියවරක් ගන්නේ නැත. ඉන් පසුව අදහස් දක්වන සිරස ආයතනයේ කාර්‍ය මණ්ඩලය පවසා සිටියේ තමන් විසින් දිගින් දිගටම පොලීසියට මෙය දැනුම් දුන්නද ක්ෂණික ක‍්‍රියාමාර්ගයක් නොගත් බවයි. අවසානයේදී ජීප් රථයකින් පැමිණෙන පොලීසිය විසින් මැර පිරිස පන්නා ගොස් 16 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි.
ඉහත දැක්වූයේ අද සවස සිරස මාධ්‍ය ආයතනය වෙත එල්ල ප‍්‍රහාරයේ සිද්ධිය කෙටියෙනි. නමුත් මේ පසුපස ඇති ඛේදනීය තත්වය සහ නොහික්මුණු ගැමුණුගේ විකාරය අප නැවතත් විමසා බැලිය යුතු වන්නේය. මන්ද මාධ්‍ය නිදහස යනු රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අත්‍යාවශ්‍ය අංගයක් නිසාය. නමුත් මහ දවල් අධි ආරක්ෂිත කලාපයන් අසලදී රාජ්‍යයට අයත් බස් රථයකින් විත් අඹ ගසකට ගල් ගසන්නාක් මෙන් ආතල් ගනිමින් මාධ්‍ය ආයතනයකට මැර ප‍්‍රහාරයක් එල්ල කරන මේ රට ගැන අපිට සිතිය හැක්කේ මොනවාද? මෙය අපට සාමාන්‍යකරණය වූ දෙයකි. අනෙක් අතට සිරසටද මෙය අමුත්තක් නොවේ. ඔවුන් මෙය බලාපොරොත්තුවෙන් සිටි දෙයක් මෙන් ක‍්‍රියාකර ඇත. නමුත් මේ දේවල් විමසා බලන කළ මෙය මැරයන්ගේ පාරාදීසයක් නොවේ දැයි සිතෙයි.
මීට පෙරද සිරසට කැළණියේ ගැමුණු ඇමතිතුමන් විසින් කළ පහර දීමක් නිසා අධිකරණයෙන් නියෝග කළේ නැවතත් එවැනි දේවල් නොකරන ලෙසටය. ඊට පෙරද තම අහිංසක පුතාගේ වීරක‍්‍රියාවක් නිසා නිතර නිතර උසාවි ගිය ගැමුණුතුමා එහි ගිය සිරස වාර්ථාකරුවන්ට කුණුහරපයෙන් පවා බැන වැදී එළවා ගත්තේය. මේ සිද්ධි අධිකරණයේ හෙළා දැකීමට ලක්වූ නිසා ඉන්පසු දිනක රාත‍්‍රියේ සිරස ගිනි ගැනීමට ලක් විය. මේ ආකාරයට සිරස හා කැළණිය අතර සමීප සම්බන්ධයක් පසුගිය කාලය පුරාවටම පැවතුණි. ඊට පසු අද සිදුවූ සිදුවීම නැවතත් කැළණිය බස්රථයකින් පිරිසක් විසින්ම සිදුකර ඇත.
තත්වය මෙයයි. දැන් ඇත්තේ විපක්ෂය විසින් මෙය හෙළා දැකීමටත් ආණ්ඩුව විසින් එය විදේශීය කුමන්ත‍්‍රණයක් කියා හෝ සිරසම ගහගත්තා කියා උඩ පැන පැන කෑගැසීමටත් පමණි. නමුත් මීට පෙර අවස්ථාවේදී රජයේ ඇමතිවරයෙක් ඇසුවේ ”ඔච්චර වැඩ දාන සිරසට ඕක වීඩියෝ කරගන්න බැරිවුණේ ඇයි?” කියාය. නමුත් දැන් ඒ කතාව කීමට බැරිය. මන්ද මෙවර සියලූ දෙනාම මනාවට හඳුනාගත හැකි ලෙස වීඩියෝ ගතවී ඇත. එනිසා අවශ්‍ය නම් පොලීසියට කැළණියට ගොස් ඔවුන් අත්අඩංගුවට ගත හැක. නැත්නම් ඔවුන්ගේ මුහුණු රවුම් කර කර රූපවාහිනියේ පෙන්විය හැකිය. එපමණක්ද නොව පෙර අවස්ථාවේ මෙන් නොව, රෑ වෙනුවට අධික ෆෝම් වීම නිසා මහ දවල් ආ බුදුන්ගේ දේශයේ අහිංසක දරුවන් 16ක් මෙවර පොලීසියට නොඅල්ලා සිටීමට නොහැකිවී ඇත. එනිසා කලින් ප‍්‍රහාරයට වඩා මේ අවස්ථාවේදී අවශ්‍ය තරම් සාක්ෂි තිබේ.
නමුත් අප බලා සිටින්නේ මෙම මැර ප‍්‍රහාරයට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ගයන් මීට පෙර අවස්ථාවට වඩා දශමයකින් හෝ වෙනස් වේවිද කියාය.

Sunday, March 21, 2010
සිවිල් සමාජය දැන්වත් නවතින්න. අපිට සිවිල් සමාජයක් ඉතුරු කරන්න.
බල්ලා සිටින්නේ ආරක්ෂාවටය. බූරුවා සිටින්නේ බර අදින්නටය. (පවුල් බර නොව. මන්ද එය අදින්නේ අහිංසක ගෙහිමියා නිසාය.) නමුත් බල්ලා හෝ බූරුවා යම් හෙයකින් තම නියමිත රාජකාරියෙන් මිදී අනෙකාගේ රාජකාරිය භාරගත හොත් බල්ලාටත් වන්නේ ජනප‍්‍රවාදයේදී ගෙහිමියාගෙන් ගුටිකෑ බූරුවාට අත්වූ ඉරණමම අත්විඳින්නටය. මෙම පැරණි සිංහල ජනකතාවේ හා ඒහා බැඳී තිබෙන්නාවූ ”බල්ලාගේ වැඬේ බූරුවා කරන්නට යෑම” යන්නෙහි ගැබ්ව ඇති සරල වූත් නොපෙනෙනා ගැඹුරකට යන්නා වූත් යථාර්තය අප එක් විහිළුවකින් ඉවත හළ නොහැකි වන්නේය.
අප සිවිල් සමාජය ගැන කතා කිරීමට පළමුවෙන් සිහි එල්ඹවා ගතයුතු පළමු කාරණය වන්නේ ශ‍්‍රී ලංකාව තුළ ඇත්තේ එන්.ජී. ඕ කිහිපයකින් සහ ජීවිකාව උදෙසා සිවිල් සමාජය භාවිතා කරනා චරිත කිහිපයකින් පමණක් සමන්විත වූ සිවිල් සමාජය යැයි කියාගන්නා වූ ගැන්සියක් පමණක් බවටයි. (මෙය වෙනමම කතා කළ යුතු දැවැන්ත අර්බුධයක් බැවින් එම කතිකාවට මෙතකින් තිත තබන්නේ අපේ කතාවෙන් පිට නොයෑමේ අවශ්‍යතාවය පිටය.) එබැවින් අප මෙතැන් පටන් කතා කරන්නේ සමස්ථ සිවිල් සමාජය ගැනම බව කරුණාවෙන් සලකන්න. දැන් අප මුලින්ම විමසා බැලිය යුතු වන්නේ සිවිල් සමාජය හා දේශපාලන සමාජය අතර ඇති වෙනසයි. නමුත් අඩව්ව ඔබට මෙවන් යෝජනාවක් කිරීමට කැමතියි. අප සිවිල් හා දේශපාලන යන්න අප භාවිතා කරන සන්ධර්භය අනුව වෙනස් වන නිසා අප එක් එක් කොණයන් වල සිට මෙය මනාව තේරුම් බේරුම් කර ගැනීම සාර්ථකයි යන්න.
අප මුලින්ම දේශපාලන සන්ධර්භයේ සිට බලමු. දේශපලන සන්ධර්භය හරියට අච්චාරුවක් බඳුය. අප එසේ කීවාය කියා ඔබ අවි අමෝරා ගත යුතු නැත. මන්ද අප මේ කතා කරන්නේ වත්මන් ශ‍්‍රී ලංකාවේ වේදිකාගත වී තිබෙන දේශපාලන චරිත, සිද්ධි සහ කතිකාවන් ගැන බැවිනි. සත්‍යය ලෙසම දේශපාලන සන්ධර්භය තුළදී සියල්ල ගණන් බලන්නේ මනාප ගණන මත, ලැබෙන අමාත්‍ය ධූරය මත හෝ කොන්ත‍්‍රාත් වල වටිනාකම මතය. එබැවින් දේශපාලන සන්ධර්භය තුළ සිට බලන කළ සිවිල් සමාජය යනු දේශපාලනඥයන්ගේ මනාප ටිකය. ඒ අනුව අවුරුදු පහකට වරක් කතිරය ගසා ගැනීමට අවශ්‍ය තරමේ ආතල් එකක් දුන් විට සිවිල් සමාජය නම් හරක් රැල සැනසෙති. මේ වූ කලී දේශපාලන සන්ධර්භය තුළ පවත්නා සිවිල් සමාජය ගැන වූ අවසන් විග‍්‍රහයයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ දේශපාලනඥයන් දකින ආකාරයට සමස්ථයම දේශපාලනිකය. සිවිල් කියා දෙයක් නැත. එනිසා සිවිල් සමාජය යනු දේශපාලන අනන්‍යතාවයක්ම සහිත දේශපාලන සමාජය විසින් ඕනෑ ඕනෑ පැත්තට කැරකවිය හැකි බෝලයක් බඳු දෙයකි. එබැවින් සිවිල් සමාජය විසින් හැසිර විය යුතු දේශපාලන සමාජය අද වන විට කනපිට හැරී ඇත. ඒ අනුව බල්ලා විසින් නැට්ට වනනවා වෙනුවට නැට්ට විසින් බල්ලා වනන තැනට පත්වී ඇත.
දැන් අප සිව්ල් සමාජ සන්ධර්භයක සිට බලමු. ඇත්තටම ශ‍්‍රී ලංකාවේ සමස්ථ සිවිල් සමාජයම අක‍්‍රීයය. එහි ප‍්‍රාණයක් නැත. සිවිල් යැයි අනන්‍යතාවයක් එයට නැත. නමුත් කොළඹට හා නාගරික ප‍්‍රදේශ කිහිපයකට වන්නට සිවිල් සමාජය යැයි කියාගන්නා අතලොස්සක් අති ක‍්‍රියාශීලීව සිටිති. (මේ නාමමාත‍්‍රික සිවිල් සමාජය නිසා සැබෑ සිවිල් සමාජය අක‍්‍රීය වූවාද, නැතහොත් අක‍්‍රීය වූ සැබෑ සිවිල් සමාජය නිසා මේ නාමමාත‍්‍රික සිවිල් සමාජය අති ක‍්‍රියාශීලී වූවාද යන්න තීරණය කිරීමට අඩව්ව ඔබට භාරකරයි.) නමුත් අප සැබෑ සිවිල් සමාජය අනුව බලන කල ඔවුන්ට අනුව දේශපාලනය යනු අත නොගැසිය යුතු දෙයකි. මන්ද එය ඔවුන්ගේ විඥනයට එහා ගිය තත්වයක් වන නිසාය. එබැවින් ඔවුන් දේශපාලනය දකින්නේ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට (සිවිල් සමාජයේ චලනයන්ට) කිසිම ගැලපීමක් හෝ අදාලත්වයක් නැති අමුතුම දෙයක් ලෙසය. එබැවින් සිවිල් සමාජය අතින් බලන කල අවසාන විග‍්‍රහයේදී කියැවෙන්නේ සිවිල් සමාජය හා දේශපාලන සමාජය යනු ගොනයි මීමයි බඳු හාත්පස දේවල් දෙකක් බවයි.
ඉහත විග‍්‍රහයන් දෙක අනුව බලන කල කතාව පැහැදිලිය. දේශපාලන සන්ධර්භයක සිට බලන කළ සිවිල් සමාජය නම් වූ බල්ලාගේ සහ දේශපාලන සමාජය නම් වූ බූරුවගේ වැඩි වෙනසක් නැත. නමුත් සිවිල් සමාජ සන්ධර්භයේදී මෙම කියැවීම වෙනස්ය. බල්ලා සහ බූරුවා පැහැදිලිව වෙනස් බව ඔවුන් දකිති. එපමණක්ද නොව, බල්ලා බල්ලාගේ තැනත් බූරුවා බූරුවාගේ තැනත් සිටිය යුතු බවද ඔවුන් තරයේ කියා සිටිති. නමුත් දේශපාලන සන්ධර්භයේදී වැඩි වෙනසක් නැති මේ සතුන් දෙදෙනා අතරින් දේශපාලන බර අදින බූරුවා බල්ලාද තමන්ගේ වැඬේට හවුල් කරගත හැකි බව සිතයි. බල්ලාටද අවුලක් නැත. මුර කරන්නේ රෑට බැවින් මුල් අවස්ථාවේදී දහවල් බූරුවාට පොඩි සපෝට් එකක් දීමට ඌ නොපැකිලෙයි. අනෙක් අතට රකින්නට දෙයක් තිබිය යුත්තේය. කිසිවක් නැති නිවසක රකින්නට දෙයක් නැත. එබැවින් නිවසට බඩු අදින බූරුවාට සෙට් වීමට බල්ලාට වගකීමක්ද පැනනගින්නේය. නමුත් අනික් බල්ලන් දැක අහිතක් සිතාවි යැයි වටහා ගන්නා බල්ලා මෙයට සහජීවනය, සහයෝගය වැනි ප‍්‍රතික්ෂේප කළ නොහැකි මාතෘකාවක්ද යොදාගැනීමට ඉඩ ඇත. මෙසේ ටික දිනක් යන විට බූරුවා බල්ලා අමතා මෙසේ අසයි. ”මල්ලි මට දැං මේ පුළුං ගෝනි ගෙනියලා එපා වෙලා ඉන්නේ. ඒවා එච්චර බරත් නැති නිසා උඹට බැරිද ඒවා භාරගන්න”. කලිං මාතෘකාවට මේ පුළුං සිද්ධියත් ගැලපිය හැකි බැවින් බල්ලා එයද භාරගනී. මේ ආකාරයට බර ඇදීමද කරගෙන යන විට ඒ ක‍්‍රියාවට ආවේනික ආතල් එකට හුරුවන බල්ලා පසු දිනෙක බූරුවා අමතා මෙසේ කියයි. ”අයියා දැං මට බර අදින එක හොඳට හුරුයි. අද ඔයා නිදා ගන්න. මම මේ බර ටික අදින්නං. හෙට ඔයා අදිනකං මම නිදා ගන්නං”. මේ තැනට පත්වූ පසු බූරුවා ගැන කෙසේ වෙතත් අප බල්ලා ගැන විමසා බැලිය යුතුවේ. මන්ද බූරුවාගේ වැඬේ කිසිඳු අඩුවක් නැතිව සිදුවේ. නමුත් අප බල්ලාගේ වැඬේ ගැන කල්පනා කළහොත් එයට බඩු හම්බවී අවසන් බව අපට වැටහෙනු ඇත. නමුත් බූරු සන්ධර්භයේ සිට බලන්නේ නම් තවමත් බල්ලා විසින් අනෙක් බල්ලන් ඉදිරියේ සාධාරණීකරනය වනු වස් භාවිතා කළ මාතෘකාවට තවමත් ඔහු අදාල බව පෙන්නා සිටිය හැක. එපමණක්ද නොව, මෙම ෂිෆ්ට් ක‍්‍රමය මාසයකට වරක් දක්වා දිගුකරගතත් බල්ලාට මැක්කා සිස්ටම් එක හරහා තම සුජාතභාවය දක්වා සිටීමට හැකි බවද අප අමතක නොකළ යුතුය. නමුත් ප‍්‍රශ්ණය ඇත්තේ එතන නොවේ. බල්ලාගේ වැඬේ බූරුවාට කරන්නට සිදු වීමයි ප‍්‍රශ්ණය. නමුත් බූරුවාට බල්ලා ඒ වැඬේ කියා නැත. ඌ කීවේ නිදියන්න කියාය. එනිසා බූරුවා නිදිය. බල්ලා බර අදියි. අද රෑ ගේ ආරක්ෂා කරන්නේ පොලීසියෙන්ද ?
මේ අද අප මුහුණ දී සිටින සැබෑ ඛේදවාචකයයි. දේශපාලන සන්ධර්භයේ සිට සිවිල් සමාජය කියවන්නට උත්සහ ගන්නා සිවිල් සමාජය යැයි කියා ගත් අතලොස්සකගේ ක‍්‍රියාකාරීත්වය නිසා සිවිල් සමාජය නන්නත්තාර වෙමින් තිබීමයි. අප තේරුම්ගත යුතු වන්නේ අක‍්‍රීය සිවිල් සමාජයක් ඇති ශ‍්‍රී ලංකාව වැනි රටක ක‍්‍රියාකාරී අතලොස්ස සතුව යුතුකම් දෙකක් පවතී.
1. අක‍්‍රීය සිවිල් සමාජය වෙනුවෙන් සක‍්‍රීයව පෙනී සිටීම.
2. අක‍්‍රීය සිවිල් සමාජය සක‍්‍රීය කිරීමට උර දීම.
එසේම ඔවුන් සතුව යුතුකම්ද දෙකක් පවතී.
1. අක‍්‍රීය සිවිල් සමාජය වෙනුවෙන් පෙනී සිටීමේදී අනාගතයේදී සක‍්‍රීය වන සත්‍යය සිවිල් සමාජයට සාධාරණීකරනය කළ හැකි ක‍්‍රියාමාර්ග පමණක් ගැනීම. (නැතහොත් සිදු වන්නේ මව්කුසේදීම ඔවුන්ගේ සුජාතභාවය කෙලෙසීමකි.)
2. අක‍්‍රීය සිවිල් සමාජය සක‍්‍රීය කිරීමට සුදුසු ක‍්‍රමවේදයන් පමණක් භාවිතා කිරීම. (මෙය ප්‍රොජෙක්ට් එකක් බවට පත්කර ගත හොත් සිදුවන්නේ සතියකින් අවදිවීමට සිටි සිවිල් සමාජය නින්දේදීම මරා දැමීමකි. එවිට කිසිදාක ඔවුන් අවදිවන්නේ නැත.)
ඔබැවින් වත්මන් සිවිල් සමාජය යැයි සක‍්‍රීයව සිටිනා අතලොස්සට ඇත්තේ ලේසි පහසු කාර්‍යයක් නොවේ. ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය වර්ථමානය හා අනාගතය සමග බැඳී පවතී. ඔවුන් නිවැරදි දේ නොකළොත් මියැදෙන්නේ නාමමාත‍්‍රික සිවිල් සමාජය වන ඔවුන් නොව, තවමත් අවදි නොවූ සැබෑ සිවිල් සමාජයයි.
තත්වය මෙතරම් දරුණුය. එනිසා අප වත්මන් සිවිල් සමාජයේ ක‍්‍රියාත්මක වීමේදී පවතින ගැටළුව විමසා බලමු. සිවිල් සමාජය සක‍්‍රීය කිරීම යුතුකම කරගත් ඔවුන් සිවිල් සමාජ චලනයන් දැකිය යුතු වන්නේ සිවිල් සමාජ සන්ධර්භයක සිටය. නමුත් ඔවුන් තවමත් අවධි වී නැති සිවිල් සමාජය දක්නා ආකාරයෙන් දේශපාලන සමාජය බොහෝ ඈතින් තබා ගත යුතු යැයි අප කියන්නේ නැත. එනිසා ඔවුන් ගාමක බලවේගයක් ලෙස එහි ඇති සමීපතාවය ජනතාවට පහදා දීම කළ යුත්තකි. නමුත් සිවිල් සමාජය හැටියට දේශපාලන සමාජයේ චලනයන්ට මැදිහත් විය යුතු සීමාව ඔවුන් මනාව දැනගත යුතුය. නැතිනම් සිදුවන්නේ රකින්නට දෙයක් තිබෙන්න එපායැයි කියා බර අදින්නට ගිය බල්ලාට වුණ දෙයයි. (වත්මනේ සිටින ගායකයන්ට, නළුවන්ට, නිළියන්ට හා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට සිදුවී තිබෙන්නේත් බල්ලාට වූ ඇබැද්දියයි. නමුත් එය මෙයට වඩා වෙනස් වන්නේ ඔවුන් කලාවේ හෝ ක‍්‍රීඩාවේ කිසිවක් රැකගැනීමට කියා ඡන්දය ඉල්ලන්නට නොයෑම නිසාය.)
කෙසේ වුවද අඩව්වේ අවසාන ඉල්ලීම වන්නේ නැවතත් අප පෙර කී මාතෘකාවමය. සිවිල් සමාජය දැන්වත් නවතින්න. අපට සිවිල් සමාජයක් ඉතුරු කරන්න.

Thursday, March 18, 2010
මැතිවරණ කොමසාරිස්ගේ දෙකේ ........ අයිස්
අප ව්‍යවහාරයේදී බබා යැයි කියන්නේ කුඩා දරුවන්ටය. ඔවුන් දැනුමෙන් මෝරා ගොස් නැත. ඉතාමත් ලපටිය. කෙතරම් ලපටිද යත් බින්දුවක් වත් කපටි නැත. ඒ නිසාමදෝ ඔවුන්ව රැවට්ටීම ඉතාමත් ලේසිය. සාමාන්‍යයෙන් බබාලාව වැඩියෙන්ම රවට්ටන්නේ අම්මලාය. පාරේ යන විට සෙල්ලම් බඩු දකින බබාලා අම්මලාගේ අතේ එල්ලි එල්ලී අඬන්නේ එකක් ඇරන් දෙන්න කියාය. නමුත් අම්මලා ඒවාට සිය ගණන් වියදම් නොකර ෂේප් වීමට හොඳ හැටි දනිති. අම්මලා කරන්නේ එතරම් පිරිවැයක් නැති වෙනත් ලාභ දෙයක් දී දරුවා රැවැට්ටීමයි. ඒ අනුව සෙල්ලම් බඩු ඉල්ලන බබාලාගේ කටේ දෙකේ අයිස් එකක් ගහන අම්මා කරන්නේ අර අහිංසක බබා රැවැට්ටීමක් පමණක් නොව, මෙම ලිපියේ කියැවෙන පිරිසට ආදර්ශයක්ද ලබා දීමකි.
අඩව්ව අද අල්ලන්නට යන්නේ බබා අඩව්වක් දැයි ඔබ සිතන්නට පුළුවන. නැත. අප අද අල්ලන්නේ ජනතාව බබාලාට අන්දන්න මහන්සි වෙන මැතිවරණ කොමසාරිස්ගේ නිරුවත දිගහරින අඩව්වකි. මැතිවරණ කොමසාරිස් සිතන්නේ රටේ ජනතාව අප පෙරකී බබුන් මෙන් දෙක හතර නොතේරෙන ජීවීන් විශේෂයක් කියාය. එනිසා ආණ්ඩුවේ රෙදි හෝදන මැතිවරණ කොමසාරිස් විසින් රටේ බබාලාට රස කර කර උරන්නට දෙකේ අයිස් ලබා දීම මැතිවරණ කාලයේදී යස අගේට කරගෙන යයි.
අප මෙම තත්වය මැතිවරණ සමයේ ජනතාවගේ හැසිරීම හා මැතිවරණ කොමසාරිස්ගේ ආතති තත්වයන් සමග සමපාත කර බැලිය යුතුය. සාමාන්‍යයෙන් මැතිවරණ උණුසුමක් දැනෙන්නට වන් විට රටේ ජනතාව පක්ෂ අනුව බෙදීම දක්නට ලැබෙන දෙයකි. මෙම පක්ෂ අනුව බෙදීමේදී අනෙකාගේ පාර්ශවය කරන වැරදි නිතර නිතර පෙනෙන්නේ ඔවුන් බුද්ධිමත් ඡන්දදායකයන් වීම නිසාම යැයි කියන්නට නොහැකි වුවත් එය නීතියේ හා සදාචාරයේ පැවැත්මට රුකුලක් වන තැනට පත්ව ඇත්තේය. එනිසා ජනතාව වැරදි දැකීම ගැන යමෙක්ට ප‍්‍රශ්ණ කරන්නට ඇති හිඩස අප අහුරවාලන්නෙමු. මැතිවරණ සමයක් එළඹෙන විට එතෙක් පැවති ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ ප‍්‍රධානම පක්ෂය ආදී වූ කොටස් දෙකකට ජනතාව බෙදී වෙන්වීම, දැකිය හැකි පැහැදිලිම ධ‍්‍රැවීකරණය වන්නේය. මෙලෙස පක්ෂ වලට බෙදෙන ජනතාව ඒ ඒ පක්ෂ වල ආධාරකරුවන් වී මැතිවරණ ප‍්‍රචාරණයට සහය දක්වති. නමුත් ආණ්ඩු පක්ෂයට මෙම ආධාරකරුවන්ට අතරව තවත් විශේෂ ආධාරකරුවන් පිරිසක් සිටිති. ඒ අනුව සමෘද්ධි නිලධාරීවරුන්ගේ සිට අමාත්‍යංශ ලේකම්වරු දක්වා සමස්ථ රාජ්‍ය සේවයේ නියුතු වූවන්ම ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉත්තන් ලෙස භාවිතා වීම තවමත් වලක්වාගත නොහැකි වූ කාරණයක්ය. (සමහර විට එය වලක්වන්නට උත්සහ නොගත් කාරණයක් වන්නටත් බැරි නැත.) එය භයානක තත්වයක් වන්නේ රාජ්‍ය සේවකයන් වන මැතිවරණ කොමසාරිස්ගේ සිට පහළට සිටින මැතිවරණ රාජකාරි කරන පිරිසටත් ඉන් මිදීමට නොහැකි වූ විටය. මැතිවරණ ක‍්‍රියාවලියේ මෙහෙයවන්නාගේ භූමිකාව රඟපාන මැතිවරණ කොමසාරිස්තුමා සහ සමස්ථ මැතිවරණ කටයුත්ත දියත් කරන්නාවූ නිළධාරීන් පිරිසත් රාජ්‍ය සේවකයන් බව නම් සත්‍යයකි. නමුත් ඔවුන්ද පොදු රාජ්‍ය සේවකයාගේ ගොඩටම වැටුණු කළ ස්වාධීන මැතිවරණ මෙහෙයවීමක් ගැන ජනතාවට දැකිය හැක්කේ සිහිනක් පමණක් වන්නේය.
මෙය මැතිවරණ කොමසාරිස්ගෙන් ඉවතට ගෙන පොලීසිය දෙස බැලූවද දක්නට ලැබෙන පොදු ධර්මතාවයකි. මැතිවරණ සමයේදී පොලීසිය සතුව විශාල වගකීමක් පවතින අතර අදවන විට එම දෙපාර්තමේන්තුවද ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ කටවුට් ආරක්ෂා කරන්නාවූ බල්ලාගේ රාජකාරි භාරව කටයුතු කරති. පැවති ජනාධිපතිවරණයේදී නීති විරෝධී පෝස්ටර් ඉවත් කිරීම වෙනුවට පොලිස් ස්ථානාධිපතිගේ අනුග‍්‍රහයෙන් පොලීසියේ තාප්පයේම කටවුට් ගැසූ මේ දෙපාර්තමේන්තුව අභ්‍යන්තරයේම ජනාධිපතිතුමාට ඡන්දය දෙන ලෙස සඳහන් කළ ලිපි පවා හුවමාරුවී තිබුණි. ඒ අනුව මේ පොලිස් දෙපාර්තමේන්තුව කෙතරම් හොඳින් රාජ්‍ය සේවකයාගේ පොදු භූමිකාව රඟපෑවේද යත් මැතිවරණයේ අවසානයේදී මැතිවරණ කොමසාරිස්ගේ කතාවේදී විශේෂ ස්තූතිය පුද කරමින් පොලිස්පතිතුමාව අගයීමට ලක් කළේය. මෙය අප ඉදිරිපිට මැවෙන්නාවූ හිරිකිත දනවන විහිළුවක් වූ නමුත් රටේ ජනතාවගේ මනෙදාළ පිනෙන ආකාරයෙන් පාර්ශව කීපයක්ම ඇඟ බේරාගන්නා ඉතා උපක‍්‍රමික ක‍්‍රියාන්විතයක් වී හමාරය. එබැවින් අප මෙය මනාව හඳුනාගත යුතු යැයි අඩව්ව කල්පනා කරයි.
මැතිවරණ කාලයේදී සුවිශාල බලතල හිමි වන්නේ මැතිවරණ කොමසාරිස්ටය. එනිසා ජනතාව වෙනුවෙන් ස්වාධීන වූත් සාධාරණ වූත් මැතිවරණයක් පවත්වා නිවැරදි මහජන මතය එළිදැක්වීමේ භාරධූර වගකීම පැටවෙන්නේ ඔහුගේ කරේමය. වත්මන් ව්‍යවස්ථාව ප‍්‍රකාරව නියමිත මැතිවරණ කොමිසම පත් නොකළ අවස්ථාවක එම වගකීම නිතැනින්ම මැතිවරණ කොමසාරිස්ට පැවරෙන්නේය. ඒ අනුව මැතිවරණ සමයේදී සියළු අපේක්ෂකයන් මැතිවරණ නීතියට පටහැනිව ක‍්‍රියාත්මක වන්නේ නම් ඊට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගැනීමේ අයිතියත්, මාධ්‍යයන් හා මැතිවරණ ප‍්‍රචාරයන් නීතිවිරෝධීව ක‍්‍රියාත්මක වන්නේ නම් ඒවා වැලැක්වීමේ අයිතියත් ඔහු සතුව පවතින්නේය. නමුත් අප දක්නා දෙයක් නම් මැතිවරණයක් ආසන්නයේදී මැතිවරණ කොමසාරිස් කරලියට පිවිසෙන අතර හෙතම ජයසූරිය මෙන් පළමු ඕවරයේදී හයේ පහරවල් දෙක තුනක් වනයි. ඒ අනුව මුල් සතියේදී මහා පෞරුෂයක් ආරූඩ කරගන්නා හෙතෙම පොර ටෝක් පිට පොර ටෝක් දෙයි. අපේක්ෂකයන් වත්කම් හෙලිකළ යුතු බවටත් අනවසර මැතිවරණ ප‍්‍රචාරණයන් නොකළ යුතු බවටත් හෙතෙම උඩ පැන පැන කෑගසයි. මෙය දකින ජනතාවට මාර ජොලියක් යයි. මන්ද යත් දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් නැටුම් නටන්නට නොහැකි වන බව සිතති. නමුත් ජනතාව නොදන්නවා වුණාට මෙය මැතිවරණයට පෙර ජනතාවට දුන් දෙකේ අයිස් එකකි. ඒ මන්ද යත් මෙලෙස ජනතාවගේ සිත් දිනාගත් කොමසාරිස්තුමා ටික දිනකින් ආණ්ඩුවට අවශ්‍යය කාර්‍යය නොපිරිහෙළා ඉටුකරන බැවිනි. නමුත් කොමසාරිස්තුමා හරි හොඳ යැයි සිතා සිටින ජනතාව ඔහු විසින් ඉන් පසුව සුද්ද කරන්නට යෙදෙන ආණ්ඩුවේ කුණු පිළිගන්නේ මැකෝගේ මේ දෙකේ අයිස් එකේ බලයෙන්ය.
මුලින් මෙවන් නීති රීති පනවන කොමසාරිස්තුමා ඉන්පසුවද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියන්නේ පෝස්ටර් කටවුට් භාවිතා කරන අපේක්ෂකයන්ට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි. මේ කතා අසන ජනතාව තම සිහිනය දවල්ට පවා දකින්නට තරම් අඥන වන්නේ ආණ්ඩුව හා කොමසාරිස් අතර මහා ගැටුමක් ඇතිවී ඒ හරහා සැබෑ මැතිවරණ ප‍්‍රතිඵලයක් බිහිවේවි සිතාය. නමුත් සිදුවන්නේ අනෙකකි. ජනතාවගේ අතට දෙකේ අයිස් එකක් දී පෙර මෙන්ම පෝස්ටර් හා කටවුට් රටපුරා ඇලවී ඇත. ඉන්ද නොනවතින මැකෝ පොලිස්පති වෙත ලිපියක් යවමින් කියා සිටින්නේ සියළුම පෝස්ටර් හා කටවුට් ගලවා ඉවත් කරන්න කියාය. ඉන්පසු කරලියට එන පොලිස්පති මාධ්‍යයන් ඉදිරියේ මැකෝට නොදෙවෙනි පොරටෝක් දෙන්නට පටන් ගනියි. නමුත් අවසානට සිදුවන්නේ ජනතා සිහින බොඳවීමකි. පෝස්ටර් ගලවනවා වෙනුවට පොලිස් භටයෝ ආණ්ඩුවේ ප‍්‍රභලයින්ගේ කටවුට් දෙපසට වී තුවක්කු අමෝරාගෙන ගැලවිය යුතු කටවුට් බහිරවයන් සේ රකිති. මේවා දකින ජනතාව අනේ අපොයි කියා බොඳවූ සිහිනය (දෙකේ අයිස් එක අවසානයේ ඉතුරු වූ පොලිතීන් පැකට්ටුව) ගුලිකර දෝතින්ම විසිකර දමා හිතහදාගන්නේ ”අර අහිංසක නාකි මනුස්සයා මොනවා කරන්නද මුන්ගේ බලූකං වලට” කියා ආණ්ඩුවේ උපක‍්‍රමික ක‍්‍රියාන්විතය මල්ඵල ගන්වමිනි.
ඉහතින් දක්වා ඇත්තේ අප මැතිවරණ කාලයේදී අත්විඳින සත්‍යය. නමුත් මේ කියන තරම් මැකෝ අහිංසක නාකියෙක්ද යන්නත් පොලීසිය ඔය තරම්ම නෝන්ජල්ද යන්නත් නැවතත් විමසා බැලිය යුතු කරුණකි. මැතිවරණ සමයේදී සිදුවන මැතිවරණ නීති කඩ කිරීම් වන්නේ අපට හැමදාම පෙන්වන වත්කම් හෙළි නොකිරීම හෝ පෝස්ටර් ගැනීම නොව ඊට එහා ගිය තවත් දහසක් දේවල් තිබේ. එයට සමෘද්ධි නිලධාරීන්ට කියා ගම්මට්ටමින් රැස්වීම් පැවැත්වීමේ සිට ඇමතිවරුන් ගම්වලට ගොස් උළු බෙදීම දක්වා කරන්නාවූ සියළු විගඩං අයත් වන්නේය. නමුත් ජනතාව මේ පිළිබඳව අවධි නොකරන මැකෝ ඇතුළු නිලධාරීන් ඒ වෙනුවට කරන්නේ ඉතාමත් ප‍්‍රාථමික නීති පිළිබඳව සීමා පනවමින් ජනතාවට බොරු ආතල් එකක් දීමයි. නමුත් මෙහි වාසිය නොමදව ලබනා පාලක පාර්ශවය අවසානයේදී තම සිතැඟි ඉටුකරගන්නේ ආතතියෙන් සිටි මැකෝ මහමැතිවරණය පවත්වා මිස ගෙදර නොයන බව කීමට තරම් දිරිගැන්වීමෙන්ය.
මේ අනුව අප කියන්නේ වත්මන් මැතිවරණ නීතිය හෝ මැතිවරණ සම්ප‍්‍රදාය කියන තරම් දුර්වල නැති බවත් එය නිවැරදි ලෙස ක‍්‍රියාවට නොනගන හෙන්චයියන් විසින් ජනතාවට දෙකේ අයිස් දී පාලකයන්ට විශාල වාසියක් අත්කර දෙන බවත්ය. නමුත් පොර ටොක් දෙන මැතිවරණ සමයේ බලය ලත් නිලධාරියා වන මැකෝ පළමු සතියේදී ජයසූරිය මෙන් දිගට හරහට වනන්නටත් අවසාන සතියේදී නිසිබලධාරියෙක් වත් පත්කරගන්නට බැරි අහිංසක නාකියෙක් වන්නටත් හේතුව අප පැහැදිලි කරගත යුතු වන්නේය. ඒ අනුව අප තේරුම්ගත යුතු අනෙක් වැදගත්ම කරුණ වන්නේ වත්මන් මැතිවරණ ක‍්‍රමය තුළදී සමස්ථ රාජ්‍ය සේවකයාම පාලකයන්ගේ ඉත්තන් වන විට අඩුම තරමින් ඉන් මිදීමට මැතිවරණ කොමසාරිස් නම් නිලධාරියාටවත් නොහැකි බවයි. මෙම තත්වය තේරුම් නොගන්නා තාක් අපට සිදුවන්නේ මැකෝගේ දෙකේ අයිස් ලෙවකකා උඩබලාගෙන ඉන්නටය.
Subscribe to:
Posts (Atom)