මැතවරණ සටන් ඉතිහාසය බලන කල දැකිය හැකි වැදගත්ම සිද්ධියක් වන්නේ 77ට පෙර එකම පක්ෂයකට දෙවතාවක් බලයේ සිටීම අමාරු කාර්‍යයක් වූ බවයි. එම නිසා සෑම මැතිවරණයකදීම වගේ ජයගත්තේ ජනතාවට අනාගතය ගැන සිහින ලෝක මවාදුන් පාර්ශවයයි. නමුත් 77න් පසු මේ තත්වය කනපිට හරවා එජාපය වසර 17ක් සහ අනෙක් පාර්ශවය මේ මොහොත වන විටත් වසර 15ක් තම බලය රැක ගන්නට සමත්ව ඇත. ඒ අතරින්ද සෑම ජනාධිපතිවරයෙක්ම (ප‍්‍රභාකරන් අවසර දුන්) ව්‍යවස්ථා ප‍්‍රකාරව දෙවන වතාවටත් බලය ලබා ගැනීම වැදගත් සිද්ධියකි. නමුත් ඔවුන්ද දෙවන වතාවේ භාවිතා කළේ අනාගත පොරොන්දු දීමේ ඓතිහාසික උපක‍්‍රමයම විය. ඒ මාවතම තෝරා ගනිමින් 2005දී විධායක බලතල තමන්ගේ කරගත් මහින්ද රාජපක්ෂ මෙවර එම ක‍්‍රමය වෙනස් කිරීමේ අරමුණින් මැතිවරණ සටනට අතගැසීය. දකුණේ ඡන්දය පවා මේ නව සටන් පාඨය හරහා ජයගන්නට ඔහු සමත් විය. ඒ වූකලී ‘වසර 30ක යුද්ධය නිම කිරීමේ ක‍්‍රියාව’යි.
ඒ අනුව ඔහු මෙවර ජනාධිපතිවරණ සටනට පිවිසෙන්නට සිටියේ අතීතය පිළිබඳ කතාවක් ජනතාවට කියා ඡන්දය ඉල්ලන්නටය. නමුත් වැඬේ ගැස්සී ගියේය. නොසිතූ නොපැතූ ලෙස එම සටන් පාඨය මහින්දට හෝ ඇමති රැලට පෞද්ගලිකව භාවිතා කර විපක්ෂය හොම්බෙන් යවන්නට නොහැකි විය. උපක‍්‍රමික වූ විපක්ෂය ප‍්‍රායෝගික දේශපාලනයේ චලනයන් මනාව හඳුනාගෙන තම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේද මහින්දකරණය කරගන්නට උත්සහ දැරූ යුධ ජයග‍්‍රහණයේම අනෙක් ප‍්‍රධාන පාර්ශවකරුවාය. මේ හේතුවෙන් තම මැතිවරණ සටන් ව්‍යාපාරය පුරා උඩ පැන පැන ෙදාඩවන්නට ඇමති රැල විසින් නිර්මාණය කරගෙන සිටි සටන් පාඨ සියල්ල පුස් වෙඩි බවට පත්වූවා පමණක් නොව බැරිවෙලාවත් ඉන් එකක් හෝ වේදිකාවක දිග හැරියේ නම් එය ජෙනරාල්ට මල් වරුසාවක් වන්නටද ඉඩ තිබිණි. එබැවින් මහින්ද විසින් තමන්ගේ කරගන්නට උත්සහ දැරූ ‘යුධ ජයග‍්‍රහණය’ තව දුරටත් පෞද්ගලික අනන්‍යතාවයක් නොවී විපක්ෂයේ උපක‍්‍රමික ප‍්‍රහාරයට ලක්විය.
නමුත් එහි කිසිඳු වරදක් නැත. මන්ද, සමස්ථ ජනතාවම තම බත්පත කැපකර දිනාගත් යුද්ධය තනි පුද්ගලයෙකුට තම පෞද්ගලික අවශ්‍යතාවයක් උදෙසා බිල්ලට දෙන්නට බැරි නිසාය. මේ අනුව මාවිල්ආරුවේ සිට නන්දිකඩාල් කලපුව තෙක් බිම් අඟලක් ගානේ මතක් කරමින් ජනතාව විපක්ෂයට විරුද්ධව උසිගන්වන්නට බලා සිටි ආණ්ඩුවේ කුලී හේවායෝ අපේක්ෂා භංගත්වයට පත්විය. මහින්ද මේ ආකාරයට යුද්ධය කරපින්නාගෙන ජනතාව බලන්නට එන බව දන්නා විපක්ෂය ජෙනරාල්ගේ පළමු පෝස්ටරය ‘ SF මෙහෙයුම’ ලෙස නම් කරන ලදි. මේ හරහා ‘යුධ ජයග‍්‍රහණය’ නම් පෞද්ගලික අනන්‍යතාවය විපක්ෂයේ උපක‍්‍රමික මෙහෙයුම හමුවේ දියවී යන ලදි.
මෙම පෝස්ටර් ව්‍යාපාරයන් අතර තවත් වැදගත් පෝස්ටරයක් වූයේ මහින්ද මාතෘ භූමියට වැඳගෙන සිටින පෝස්ටරයයි. ( යුද්ධයේ අන්තිම දින වල යුධ හමුදාපති රටින් බැහැරව සිටින බව කියන ආචාර්ය මර්වින් සිල්වාට මතක් කිරීමට ඇත්තේ එ් දින කීපයේම ජනාධිපතිත් රටින් බැහැරව සිටි බවයි. එපමණක් නොව මහින්ද මාතෘ භූමියට වඳින අවස්ථාව වන විටත් රට මුදාගෙන නොතිබූ බව ඔහු දැනගත්තේ පසුවය.) මේ පෝස්ටරයෙන් රටට වඳින නායකයෙක් පෙනෙනවාටත් වඩා ගමේ ජනතාව දකින්නේ දණ ගසා තමන් දෙසට වැඳගෙන සිටින ජනාධිපතිවරයාය. සත්‍ය ලෙසම එය ඉතාම සාර්ථක ප‍්‍රචාරණ භාවිතාවයකි. මන්ද, ඒ හරහා තමාට ගරුකරන නායකයෙක් ඔවුනට පෙනෙන බැවිනි. නමුත් මේ අනන්‍යතාවයද පෞද්ගලික කරගන්නට ජවිපෙ සහෝදරවරු ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට ජෙනරාල් ජනතාවට ආචාර කරන පෝස්ටරය එක රැයකින් රට පුරා ඇලවිණි. යුධ ජයග‍්‍රහණයෙන් උමතුවී සිටින ජනතාවට මේ පෝස්ටර් දෙක අතරින් ජෙනරාල්ගේ පෝස්ටරය වැඩිපුර කාවැදීම හරහා පෙනෙන්නේ විපක්ෂය මෙහිදීද සාර්ථක ප‍්‍රහාරයක් දියත් කළ බවයි.
අනෙක් වැදගත්ම සිදුවීම වන්නේ මේ මැතිවරණයේදී පෞද්ගලික වර්ණ අනන්‍යතාවයට ඉඩක් නොලැබීමයි. දේශපාලන වේදිකාව දෙස බලන කල තවමත් සන්ධානය නිල් පාට සමගින් රතු පාටත් තැනින් තැන භාවිතා කරනු දැකිය හැකිය. ජවිපෙ ඔවුන් අතහැර ගියද දිනේෂ් තා ඩිව් තවමත් කොනකින් හෝ එල්ලී සිටින නිසා රතු නැතිව හරිනැති බවක් ඔවුන්ට දැනෙනවා ඇත. විපක්ෂයද දැන් දැන් රතු පාටට අත ගසා ඇත. එයද සාධාරණය. ඒ ප‍්‍රධාන රතු පිරිස වන ජවිපෙ ඔවුන් සමග එක්ව ඇති නිසාය. අනෙක් අතට නිතර මාධ්‍ය සාකච්ඡා කැඳවන මංගල පාර්ශවය විපක්ෂයේ සිටියද තමන්ට උරුමකම් ඇති නිල් පාට භාවිතා කිරීමත්, ආණ්ඩුවේ අළුත්ම ඇමතිවරු වන ජොන්ස්ටන් සහ ඉන්දික මෙන්ම රාජපක්ෂ පරපුරේ අළුත්ම සේවක SB ද (ඔහු එළිපිට කියා සේවය කළද හැංගි හැංගී සේවය කරන අය 114ක් සිටින නිසාය) කොළපාට පසුබිමක්ම තම මාධ්‍ය සාකච්ඡා වලට භාවිතා කිරීමත් හරහා දෙපැත්තටම කොළ සහ නිල් යන වර්ණයන් පවා පොදුවී තිබේ. ඒ තත්වය මනාවට දිස්වූයේ ‘ජනතාවගේ බලාපොරොත්තුව කුමක්ද’ ලෙස මහින්ද පාර්ශයෙන් මුලින්ම ඇලවූ පෝස්ටරයට සිදුවූ සිද්ධි වලිනි. එය නිල්පාට භාවිතා කර අලවන ලද පෝස්ටරයකි. නමුත් එය යට කොටසේ කිසිවක් නොතිබුණි. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ජවිපෙ සහෝදරවරු ඒ කොටස ආණ්ඩුවේ දුර්වලතා දක්වන්නට භාවිතා කළ අතර එජාපය එහි ඇලවූයේ S හා F යන අකුරු දෙක පමණි. එයද නිල් පාටින් අලවා තිබූ අතර ගම්වල ජනතාව සිතුවේ සැබෑවටම මෙය ජෙනරාල්ගේ පෝස්ටරයක් බවය. ඉන් පසුව ආණ්ඩුව එම පෝස්ටරයේ දෙවැන්න ඇලවීම ආරම්භ කළද ඒ වන විටත් එය ජොක් වි තිබීම නිසා ඉන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට නොහැකි විය.
ඉහතදී අප විමසා බැලූවේ විපක්ෂය විසින් ආණ්ඩු පාර්ශවයේ අනන්‍යතාවයන් පෞද්ගලිකව භාවිතා කරන්නට ඉඩ නොදී එයට අභියෝග කළ අවස්ථාවන්ය. ඔවුන් මෙසේ කිරීම එතරම් ගැටළුවක් ලෙස දැකිය හැකි වන්නේ නැත. ඒ යුධ ජයග‍්‍රහණයත් සමග පැවැත්වූ පලාත් සභා මැතිවරණ වලදී විපක්ෂයට ලැබුණේ අපේක්ෂිත පරාජයක් නිසාය. එම නිසා දකුණේදී ආණ්ඩු පාර්ශවය උන්-උන් මරාගන්නා තත්වයකට පත්විය. ඒ තත්වය තේරුම් ගත් විපක්ෂය තමන් අභිමුවේ මේ මොහොතේත් දිස්වූ පරාජය වෙනස් කරගනිමින් ආණ්ඩුවේ දරුණුතම පෞද්ගලික අනන්‍යාතවයට අභියෝග කළහ. ජෙනරාල් යුද්ධය ගැන නිතර කතා කිරීමත්, ජනතාවට ආචාර කරන පෝස්ටර් ඇලවීමත් හරහා ආණ්ඩුවේ පෞද්ගලික අනන්‍යතාවයට තරඟයක් දීම සාධාරණ වන්නේ ඔවුන් පරාජය පෙනි පෙනී සිටි පිරිසක් බැවිනි.
නමුත් දැන් තත්වය වෙනස් වී ඇත. ජෙනරාල්ගේ ආගමනයත් සමග ගොඩනැගුණු විපක්ෂ අභියෝගය හමුවේ මහින්ද පාර්ශවයට දැන් පරාජයේ සෙවනැලි පෙනෙන්නට පටන්ගෙන ඇත. ඒ බව මනාවට පෙනෙන්නේ විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතාවයන්ටද ආණ්ඩු පාර්ශවයෙන් ප‍්‍රහාර එල්ල කරන්නට පටන් ගැනීම හරහාය. විපක්ෂය සොයා ගත්තේ පොදු අපේක්ෂකයෙකි. ඒ නිසාම මේ ‘පොදු අපේක්ෂකයා’ යන්නට පසුගිය මාස කීපය පුරා හොඳ ප‍්‍රචාරයක් ලැබුණි. මෙය තමන්ට අවාසි ලෙස විපක්ෂය ගොඩනගා ගත් පෞද්ගලික අනන්‍යතාවයක් ලෙස දුටු මහින්ද රාජපක්ෂ කළේ තමන්ද පොදු අපේක්ෂකයෙකු ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට තම ඇමති රැල කඬේ යැවීමයි. ආණ්ඩුවේ සංවිධායකවරයෙකු ඇමති වරයෙකු සමග වාඩි වී කතාකරන ‘තුලාව’ හා ඇමතිවරු තනිවම චමුදිතට හිනායන කතන්දර කියන ‘ජනමතය’ වැනි වැඩසටහන් වලදී ඩලස් හා මහින්දානන්ද වැනි ඇමතිවරු නිතර නිතර මේ කතාව කියන්නට උත්සහ ගත්හ. එහිදී ඔවුන් කිසිම පදනමක් නැතිව වුවද දිගින් දිගටම කීවේ සැබෑ පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ බවයි. එමපණක්ද නොව ‘පොදු අපේක්ෂාව’ ලෙස සඳහන් කළ මහින්දගේ රූපය යෙදු දැවැන්ත පෝස්ටරයක්ද (නාමයෝජනා අපේක්ෂායෙන් සිටින) ඇමති රැල භාවිතා කරමින් රටපුරා ඇලවූහ. කෙසේ වුවද මොවුන් මේ හරහා උත්සහ ගත්තේ සැබෑවටම පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ ජෙනරාල්ගේ පෞද්ගලික අනන්‍යතාවයට පහර දීමටය.
ඒ හැරුණු විට විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතාවයට අභියෝග කළ අනෙක් අවස්ථාව වූයේ ජෙනරාල්ගේ ‘ජෙනරාල්’ කම වෙනුවට මහින්ද යනු ජනරාල කෙනෙකු බව කීමට ගත් උත්සාහයයි. පාර්ලිමේන්තු යන්නට නාමයෝජනා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වන රෙජිනෝල්ඞ් හා සෞඛ්‍ය ඇමතිතුමන් මේ ගැන නිතර නිතර වේදිකාවල හඬලන්නට විය.
අප මීලඟට විමසා බැලිය යුතු වන්නේ මේ සිදුවීම හරහා නිරූපණය වන්නේ කුමක්ද කියාය. සත්‍ය ලෙසම විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතා වලට පහර දීමෙන් ආණ්ඩුව පෙන්නුම් කරන්නේ තමන් තුළ අළුතින් ඇතිවී තිබෙන බිය පිළිබඳවය. තවත් වසර 7ක් පිළිබඳව තමන් මවාගෙන සිටි සිහින ලෝකය දැන් දැන් බිඳවැටෙමින් තිබෙන බව ජනාධිපතිතුමන්ට වැටහෙමින් තිබේ. විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතාවලට පහර ගසමින් දැවැන්ත කටවුට් සහ බැනර් වලින් කොළඹ වසා දමමින් තම පුතාට කියමින් විද්‍යුත් මාධ්‍යයන් සල්ලි වලට ගනිමින් ඔහු මේ තරම් නාඩගම් නටන්නේ වෙනකක් නිසා නොව, තමන් අභිමුවේ මැවෙමින් තිබෙන පරාජය විඳදරාගත නොහැකි නිසාය. කෙසේ වුවද විපක්ෂය විසින් ආණ්ඩුවේ අනන්‍යතාවය විනාශ කිරීම හරහා පෙන්වන්නේ ඔවුන් තුළ ඇති බිය මෙන්ම ආණ්ඩුව විසින් විපක්ෂයේ අනන්‍යතාවය විනාශ කිරීම හරහා පෙන්වන්නේත් ආණ්ඩු පාර්ශය තුළ අළුතින්ම හට ගෙන ඇති අවිනිශ්චිතතාවයයි.
අප මීලඟට විමසා බැලිය යුතු වන්නේ මේ සිදුවීම හරහා නිරූපණය වන්නේ කුමක්ද කියාය. සත්‍ය ලෙසම විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතා වලට පහර දීමෙන් ආණ්ඩුව පෙන්නුම් කරන්නේ තමන් තුළ අළුතින් ඇතිවී තිබෙන බිය පිළිබඳවය. තවත් වසර 7ක් පිළිබඳව තමන් මවාගෙන සිටි සිහින ලෝකය දැන් දැන් බිඳවැටෙමින් තිබෙන බව ජනාධිපතිතුමන්ට වැටහෙමින් තිබේ. විපක්ෂයේ පෞද්ගලික අනන්‍යතාවලට පහර ගසමින් දැවැන්ත කටවුට් සහ බැනර් වලින් කොළඹ වසා දමමින් තම පුතාට කියමින් විද්‍යුත් මාධ්‍යයන් සල්ලි වලට ගනිමින් ඔහු මේ තරම් නාඩගම් නටන්නේ වෙනකක් නිසා නොව, තමන් අභිමුවේ මැවෙමින් තිබෙන පරාජය විඳදරාගත නොහැකි නිසාය. කෙසේ වුවද විපක්ෂය විසින් ආණ්ඩුවේ අනන්‍යතාවය විනාශ කිරීම හරහා පෙන්වන්නේ ඔවුන් තුළ ඇති බිය මෙන්ම ආණ්ඩුව විසින් විපක්ෂයේ අනන්‍යතාවය විනාශ කිරීම හරහා පෙන්වන්නේත් ආණ්ඩු පාර්ශය තුළ අළුතින්ම හට ගෙන ඇති අවිනිශ්චිතතාවයයි.
අනන්‍යතා විනාශ කිරීම වෙනුවට විපක්ෂය අනුකරණයට යෑම හරහා මහින්ද වැඩ අනාගන්නා තත්වයකටද පත්ව සිටියි. ඒ විපක්ෂය මුල සිටම තම පදනම කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳව දෙතුන් තැනක කියා එයද තමන්ගේ කරගන්නට මහින්ද ගත් උත්සාහයයි. නමුත් ඔහුට අමතකව ඇති දෙය වන්නේ ජනතාව සතුව තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ යහපාලනය ෂොට් එක දුන්නේත් තමන්ම බවය.
he he....
ReplyDelete