ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම යනු දත් නැති කොටීයෙක් යැයි බොහෝ දෙනා කතාවට කියනවා අපට ඇසී ඇත. නමුත් දැන් තත්වය වෙනස්ය. වෙනස් වී ඇත්තේ කොටියාට දත් ලැබීමෙන් නම් නොවේ. කොටියා දැන් හිටියාටත් වඩා බලූ වී ඇත. මේ තත්වය තුළ පෙර තිබූ ජනවහර පහත ආකාරයෙන් වෙනස් විය යුතු යැයි අප යෝජනා කිරීමට කැමැත්තෙමු.
”දැන් දතුත් නෑ. කොටියත් නෑ.”
මානව හිමිකම් කොමිසම නම් කොටියාට ඉස්සර සිටම දත් නොතිබූ බව නම් අප දැන සිටියෙමු. ඒ අනෙකක් නිසා නොව ඔවුන්ට කරන්නට දෙයක් නොතිබූ නිසාය. ඔවුන් මේ තත්වයට පත්ව සිටියේ සීමා කිරීම් කිහිපයක් නිසා බව අප තේරුම් ගත යුතුය. සීමා කිරීම් යැයි කියූ සැනින් ඔබගේ සිතට නැගෙනවා ඇත්තේ මූලික අයිතීන්, විධායක හෝ පරිපාලන, වැනි සීමා කිරීම් හරහා බලයක් නැති නිර්දේශ නිකුත් කිරීම ආදියයි. ඒවාත් මෙම සීමා කිරීම් වලට අයත් වුවද ඊටත් එහා බරපතල සීමා කිරීම් වූයේ ආණ්ඩුවේ බලපෑම් නම් සීමාවන්ය. මේ තුළ ස්වාධීන කොමිෂන් සභාවක පැවැත්ම කඩා බිද දමා ජනාධිපති අතින් අභිෂේක ලබන කොමසාරිස්වරයෙකු බිහිවීම තුළින් ඉන් ඉදිරියට ඇති සමස්ථ ක්‍රියාවලියම හා එහි ස්වාධීනත්වය සින්නක්කර ලියා ගැනීමට පත්වන ආණ්ඩුවට හැකි විය.
එපමණක්ද නොව කොමිසමට මුදල් වෙන්කිරීම පවා සිදුවන්නේ ආණ්ඩුව හරහා නිසා කොමසාරිස් විසින් එක දමා ගන්නා ප්‍රමාණය අනුව මුදල් හා අනෙකුත් පහසුකම තීරණය විය. මෙවන් තත්වයක් තුළ බිහිවන්නේ සමහර රාජ්‍ය ආයතන වලටත් වඩා ආණ්ඩුවට කඬේ යන වහයක් විනා ස්වාධීන කොමිසමක් නම් නොවන බව අප අමුතුවෙන් කිවයුතු නොවේ.
අප ඉහත කතා කළේ අතිශය පරාධීන තත්වයක තිබූ ස්වාධීන යැයි කියාගන්නා කොමිසම ගැනය. මීට අමතරව මානව හිමිකම් අමාත්‍යංශයක්ද ශ්‍රී ලංකාවේ විය. එය සත්වෙනි මහින්ද විසින් අටවෙනි මහින්දට තෑගි දුන් අමාත්‍යංශයයි. එම අමාත්‍යංශයේ කාර්‍යය වූයේ මානව හිමිකම් රැකීම නොවන බව කිවහොත් ඔබට පුදුමත් සිතෙනු ඇත. නමුත් එය සත්‍යයකි. එම අමාත්‍යංශයේ කාර්‍යය වූයේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පමණි. නමුත් සත්‍යය ලෙසම ගත් කළ යුධ සමයේදී ජාත්‍යන්තරයෙන් එන ප්‍රශ්ණ භාරගැනීමට හා ඒවාට උත්තර බැ`දීමට පමණක් මෙම අමාත්‍යංශය භාවිතා වූ බවද නොරහසකි.
මේ අනුව ගත්කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ප්‍රධානම ආයතන දෙකක් වූයේ කොමිසම හා අමාත්‍යංශයයි. ඉන් අමාත්‍යංශය කිසිම විටෙක ආණ්ඩුව ප්‍රශ්ණ නොකළ අතර කොමිසම ඉතා සීමිත වපසරියක පරීක්ෂණ පැවැත්වූ අතර එහි අවසන් නිර්දේශ කිසිම වටිනාකමක් නැති තත්වයක තිබුණි.
මේ වූකලී මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මානව හිමිකම් යාන්ත්‍රණයන් දෙකකි. අනෙක් කාරණය කතා කරන්නට පෙර මේ යාන්ත්‍රරණයන් හරහා ශ්‍රී ලංකාවේ ජනතාවෙගේ මානව හිමිකම් සුරක්ෂිත වන්නට ඇත්දැයි අප ඇසුවොත් ඔබගේ පිළිතුර කුමක් වේවිද? ------ එය සත්‍යයකි. මෙතෙක් කොමිසම හරහා නිකුත් කර ඇති කිසිම වැදගම්මකට නැති නිර්දේශ දහස් ගණන එයට හොදම සාක්ෂියයි. මේ අනුව පැවති යාන්ත්‍රරණය බල රහිත, ස්වාධීනත්වයක් නැති ඒවා බව පැහැදිලිය. නමුත් දැන් තිබෙන යාන්ත්‍රරණ ගැන ඇසුවොත් ඔබ ඊටත් වඩා පුදුම වේවි. මන්ද මේ මොහොත වන විට එම යාන්ත්‍රරණයන් දෙකවත් ක්‍රියාත්මක නොවන නිසාය. එනම දැන් මානව හිමිකම් අමාත්‍යංශයක් නැත. කොමිසමට කොමසාරිස්වරු පත්කර නැත. එසේ නම් පෙර කී කතාව කොයිතරම් නම් සාධාරණදැයි ඔබට වැටහෙනු ඇත.
”දැන් දතුත් නැත. කොටියත් නැත.”
කොහේ හෝ වරදක් ඇති බව පෙනේ. නමුත් ඒ රාජ්‍යයේද, ආණ්ඩුවේද, කොමිසමේද, අමාත්‍යංශයේද යන්න ගැටළු සහගතය. නමුත් මේ වචන වලින් සමන්විත රාමුවෙන් එළියට විත් අප මෙවන් සාකච්ඡාවක් ගොඩ නැගීමට සිතන්නෙමු. මානව හිමිකම් යන්න ලෝකය ආරම්භයේදී තිබුණේ නැත. එතැන තිබුණේ කැළේ නීතියයි. ප්‍රබලයා විසින් දුබලයා පරාජය කිරීම හරහා සියල්ල තීරණය විය. මෙලෙස පාලනය වූ ගෝත්‍රික සමාජය පසුකර ඉදිරියට එන පාලිතයන්ට මෙහි ඇති වරද තේරෙන්නට හා දැනෙන්නට පටන් ගත් තැන පාලකයන්ට අභියෝග කර ජීවිතට පරදුවට තබා නිදහස සොයන්නට විය.
වහල් හිමියාගේ බූදලයක් වූ වහලා ඉන් මුදවා ගැනීමට වහල් නායකයෙක් වූ ස්පාටකස් ක්‍රි.පූ 73දී කළ කැරැල්ල යනු මිනිස් නිදහසේ වැදගත් සිදුවීමකි. ක්‍රි.ව 1215දී පල්ලියේ හා ජනතාවගේ එකතු වීමක් හරහා කළ සටන නිසා රජුට මැග්නාකාර්ටාවට අත්සන් නොකර ඉන්නට බැරිවිය. 1628 දී ක්‍රොම්වේල් ඇරඹූ ගොවි විප්ලවය හරහා ”ජනතාවගේ ආණ්ඩුවක්” යන සංකල්පය ලොවට බිහිවිය. 1763දී ඇමරිකන් නිදහස් සටන හරහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පීඩනයෙන් ඇමරිකානු ජනතාව නිදහස් විය. නිදහස, සහෝදරත්වය, සමානත්වය පදනම් කරගත් ප්‍රoශ විප්ලවය හරහා ලූවී රජ පෙළපතේ කුරිරු පාලනය නිමා කර සිවිල් ජනතාව ජයගන්නා ලදි. මෙහි පදනම සැකසූ ප්‍රoශ දාර්ශනිකයන් ”සෑම මිනිසෙක්ම උපතින් සමානය” යන්න ලෝකයට දායාද කොට මානව හිමිකම් උදෙසා අවශ්‍ය මූලික තර්කය සකසා දුන්හ. 1816 දී ආර්ජන්ටිනාවද ඉන්පසුව චිලියද, බොලීවියාවද නිදහස් සටන් හරහා ජයගත්හ. 1871 දී පළමු වරට පීඩිත ජනතාව විසින් ආණ්ඩුවක් ලෙස පැරිස් කොමියුනය පිහිටවූහ. 1917 දී ඔක්තෝබර් විප්ලවය හරහා ලොව පළමු සාර්ථක නිර්ධන පංති සටන ජය ගන්නේ සාර් රජ පාලනය පරාජය කරමින්ය. එසේම චීන, වියට්නාම, කියුබානු, විප්ලව ආදයද සිදුවිය. එහෙම් හිංසාවාදී අභියෝග පමණක් නොව 1857 සිට 1947 දක්වා තිබූ ඉන්දියානු නිදහස් අරගලයේ ප‍්‍රධාන භූමිකාවක් රග දැක්වූ මහත්මා ගාන්ධීගේ අවිහිංසාවාදී අභියෝග ක්‍රමයක්ද මේ ඉතිහාසයට විශේෂත්වයක් එක් කළේය.
මෙවන් වීර ඉතිහාසයක් මානව හිමිකම් කෙරෙහි පවතී. මෙම වීරත්වයේ තුළ අභිමානයෙන් විද්‍යාමාන වන කරුණක් තිබේ. ඒ අනෙකක් නොව. මෙම ජයග්‍රහණයන් සියල්ල ලබා ගත්තේ පවත්නා පාලන තන්ත්‍රයට අභියෝග කිරීමෙන් බවය. එනම් මානව හිමිකම් යනු පාලකයන්ට අභියෝග කර දිනාගත්තක් විනා පාලකයා විසින් දායාද කර දුන්නක් නොවන බවයි. එය ස්පාටකස්ගේ සිට අප දක්වාම අත්දුටු සත්‍යයකි. මේ අනුව පෙනෙන්නේ මානව හිමිකම් යන්න පාලකයාට කරදරයක් නිසා සැම විටම පාලකයා ඊට හරස් වන බවයි. මානව හිමිකම් හී මෙම වීරත්වය අප නොදකින හෝ අමතක කළ පැත්තකි. එසේම එලෙස අභියෝග කර ලබාගත් දෙය පාලකයා සමග කරට අත දමාගෙන රැක ගැනීමට හැකිද යන්න අප අනෙක් අතට ප්‍රශ්ණ කළ යුත්තක් වන්නේ ශ්‍රී ලංකාවේ තිබූ කොමිසම හා අමාත්‍යංශය ගැන සිහිකරන විටය. අප පෙර කී පරිදිම මානව හිමිකම් වලට මෙවන් විරු ඉතිහාසයක් තිබෙන්නේම පාලකයන් එයට එරෙහි වන තරම නිසාය. නමුත් එලෙස විරුද්ධ වන පාලකයන් සමග සෙට් වී සිට ජනතාවගේ හිමිකම් රැකීමට හැකියැයි සිතීමම මෝඩකමක් නොවන්නේද?
මේ අනුව අභියෝග කර ලබාගත් මානව හිමිකම් සෙට්වී රැකීමට යෑම අප මෙසේ ප්‍රශ්ණ කර සිටින්නෙමු. සෙට්වී රැකීමේ තරම කෙතරම්ද යන්න ලංකාව දෙස බැලීමේදී පැහැදිලි වේ. ව්‍යවස්ථා ප්‍රකාරව මූලික අයිතීන් යැයි කොටසක් දක්වා ඇත. නමුත් එය රකිනු වස් පවතින (ස්වාධීන යැයි කියාගන්නා) කොමිසමට කොමසාරිස් පත්කරන්නේද, ආණ්ඩුවේ වැරදි සෙවීමට යෑමට වාහන ලබා දෙන්නේද, අනෙකුත් සියළු වියදම් සදහා මුදල් වෙන් කරන්නේද විධායක ජනාධිපතිය. අමාත්‍යංශයට ඇමතිවරයා පත්කරන්නේද, මුදල් වෙන් කරන්නේද විධායක ජනාධිපතිය. තවමත් ක්‍රියාත්මකව පවතින (නමුත් අයිතිවාසිකමක් ගැන කතා කිරීමට ලක්ෂ ගණනක් වැයකළ යුතු - මෙය සාමාන්‍ය ජනතාවට කෙතරම් අපහසුදැයි ඔබම දන්නවා ඇත) ශ්‍රේෂ්ඨාධිකරණයට අගවිනිසුරු ඇතුළු විනිසුරුවරු පත් කරන්නේද විධායක ජනාධිපතිමය. මේ විධායක ජනාධිපති යනු අසමසම බලය හිමි පාලකයාය. ඔහු සහ සාර් අතර වෙනසක් නැති තරම්ය. ඔහු සහ ලූවී රජු අතර ඇති සමානකම් අනන්තය. ඔහු හා ජෝන් රජු අතර ඇත්තේ කාලයේ වෙනස පමණි. මේ බව කියන්නේ අප නොවේ. රටේ ජනතාවයමය. මන්ද ජනතාව ඔහු අමතන්නේ සත්වෙනි මහින්ද රජු කියාය. සමහරුන් කියන්නේ දියසෙන් කුමරා කියාය.
තත්වය එසේ නම් ලංකාව තුළ මානව හිමිකම් යන්න කොයිතරම් විහිළුවක්දැයි ඔබටම පැහැදිලි වනු ඇත. ප්‍රoශයේ ජනතාව ලූවී රජු මරා සොයාගත්, රුසියාවේ ජනතාව සාර් රජු මරා ලබාගත්, අයිතීන් රැකගනු වස් ශ්‍රී ලංකාවේ ජනතාව මහින්ද රජු විසින් කොමසාරිස්වරු පත්කරන තුරු මගබලා සිටිති. එබැවින් මේ හරහා අප අවමන් කරමින් සිටින්නේ මානව හිමිකම් වලටද, ඒවා සොයාගන්නට සටන් කළ ස්පාටකස් වැනි විරුවන්ටද, නැතිනම් අද ජීවත් වන අපගේ යහපත උදෙසා දිවිපිදූවන්ටද යන්න නැවතත් සිතා බැලිය යුතුය. කෙසේ වුවද කොමසාරිස්වරයෙක් පත්කර අමාත්‍යංශයක් ඇතිකර ඇමතිවරයෙක් පත්කරන තුරු සහ ස්වාධීනත්වය උදෙසා 17 ක්‍රියාත්මක කරන තුරු දත නියවමින් බලා හිදින ඔබටත් වෙන වැඩක් නැති නිසා මෙයවත් කල්පනා කරන්නැයි අඩව්වේ අප ආරාධනා කරන්නෙමු.