Tuesday, November 17, 2009

මහින්දට ඡන්දය දීමත් අත්‍යාවශ්‍ය සේවාවක් නොවන්නට නම්......

නුදුරු අනාගතයේම මැතිවරණ උණුසුමක් දැනෙන්නට වන්නේ නම් දේශපාලන පක්ෂ ඊට ලහි ලහියේ සූදානම් වීම සාමාන්‍ය දෙයකි. මෙය මුහුද හත්ගොව්වක් තියාගෙන අමුඩ ගැසීමකැයි යමෙකු පැවසුවොත් එම නිර්වචනයට අප දෙන විශ්ලේෂණය වන්නේ එය ඔහුගේ දේශපාලන දැනුමේ තරම කියාය. මන්ද දේශපාලන පක්ෂයක් යන්න ධනවාදී පදනමක සිට විග‍්‍රහ කරන්නේ නම් ‘ බලය ලබා ගැනීමේ අරමුණින් සංවිධානය වූ සමාන අදහස් සහිත පුද්ගල කණ්ඩායමක් ’ ලෙස හඳුන්වා දිය හැකි බැවිනි. එම නිසා ගුරුවරයාට විභාගයත්, වෛද්‍යවරයාට ශල්‍යකර්මයත් වැදගත් වන්නේ යම් සේද දේශපාලනඥයාට මැතිවරණය තම වෘත්තීය ජීවිතයේදී ඉතාම වැදගත් වේ.

Read More>>>

Saturday, November 14, 2009

විපක්ෂයේ මගුල් කෑම සහ ජවිපෙ ආඩම්බරය

කවුරුන් කෙසේ කුමන කතා කීවත් ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්තිරීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සිදුවේ. ඒ මන්ද යත් ජය නියතව පවත්නා මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ලබන වසරේ ජනාධිපතිවරණයකට යෑමෙන් යම් හෙයකින් ජනාධිපති තනතුර මහින්දගෙන් ගිලිහී ගියහොත් 2004දී එජාප ආණ්ඩුවට අත්වූ ඉරණම 2012දී පැහැදිලිවම සන්ධාන ආණ්ඩුවට අත්වනු නියතය. එනිසා අඩුම ගණනේ තවත් වසර 7ක් රැකගත හැකි (මේ ජනවාරි ජනාධිපතිවරණයකට ගියහොත් 2011 ජනවාරියේදී දිව්රුම් දිය හැකි නිසා) තමන්ගේ පාලන බලය නිකරුණේ තවත් වසර 2ක් තුළ විහින් වල පල්ලට යවා ගැනීමට භාරකරු ඇතුළු කේවට්ටයන් රැලට අනවශ්‍ය නිසා ඉතාම ඉක්මනින් ඒ සත්‍යය ජනතාව ඉදිරියට පමුණුවනු ඇත.
Read More >>>

Tuesday, June 16, 2009

මර්වින්ගේ වීරක‍්‍රියා (කැළණිය විශ්ව විද්‍යාලයේ වික‍්‍රමාන්විතය)

මර්වින් සිල්වා විසින් රටේ ජනතාවට නොමිලේ දෙන ආතල් වල අලූත්ම ආතල් එක මීට දින දෙක තුනකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. සරසවි සිසුන් සහ අදාල ගම් ප‍්‍රදේශයේ වැසියන් අතර ඇතිවූ ගැටුමකදී රටේ කම්කරු අමාත්‍ය වරයා වන (ආචාර්‍ය යැයි කියාගන්නා) මර්වින් සිල්වා මෙයට මැදිහ ත් විය. අමාත්‍ය වරයා පමණක් නොව කැළණිය බෞද්ධ පුරපරයේ අහිංසක ළමයින් ටිකද පොලූ මුගුරු රැගෙන එතුමා වටේ සිට වචනයෙන් වචනයට විසිල් පිට විසිල් ගැසූහ.අප හැමෝම මේ පාර්ශයන් සියල්ලේම චර්‍යාව දැක ගත්තෙමු. නමුත් අප උත්සහ ගත යුත්තේ මේ පාර්ශවයන් එකිනෙකෙහි අවශ්‍යතාවය නිශ්චය කර ගැනීමටය.

1 විශ්ව විද්‍යාල සිසුන් -

- විභාගය ඉතා ආසන්නව ඇති බැවින් කෙසේ හෝ විශ්ව විද්‍යාලය වසා ගැනීම.
- තම පෙම්වතින්ට හෝ මිතුරියන්ට අනිසි බලපෑම් කරන ගමේ කොල්ලන්ගෙන් වාඩුව ගැනීම.
- එකම වයසේ තරුණ පිරිසක් සිටින බවින් ගැටුම් වලට යෑම හරහා පෞර්ෂය වර්ධනය කරගැනීමට උත්සහ ගැනීම.


Reed More >>>

Friday, June 12, 2009

ප‍්‍රභාගෙන් හිස්වුණු පුටුවට Vacancy යක් තියෙනවා......!

ආයුධ බලය ගැන තිබූ අධිමානය සහ නිවැරදි දේශපාලන ප‍්‍රවේශයක් නොමැති වීම යන ප‍්‍රධාන කරුණුත් තවත් අනු කරුණු රැසකුත් මුල්කරගෙන LTTE සංවිධානය සහ නායකත්වය ශ‍්‍රී ලංකාවේ හා ලෝකයේ ඉතිහාසයට එක්වී හමාරය. නමුත් අවසන් වූයේ LTTE සංවිධානයේ මිනිස් බලය හා ආයුධ බලය පමණි. ඔවුන් විසින් නියෝජනය කළ මතවාදය මල්ටිබැරල් ගසා විනාශ කර දැමිය නොහැකිය. එය වත්මන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නම්වූ සන්ධර්භය තුළදී සිංහල-බෞද්ධ මතවාදය හමුවේ යටපත් වූවා පමණි.

Friday, June 5, 2009

මම නම් මාතෘ භූමියට ආදරේ නෑ.


විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රීසිංහලාධීශ්වර (හාමුදුරුවරු දෙන්නාගේ ගරු නාමය) මහින්ද මහරජතුමන් (ප‍්‍රසන්න රණතුංගගේ ගරු නාමය) විසින් ශී‍්‍ර ලංකාවෙන් ත‍්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සිංහනාදයක් කරන ලදි. එහිදී කියා සිටියේ අපට මෙතෙක් තිබුණේ අභිමානවත් අතීතයක් පමණක් බවත් නමුත් අද සිට අපට අභිමානවත් අනාගතයක්ද පවතින බවත්ය. මෙතකින් නොනැවතුණු මහින්ද නරිඳුන් (ආචාර්්‍ය මර්වින් සිල්වාගේ ගරු නාමය - මර්වින් සිල්වා ආචාර්‍ය යන්න ලියන්නේ ඉහත පරිදිය.) අද සිට ලංකාව තුළ සුළුජාතියක් හෝ මහජාතියක් නැති බව කියා සිටියේය. එසේම අපේ ජනපතිඳාණෝ (ඇතුගලගේ ගරු නාමය) කිවේ අද සිට සිටින්නේ මාතෘ භූමියට ආදරේ කරන පිරිසක් සහ මාතෘ භූමියට ආදරේ නැති පිරිසක් පමණක් බවයි.

Thursday, May 14, 2009

ආගම මිලිටරිකරණය වීම හෙවත් තුවක්කු පිරිත් කිරීම.


මීට ටික වේලාවකට පෙර සිරස FM (යුද්දෙ තියෙනකං... සිරස නෑදෑකං...) තුලින් කවියක් ප‍්‍රචාරය විය. එය අග්ගමහා පණ්ඩිත ආදී වශයෙන් වූ නම් රැසකින් හඳුන්වා ගන්නා චීවරධාරියෙකු විසින් මිමිණුවකි.(ඔබේ වචනයට අනූව නම් දේශනා කරන ලද්දකි.) එහි අවසන් පදයට අනූව කහ සිවුරයි තව මොකක්දෝ එකකුයි තිබෙන්නේ පුතේ උඹ අතේය කියා කීවේය. මෙහි පුතා යනු හමුදා සෙබලාය.(භික්ෂූන් බුද්ධ පුත‍්‍රයන් වන අතර හමුදා සෙබලූන් භික්ෂූන්ගේ පුත‍්‍රයන් වී ඇත.) මේ භික්ෂුවට කෙටියෙන්ම කියනවානම් කීමට ඇත්තේ ඉක්මනට පුතාගෙන් කහ සිවුර ඉල්ලගන්න කියාය. එ් මන්ද යත් ඔය පුතා අර අහිංසක දෙමළ දැරියන් දූෂණය කරන විට ඕක එලාගැනීමට ඉඩ ඇති බැවිනි.

Wednesday, May 6, 2009

කේතුමතී නුවරක පවතින කැ(කිල්)ලේ නීතිය


හිටි හැටියේ ප‍්‍රදේශයෙන් වාර්තා වු සි¥වීමක කියාවුණේ කුඩා දරුවන් දෙදෙනෙකු නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන් වු බවයි. මෙය මු`ඵ ශ‍්‍රී ලංකා සමාජයම ගිනි තබමින් ක්ෂණයෙන් පැතිරගියේ දහසක් දෙනාගේ නෙත් අගට කඳු`ඵ බිදු නංවමිනි. එම නිසා මෙම සිදුවීමෙන් සමාජය දෙදෙරුම් කෑවේය. (මේ හරහා උතුරේ සටන්වලට මැදිවී මිය යන කුඩා දරුවන් ගැන වුවද තොරතුරු ලැබේ නම් තමා කම්පාවීමට සුදානම් බව කියා සිටියේ දකුණේ ජනතාව තමා තවමත් අවසංවේදීකරණය වී නැති බව පෙන්වීය.)

දිනක් දෙකක් ගතවන විට නිවස අසලින්ම දරුවන් දෙදෙනාගේ නිසල සිරුරු සහ සෙල්ලම් කරමින් සිටි බයිසිකලයද සොයා ගැණුනු අතර මෙය ඉඩම් ආරවුලක් නිසා අසල නිවැසියෙකු සිදුකළ අපරාධයකැයි හෙළිවන්නට පටන් ගත්තේය. Reed more>>>

Related Posts with Thumbnails