Tuesday, June 16, 2009

මර්වින්ගේ වීරක‍්‍රියා (කැළණිය විශ්ව විද්‍යාලයේ වික‍්‍රමාන්විතය)

මර්වින් සිල්වා විසින් රටේ ජනතාවට නොමිලේ දෙන ආතල් වල අලූත්ම ආතල් එක මීට දින දෙක තුනකට පෙර කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. සරසවි සිසුන් සහ අදාල ගම් ප‍්‍රදේශයේ වැසියන් අතර ඇතිවූ ගැටුමකදී රටේ කම්කරු අමාත්‍ය වරයා වන (ආචාර්‍ය යැයි කියාගන්නා) මර්වින් සිල්වා මෙයට මැදිහ ත් විය. අමාත්‍ය වරයා පමණක් නොව කැළණිය බෞද්ධ පුරපරයේ අහිංසක ළමයින් ටිකද පොලූ මුගුරු රැගෙන එතුමා වටේ සිට වචනයෙන් වචනයට විසිල් පිට විසිල් ගැසූහ.අප හැමෝම මේ පාර්ශයන් සියල්ලේම චර්‍යාව දැක ගත්තෙමු. නමුත් අප උත්සහ ගත යුත්තේ මේ පාර්ශවයන් එකිනෙකෙහි අවශ්‍යතාවය නිශ්චය කර ගැනීමටය.

1 විශ්ව විද්‍යාල සිසුන් -

- විභාගය ඉතා ආසන්නව ඇති බැවින් කෙසේ හෝ විශ්ව විද්‍යාලය වසා ගැනීම.
- තම පෙම්වතින්ට හෝ මිතුරියන්ට අනිසි බලපෑම් කරන ගමේ කොල්ලන්ගෙන් වාඩුව ගැනීම.
- එකම වයසේ තරුණ පිරිසක් සිටින බවින් ගැටුම් වලට යෑම හරහා පෞර්ෂය වර්ධනය කරගැනීමට උත්සහ ගැනීම.


Reed More >>>

Friday, June 12, 2009

ප‍්‍රභාගෙන් හිස්වුණු පුටුවට Vacancy යක් තියෙනවා......!

ආයුධ බලය ගැන තිබූ අධිමානය සහ නිවැරදි දේශපාලන ප‍්‍රවේශයක් නොමැති වීම යන ප‍්‍රධාන කරුණුත් තවත් අනු කරුණු රැසකුත් මුල්කරගෙන LTTE සංවිධානය සහ නායකත්වය ශ‍්‍රී ලංකාවේ හා ලෝකයේ ඉතිහාසයට එක්වී හමාරය. නමුත් අවසන් වූයේ LTTE සංවිධානයේ මිනිස් බලය හා ආයුධ බලය පමණි. ඔවුන් විසින් නියෝජනය කළ මතවාදය මල්ටිබැරල් ගසා විනාශ කර දැමිය නොහැකිය. එය වත්මන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නම්වූ සන්ධර්භය තුළදී සිංහල-බෞද්ධ මතවාදය හමුවේ යටපත් වූවා පමණි.

Friday, June 5, 2009

මම නම් මාතෘ භූමියට ආදරේ නෑ.


විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රීසිංහලාධීශ්වර (හාමුදුරුවරු දෙන්නාගේ ගරු නාමය) මහින්ද මහරජතුමන් (ප‍්‍රසන්න රණතුංගගේ ගරු නාමය) විසින් ශී‍්‍ර ලංකාවෙන් ත‍්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සිංහනාදයක් කරන ලදි. එහිදී කියා සිටියේ අපට මෙතෙක් තිබුණේ අභිමානවත් අතීතයක් පමණක් බවත් නමුත් අද සිට අපට අභිමානවත් අනාගතයක්ද පවතින බවත්ය. මෙතකින් නොනැවතුණු මහින්ද නරිඳුන් (ආචාර්්‍ය මර්වින් සිල්වාගේ ගරු නාමය - මර්වින් සිල්වා ආචාර්‍ය යන්න ලියන්නේ ඉහත පරිදිය.) අද සිට ලංකාව තුළ සුළුජාතියක් හෝ මහජාතියක් නැති බව කියා සිටියේය. එසේම අපේ ජනපතිඳාණෝ (ඇතුගලගේ ගරු නාමය) කිවේ අද සිට සිටින්නේ මාතෘ භූමියට ආදරේ කරන පිරිසක් සහ මාතෘ භූමියට ආදරේ නැති පිරිසක් පමණක් බවයි.

Thursday, May 14, 2009

ආගම මිලිටරිකරණය වීම හෙවත් තුවක්කු පිරිත් කිරීම.


මීට ටික වේලාවකට පෙර සිරස FM (යුද්දෙ තියෙනකං... සිරස නෑදෑකං...) තුලින් කවියක් ප‍්‍රචාරය විය. එය අග්ගමහා පණ්ඩිත ආදී වශයෙන් වූ නම් රැසකින් හඳුන්වා ගන්නා චීවරධාරියෙකු විසින් මිමිණුවකි.(ඔබේ වචනයට අනූව නම් දේශනා කරන ලද්දකි.) එහි අවසන් පදයට අනූව කහ සිවුරයි තව මොකක්දෝ එකකුයි තිබෙන්නේ පුතේ උඹ අතේය කියා කීවේය. මෙහි පුතා යනු හමුදා සෙබලාය.(භික්ෂූන් බුද්ධ පුත‍්‍රයන් වන අතර හමුදා සෙබලූන් භික්ෂූන්ගේ පුත‍්‍රයන් වී ඇත.) මේ භික්ෂුවට කෙටියෙන්ම කියනවානම් කීමට ඇත්තේ ඉක්මනට පුතාගෙන් කහ සිවුර ඉල්ලගන්න කියාය. එ් මන්ද යත් ඔය පුතා අර අහිංසක දෙමළ දැරියන් දූෂණය කරන විට ඕක එලාගැනීමට ඉඩ ඇති බැවිනි.

Wednesday, May 6, 2009

කේතුමතී නුවරක පවතින කැ(කිල්)ලේ නීතිය


හිටි හැටියේ ප‍්‍රදේශයෙන් වාර්තා වු සි¥වීමක කියාවුණේ කුඩා දරුවන් දෙදෙනෙකු නිවස අසල සෙල්ලම් කරමින් සිටියදී අතුරුදහන් වු බවයි. මෙය මු`ඵ ශ‍්‍රී ලංකා සමාජයම ගිනි තබමින් ක්ෂණයෙන් පැතිරගියේ දහසක් දෙනාගේ නෙත් අගට කඳු`ඵ බිදු නංවමිනි. එම නිසා මෙම සිදුවීමෙන් සමාජය දෙදෙරුම් කෑවේය. (මේ හරහා උතුරේ සටන්වලට මැදිවී මිය යන කුඩා දරුවන් ගැන වුවද තොරතුරු ලැබේ නම් තමා කම්පාවීමට සුදානම් බව කියා සිටියේ දකුණේ ජනතාව තමා තවමත් අවසංවේදීකරණය වී නැති බව පෙන්වීය.)

දිනක් දෙකක් ගතවන විට නිවස අසලින්ම දරුවන් දෙදෙනාගේ නිසල සිරුරු සහ සෙල්ලම් කරමින් සිටි බයිසිකලයද සොයා ගැණුනු අතර මෙය ඉඩම් ආරවුලක් නිසා අසල නිවැසියෙකු සිදුකළ අපරාධයකැයි හෙළිවන්නට පටන් ගත්තේය. Reed more>>>

Wednesday, April 29, 2009

උන්ට ඕවා හුරුයි. කළේම ඕකනේ.......

ශ‍්‍රී ලංකා ද්වීපය භීතියෙන් ඇලලී ගොස්ය. ඒ වූකලී එක් භීතියක් නොව. භීතීන් සමුදායකි. විවිධ පාර්ශව විවිධ ලෙස භීතීයට පත්ව ඇත. ව්‍යාපාරිකයන් ආර්ථික භීතියට හසුවී ඇත. මහජනතාව උද්ධමන භීතියට හසුවී ඇත. ඡන්ද දායකයන් මැතිවරණ භීතියට හසුවී ඇත. එපමණක් නොව අමාත්‍යවරුන් පවා භීතියට හසුවී ඇත. ඒ අමාත්‍යංශ භීතියටයි. (එනම් කරුණා මෙන් තව කීපදෙනෙකු ආවොත් තම අමාත්‍යංශය තෑගි ඔප්පුවකින් ලියා දීමට වන බැවිනි. සමහරවිට ඒ දයා මාස්ටර්ටද විය හැකිය.) තවද මෙහි දරුණුම භීතිය වන මරණ භීතියටද සැලකිය යුතු පිරිසක් ලක්ව සිටිති.

Reed more>>>

Thursday, April 23, 2009

මහා මහින්ද මහ රජතුමා

දේශපාලන ඉතිහාසය දෙස බලන කල පෙනී යන වැදගත් සංධිස්ථානයන් රැසක් පවතී. ඒ අතර මුල් කාලීනව ලෝක දේශපාලනයේ රජුගේ ඒකාධිපති පාලනයත්, ක‍්‍රමයෙන් රජුගේ බලය පල්ලියට යට වීමත්, ඉන්පසුව ආගමෙන් රාජ්‍යය මුදා ගැනීමත්, අවසානයට රජුගේ කෲර පාලනය ප‍්‍රශ්ණ කළ ජනතාව විප්ලවයන් හරහා රටක් තුළ වූ බල පිරමීඩය උඩු යටිකුරු කර ජනතාව රාජ්‍යත්වයේ තැබීමත් හරහා දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා හමාරය.

ඒ වූකලී ලෝක ඉතිහාසයේ මිනිසා විසින් උගත් පාඩම් හරහා මිනිසා ලද ජයග‍්‍රහණයන්ය. නමුත් මේ ජයග‍්‍රහණ ගැන කීමට යමක් ඇත. මේවා සිදුවුනේ යුරෝපයේය. එනම් සුද්දගේ රටේය. මේ අනුව ෂා රජුගේ කෲර පාලනය දුටුවේ සුද්දන්ය. එමනිසා රජු සතුවූ බලය ජනතාව අතට ගත්තේ ඔවුන්ය. වහල් භාවයේ ඇති හිංසනය දුටුවේ සුද්දන්ය. එමනිසා වහල් භාවය අවසන් කළේ ඔවුන්ය. වැඩවසම් ක‍්‍රමයේ දුර්වලතා දුටුවේද සුද්දන්ය.
Related Posts with Thumbnails