
විශ්ව කීර්ති ශ‍්‍රී ත‍්‍රීසිංහලාධීශ්වර (හාමුදුරුවරු දෙන්නාගේ ගරු නාමය) මහින්ද මහරජතුමන් (ප‍්‍රසන්න රණතුංගගේ ගරු නාමය) විසින් ශී‍්‍ර ලංකාවෙන් ත‍්‍රස්තවාදය අතුගා දැමීමෙන් පසු පාර්ලිමේන්තුවේදී සිංහනාදයක් කරන ලදි. එහිදී කියා සිටියේ අපට මෙතෙක් තිබුණේ අභිමානවත් අතීතයක් පමණක් බවත් නමුත් අද සිට අපට අභිමානවත් අනාගතයක්ද පවතින බවත්ය. මෙතකින් නොනැවතුණු මහින්ද නරිඳුන් (ආචාර්්‍ය මර්වින් සිල්වාගේ ගරු නාමය - මර්වින් සිල්වා ආචාර්‍ය යන්න ලියන්නේ ඉහත පරිදිය.) අද සිට ලංකාව තුළ සුළුජාතියක් හෝ මහජාතියක් නැති බව කියා සිටියේය. එසේම අපේ ජනපතිඳාණෝ (ඇතුගලගේ ගරු නාමය) කිවේ අද සිට සිටින්නේ මාතෘ භූමියට ආදරේ කරන පිරිසක් සහ මාතෘ භූමියට ආදරේ නැති පිරිසක් පමණක් බවයි.
No comments:
Post a Comment