Tuesday, December 1, 2009

සැබෑ දේශපේ‍්‍රමියා විමල්ද ???......... ජෙනරාල් ද ???
















වර්ථමාන ශ‍්‍රී ලංකා දේශපාලන වේදිකාවේ ප‍්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනාධිපතිධූරයයි. පොදු අපේක්ෂක ජෙනරාල් ප‍්‍රමුඛ විපක්ෂයේ පක්ෂ වල තර්කය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය බිඳ වැටෙන බවයි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට වගකියන අගමැතිධූරයක් විකල්ප ලෙස දක්වන මේ පිරිස මතුවෙමින් පවතින අත්තනෝමතික ඒකාධිපති ආඥදායකත්වයට එරෙහිව තම ඡන්ද සටන දියත් කර ඇත. මෙය රටක් ලෙස අප සතුටු විය යුතු තත්වයකි. මන්ද, ත‍්‍රස්තවාදය අතුගා දමන්නට උරදුන් හමුදා නායකයා මිලිටරි ආණ්ඩුවක් නොතනා ඒකාධිපතීත්වයද අතුගා දමන්නට උරදී තිබීම නිසාවෙනි.

කෙසේ හෝ මේ මොහොත වන විට විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂයන් වන එජාප ය සහ ජවිපෙ ප‍්‍රමුඛ තවත් පක්ෂ ගණනාවක් එකඟ වී පොදු අපේක්ෂකයෙකු ලෙස ජෙනරාල්ව ඉදිරිපත් කර ඇති අතර ආණ්ඩුව පාර්ශවයෙන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟයට පිවිස සිටී. මේ අනුව යුධ උණුසුම යන්නට පෙර කැඳවූ ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයා ලෙස යුද්ධයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු ඉදිරිපත් කිරීමේ උපක‍්‍රමික ක‍්‍රියාව නිසා ආණ්ඩුව දරුණු ලෙස අපහසුතාවයකට පත්ව තිබීම සුවිශේෂී කරුණකි. මේ නිසා යුධ ජයග‍්‍රහණය දඩමීමා කරගෙන දැවැන්ත ඡන්ද ප‍්‍රතිශතයක් ලබා නොපෙනෙන අනාගතයක් දක්වා රජකම් කරන්නට මහින්ද මැවූ හීනය දැන් දැන් බොඳවන්නට පටන් ගෙන තිබේ. නමුත් ඉන් වැඩිපුරම කුපිත වී ඇත්තේ විමල්, මර්වින්, ඩලස් ආදී වූ අනන්ත අප‍්‍රමාණ ඇමති මණ්ඩලයයි. ඊටද සාධාරණ හේතුවක් ඇත. ඒ ලොක්කාට ලැබෙන්නට තිබූ මස් කුට්ටිය අහිමි වී ගියහොත් තමන්ට සූප්පු කරන්නට කටු නැතිවී යන බව මේ රැල දැන සිටීමයි.

5 comments:

  1. රනිල් ලොක්කාද තමාට කොහෙත්ම නොලැබෙන මස් කුට්ටියට අවසාන මොහොතේ හෝ ලෙවකෑමට බලලුන් ලවා කොස්ඇට බෑවීමේ උත්සාහයක යෙදී ඇත. මස් කුට්ටිය නොලැබුනද කටුවක් හෝ ලෙවකෑමේ ආසාවෙන් මංගලද, මනෝලාද, හකීම්ලාද විලි ලැජ්ජා නැතිව ෆොන්සේකා මහතා සමග එකට මේසයට වාඩිවී සිටී. තමාගේ පක්ෂයේ සිදුවූ කඩාවැටීම ඉවසාගත නොහැකිව ජවිපෙද ආතබූත නැතිව මහින්දගෙන් පලිගැනීමට රනිල්ගේ අම්බලමට ගොඩවී සිටී.
    ෆොන්සේකා මහතාට මම කිසිත් නොකියමි. සැබැවින්ම ඔහු ලංකා ඉතිහාසයේ රන් අකුරින් නම ලියවෙන විරුවෙකි. රනිල් සුපුරුදු පරිදි තමා ගේ නායකත්වය රැකගැනීමේ සහ අනාගත නායකත්වය විනාශකිරීමේ ක්‍රියාවලිය සිදුකරගෙන යයි. මෙවර විශේෂත්වය නම් ඊට SF මෙහෙයුම යනුවෙන් නමක් තබා එලිපිටම සිදුකිරීමයි

    ReplyDelete
  2. හොද විහිලු කතාවක්....
    ස්තුතියි උදෙන්ම හිනැස්සුවට....

    ReplyDelete
  3. ane ne ninu. hebei mama vimalta nemei.

    ReplyDelete

Related Posts with Thumbnails