මම,
යුධ හමුදා සෙබළියන් දූෂණය කර නැත.
යුධ හමුදා සෙබළියන් දූෂණය කර නැත.
තම බිරිඳට පිසූ සර්පයෙකුගේ සෙවළ රස කරන්නට බලකර නැත.
කෝකියාට බිත්තර ආප්පයකින් දමා ගැසුවේද නැත.
කරණවෑමියාගේ කණ කැපුවේද නැත.
නමුත් මම සරත්ය.
තිරය පිටුපසින් තටමමින් මෙන් රැව්දෙන හඬට නොගැලපෙමින් බට්ටා පනිමින් ඉදිරියට එන, ප‍්‍රධාන නළුවාගේ යැයි සිතිය හැකි මට්ටමේ රූපයකි. ගැලරියේ පුටුවට බරදී හරි බැරි ගැසී වාඩි වූ පේ‍්‍රක්ෂකයා තොල කට ලෙවකා මේ ‘‘වැඩිහිටියන්ට පමණයි’’ යනුවෙන් දමා තිබූ චිත‍්‍රපටයට වියදම් කළ මුදලින් උපරිම තෘප්තියක් ගන්නට සිතා ගත්තේය. ගිනි දැල් මැදින් කෝට් එකකුත් දමාගත් නීතීඥයෙක් (ධර්මරාජයේදී හෝ ආනන්දයේදී කිසි දිනෙක ආචාර පෙළපාලියේවත් ගියා යැයි සිතිය නොහැකි ගමනකින්) වේදිකාව වෙත පිවිසෙයි. (අදුරු පසුබිම නිසා පේ‍්‍රක්ෂකයා තම මුවඟට ආ සිනහව මුළුමනින්ම පිටකර දැමුවේ කාටත් නොපෙනෙන බව දන්නා නිසාය.)
මේ සරත් පිටුපස ඇවිලෙන ගිනිදැල් අන් කිසිවක් නොව (කොහෙත්ම යුධ ගිනිදැල් නොව) ෆීලික්ස් පෙරේරා හොරෙන් ඉස්සූ හරක් නිසා මිනිසුන් දැමූ නඩු වල ගිනි දැල් බව වම් අත පැත්තේ පුටුවේ සිටින පේ‍්‍රක්ෂකයා තමන්ගේ හිතවතාට/හිතවතියට විස්තර කරනු අප පේ‍්‍රක්ෂකයාගේ කණ වැකෙයි. ෆීලික්ස් පෙරේරා බේරාගත් නීතීඥයාට එම ගිනි දැල්වල අයිතිය ඇති නිසා හිතහදාගන්නා අප පේ‍්‍රක්ෂකයාට එසැනින් මතුවන ගැටළුව වන්නේ හරකෙක්ගේ මුහුණක් වෙනුවට පිටුපසින් සිංහයෙකුගේ මුහුණක් දිස්වීමයි. ඉදිරි අසුනේ සිටි කොලූ රෑනෙන් එකෙක් චිත‍්‍රපට ශාලාව දෙවනත් කරමින් විසිල් එකක් පිම්ඹේය. ‘‘සිංහයෙක් වගේ කේප්ප හරකෙක් නේද අන්කල්’’ ඒ කොලූවාගේ දැනුමේ තරමයැයි අප පේ‍්‍රක්ෂකයා හිත හදාගනී.
තිරය පිටුපසින් බිරිඳ පිළිබඳ යම් දෙයක් කියනු පේ‍්‍රක්ෂකයාට ඇසෙයි. ඔහු තම අසුනට එහා අසුනේ වාඩිවී සිටින තම බිරිඳගේ වූද, දැනටමත් තම අතමත තබාගෙන උණුසුම් කරමින් සිටින්නා වූද සිනිඳු අත ටිකක් තදින් මිරිකයි. ඒ ක්ෂණයෙන්ම මේ අසුනේම හිඳ මීට වසර 4කට පෙර තම පෙම්වතිය සමග ‘‘සළුපට අහසට’’ බැලූ දිනයට දිව ගිය සිත යළි ස්ථානගත කර ගනී. ඌයි අනේ..........ඔයාට මොකක්ද මතක් වුණේ.... (උත්තරය කට කොනටම ගෙන නැවත ගිලින පේ‍්‍රක්ෂකයා අඳුරේම තම නලලට අල්ලෙන් ගසාගෙන ‘‘තව ඩිංගෙන් කට වරදිනවා.’’ කියා හිතින් කියා ගත්තේය.)
මේ ක‍්‍රියාව නිසා තිරයෙන් ඇස් ඉවත් කරගන්නා පේ‍්‍රක්ෂකයාට නොපෙනී සරත්ගේ මුහුණේද පොඩි කොමළ හිනාවක් මැවෙන්නේ කටුගස්තොට රූගත කිරීම් අතරතුර ගඟ පැත්තට උස්සන් ගිය තිස්ස අබේසේකරගේ බිරිඳ වූ සුවිනීතා අබේසේකරගේ (පසුව කෝන්ගහගේ) මිරිකූ තැන් මතක් වීමෙන්ය. නමුත් පේ‍්‍රමයෙන් මුසපත් වී සිටින අප පේ‍්‍රක්ෂකයාට මෙය පෙනෙන්නේ නැත.
තවත් අඩි දෙක තුනක් ඉදිරියට එන අතර මගදී රෙදි ගැලවී යන ඔහු නැවත ශාන්තිනී අතින් මසා දෙන සුදු රෙද්දෙන් විලිවසා ගෙන විත් අපේ පේ‍්‍රක්ෂකයා අභිමුවේ හිටගනී. ස්ත‍්‍රී දූෂණ, බිරිඳගේ කතාන්දර වැනි වැඩිහිටියන්ට පමණයි චිත‍්‍රපටයේ දසුන් හරහා ෆෝම් වන අප පේ‍්‍රක්ෂකයා තම අසුනෙන් නැගිට ටිකට් දෙකක් ගත්තේ අපරාදෙ යැයි සිතමින් ඉඩ ලද සැනින් දකුණු පස අසුනේ සිටින තම බිරිඳ සමග සිප වැළඳගෙන ඔවුන්ගේ ලෝකයක ගොස් අතරමං වෙයි. එබැවින් අප පේ‍්‍රක්ෂකයාගේ කන් වලට නෑසෙන මේ සරත්ගේ සැබෑ පාපොච්චාරණය මෙසේ තිරය මත දිග හැරෙයි.
මම,
කුරිරු ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත්තේ නැත.

මගේ ජීවිතෙන් වසර 40ක් රට වෙනුවෙන් කැපකර නැත.
අර සරත් යුද්ධය අවසන් කරන තුරු මම වැඩිය නුවර ටවුමටවත් ගියේ නැත.
රට වෙනුවෙන් මම මැරී ඉපදුනේද නැත.
අර සරත් ඉලක්ක කර බෝම්බ ගැසුවද මම රතිඤ්ඤයක් පුපුරණ තැනකවත් ළඟදී සිට නැත.
අනික මට බෝම්භ ගසන්නට තරම් ප‍්‍රභාකරන්ට ඔල්මාදයක්ද නැත.
එක පාරක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය මට නුවර එජාප ඡන්ද කඩන්නට හැකියාවක්
නැත.
නැත.
එසේම මම කිසිඳු ඡන්දයක් බලාපොරොත්තු වන්නේද නැත.
අඩුම ගානේ මගේ බිරිඳවත් (සුවිනීතා නොව ශාන්තිනීය) මට ඡන්දය දෙන්නේත් නැත.
ඇය පමණක් නොව මමවත් මට ඡන්දය දාගන්නේ නැත.
ඒ මන්ද යත් මාව මිලට ගත් පර්සිට මම ද්‍රෝහි වන්නේ නැත.
ද්‍රෝහි වුනොත් මගේ උපදේශක කම පමණක් නොව ජීවිතයවත් ඉතුරු වන්නේද නැත.
ඒ නිසා මට කරන්නට දෙයක්ද නැත.
එහෙත් මමත් සරත්ය.
.
ela ela.. me mee harakek,
ReplyDeleteඔව් සහෝදරයා මේ විහිළු කාරයන් පාවිච්චි කරන මහින්ද තමන්ගේ රටේ ජනතාව ගැන හිතන විදිහ තමයි මේකෙන් පේන්නේ.
ReplyDeleteමමත් මේ දැන්වීම දැක්කා. (මගේ මතය ඔය ප්‍රධාන පාර්ශ්ව 2ටම අයත් නැති උනත්) මේවා දැක්කාම නම් කළකිරෙනවා. රට පාලනය කරන අය මෙච්චර ජෝකර්ල වෙන්නෙ ඇයි කියලා හිතෙනවා.
ReplyDeleteහොඳ අර්ථදැක්වීමක්. ලංකාවේ ඉන්නේ මෝඩයන් කියල මුන් හිතනවා ඇති මේ වගේ ගොන් දැන්වීම් පලකරන්නේ මුන්ගේ ගොං කම රටටම හෙලි කොරන්නටය.
ReplyDeleteඅනුංගෙ පහනෙන් එළිය බලන්න හදන චාටර් ඩයල් එකක්..
ReplyDelete@ gayantha,wathman,indare
ReplyDeleteඔබ හරි, මහින්ද හිතනවා සරත් කියලා මෙයාගෙ නම ඡන්ද කොලේ තිබ්බම මිනිස්සු කීපදෙනෙක් හරි හරියට පේන්නෙ නැතුව හදිස්සියට එහෙම මේ සරත්ට ඡන්දය දෙයි කියලා. අනික සරත් කෝන්ගහගේට කුරුල්ලෙක්ගේ ළකුණක් දාන්නත් අයියලා මල්ලිලා ටික ලොකු ගේමක් දුන්නා. මෙයාලා මේ හරහා පෙන්නන්නේ රටේ මිනිස්සු හරක් කියලා ඔවුන් තුළ තිබෙන උපකල්පනයයි. ඒත් සරත් කෝන්ගහගේ ඡන්ද ගාන දැක්කම එයාලට රටේ මිනිස්සුන්ගේ බුද්ධිමත් භාවය තේරෙයි.
අනික මගේ අදහස නම් යම් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයකදී ඡන්දය ඉල්ලන්නේ තමන්ට ජය ලබාගෙන රට පාලනය කිරීමේ අරමුණින්ය. එනිසා දැන් ඉන්න රොත්ත වගේ (වාමාංශික අපේක්ෂකයන් ගැන මින් බිඳක්වත් කියවෙන්නේ නැත.) එක අපේක්ෂයෙක්ගේ කුලී අපෙක්ෂකයන් වීම වලක්වන්න විධිවිධාන ඕනේ. අඩුම ගානේ තමන් ඡන්දෙ ඉල්ලන ගමන් වෙන අපේක්ෂකයෙක් වෙනුවෙන් කඬේ යනවා වගේ සාක්ෂි සහිතව ඔප්පු කරන්න පුළුවං නම් ඒකට ක‍්‍රියාමාර්ග ගන්න කොමසාරිස්ටවත් පුළුවං වෙන්න ඕනේ. ඒ වගේම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් නැතිව ඡන්දෙට එන්න දෙන්නත් හොඳ නෑ.
මම මේ කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දෙයක් නෙමෙයි. ඒක රටේ ජනතාවගේ ආරක්ෂාවටමයි හොඳ. එතකොට සරත් කියන නම තියෙන හින්දම විතරක් ආපු කෝන්ගහගේලා වගේම අනික් කුලී කාරයොත් එන එක නවත්තන්න පුළුවං. ඒකෙන් මහින්දගේම මුදලින් ඇප මුදලූත් තැන්පත් කළ මේ රොත්තගේ නම් ලියන්න දිගු කළ යුතු කොළේට යන මුදලවත් ඉතුරු වෙයිනේ.
හෂාන් මට නම් මෙ මිනිස්සුන්ව විස්වාස නැහැ. මෙ ගොන් යක්කු කිසි දෙයක් කල්පනා කරන්නෙ නැතුව චන්දෙ දෙන්නෙ. හැබැයි තරුණයො ටිකක් විස්වාසයි.
ReplyDeleteරවා,
ReplyDeleteමමත් ඔබට එකග වෙනවා. ඔබගේ ඔය වචන දෙක තුන තුළ ලොකු අදහසක් අන්තර්ගත වෙලා තියෙනවා. මොකද ලංකාව වගේ රටවල්වල මිනිස්සු ඡන්දය දෙද්දි තීරණාත්මක සාධකය කරගන්නේ මහ අමුතු දේවල්. ඒත් දේශපාලනඥයන් විසින් කළ යුත්තේ මේ දේවල් ගැන ජනතාව දැනුවත් කරලා ඔවුන් දේශපාලනික වශයෙන් දැනුවත් පුරවැසියන් විදිහට හදන්න ඕනේ. ඒත් ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් ඒක කරන්නෑ. මොකද ඔවුන් දන්නවා මිනිස්සු දැනුවත් නෑ කියලා. දැනුවත් වුනොත් ඒක තමන්ටම හිසරදයක් වෙනවා කියලත් ඔවුන් දන්නවා. එතකොට ප‍්‍රතිපත්ති, විධායක බලය, දේශපාලන විසඳුම් ආදිය ගැන කතා කරන්න එනවානේ. ඒවා තමන්වත් නොදන්නා කොට ජනතාවට උත්තර දෙන්න බැරි බවත් ඔවුන් දන්නවා. ඒ නිසා මේ විදිහට මෝඩ චූන් දිදී ඉන්න පුළුවං විදිහට ජනතාව තියාගත්තාම තමන්ටත් ලේසියි. ඒ නිසයි ජනතාව මේ තත්වයට පත් කරලා තියෙන්නේ.
ඉතිං එහෙම තියාගෙන ඉන්න ජනතාවගේ තරම ගැන ඔවුන් තුළ තියෙන ගණනය කිරීම පෙන්නන්නේ සරත් කෝන්ගහගේ වැන්නෙක් හරහා ඡන්ද කඩන්නට උත්සහ ගනිමින්. සිවාජිලිංගම් වැන්නේක් යොදා දෙමළ ඡන්ද කඩන්නට උත්සහ ගැනීම ආදිය හරහාය. මම නං හිතන්නේ මිනිස්සු මහින්දව පරාජය කළ යුත්තේ මේ කාලකන්නි වැඩ හින්දමයි කියලයි.
"ඒත් දේශපාලනඥයන් විසින් කළ යුත්තේ මේ දේවල් ගැන ජනතාව දැනුවත් කරලා ඔවුන් දේශපාලනික වශයෙන් දැනුවත් පුරවැසියන් විදිහට හදන්න ඕනේ. ඒත් ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් ඒක කරන්නෑ..........."
ReplyDeleteමේකට සම්පුර්ණයෙන් එගකගයි