ජනාධිපතිවරණය නිමවී සතියකුත් ඉක්මගොස් හමාරය. නමුත් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා නියෝජනය කරන බල කඳවුරු දෙකම තවමත් උණුසුම්ව පවතී. ඉන් පරාජිත පිළ නියෝජනය කරන ජෙනරාල්, එජාප, ජවිපෙ, මුකො සහ ද්‍රවිඩ ජාතික සංධානය මැතිවරණ ප‍්‍රතිඵල දූෂිතයැයි කියමින් දිගින් දිගටම එය ප‍්‍රතික්ෂේප කරමින් පරාජයේ වේදනාව ඉවතලීමට උත්සහ ගනිති. ජයග‍්‍රාහී පිළ නියෝජනය කරන මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩු පාර්ශවය ජයපැන් බීමට එහා ගොස් මැතිවරණ සමයේ තමා බියගැන්වීමට උපකාර කළායැයි සිතන සියලූම දෙනාගෙන් පළිගැනීමේ ක‍්‍රියාවලියකට පෙළඹී ඇත. මේ අප බැලූ බැල්මට දකින මැතිවරණයේ ජය පරාජයයි. අඩව්ව අද උත්සහ ගන්නේ මේ මැතිවරණ ප‍්‍රතිඵල තුළ සැඟවුණු සැබෑ ජය පරාජය නිශ්චය කර ගැනීමටයි.
තරඟයක් යනු ජය පරාජය යන අන්තයන් දෙකම එකට රැගෙන එන සංසිද්ධියකි. එබැවින් එක් පාර්ශවයක් ජය ලබන තැන ප‍්‍රතිවාදියාට අයත් වන්නේ අවාසනාවන්ත පරාජයකි. ඒ මේ ආකාරයේ තරඟයක් දෙස පටු ඇසකින් බලන්නේකුට නිරීක්ෂණය කළ හැකි ප‍්‍රතිඵලයන් වන්නේය. (ජයග‍්‍රහණයෙන් උමතුවී ශබ්දය වැඩිවූ විමල් හා පරාජයෙන් බියවී ශබ්දය බාලවූ ලාල් කාන්ත යනු මීට ජීවමාන නිදසුන්ය.) නමුත් අඩව්වේ අප මෙය දකින්නේ මීට එහා ගිය පුළුල් අර්ථයකිනි. එනම් මේ තරඟය පැවැත්වුණේ ජෙනරාල් හා මහින්ද අතර නොව, ජනතාව හා පාලකයා අතරය. එක් වරම මෙය ඇසූ ඔබේ මුවඟට සිනහවක් මතුවූවාය කියා අප ඔබ සමග උරණ වන්නේ නැත. මන්ද මෙය තරමක් විග‍්‍රහ කර වටහාගත යුත්තක් බැවිනි.
අප පෙර කී පරිදි මෙය ජෙනරාල් සහ මහින්ද අතර පැවති තරඟයක් වන්නේ පටු අර්ථයෙන් බලන කල්හී පමණි. එනම් පසුගිය 26 වෙනිදා පැවති ජනාධිපතිවරණය යන විචල්‍යය ස්වායත්තව ගෙන බලන කල්හීය. නමුත් එම මැතිවරණය ඉන් පෙර හා ඉන් පසු මැතිවරණ සමගත්, ශ‍්‍රී ලංකාවෙන් පිටතට ගොස් ලෝකයේ මැතිවරණ සමගත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිවූ දා සිට පැවැත්වී මැතිවරණ සමගත්, ග‍්‍රීකයින් අත උස්සා ඡන්දය භාවිතා කළ ඇතෑන්සයේ මැතිවරණ සමගත් එකට ගෙන නායකත්වය උදෙසා පැවැත්වූ තරඟයක් ලෙස බලන කල්හී මේ වූ කලී හුදෙක් මහින්දට හා ජෙනරාල්ට දවසක් තුළ ඉලක්කම් හරඹයකින් බෙදාගත හැක්කක් නොවන බව ඔබට වැටහෙනු ඇත. ඒ අනුව එය නොපෙනෙන අතීතයක සිට පැවත එන හා නොපෙනෙනා අනාගතයක් දක්වා සිදුවන ක‍්‍රියාවලියක එක් ඉතා කුඩා සිදුවීමක් පමණක් වේ. ඒ අනුව පුළුල් අර්ථයෙන් ගත් කළ මෙය මහින්ද හා ජෙනරාල් අතර තරඟයක් නොවන බව පැහැදිලිය. නමුත් මෙය ජනතාව හා පාලකයා අතර තරඟයක් වන්නේ කෙසේදැයි තව දුරටත් විග‍්‍රහ කරගත යුතු වන්නේය.
වැඩවසම් යුගයට පෙර නායකයා තෝරාගත්තේ ශක්තිය උරගා බැලීමෙන්ය. වැඩවසම් යුගයේදී එය කුල ක‍්‍රමය මත පදනම්ව පාරම්පරික උරුමය තුළින් නායකත්වයට පත්වීමක් බවට පත්විය. පෙර පැවති ශක්තිය උරගා බැලීමට සාපේක්ෂව මේ ක‍්‍රමය සාමකාමී යැයි ජනතාව සිතුවද පාලකයා සිටියේ කිසිවෙකුට අතපෙවිය නොහැකි තරමේ උසකිනි. මේ අතර ආගමික සංස්ථාව මෙයට මැදිහත් වන අතර ඒ හරහා අසහාය පාලකයා ප‍්‍රශ්ණ කිරීමට හැකි තරමේ ඉඩකඩක් (ජනතාවට නැතත්)දෙවියන් වහන්සේට විවර වේ. මෙය ජනතාව හා පාලකයා අතර තරඟයේදී ජනතාව ලද ප‍්‍රථම ජයග‍්‍රහණයයි. එය සමාන කළ හැක්කේ අළුතින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි රටක් දැවැන්ත කණ්ඩායමකට අභියෝගයක් වන තරමේ ළකුණු ප‍්‍රමාණයක් රැස්කිරීමටය. ඒ තුළ ජයග‍්‍රහණය කළේ නැතත් ප‍්‍රබලයා තැතිගැන්මකට ලක්වේ. මෙසේ ජයග‍්‍රහණයේ සුවඳ දැනගත් ජනතාව ආඥදායකත්වයේ පීඩනය දරාගත නොහැකිව ප‍්‍රංශයේ ලූවී රජු හා රුසියාව සාර් රජු වැන්නන් අමුඅමුවේ මරාදමා සෙවූ නිදහසේ ප‍්‍රතිඵලය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එනම් සමස්ථ ජනතාව පිළිබඳවම තනි පුද්ගලයෙක් තීරණ ගන්නවා වෙනුවට බහුතරයේ කැමැත්ත මත ක‍්‍රියාකිරීම යන්නයි. අද වන විට මෙම න්‍යායික සිද්ධාන්තය විවිධ වූ ප‍්‍රමාණයන්ගෙන් ප‍්‍රායෝගිකත්වයට නැගෙන පාලනයන් ලොව පුරා පවතී.
ඒ අනුව පැහැදිලි වන්නේ ජනතාව හා පාලකයා අතර තරඟයේ විවිධ අවධි වලදී ජනතාව ලද ජයග‍්‍රහණ හරහා අද ලොව පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිව ඇති බවයි. එසේම ඒ හරහා නොකියා කියැවෙන දෙය වන්නේ අනාගතයේදී ජනතාව දිනාගන්නා දේවල් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතිහාසයට එක්කරමින් දියුණු පාලන ක‍්‍රමයක් සොයාගන්නා බවයි. තත්වය එසේ නම් අප දැන් ශ‍්‍රී ලංකාව දෙසට හැරී බලමු. චීනය වෙනිසියුලාවෙ මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමකින් වැසුණු ඒකාධිපතියෙක් නැතත් ශ‍්‍රී ලංකාවත් සුදු හුණු ගෑ කළු බළලෙක් බව අමතක නොකළ යුතුය. මන්ද 1978 ව්‍යවස්ථාව යනු ප‍්‍රජාතන්ත‍්‍රීය මුහුණුවරක් ගත් ඒකාධිපති ආඥදායකත්වයක් ගැබ්වූ විධායක ජනාධිපති ක‍්‍රමයේ ත‍්‍රිපිටකයයි. 1977 දී ජේ.ආර් ලද 5/6ක නාහෙට නාහන බලයේ නාමයෙන් බිහිවූ 78 ව්‍යවස්ථාව ඒකාධිපතියෙක් බිහිකළද අඩව්වේ අප දක්නා පරිදි ඒ තුළද ජනතාව පරාජය වී නැත. මන්ද එතෙක් ජනතාවට හිමි නොවූ මූලික අයිතිවාසිකම් හා උපරිමාධිකරණයේ ආරක්ෂාව ඒ තුළින් ජනතාවට දායාද විය. නමුත් මෙය ඒකාධිපති ව්‍යවස්ථාවක් යැයි කීම අප කිසිසේත්ම බැහැර කරන්නේ නැත. එබැවින් ජනතාව දැන් ඉතිං මොනවා කරන්නද කියා සිටියේ නම් අද වන විට ශ‍්‍රී ලංකාවේද ජුලියස් සීසර් වැන්නෙක් රාජ්‍යය විචාරනු ඇත. නමුත් එයට ඉඩ නොතබා අවධියෙන් සිටි ජනතාව මධ්‍යගත පාලනයක් සහිත ඒකාධිපති ව්‍යවස්ථාවේ අනවශ්‍ය බලතල දියකර හැරීමට තරම් ධෛර්‍යවන්ත වූහ. ඒ අනුව 1987 ඉන්දු ලංකා ගිවිසුම ප‍්‍රකාරව 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් 2001 දී ගෙනා කොමිෂන් සභා සහිත 17 වන ව්‍යවස්ථා සංශෝධනයත් ජනතා ජයග‍්‍රහණයන් විය. මේ තුළින් වරම් ලද ඒකාධිපතියෙක් බිහිවීම වලක්වා ඊට එරෙහිව නැගී සිටීමට සදාචාරාත්මක වූත් නීත්‍යානුකූල වූත් අයිතිය ජනතාව වෙත පවරා ගන්නා ලදි. අප මෙහිදී සිහියට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙය මැතිවරණයක් තුළින් නොව ජනතාවගේ සක‍්‍රීය මැදිහත්වීම තුළින් ලබාගත් ජයග‍්‍රහණ වන බවයි.
අප දැන් විමසා බලමු මෙවර මැතිවරණය තුළින් ජනතාව ජය ලැබුවේ කෙසේද කියා. සැබෑවටම මෙවර මැතිවරණ වේදිකාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, 17 හා 13, දූෂණය - වංචාව වැනි මාතෘකා බඩුමිල, ජීවන වියදම සමග කරට කර නැගී සිටියේය. එය ශ‍්‍රී ලංකාවේ ජනතාව ලද දැවැන්ත ජයග‍්‍රහණයකි. මන්ද තහඩු, උළු, පොත්පත්, බෙදා ඡන්දය ලබාගැනීමට පෙළඹුණු දේශපාලනඥයන් මේ තත්වයට වෙනස් කරගැනීමට හැකිව ඇත්තේ ජනතාවයට. එබැවින් බත් පැකට් එකට හා අරක්කු කාලට ඡන්දය කළ කාලය අවසන් වන ළකුණු පහළ වී ඇත. අනෙක් අතට ප‍්‍රභාකරන්ට පින්සිද්ධ වෙන්න මැතිවරණ දිනූ කාලයත් අවසන්ව ඇත. මේ සියල්ල මෙවර ජනාධිපතිවරණය හරහා ජනතාව ලද ජයග‍්‍රහණයන් ලෙස දැක්විය හැකිය. නමුත් විශේෂ අවධානයක් යොමු නොකර බැරි කාරණයක්ද තිබේ. එනම් මැතිවරණයෙන් පසු ආණ්ඩු පාර්ශවය ගෙන යන දැවැන්ත මර්ධනකාරී ක‍්‍රියාපිළිවෙලයි. මැතිවරණයත් තුළ මාධ්‍ය නිදහස ගැන කතා කළ මහින්ද රාජපක්ෂ ප‍්‍රගීත්ගේ අතුරුදහන්වීම ගැන හෝ චන්දනගේ අත්අඩංගුවට ගැනීම ගැන කතා නොකරයි. යුධ ජයග‍්‍රහණයත් සමග දේවත්වයේලා සැලකූ හමුදා නිලධාරීන් 14 ක් අනිවාර්‍ය විශ‍්‍රාම යැවීම හා නිලධාරීන් 40ක් ස්ථාන මාරුකිරීම් ගැන හා හූවක් වත් නැත. ලංකා පත්තරයට සීල් තැබීම, ලංකා ඊ නිව්ස් හා ලංකා ටෲත් පුවත් අඩවි වසා දැමීම ගැන දන්නා බවක්වත් පෙන්නන්නේ නැත. විපක්ෂ අපේක්ෂකයාගේ ආරක්ෂාව මුළුමනින්ම ඉවත් කරන්නේ ප‍්‍රභාකරන් මරා රට බේරාගත් හමුදාපතිවරයා යන්න නොදන්නා ලෙසය. කරූ ජයසූරිය හා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂාව බින්දුවට දමන්නේ උන්ව මොකට ආරක්ෂා කරනවාද සිතාය. අනෙක් අතට ජැක්සන් ඇන්තනී රූපවාහිනියටත් රේණුකා චිත‍්‍රපට සංස්ථාවටත් සභාපතිවරුන් වී පත්වීමට නියමිතය. තවත් සංස්ථා සභාපතිවරු විශාල ප‍්‍රමාණයක් ඉල්ලා අස්වීමට සලස්වා ඇත. ඒවායින් පුද ලැබීමට මාලනී ෆොන්සේකා, ශ‍්‍රියන්ත මෙන්ඩිස් වැන්නන් සූදානම්ව සිටිති. මේ මොහොත වන විට රටේ උද්ගතව ඇති තත්වය මෙයයි.
දැන් අප බැලිය යුත්තේ මෙවන් ප‍්‍රතිඵල බිහිකළ මෙම මැතිවරණය ජනතාවට ජයක් ලබා දුන්නාද කියාය. සත්‍යය තත්වය නම් මෙහිදී ජනතාව පරාජය වී ඇත යන්නයි. මන්ද ජනතාව ජය ලැබුවේ නම් ඉහත ආකාරයේ ආඥදායකත්වයක් නැවතත් ඇතිවිය නොහැකිය. එනිසා දැන් ජනතාව තේරුම් ගත යුතු දෙය වන්නේ ග‍්‍රීක යුගයේ සිට මුතුන් මිත්තන් ජයලබා ගනිමින් තමන් වෙත උරුම කරදුන් ජනතාවාදී දේශපාලනයට මෙවර මරු පහරක් එල්ල වූයේය යන්නයි. නමුත් එසේයැයි කියා දෑත් හිස මත බැඳ 2015 වන තුරු බලා සිටිය යුතු නැත. සැබෑ පුරවැසියා යනු පාලකයන්ගේ ක‍්‍රියාකලාපය නිතර ප‍්‍රශ්ණ කරමින් රාජ්‍යය නිවැරදි මගකට ගන්නාය. ඒ සඳහා ඔහුට යුතුකමක් නොව වගකීමක් පවතින්නේය. එනිසා සමස්ථ ජනතාවටම (මහින්දට ඡන්දය දුන් ජනතාවට පවා) අඩව්ව මේ ආරාධනා කරන්නේ අපේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න, පෙරට එන්න, නැගී සිටින්න, බිය නොවන්න කියාය. මිනිසුනේ ‘‘නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා’’

.
Well said.I think now MR will act like a dictator.Also his ministers have started interprite this victory as they like.Ex Milroy Perera has said yesterday thad people have approved the presidents dicision giving prsidentiol pardon for his wife MONICA who was in prison for murder charges.
ReplyDelete@හෂාන්
ReplyDeleteදිගු නිහැඩියාවකට පසු ඔබගේ ආගමනය .... බොහො සෙයින් වටි ....
ඔබ නිවැරදියි. මේ තත්වයත් එක්ක මහින්ද යථාර්තවත් කරනවා ඉඩි අමීන් ගැන කලිං පෙන්නපු දේවල්. එ් වගේම මහින්ද දෙමළ ජාතික සන්ධානයටත් ආරාධනා කරලාලූ. එයාලා එකතු වුණොත් සම්බන්ධන්ට දින දහයෙන් දේශපේ‍්‍රමියෙක් වෙන්න චාන්ස් එකකුත් ලැබෙනවා.
ReplyDeleteකැන්ඩි,
ReplyDeleteස්තූතියි. ඇත්තටම අඩව්ව ලියන්න ටික දිනක් පුළුවං කමක් තිබුණේ නෑ. පෞද්ගලික අවශ්‍යතාවයකට ටික දිනක් දුරකට යන්න වුණා. එ්ත් ලියන්න නොලැබීම ගැනත් ටිකක් දුකක් හිතුනා. දැන් හරි අපි ඉදිරියට දිගටම හමුවෙමු.
17 වන සංශෝධනයට කලින් සංශෝධන වලදී පාර්ලිමේන්තුවෙ විපක්ෂය විදියට කොච්චර මන්ත්‍රීල ගානක් හිටියද ? (විශේෂයෙන් 13 වන සංශෝධනය සම්මත කරපු හැටි සහ ඒකට විරුද්ධව කී දෙනාද ඡන්දෙ දෙන්න හිටියෙ)
ReplyDeleteමට මතක් උනා බොබ් මාලේ ගායනා කරපු "Get Up, Stand Up" ගීතය. පරාජයට වඩා දරැණු "පැරදවීමකට" අප ලක්ව සිටින බව දකින්නට තිබෙනවා. අප නැගී සිටිමු. අපේ අයීතීන් වෙනුවෙන්.
ReplyDeleteතරූ,
ReplyDeleteඔබ හරි. ඔබ අප සහ බොහෝ දෙනෙක් මෙම පැරදවීම ගැන සවිඥනිකයි. ඔබේ වචනයට අප ස්තූති කරන්නට කැමතියි. සැබෑ ලෙසම මෙය පැරැද්දවීමක්. එ් වගේම තරූ එ් හරහා ඔවුන් කළ ලොකුම වැරැද්ද ජෙනරාල්ව පරද්දපු එක නෙමෙයි. විකල්ප මතයක් දරන්නට තරම් ශක්තියක් සිත්හී තිබූ ජනතාව අද දේශපාලනයෙන් ඈත් වෙලා. එ්කයි ලොකුම වැරැුද්ද. අපේ යුතුකම තමයි ජනතාව මේ නින්දෙන් අවදිකරන එක. ඔබත් අපත් එ්කට දායක වෙන එක අපේ යුතුකමක් නොව වගකීමක් ලෙස සිතිය යුතුයි.
@ ANY 2,
ReplyDeleteඔබ කියන දේ පැහැදිලි මදි. ඔබ අසන්නේ 13 ගේන වෙලාවේ විපක්ෂයේ බලපෑම ගැනද?
මා කියන්නෙ ජනතා මතය පගා දමා විපක්ෂය මර්ධනය කර හිරේ දමා සම්මත කර ගත් ව්‍යවස්ථා සංශෝධනය
ReplyDelete13 වන සංශෝධනය විරුද්ධව 11 යි(ජවිපෙ,ශ්‍රීලනිප කොපමණ විරුද්ධ වුනත්)
මහින්දට මේ ජනාධිපතිවරණය තියන්න හම්බවුන 3 වන සංශෝධනයට විරුද්ධව 1 ඡන්දයයි
මේ එක සංශෝධනයක් වත් ජනතාවට හිතකර වුනාද ?
නැහැ කිසිසේත්ම නැහැ. අවුරුදු දෙකකට කලිං ඡන්දයට යන්න ජේ.ආර් හදාගත්ත සංශෝධනය දිහා බැලූවම පේනවා එ්වා ඇතුළේ ගැබ්වෙලා තියෙන කපටිකම හා ආත්මාර්ථකාමීත්වය.
ReplyDeleteහෂාන් ජෙනරල් පරාද නැහැ... රටයි පරාද, මිනිස්සුයි පරාදවුනෙ. මිනිස්සු ගොඩක් දෙනා ඉස්සල්ලා කරපු දෙ වලට වන්දි ගෙව්වා. මිනි 12, 13 ක් එන එක ඉවසගන්න බැරිවුන මිනිස්සු කිපදෙනෙක් හින්දා ලක්ෂ ගනන් මල කඳන් දකුනට ආවා. තුවාලෙ වවාගෙන කාපු එක තමයි හැම දෙශපාලුවම කරෙ. රටෙ මිනිස්සුන්ට ඇත්ත බොරුව මොකද්ද කියලා හිතාගන්න බැරි තරමටම බොරුව රජ කෙරෙව්වා. මුලු ජාතියම නොමග ඇරපු ජාතික රුපවහිණියයි, අයි.ටි.එන් එකයි තවමත් ජාතිය මුලා කරනවා. මෙ මිනිස්සු නැගිටින්නෙ නැහැ. එක අනිවා. මෙ මිනිස්සුන්ට නැගිටින්න ඔනත් නැහැ. හැබැයි වෙයි දෙයක්, නැගිටින්න හදන මිනිස්සු ඔක්කොම අඩි 6 යට නිදාගන්න සිද්ද වෙයි. ප්‍රගීත් එක්නැළිගොඩ මහතා ගැනත් මතක් කරන්න ඔනා. ජාතික රුපවහිනියෙ ඉඩි අමින්ගෙ වැඩ පෙන්නුවෙ දිනලා ඉවර වෙලා එ ටික කරන්නද කොහෙද? නින්දිත බව වැටහුනා නමුත් මෙතරම්, අනිත් එක ගොටාබය මහත්තයා බ්.බ්.සි යට කතා කරපු හැටි, තරහහෙන් පුපුර පුපුර. ඉඩි අමින් ජාත්‍යන්තර මාධ්‍යවලට කතා කරද්දිත් එයත් කිව්වෙ කිසිම පරික්ෂනයකට ඉඩ දෙන්නෙ නැහැ කියලා තමයි. මිනිස්සු මෙතරම් අන්ධ ද එ අන්ධ මිනිස්සුන්ටද අයිතිය සදහා තරග වදින්න එන්න කියන්නෙ.
ReplyDeleteඔබ හරි රවා. එ්ත් තත්වය මෙහෙමයි කියලා කටවහගෙන ඉන්න අපිට පුළුවං කමක් නෑ. අපි පුළුවං ප‍්‍රමාණයෙන් මෙයට දායක වෙන්න ඕනේ. නැත්තං අපි විතරක් නෙමෙයි මේ රටම විනාශ වෙයි අපේ ඇස් ඉදිරිපිට. එ්කට ඉඩ තියන්න බෑ. මේ ප‍්‍රතිඵලය අපි තියා මහින්දවත් බලාපොරොත්තු නූන එකක්. එ්කට හේතු ගොඩක් තියෙනවා. අපි එ්වත් දන්න නිසයි තත්වය ගොඩක් දරුණුයි කියලා කියන්නේ.
ReplyDeleteඔබේ දායකත්වය ගොඩක් වටිනවා.2005න් පසු ආරම්භ වූ අධිපතිවාදී නැඹුරුවක් සහිත ගමන අද වන විට නොසලකා නොහල හැකි විදිහට භයානක එකක් වෙමින් තිබෙනවා.රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් ඊලග මැතිවරනයේදීත් තමන්ට කල හැකි දෙයක් නැති බව මැතිවරන කොමසාරිස් ප්‍රකාශ කොට තිබෙනවා.අප ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතාකරන්නේ මේ වගේ පසුබිමක!
ReplyDeleteවිකල්ප මතධාරින් හා ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නවුන් කොන්දේසි විරහිතව සමගි විය යුතුව තිබෙනවා.එක්සත් වුවහොත් කිහිප දෙනෙක්ට වුනත් ගොඩක් පෙරලිකාරී දේවල් කරන්න පුලුවන් කියන එක නෙමේද ඉතිහාසය උගන්වන පාඩම?
අර්නස්ට් හෙමිංවේ කියනවා "මිනිසෙක් විනාශ කල හැකියි. ඒත් පරාජය කරන්න බෑ" කියලා. ඇත්තටම ජෙනරාල් විනාශ කළත් අද වන විට ඔහු පරාජය කළ නොහැකි බව හැමෝටම වැටහී තිබෙනවා. අනෙක් කාරණය ජෙනරාල් සරත් පොන්සේකා යනු පුද්ගයෙක=ට වඩා ලාංකීය දේශපාලනයේ "සටන්කාමී නියමුවෙක=" කරගැනීම සුදුසු බවයි මගේ හැගීම. එවිට "අවම වූ" අයිතිවාසිකම් කිහිපයක් වෙනුවෙන් පමණක් හෝ ශක්තිමත්ව සටන් වැදිය හැකිය.
ReplyDelete@ Rama
ReplyDeleteඅඩව්ව අගය කළාට බොහොම ස්තූතියි. ඔබ කියන කතාව හරි. අපි ප‍්‍රජාතන්ත‍්‍රීයව පාලනය භාර දුන්න එක රාජපක්ෂ කෙනෙක් වෙනුවට රාජපක්ෂලා රොත්තක් රට බදු ඇරගෙන. ජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුව වෙත යැවූ මහජන නියෝජිතයින් පවා ඔවුන් ඉදිරියේ දණගහන තත්වයක් ඇවිල්ලා. මේකෙන් නිරූපණය වන්නේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අපි නොදකින වැරදි තිබෙන බවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාර්ථක වෙන්න නම් රටේ මාධ්‍ය නිදහස තිබිය යුතුම දෙයක්. එ්ත් ලංකාවේ තත්වය හරිම ඛේදනීයයි. දෙපාර්ශවයේ විස්තර දැනගෙන තම තීරණය ගැනීම වෙනුවට මිනිසුන්ට වෙලා තියෙන්නේ දෙපැත්තෙම මඩ අහගෙන ඉඳලා අඩු මඩ තියෙන පැත්තට ඡන්දය දෙන්න.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ පරම පිවිතුරු පාලන ක‍්‍රමය නොවේ යන්න අඩව්වේ අප පුන පුනා කීවද අඩු තරමේ ප‍්‍රජාතන්ත‍්‍රීය ඉඩකඩක්වත් නැති ලංකාවේ අපි කවදානම් දේශපාලනය දෙස විශ්වීයව බලාවිද?
@ Thuru
ReplyDeleteජෙනරාල් යනු ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක්. ඔහු අවිහිංසාවාදියෙක් නෙමෙයි. ඔහු සැබෑවටම ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් වැදුණු රණවිරුවායි. නමුත් ඔහුගේ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කරන්නේ නම් ඊට එහා ගිය තත්වයන් සසඳා බැලිය යුතුය. නමුත් ආණ්ඩුවෙන් චොදනා කරනවා වගේ දේශපාලනය කරන්නට අවුරුදු 40ක පළපුරුද්දක් ඕනේනෑ. එහෙනං 2005දී ජනාධිපති වෙන්න ඕනේ මහින්ද නෙමෙයි රනිල්. අනික පාලනය ගැන මහාලොකු පළපුරුද්දක් ඕනේ නම් සිරිමාවෝ කොහොමද රටේ අගමැති වෙන්නේ. ඇයත් ආවේ සැමියාගේ වියෝවත් සමගයි. චන්ද්‍රිකාගේ තත්වයත් ගොඩක් වෙනස් නෑ. එ් වගේමයි 94 ගාමිණී දිසානායකගේ බිරිඳත්. එ් නිසා ජෙනරාල් යනු අදවන විට ලංකාවේ ජනාධිපතිවරණයකදී ලක්ෂ 40ක ඡන්ද ගන්න පුළුවං වුණ දේශපාලනඥයන් කීපදෙනා අතරින් එක් අයෙක්. එ් සුදුසු කම ඔච්චර කෑගහන ඩලස්ට හරි විමල්ට හරි නෑ කියලත් අපි මතක තියාගන්න ඕනේ.