Saturday, March 6, 2010

තුනෙන් දෙක දෙන්න (එපා) - විපක්ෂයේ අඳෝනාව හා ආණ්ඩුවේ ආයාචනය.


ක‍්‍රමයෙන් උණුසුම් වෙමින් පවතින මැතිවරණ වේදිකාවේ මතු වෙමින් පවත්නා මාතෘකාවක් දෙසට අපගේ අවධානය යොමු කළ යුතු යැයි අඩව්ව කල්පනා කරයි. මෙහිදී අප මුලින්ම බැලිය යුතු වන්නේ ආණ්ඩුවේ මෙවර බලාපොරොත්තුව කුමක්ද යන්නය. ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා විමල් වැනි ඇමතිවරුන්ටත් එහා ප‍්‍රතිලාභ ලබන අතලොස්සක් වූ (නාමමාත‍්‍රික) මන්ත‍්‍රීවරුන් කියන ආකාරයට ආණ්ඩුව ජනතාවගෙන් මෙවර ඉල්ලන්නේ තුනෙන් දෙකක් දෙන්න කියාය. ඉල්ලන දෙයක් දෙන්න බලාගෙන ඉන්න ජනතාවට මෙය අමුතු ඉල්ලීමක් නොව. මන්ද ඔවුන් විමල්ට හා ඩලස්ට තුනම වුනත් පූජා කිරීමට සූදානම්ය. නමුත් සිදුවෙමින් පවත්නා අශිෂ්ට දේශපාලන කෙරුවාව ප‍්‍රශ්ණ කරන ජනතාවට මෙය තරමක කුතුහලයක් ජනිත කරවන්නකි. අප අද උත්සහ ගන්නේ මෙම කුතුහලය තරමක් දුරට අවුස්සා තේරුම් බේරුම් කරගැනීමටය.

මේ ඉල්ලන තුනෙන් දෙක කුමක්දැයි අප තේරුම් ගත යුතුය. මෙහි තුන යනු පාර්ලිමේන්තුවේ සමස්ථ ආසන ගණන වන 225ය. දෙක යනු එම සමස්ථ ආසන ගණනින් 66.66% කි. එනම් ආසන 150කි. කතානායක වැනි මන්ත‍්‍රී ආසන ඉවත්ව ගත් කළ මෙය 149ක් හෝ 148ක් විය හැකිය. එසේ නම් අප දැන් බැලිය යුතු වන්නේ ආණ්ඩුවට මෙය ඉල්ලීමට තරම් හැකියාවක් ඇද්ද කියාය. සත්‍ය ලෙසම ආණ්ඩුවට එවන් හැකියාවක් නැත. මන්ද මීට මාසයකට පමණ පෙර පැවති ජනාධිපතිවරණයේදී එම තත්වය මනාවට නිරූපණය විය. එහිදී ආණ්ඩුව සතු වූයේ සමස්ථ ඡන්ද වලින් 57%ක් පමණි. ඒ අනුව මෙතෙක් ආණ්ඩුව විසින් හිමිකරගෙන සිටි ආසන 130ක පමණ ප‍්‍රමාණයම ඉහත ප‍්‍රතිඵල අනුව බැලූවද නැවත හිමිවීම සාධාරණීකරනය කරන්නෙකුට අඩව්වේ අප විරුද්ධ වන්නේ නැත.

නමුත් ආණ්ඩුව මෙවර ඉල්ලන්නේ තුනෙන් දෙකකි. එනිසා ආණ්ඩුව කරන ඉල්ලීම ලේසියෙන් ජනතාව වෙතින් ලබාගත හැකි යැයි විශ්වාසයක් තැබිය නොහැකිය. ඒ අනුව මෙය ඉතා අත්‍යාවශය දෙයක් යැයි කියා ජනතාව රැවැට්ටීමේ ක‍්‍රමෝපායක් මේ වන විටත් ආණ්ඩු පාර්ශවයෙන් දියත් කරමින් තිබේ. ඒ සඳහා ඔවුන් භාවිතා කරන පදය වන්නේ ”ස්ථාවර ආණ්ඩුවක්” යන්නයි. නමුත් සත්‍ය ලෙසම ගත හොත් මෙය ජනතාව වෙත කරන ජෝක් එකකි. එසේ වුවත් මෙය ජෝක් එකක් යැයි කියා අපට පාඩුවේ සිටීමට නොහැක. මන්ද මේ පිටුපස ඉතාමත් භයානක දේශපාලන විපාකයන් සැඟවී ඇති නිසාය. ඒ වූකලී අනෙකක් නොව අසීමිත බලයක් සහිත ආණ්ඩුවක් සහ අත්තනෝමතික පාලකයෙක් බිහිවීම හරහා උද්ගත විය හැකි තත්වයන්ය. මෙම ප‍්‍රතිවිපාකයට අප මුහුණ දුන් හොඳම අත්දැකීම ඇත්තේ 1977දීය. එහිදී විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයේදී හයෙන් පහක බලයක් හිමිවිය. හයෙන් පහක් යනු තුනෙන් දෙකටත් එහා තත්වයකි. එම හයෙන් පහ ලද ජයවර්ධන ආණ්ඩුව එතෙක් තිබූ පාර්ලිමේන්තු ක‍්‍රමයට අමතර විධායක ජනාධිපති තනතුරක්ද ඇතිකර ජේ.ආර්ව එම පුටුවේ අසුන් ගැන්වීය. එපමණක්ද නොව 78 දී ඇති කළ මෙම ව්‍යවස්ථාව වෙනස් කිරීමට නම් තුනෙන් දෙකක බලයක් අවශ්‍යය බවට සම්මත කරගත්හ. එතෙක් පැවති කේවල ක‍්‍රමය යටතේ මෙය ලබාගත හැකි දෙයක් වුවද එම ව්‍යවස්ථාවෙන්ම කළ මැතිවරණ ක‍්‍රමයේ වෙනසත් සමගම සමානුපාතික ක‍්‍රමය යටතේ මෙය තනි ආණ්ඩුවකට කළ නොහැකි සිහිනයක් බවට පත්විය. කෙසේ වුවද ජයවර්ධන එකළ දැමූ සෙල්ලම් ගැන ලියන්නට එක් ලිපියක් නම් ප‍්‍රමාණවත් නැත. වෘත්තීය සමිති ක‍්‍රියාමර්ග වලට පිළියම ලෙස සේවකයන් ගෙදර යැවූ හෙතෙම තමන්ගේ අභිමතයට විරුද්ධව තීන්දු දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ රැකියා අහිමි කළේ ඒ හරහා සමස්ථ රාජ්‍යයේම ඒකාධිපති පාලකයා තමන් යැයි ජනතාවට එ්ත්තු ගන්වමිනි. 1982 පැවැත්විය යුතුව තිබූ මහමැතිවරණය වෙනුවට කළගෙඩි ලාම්පු සෙල්ලම දමා හයෙන් පහක බලයක් දෙකෙන් එකක බලයෙන් දීර්ඝ කරගත් හෙතෙම 77 ජනතාව දුන් ජනවරමට කළගුණ සැලකුවේ 83 කළු ජූලියෙන් සහ 88/89 තරුණ කැරලිවලින් ජීවිත දහස් ගණනක් බිළිගැනීමෙන්ය. මේ වූකලී ස්ථාවර ආණ්ඩුවක් පිහිටවූ ජනතාව ලද දායාදයන්ය. නමුත් දැන් නැවතත් විමල්, ඩලස් හා චම්පික ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලයි. අප දිය යුතුද නොදිය යුතුදැයි උභතෝකෝටිකයක පැටලී කල්පනා කරන්නෙමු.

අප මෙම ප‍්‍රශ්ණය ලිහා ගැනීමට පෙර කල්පනා කර බැලිය යුතු දෙය වන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවයන් තුනෙන් දෙක නැතිව කළ නොහැකිද කියාය. ආණ්ඩුව පවසන ආකාරයට ඔවුන්ගේ මූලිකම අවශ්‍යතාවය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථව සංශෝධනය කරගැනීමය. දෙවැන්න ලෙස මැතිවරණ ක‍්‍රමය ගැන කතාවක් කීවද එයද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේම කොටසකි. ඒ අනුව ඔවුන්ගේ මීළඟ තර්කය වන්නේ ස්ථාවර ආණ්ඩවක් නොමැති වුවහොත් ඇමතිවරු ගණන අඩුකළ නොහැක යන්නය. අප මේ තර්ක දෙකෙන් පළමු වැන්න මෙම ලිපියේදී විග‍්‍රහ කරගනිමු. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගත යුතුද? මෙයට අපගේ පිළිතුරද ඔව් යන්නය. මන්ද මෙය මීට වසර 33කට පෙර නිර්මාණය වූවක් වන නිසා වත්මන් ලෝක ගමනත් සමග යෑමට අවශ්‍ය ලෙස අපගේ උත්තරීතර ලියවිල්ල වෙනස් කරගත යුතුවෙයි. ඒ අනුව එතැනදී අපට ගැටීමක් නැත. එසේනම් මෙය කරන්නේ කෙසේදැයි බැලිය යුතුය. ආණ්ඩුව කියන්නේ මේ සඳහා තුනෙන් දෙකක එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ අවශ්‍යය බැවින් තමන්ට එම තුනෙන් දෙක දෙන්න කියාය. නමුත් අප එයට එකඟ නැත. මන්ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට තුනෙන් දෙකක් අවශ්‍යය බව ව්‍යවස්ථාවේම තිබුණද එය එකම පක්ෂයකින් අවශ්‍යය වන බවක් කොහෝවත් කියා නැත. ඒ අනුව ආණ්ඩුවේ තර්කයෙන්ම පෙනෙන්නේ එය අත්තනෝමතිකව කරන්නට යන බවකි. නමුත් සිදුවිය යුත්තේ එය නොවේ. කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ විට එය සාකච්ඡාවට භාජනය විය යුතුය. නැතහොත් එහි පවතින දුර්වලතාවයන් ගැන අනෙකුත් මහජන නියෝජිතයන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබී යනු ඇත. එපමණක්ද නොව එම අදහස් දැක්වීම් වලට අනුව එය නැවත නිර්මාණය විය යුතුය. නමුත් තනි පක්ෂයක් අත බලය පවතින් විට එවැන්නක් අවශ්‍ය නැත. කෙටුම්පත ව්‍යවස්ථව බවට පත්වීම කාටවත් වලක්වන්නට බැරිය. මන්ද විමල්, ඩලස් පමණක් නොව මහාප‍්‍රාඥයන් වන ජී.එල් හෝ අමුණුගම වැන්නන් පවා රාජපක්ෂයන්ට විරුද්ධව කට හොල්ලන්නේ නැත. එසේ හෙල්ලූවොත් අර්ජුනකරණය ලක්වන බව ඔවුන් හොදින්ම දනිති. එනිසා සිදුවන්නේ ජේ.ආර්ගේ දෙවැනි කොටසයි. එදා ජේ.ආර් ගෙත් අද මහින්දගේත් කිසිඳු වෙනසක් නැත. ඇත්තේ නම් ඒ එකකි. එනම් ජේ.ආර් සාහිත්‍ය නොරිස්සුවෙක් වූ අතර ”සාහිත්‍යය කන්නද ඕයි” කියා හෙතෙම කෙලින්ම ඇසීය. නමුත් මහින්ද නොරිස්සන කිසිවක් එසේ ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. ඔහු එය පපුවට ගසාගනිමින් බදාගනී. හැකිනම් දණගසා වඳියි. මේ වූකලී ඔවුන් අතර ඇති එකම වෙනසයි.

රාජිතගේ පොරටෝක් කතාවද අප මේ සමග ගෙන විමසා බැලිය යුතුය. ඔහු කීවේ ආණ්ඩුවට තුනෙන් දෙක ගැනීමට නොහැකි වුවහොත් නැවතත් එජාපයෙන් මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්නා බවයි. මෙය ඔහුගේ වෙනත් කතා මෙන් කුණුගොඩට දැමිය හැක්කක් නොවන බව අපගේ අදහසයි. මන්ද මෙය විය හැක්කකි. රාජිත වාචාලකමට කීවේ අනෙකක් නොව ආණ්ඩුවේ විකල්ප තුරුම්පුවය. මෙයට වහා ක‍්‍රියාත්මක වූ එජාපය දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි එකතු කරන ලදි. නමුත් එය මතුවිය හැකි තත්වයට පිළියමක් නොව. මන්ද ආණ්ඩුවට එකතුවූවාට මේ මොහොතේ ආමාත්‍යධූර නොලැබෙන බව දන්නා එජාප මන්ත‍්‍රීවරුන් කරන්නේ එජාපයේ සිටම ව්‍යවස්ථාවට ඡන්දය දීමයි. එවිට අස්වීමේ ලිපිවලට කරන්නට දෙයක් නැත. (අප මෙම ලිපි ගැනීමට දැඩිව විරුද්ධ වන්නෙමු. මන්ද එය ජනතාවගේ හා නියෝජිතයන්ගේ අයිතීන් උල්ලංගණය කිරීමකි.) මෙලෙස බලන කළ පෙනෙන පැහැදිලි සිද්ධිය වන්නේ ආණ්ඩුවට තුනෙන් දෙකක් නොලැබුණද විපක්ෂයෙන් බාගැනීමක් මාර්ගයෙන් මෙය අනිවාර්‍යයෙන් කරගන්නා තැනට ආණ්ඩුව සැලසුම් සාදා හමාර බවය.

මේ අනුව කෙටුම්පතෙහි ඇති ජනතාවට අහිතකර වාක්‍යයන්ට විරුද්ධව හඬනැගීමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සතු අයිතිය අහෝසි වී යනු ඇත. එය දරුණු ඛේදවාචකයකි. එපමණක්ද නොව එය ඔවුන්ට ඡන්දය දී පත්කළ ජනතාවගේ පාලන බලතලයන්ට පයින් ගැසීමකි. මේ අනුව ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකකට (වැඩි පිරිසකට) තමන් පාලනය කරන්නට සෑදෙන නීතිය ගැන කතා කිරීමට ඇති අයිතිය අහිමිවී යයි. මෙය බරපතල තත්වයක් වන්නේ ශ‍්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් දෙකකටත් අඩු කොටසක් ඉතුරු සමස්ථයේ පාලන බලතලයන් යටකරගෙන තීරණ ගැනීම හරහා ජනතා පරමාධිපත්‍යය හෑල්ලූවට ලක්කිරීමක් සිදුවන් බැවිනි. එපමණක්ද නොව එහි ඇති ඛේදනීයම තත්වය වන්නේ එම අයිතිය අහිමි වන 40% යනු ශ‍්‍රී ලංකාවේ සිටින බුද්ධිමතුන් බහුතරයක් නියෝජනය කරන කොටසයි. (හිටපු අගවිනිසුරු ඇතුළු සමස්ථ නීතීඥවරුන්ගෙන් විශාලම ප‍්‍රමාණයක් එහි සිටිති.) එතකින්ද නොනැවතී බැලූව හොත් නීතියට සමීපම නාගරික ජනතාව මේ පිරිසෙන් අතිබහුතරය නියෝජනය කරයි. මේ අනුව අනාගතයේ තුනෙන් දෙකක් ලබාගන්නට සිහින දකින ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ බළලූන් ලවා කොස් ඇට බාවා ගන්නටය. ඒ අනුව ග‍්‍රාමීය-අඩු අධ්‍යාපනයක් සහිත ජනතාව රවටා විශාල ජනවරමක් ලබා ඒ මගින් අත්තනෝමතික ව්‍යවස්ථා සම්පාදනයකට මගපාදා ගනී. එහි විපාකය විය හැක්කේ නැවතත් ජයවර්ධන මොඩලයේ ඒකාධිපති ව්‍යවස්ථාවක්මය. සමහර විට ඊටත් එහා ගිය දුර්වලතාවයන් සහ අනවශ්‍යය බලයන් ඒකරාශීවූ ව්‍යවස්ථවක් විය හැකිය.

මෙහි අතුරු ප‍්‍රතිඵලය වන්නේ විපක්ෂය රූකඩයක් බවට පත්වීමයි. මන්ද විපක්ෂයට මේ පාර්ලිමේන්තුව තුළ කර්‍යභාරයක් නැත. විපක්ෂ මන්ත‍්‍රීවරුන්ට කිසිවක් කරන්නට බැරිය. ඔවුන් කරන්නට ඇත්තේ එකම එක දෙයක් පමණි. එනම් විවාදයන්ට වචන සැපයීම පමණි. විවාදයක් ආරම්භ වූවිට විරුද්ධව අදහස් දක්වන්නට, කෑ ගසන්නට, හූ කියන්නට, කෙටුම්පත් ගිනිතියන්නට පමණක් ඔවුන්ට හැකි වනු ඇත. ඔවුන් එය කිරීමේ වරදක්ද නැත. මන්ද ඔවුන් ගැඹුරු අධ්‍යයනයක් කර එම කෙටුම්පතෙහි දුර්වලතා පෙන්නුවද, කෙතරම් විචාරශීලී ලෙස එය විශ්ලේෂණය කළද අවසන් ප‍්‍රතිඵලය වන්නේ තුනෙන් දෙකෙන් එම පනත හෝ යෝජනාව සම්මත වීමයි. එනිසා මෙම පාර්ලිමේන්තුවේදී විපක්ෂය යනු මපට් එකක් බවට පත්වේ. කෙසේ වුවද අවසන් විග‍්‍රහයේදී ශ‍්‍රී ලංකාව තනි පක්ෂයක අත්තනෝමතික බලයක් සහිත ඒකාධිපති පාලනයක් සහිත ආඥදායක රාජ්‍යයක් බවට පත්වනු ඇත.

එම රාජ්‍යය තුළ විමල් බෙරය අතට ගනු ඇත. ජනතාව රූකඩ බවට පත්වේ. විමල් පද අල්ලයි. ජනතාව අල්ලන අල්ලන පදයට නටනු ඇත. සියල්ල එසේ සිදුවෙමින් යන අතර අප පැත්තකින් ඉඳ අඩව්ව අල්ලන්නෙමු. ඔබට සුභ අනාගතයක්..........

20 comments:

  1. "මන්ද ආණ්ඩුවට එකතුවූවාට මේ මොහොතේ ආමාත්‍යධූර නොලැබෙන බව දන්නා එජාප මන්ත‍්‍රීවරුන් කරන්නේ එජාපයේ සිටම ව්‍යවස්ථාවට ඡන්දය දීමයි."

    මේක පක්ෂයේ විනය කඩ කිරීමක් මම හිතන විදියට පක්ෂයේ තීන්දුවට විරුද්ධව යෑමක් නේද ?

    ReplyDelete
  2. නෑ ඇනී.
    එ්ක අපිට එකඟ වෙන්න අමාරු කතාවක්. මන්ද මේ වෙලාවේ අස්වීමේ ලිපි දෙන්නේ පක්ෂය හැර යන්නේ නෑ කියලයි. එ් නිසා පක්ෂය හැර ගියොත් විතරයි එ්ක බලපාන්නේ. නමුත් පක්ෂය ඇතුලේ ඉඳගෙන හා විපක්ෂයේම අසුන් ගෙන යම් සිද්ධියකදී ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිතා කළ හැකියි. එය මහජන නියෝජිතයන්ගේ අයිතියක්. අපි හිතමු ඔබ කියූ විදිහට මන්ත‍්‍රීවරු පක්ෂය කියන දේට එකඟ වෙන්නම ඕනේ කියලා. එහෙනම් මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු යන්න ඕනේ නෑනේ. පක්ෂයට පුළුවංනේ තනියම තීරණය කරන්න. මන්ත‍්‍රීවරු පුටු රත් කරන්න ඕනේ නෑනේ.

    කොහොමත් ආණ්ඩුව තුනෙන් දෙක ඉල්ලන එක හරිගියොත් විපක්ෂයට රෝල් එකක් ඇත්තෙම නෑනේ. එ් මදිවට පක්ෂය කියන හැමදේම කරන්න ඕනේ කියලා මන්ත‍්‍රීවරුන්ට නියෝගයක් කළොත් එ් පාර්ලිමේන්තුව විකාරයක් කියලයි අපි හිතන්නේ. මොකද එ්කේ සමස්ථයම රූකඩ වෙනවානේ. කෙසේ වුවත් අඩව්වේ අපි අස්වීමේ ලිපි ගැනීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මන්ද එය මන්ත‍්‍රීවරයෙක්ගේ ස්වාධීනත්වයට හා ඔහු නියෝජිතයෙක් ලෙස තෝරායැවූ ජනතාවගේ පරමාධිපත්‍යයට පහරගැසීමක් විදිහටයි අපි දකින්නේ. නමුත් ජනතාවගෙන් ලද මනාප ප‍්‍රමාණය පාර්ලිමේන්තුව තුළ විකිණීමට ලක්කරන මන්ත‍්‍රීවරුන් කෙරෙහි මෙම පිළියම කෙටිකාලීනව සාධාරණ වුවද එ් සඳහා දිගුකාලීනවූද නිශ්චිතවූද වැඩපිළිවෙලක් ඉතාමත් අවශ්‍යය.

    ReplyDelete
  3. මේක බොහෝම ඛේදජනක තත්ත්වයක්. මේ නිශ්චිත මොහොතේදි මේ සිදුවන ක්‍රියාපිළිවෙලට අපේ අනාගත පරපුරම වගකිවයුතු වෙනවා. මට හිතෙන්නේ අපි මුලින්ම රටට හිතකර ජනතාවක් පත්කරගත යුතුයි කියන එකයි.

    ReplyDelete
  4. ඔව් ගෝරා.

    අපි එ් කතාවට එකඟයි. මන්ද මේ මොහොතේ එළි දකින ව්‍යවස්ථාව තවත් වසර 30 හෝ 40 ක් රටේ උත්තරීතර නීතිය වේවි. එ් නිසා මේක සුළුපටු දෙයක් නෙමෙයි. ශ‍්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන ලියවිල්ලක් මේක. නමුත් ජේ.ආර් තමන්ගේ පැවැත්මට හදාගත්තා වගේ මේ ව්‍යවස්ථාවත් හිතුමතේට හදාගන්න දුන්නොත් අනාගත පරපුර අපිට බනියි. එ් නිසයි අපි කියන්නේ මේක තනි කැමැත්තට නොව විපක්ෂයේද එකඟත්වය මත නිර්මාණය විය යුත්තක් කියලා.

    ReplyDelete
  5. "එම අයිතිය අහිමි වන 40% යනු ශ‍්‍රී ලංකාවේ සිටින බුද්ධිමතුන් බහුතරයක් නියෝජනය කරන කොටසය"

    ඔප්පු කර පෙන්වන්න

    ReplyDelete
  6. හිටපු අග විනිසුරු කියන්නෙ පාලකයන්ගෙ කැමැත්ත වෙනුවෙන් අදිකරනයේ තීන්දු දීපු කෙනෙක් බව පිලිගන්නවද?
    (අන්තිම කාලෙ ජනප්‍රිය තීන්දු කීපයක් දුන්න බව මම පිලිගන්නව )

    ReplyDelete
  7. හිටපු අග විනිසුරු කියන්නෙ හොද තීරණ ගෙඩක් දුන්න කෙනෙක්.

    ReplyDelete
  8. @Any
    http://www.thesundayleader.lk/archive/20040808/spotlight-1.htm
    සරත් N සිල්වා ගැන මෙවත් හොදට කියවලාම් ඔය comments දාන්න. ඔයා මොඩයෙක් උනට අනිත් අය මොඩ නෑ.

    හශන් ඔබගෙ අදහසත් බලපොරොත්තුවෙන් සිටිමි.....

    ReplyDelete
  9. @ 2,4ඇනී,

    සමාවෙන්න මගේ පිළිතුර ටිකක් ප‍්‍රමාද වුණාට. අපි දන්න දෙයක් තමයි වත්මන් ආණ්ඩුව ජාතිය මත (සිංහල) උත්තේජනයක් මගින් බලයේ සිටීමේ අවස්ථාව නිර්මාණය කරගන්නා බව. යුද්ධයේදීත් සිංහල ජාතිය හා බුද්ධාගම ප‍්‍රමුඛ කරගත් ඉතාමත් නින්දිත ප‍්‍රචාරණ ක‍්‍රම හරහා යුද්ධයට අවශ්‍ය ශ‍්‍රමය සහ ජනතා සහයෝගය රඳවා ගන්න කටයුතු කළා. නමුත් අපිට පැහැදිලිවම තේරෙනවා මේ කරන්නේ බොරුව කියලා. එ් වගේම මේ කරන්නේ ජනතාවගේ සහයෝගය තමන් කෙරෙහි තියාගන්න කියලා.
    ටිකක් හිතලා බලන්නකෝ එ් දවස් වල අපිට රේඩියෝ එකේ ඇහෙන්න දුන්නෙම ජාතිවාදී සින්දුනේ. මේ සිංහල අපගේ රටයි - අපි ඉපදුන මැරෙන රටයි. රණබිම මැරුණේ සිංහලයෙක් නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ. සිංහල රණගීත හඬට සිංහල කොඩිවැල් ලෙල දෙන. මේ විදිහ සින්දු දැම්මට ලොවේ සැමා හෝ වෙනත් සාමය ගැන කියවෙන ගීත අහන්න දුන්නෙම නෑනේ. හැබැයි මෙහෙම යුද්ධෙ ඉවර කරපු මහින්දම යුද්ධෙන් පස්සේ ඡන්දෙ ලං වුණාම නල්ලූර් කෝවිලට යනවා රෙදි නැතුව. (රෙදි නැතුව කිව්වේ ලැජ්ජා නැතුව කියන්න සහ උඩුකය නිරුවත්ව ගියා කියන්නයි.) මේ දෙක රටේ ජනතාව ඇයි ප‍්‍රශ්ණ කරන්නේ නැත්තේ. මේක අපිට තේරුණාට අහිංසක ගැමි ජනතාවට තේරෙන්නෑ. ඔවුන්ට අහුවෙන්නේ ජාතික රූපවාහිණිය හා ස්වාධීන එක විතරයි. උදේ ඉඳන් කඩවල් වල ඇහෙන්නේ හඞ්සන්ගේ කතාව විතරයි. මේ මිනිස්සු මේ පේන දෙයින් හා ඇහෙන දෙයින් එහාට ප‍්‍රශ්ණ කරන්න යන්නේ නෑ. ඔවුන් හිතන්නේ මේ සියල්ල ඇත්ත කියලා. හොඳට බැලූවොත් ඔබට පෙනෙයි පහුගිය ඡන්දෙත් අති බහුතර ඡන්ද ලැබුණේ ඔය පැතිවලින් කියලා. එ් කියන්නේ මේ විකාර ප‍්‍රශ්ණ කළ හැකි ජනතාව ආණ්ඩුව පැත්තේ නෑ.

    ඔබ කියය. එතකොට මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා බුද්ධිමතෙක් නෙමෙයිද කියලා. තවත් නම් ගොඩක් කියයි. එ්ත් ටිකක් හොයලා බලන්න කාලෝ ෆොන්සේක ලිස්ට් එකෙන් මේ පාර පාර්ලිමේන්තු යනවා. අනිත් අයත් එ් විදිහ වාසි ලබනවා. එ් කියන්නේ එ් බුද්ධිමතුන් බුද්ධිමත් භාවය විකුණන් කනවා. මම කියන්නේ රට ගැන හිතන සහ කිසිම පක්ෂයකට කඬේ නොයන අතිබහුතර බුද්ධිමතුන් ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව.

    සරත් එන් සිල්වා ගැන කියපු එක මේකත් එක්ක පටල ගන්න එපා. අපි කියන්නේ ව්‍යවස්ථා සංශෝධනයකට යන විට වර්ථමානයේ එම ක්ෂේත‍්‍රයේ සිටින ප‍්‍රවීණයන් වන හිටපු අගවිනිසුරු, ජේ්‍යෂ්ඨ නීතීඥ විජේදාස රාජපක්ෂ, ජේ්‍යෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ, අධිනීතීඥ ලාල් විජේනායක, නීතීඥ සංගමයේ වත්මන් සභාපතිතුමා ඇතුළු අති විශාල නීතීඥයන් පිරිසක් ඉන්නේ මහින්දගේ ගමනට විරුද්ධව. එහෙම තත්වයක් යටතේ හැදෙන ව්‍යවස්ථාව ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ. මේක රටට හොඳ තත්වයක් නෙමෙයි. අපි ඉන්න ස්ථාවරය එ්කයි.

    ඔබගේ අදහස් වලට අඩව්වේ අපි ගරුකරනවා. එ් නිසා ඔබගේ ඕනෑම මතයක් මෙහි ලිවීමට හැකිය. අප කිසිවෙකු ලියන දෙයක් මකන්නේ නැත. ඔබ වැනි අය විසින් නගන ප‍්‍රශ්ණ හරහා හරවත් සංවාද ඇතිවන බව අපගේ විශ්වාසයයි. එනිසා හරවත් අදහස් දක්වන ඔබට ස්තූති කිරීමටත් කැමතියි.

    ReplyDelete
  10. තමන් නුවනක්කාරයෙක් කියා සිතා ඉන්නා ඇනියාට:- මිනිහෙක් ජරා කල තැන හොයන්න හරිම ලේසියි ඒත් කල හොද දේ එහෙම නැහැ.මම 'මොඩයෙක්' නිසා ඉහත ලින්ක් එකේ තියෙන දේවල් වැඩිය තේරුම් ගන්න අමාරුයි හැබැයි මම මෝඩයෙක් නොවී ඉන්න උත්සාහ කරනව. ඒ වගෙම ඔබ මතක තබාගතයුතුයි තවත් කෙනෙක් මෝඩයෙකු බව ලේසියෙන් තිරණය කල නොහැකි බව.(මා ගැන අහේතුකව තීරණය කල නිසා ඔබ මෝඩයෙකු බව නොකියමි.

    ReplyDelete
  11. හශාන්ට අමතක ඇති ජෙනරලුත් රෙදි නතුව කොවිල් ගිය බව, ජෙනරල් තමයි කිව්වෙ සුලු ජාතීන් මහ ජාතියට ඔන හිදිහට ඉන්න ඔනෙ කියලා.
    ඔබ එව ගැන ප්‍රශ්න කලාද?
    ඔබ ජනතවට ඇගිල්ල දික් කරන්න කලින් ඔබටම ඇගිල්ල දික් කරගන්න.

    ReplyDelete
  12. ඔබ මොඩයෙක් කිව්වට සමවෙන්න,
    නමුත් ඔබෙ ප්‍රකශයනම් එතාම මොඩයි. සරත් සිල්ව හොන්ද තීරන දුන්නෙ කීපයයි. වැඩිහරියක් කලෙ චන්ඩ්‍රිකාට කඩෙ යාම.

    ReplyDelete
  13. කොවිල් ගිය බවක් නොදනිමි කෝවිල් ගිය බව දනිමි. ඉහත ඇනියා කියන පරිදි ජෙනරාල්ට කුමක් කල යුතුද ? මහජනතාවට නඩු විභාගය වත් නොපෙන්වා ..දැමිය යුතුයි. හැබැයි ඇනී ජෙනරාල් ජනාධිපතිගෙ යටත් සේවකයෙක් විතරයි.

    ReplyDelete
  14. අකුරු වරදි අමතක කල මැනවි.
    මම ජෙනරල්ට මුකුත් කරන්න කියල කිව්වෙ නෑ. හශාන්ගෙ කොවිල් ප්‍රකශය ගෙන පොඩි ප්‍රශ්නයක් ඇහුවෙ.
    (ඔබ ඇත්තටම ඇනියෙක්ද? නැත්නම් හශාන්මද කියල මට පොඩි සැකයක් ආවා.)

    ReplyDelete
  15. ~~~දැන්නෙ ඔබතුමා පොයින්ට් එකට ආවෙ.චන්ද්‍රිකාට කඩෙ යාම කරනකම් හොදයි නේද ? එතකොට මහින්ද එවකට ඇමතිතුමා වෙන ආණ්ඩුවක (සියඹලාන්ඩුව) හිටියද දන්නෑ ? එතකොට ෆොන්සේකා වැරදි කරනකොට ඔහු ඇමරිකාවෙ හමුදාපති වෙන්න ඇති :p .
    එතකොට හිටපු අගවිනිසුරු එයත් එතකොට හොදයි නේද ?
    මට මගේ මෝඩ බව පසක් වේ. මක්නිසාද මෙවන් පුද්ගලයන් බලයට පත් කරන්නේද මගේ මනාපයෙන් වන අතර සියළු වංචා නොකලාක් වෙන් ඇස් කන් පියා බලා සිටින්නේද මම ම බැවිනි.

    නීතිය උපකරණයක් බව , අවස්ථානුගත කරුණු පරිදි තීරණ ගන්නා බවක්ද කවුදෝ කියුවා වගේ මතක ඇත. එසේ නම් එවකට නීතිය සාධාරණව ක්‍රියාත්මක වීද ? දැන් නීතිය සාධාරණද ? මහත් ප්‍රශ්ණ සමූහයක් මගේ නොදැනුවත් සිත වෙලාගෙන ඇත කරුණාකර ඔබේ බුද්ධිමත් අවවාද ලබාදෙන්න.

    ReplyDelete
  16. දෙදෙනෙකි. ඔහුගේ හා මගේ භාෂා විලාසය හා වචන හැසිරවීම බලන්න.ඔබ ඇත්තටම ඇනියෙක්ද? නැත්නම් හශාන්මද කියල මටත් සැකයක් ආවා.

    ReplyDelete
  17. ඇනි,
    අපි එක කරුනක් ගෙන වරකට කත කරමු. ඔයගෙ හිතට ගොඩක් දෙවල් ආවට කමක් නෑ.
    ඔය කියන්නෙ හිටපු අග විනිසුරු කියන්නෙ හොද තීරණ ගෙඩක් දුන්න කෙනෙක් කියලා.
    මම කියන්නෙ ඔහු පාලකඉන්ට කඩෙ ගිය කෙනෙක් කියල. චන්ඩ්‍රිකාට පමනක් නෙමේ මහින්දටත්.
    මම කිව්වද චන්ඩ්‍රිකාට කඩෙ යම හොදයි කියල?
    මචන් හශන්, ඔබෙ හඩ අවදි කල මැනවි. උබෙන් අහන එවට ඇය් මෙ ඇනියො උත්තර දෙන්නෙ?

    ReplyDelete
  18. මගෙන් ප‍්‍රශ්ණ කරන ඇනීට,

    ඔබට සියල්ලටම පෙර කීමට දෙයක් ඇත. කරුණාකර අඩව්වේ අප ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න එපා. අප කිසිදිනෙක හෂාන් යන නමින් තොර අදහස් පළ කරන්නේ නැත. මන්ද අපට අනන්‍යතාවය සඟවා කීමට කිසිවක් නැත. මුලින්ම ඔබේ සිතේ ඇති සැකය දුරු කරගන්න. අඩව්වේ අප අපගේ සියළු පාඨකයන්ට දිව්රා පොරොන්දු වනවා කිසි දිනෙක අප හෂාන් යන නමින් තොරව අදහස් නොදක්වන බවට. මන්ද අපට හැංගි හැංගී කීමට හෝ කී දෙයක වගකීමෙන් බැහැර වීමට හෝ කිසිඳු අවශ්‍යතාවයක් නැත.

    ඔබ සිතනා පරිදි ඔබත් සමග අන් සියල්ලන්ම මහින්දගේ සුදුහුණු ගාන්නන්යැයි තීරණය කිරීමට නොහැකිය. එසේ නොවන අතිබහුතර බුද්ධිමතුන් පිරිසක් දේශීයවත් විදේශීයවත් අපගේ අඩව්වට පැමිණෙති. අදහස් පළ කරති. එනිසා අප ලියනා යම් ලිපියකට පක්ෂවත් ඔබගේ අදහසට විපක්ෂවත් අදහස් දක්වන්නන් සියළු දෙනාම අඩව්වේ අප යැයි වරදවා තේරුම් ගන්න එපා. අනෙක් අතට අප මුල් කාලයේ අනන්‍යතාවයෙන් තොරව අදහස් දැක්වීමට තිබූ ඉඩ අහුරා තිබුණි. නමුත් අඩව්වේ අප වුවද භාවිතා කරන්නේ අන්වර්ථ නාමයක් නිසා අප අන් අයටද එම අවස්ථාව දිය යුතුයැයි සිතුණි. තවද බ්ලොග් නොලියන්නන්ට වුවද පිටින් විත් කියවීමට හැකි අප අඩව්වේ ලියැවෙන දේවල් ගැන අදහස් දැක්වීමේ අයිතිය අප ආරක්ෂා කළ යුතු බව සිතුණි. මේ හේතු දෙක මත අප පෙර තිබූ බාධා ඉවත් කරන ලදි. නමුත් එහිදී අපගේ මූලිකම ඉල්ලීම වුණේ අන්වර්ථ නාමයක් හෝ භාවිතා කරන්න කියාය. මන්ද එක් අදහස් දැක්වීමකින් අවසන් නොවන සංවාදයක් සඳහා එය තරමක් හෝ උපකාරී වන නිසාය. නැතහොත් අපට පළමු ඇනී, දෙවන ඇනී ලෙස ගණන් කිරීමට සිදුවේ. නමුත් එය අඩුම තරමින් ඔබවත් භාවිතා කර නැත. දයාරත්න යැයි අදහස් දක්වන්නෙක් ඇරෙන්නට කිසිවෙකුත් එය භාවිතා කර නැත.

    එසේම ඇනී ඔබ කිසිවිටෙකත් අඩව්වේ අප මෙවන් අමනෝඥ දෙයක් කරයි කියා සිතන්න එපා. මන්ද එය එක් අතකින් අඩව්වේ අපගේ හොඳ නමටද කැළලකි. එනිසා හෂාන්ගේ භාෂා ශෛල්‍යයෙන් (අප කිසිදු භාෂා ශෛල්‍යයක් අනන්‍ය කරගන්නට උත්සහ දරා නැති බවත් තේරුම් ගන්න.) අදහස්් දැක්වූවා යැයි වරදවා වටහා ගැනීමකට ලක්ව ඇති ඇනීගෙන් ඉල්ලීමක් කරන්නෙමු. කරුණාකර ඔබ මේ වැරදීම නිවැරදි කර දෙන්න. එය අපටද ඔබ සමග සංවාදයේ යෙදෙන අනෙක් ඇනීටද කළ හැකි උදව්වකි.
    ඇනී ඔබ අසා තිබෙනවා අපෙන් අසන ප‍්‍රශ්ණ වලට ඇයි ඇනියෝ උත්තර දෙන්නේ කියලා. ඇත්තටම අපි ඔබෙන් සමාව ඉල්ලනවා ප‍්‍රතිචාර ප‍්‍රමාද වීම ගැන. එය අපගේ ප‍්‍රායෝගික තත්වයන් නිසා සිදුවන්නක් බව තේරුම් ගන්න. නමුත් ඕනෑම කෙනෙක්ට අප අඩව්වේ ඕනෑම දෙයකට අදහස් දක්වන්න පුළුවන්. එනිසා ඔබ දක්වන අදහස් වලට ඔවුන්ටද අදහස් දැක්වීමේ අයිතියක් ඇති බව වටහා ගන්න. නමුත් ඔවුන් උත්තර දුන්නාය කියා අප එම වගකීම මග නොහරින්නෙමු. කෙසේ වුවද අදහස් දැක්වීමට ප‍්‍රමාද වීම ගැන නැවතත් ඔබෙන් සමාව ඉල්ලන්න කැමතියි.

    ඇනී ඔබ අසා ඇති ප‍්‍රශ්ණයටත් අප ඉක්මනින් පිළිතුරක් දෙන්නෙමු. නමුත් මෙය ඉක්මනින් පළ කළ යුතු නිසා දැන්ම පළ කරන්නෙමු.

    ReplyDelete
  19. මම ෙම් ලිපිය කිෙයව්වා මමත් කැමතියි අඩව්වට ඒක ෙවන්න. මා හට ෙමම අඩවිෙයන් පුලුල් ෙද්ශපාලන දැනුමක් ලබා ගැනීමට හැකි වූවා. ඔබෙග් පිරිසට ඒක් ෙවන්න ඔබ කණ්ඩායමට ඒක් ෙවන්න කැමතියි. ඔබ කණ්ඩායෙෙම ලිපි වැඩි වැඩිෙයන් ඒක් කරන්න.

    gaminiadtw44_ftc@hotmail.com

    ReplyDelete

Related Posts with Thumbnails