ජනාධිපතිවරණය නිමවී සතියකුත් ඉක්මගොස් හමාරය. නමුත් ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා නියෝජනය කරන බල කඳවුරු දෙකම තවමත් උණුසුම්ව පවතී. ඉන් පරාජිත පිළ නියෝජනය කරන ජෙනරාල්, එජාප, ජවිපෙ, මුකො සහ ද්‍රවිඩ ජාතික සංධානය මැතිවරණ ප‍්‍රතිඵල දූෂිතයැයි කියමින් දිගින් දිගටම එය ප‍්‍රතික්ෂේප කරමින් පරාජයේ වේදනාව ඉවතලීමට උත්සහ ගනිති. ජයග‍්‍රාහී පිළ නියෝජනය කරන මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩු පාර්ශවය ජයපැන් බීමට එහා ගොස් මැතිවරණ සමයේ තමා බියගැන්වීමට උපකාර කළායැයි සිතන සියලූම දෙනාගෙන් පළිගැනීමේ ක‍්‍රියාවලියකට පෙළඹී ඇත. මේ අප බැලූ බැල්මට දකින මැතිවරණයේ ජය පරාජයයි. අඩව්ව අද උත්සහ ගන්නේ මේ මැතිවරණ ප‍්‍රතිඵල තුළ සැඟවුණු සැබෑ ජය පරාජය නිශ්චය කර ගැනීමටයි.
තරඟයක් යනු ජය පරාජය යන අන්තයන් දෙකම එකට රැගෙන එන සංසිද්ධියකි. එබැවින් එක් පාර්ශවයක් ජය ලබන තැන ප‍්‍රතිවාදියාට අයත් වන්නේ අවාසනාවන්ත පරාජයකි. ඒ මේ ආකාරයේ තරඟයක් දෙස පටු ඇසකින් බලන්නේකුට නිරීක්ෂණය කළ හැකි ප‍්‍රතිඵලයන් වන්නේය. (ජයග‍්‍රහණයෙන් උමතුවී ශබ්දය වැඩිවූ විමල් හා පරාජයෙන් බියවී ශබ්දය බාලවූ ලාල් කාන්ත යනු මීට ජීවමාන නිදසුන්ය.) නමුත් අඩව්වේ අප මෙය දකින්නේ මීට එහා ගිය පුළුල් අර්ථයකිනි. එනම් මේ තරඟය පැවැත්වුණේ ජෙනරාල් හා මහින්ද අතර නොව, ජනතාව හා පාලකයා අතරය. එක් වරම මෙය ඇසූ ඔබේ මුවඟට සිනහවක් මතුවූවාය කියා අප ඔබ සමග උරණ වන්නේ නැත. මන්ද මෙය තරමක් විග‍්‍රහ කර වටහාගත යුත්තක් බැවිනි.
අප පෙර කී පරිදි මෙය ජෙනරාල් සහ මහින්ද අතර පැවති තරඟයක් වන්නේ පටු අර්ථයෙන් බලන කල්හී පමණි. එනම් පසුගිය 26 වෙනිදා පැවති ජනාධිපතිවරණය යන විචල්‍යය ස්වායත්තව ගෙන බලන කල්හීය. නමුත් එම මැතිවරණය ඉන් පෙර හා ඉන් පසු මැතිවරණ සමගත්, ශ‍්‍රී ලංකාවෙන් පිටතට ගොස් ලෝකයේ මැතිවරණ සමගත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිවූ දා සිට පැවැත්වී මැතිවරණ සමගත්, ග‍්‍රීකයින් අත උස්සා ඡන්දය භාවිතා කළ ඇතෑන්සයේ මැතිවරණ සමගත් එකට ගෙන නායකත්වය උදෙසා පැවැත්වූ තරඟයක් ලෙස බලන කල්හී මේ වූ කලී හුදෙක් මහින්දට හා ජෙනරාල්ට දවසක් තුළ ඉලක්කම් හරඹයකින් බෙදාගත හැක්කක් නොවන බව ඔබට වැටහෙනු ඇත. ඒ අනුව එය නොපෙනෙන අතීතයක සිට පැවත එන හා නොපෙනෙනා අනාගතයක් දක්වා සිදුවන ක‍්‍රියාවලියක එක් ඉතා කුඩා සිදුවීමක් පමණක් වේ. ඒ අනුව පුළුල් අර්ථයෙන් ගත් කළ මෙය මහින්ද හා ජෙනරාල් අතර තරඟයක් නොවන බව පැහැදිලිය. නමුත් මෙය ජනතාව හා පාලකයා අතර තරඟයක් වන්නේ කෙසේදැයි තව දුරටත් විග‍්‍රහ කරගත යුතු වන්නේය.
වැඩවසම් යුගයට පෙර නායකයා තෝරාගත්තේ ශක්තිය උරගා බැලීමෙන්ය. වැඩවසම් යුගයේදී එය කුල ක‍්‍රමය මත පදනම්ව පාරම්පරික උරුමය තුළින් නායකත්වයට පත්වීමක් බවට පත්විය. පෙර පැවති ශක්තිය උරගා බැලීමට සාපේක්ෂව මේ ක‍්‍රමය සාමකාමී යැයි ජනතාව සිතුවද පාලකයා සිටියේ කිසිවෙකුට අතපෙවිය නොහැකි තරමේ උසකිනි. මේ අතර ආගමික සංස්ථාව මෙයට මැදිහත් වන අතර ඒ හරහා අසහාය පාලකයා ප‍්‍රශ්ණ කිරීමට හැකි තරමේ ඉඩකඩක් (ජනතාවට නැතත්)දෙවියන් වහන්සේට විවර වේ. මෙය ජනතාව හා පාලකයා අතර තරඟයේදී ජනතාව ලද ප‍්‍රථම ජයග‍්‍රහණයයි. එය සමාන කළ හැක්කේ අළුතින් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි රටක් දැවැන්ත කණ්ඩායමකට අභියෝගයක් වන තරමේ ළකුණු ප‍්‍රමාණයක් රැස්කිරීමටය. ඒ තුළ ජයග‍්‍රහණය කළේ නැතත් ප‍්‍රබලයා තැතිගැන්මකට ලක්වේ. මෙසේ ජයග‍්‍රහණයේ සුවඳ දැනගත් ජනතාව ආඥදායකත්වයේ පීඩනය දරාගත නොහැකිව ප‍්‍රංශයේ ලූවී රජු හා රුසියාව සාර් රජු වැන්නන් අමුඅමුවේ මරාදමා සෙවූ නිදහසේ ප‍්‍රතිඵලය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එනම් සමස්ථ ජනතාව පිළිබඳවම තනි පුද්ගලයෙක් තීරණ ගන්නවා වෙනුවට බහුතරයේ කැමැත්ත මත ක‍්‍රියාකිරීම යන්නයි. අද වන විට මෙම න්‍යායික සිද්ධාන්තය විවිධ වූ ප‍්‍රමාණයන්ගෙන් ප‍්‍රායෝගිකත්වයට නැගෙන පාලනයන් ලොව පුරා පවතී.
ඒ අනුව පැහැදිලි වන්නේ ජනතාව හා පාලකයා අතර තරඟයේ විවිධ අවධි වලදී ජනතාව ලද ජයග‍්‍රහණ හරහා අද ලොව පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහිව ඇති බවයි. එසේම ඒ හරහා නොකියා කියැවෙන දෙය වන්නේ අනාගතයේදී ජනතාව දිනාගන්නා දේවල් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉතිහාසයට එක්කරමින් දියුණු පාලන ක‍්‍රමයක් සොයාගන්නා බවයි. තත්වය එසේ නම් අප දැන් ශ‍්‍රී ලංකාව දෙසට හැරී බලමු. චීනය වෙනිසියුලාවෙ මෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හමකින් වැසුණු ඒකාධිපතියෙක් නැතත් ශ‍්‍රී ලංකාවත් සුදු හුණු ගෑ කළු බළලෙක් බව අමතක නොකළ යුතුය. මන්ද 1978 ව්‍යවස්ථාව යනු ප‍්‍රජාතන්ත‍්‍රීය මුහුණුවරක් ගත් ඒකාධිපති ආඥදායකත්වයක් ගැබ්වූ විධායක ජනාධිපති ක‍්‍රමයේ ත‍්‍රිපිටකයයි. 1977 දී ජේ.ආර් ලද 5/6ක නාහෙට නාහන බලයේ නාමයෙන් බිහිවූ 78 ව්‍යවස්ථාව ඒකාධිපතියෙක් බිහිකළද අඩව්වේ අප දක්නා පරිදි ඒ තුළද ජනතාව පරාජය වී නැත. මන්ද එතෙක් ජනතාවට හිමි නොවූ මූලික අයිතිවාසිකම් හා උපරිමාධිකරණයේ ආරක්ෂාව ඒ තුළින් ජනතාවට දායාද විය. නමුත් මෙය ඒකාධිපති ව්‍යවස්ථාවක් යැයි කීම අප කිසිසේත්ම බැහැර කරන්නේ නැත. එබැවින් ජනතාව දැන් ඉතිං මොනවා කරන්නද කියා සිටියේ නම් අද වන විට ශ‍්‍රී ලංකාවේද ජුලියස් සීසර් වැන්නෙක් රාජ්‍යය විචාරනු ඇත. නමුත් එයට ඉඩ නොතබා අවධියෙන් සිටි ජනතාව මධ්‍යගත පාලනයක් සහිත ඒකාධිපති ව්‍යවස්ථාවේ අනවශ්‍ය බලතල දියකර හැරීමට තරම් ධෛර්‍යවන්ත වූහ. ඒ අනුව 1987 ඉන්දු ලංකා ගිවිසුම ප‍්‍රකාරව 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් 2001 දී ගෙනා කොමිෂන් සභා සහිත 17 වන ව්‍යවස්ථා සංශෝධනයත් ජනතා ජයග‍්‍රහණයන් විය. මේ තුළින් වරම් ලද ඒකාධිපතියෙක් බිහිවීම වලක්වා ඊට එරෙහිව නැගී සිටීමට සදාචාරාත්මක වූත් නීත්‍යානුකූල වූත් අයිතිය ජනතාව වෙත පවරා ගන්නා ලදි. අප මෙහිදී සිහියට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මෙය මැතිවරණයක් තුළින් නොව ජනතාවගේ සක‍්‍රීය මැදිහත්වීම තුළින් ලබාගත් ජයග‍්‍රහණ වන බවයි.
අප දැන් විමසා බලමු මෙවර මැතිවරණය තුළින් ජනතාව ජය ලැබුවේ කෙසේද කියා. සැබෑවටම මෙවර මැතිවරණ වේදිකාවේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, 17 හා 13, දූෂණය - වංචාව වැනි මාතෘකා බඩුමිල, ජීවන වියදම සමග කරට කර නැගී සිටියේය. එය ශ‍්‍රී ලංකාවේ ජනතාව ලද දැවැන්ත ජයග‍්‍රහණයකි. මන්ද තහඩු, උළු, පොත්පත්, බෙදා ඡන්දය ලබාගැනීමට පෙළඹුණු දේශපාලනඥයන් මේ තත්වයට වෙනස් කරගැනීමට හැකිව ඇත්තේ ජනතාවයට. එබැවින් බත් පැකට් එකට හා අරක්කු කාලට ඡන්දය කළ කාලය අවසන් වන ළකුණු පහළ වී ඇත. අනෙක් අතට ප‍්‍රභාකරන්ට පින්සිද්ධ වෙන්න මැතිවරණ දිනූ කාලයත් අවසන්ව ඇත. මේ සියල්ල මෙවර ජනාධිපතිවරණය හරහා ජනතාව ලද ජයග‍්‍රහණයන් ලෙස දැක්විය හැකිය. නමුත් විශේෂ අවධානයක් යොමු නොකර බැරි කාරණයක්ද තිබේ. එනම් මැතිවරණයෙන් පසු ආණ්ඩු පාර්ශවය ගෙන යන දැවැන්ත මර්ධනකාරී ක‍්‍රියාපිළිවෙලයි. මැතිවරණයත් තුළ මාධ්‍ය නිදහස ගැන කතා කළ මහින්ද රාජපක්ෂ ප‍්‍රගීත්ගේ අතුරුදහන්වීම ගැන හෝ චන්දනගේ අත්අඩංගුවට ගැනීම ගැන කතා නොකරයි. යුධ ජයග‍්‍රහණයත් සමග දේවත්වයේලා සැලකූ හමුදා නිලධාරීන් 14 ක් අනිවාර්‍ය විශ‍්‍රාම යැවීම හා නිලධාරීන් 40ක් ස්ථාන මාරුකිරීම් ගැන හා හූවක් වත් නැත. ලංකා පත්තරයට සීල් තැබීම, ලංකා ඊ නිව්ස් හා ලංකා ටෲත් පුවත් අඩවි වසා දැමීම ගැන දන්නා බවක්වත් පෙන්නන්නේ නැත. විපක්ෂ අපේක්ෂකයාගේ ආරක්ෂාව මුළුමනින්ම ඉවත් කරන්නේ ප‍්‍රභාකරන් මරා රට බේරාගත් හමුදාපතිවරයා යන්න නොදන්නා ලෙසය. කරූ ජයසූරිය හා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආරක්ෂාව බින්දුවට දමන්නේ උන්ව මොකට ආරක්ෂා කරනවාද සිතාය. අනෙක් අතට ජැක්සන් ඇන්තනී රූපවාහිනියටත් රේණුකා චිත‍්‍රපට සංස්ථාවටත් සභාපතිවරුන් වී පත්වීමට නියමිතය. තවත් සංස්ථා සභාපතිවරු විශාල ප‍්‍රමාණයක් ඉල්ලා අස්වීමට සලස්වා ඇත. ඒවායින් පුද ලැබීමට මාලනී ෆොන්සේකා, ශ‍්‍රියන්ත මෙන්ඩිස් වැන්නන් සූදානම්ව සිටිති. මේ මොහොත වන විට රටේ උද්ගතව ඇති තත්වය මෙයයි.
දැන් අප බැලිය යුත්තේ මෙවන් ප‍්‍රතිඵල බිහිකළ මෙම මැතිවරණය ජනතාවට ජයක් ලබා දුන්නාද කියාය. සත්‍යය තත්වය නම් මෙහිදී ජනතාව පරාජය වී ඇත යන්නයි. මන්ද ජනතාව ජය ලැබුවේ නම් ඉහත ආකාරයේ ආඥදායකත්වයක් නැවතත් ඇතිවිය නොහැකිය. එනිසා දැන් ජනතාව තේරුම් ගත යුතු දෙය වන්නේ ග‍්‍රීක යුගයේ සිට මුතුන් මිත්තන් ජයලබා ගනිමින් තමන් වෙත උරුම කරදුන් ජනතාවාදී දේශපාලනයට මෙවර මරු පහරක් එල්ල වූයේය යන්නයි. නමුත් එසේයැයි කියා දෑත් හිස මත බැඳ 2015 වන තුරු බලා සිටිය යුතු නැත. සැබෑ පුරවැසියා යනු පාලකයන්ගේ ක‍්‍රියාකලාපය නිතර ප‍්‍රශ්ණ කරමින් රාජ්‍යය නිවැරදි මගකට ගන්නාය. ඒ සඳහා ඔහුට යුතුකමක් නොව වගකීමක් පවතින්නේය. එනිසා සමස්ථ ජනතාවටම (මහින්දට ඡන්දය දුන් ජනතාවට පවා) අඩව්ව මේ ආරාධනා කරන්නේ අපේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න, පෙරට එන්න, නැගී සිටින්න, බිය නොවන්න කියාය. මිනිසුනේ ‘‘නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා’’

.