Thursday, January 14, 2010

මහින්ද පරාජය භාරගත යුත්තේ ඇයි ? (1 කොටස)

ජනාධිපතිවරණයකදී ප‍්‍රකාශ විය හැකි ප‍්‍රතිඵලය පිළිබඳව දැනට පැවති පලාත් සභා මැතිවරණ සමග සන්සන්ධනය කර නිවැරදි විනිශ්චයක් දිය නොහැකිය. පලාත් සභා මැතිවරණ වලදී අපේක්ෂකයන් වන්නේ තමන්ගේ ගමේම පුද්ගලයන්ය. එනිසා ඔවුන් සමග ඇති පෞද්ගලික හිතවත්කම් සහ අපේක්ෂකයාගේ පවුලේ අය කෙරෙහි පවතින සම්බන්ධකම් වැනි සාධක බිම් මට්ටමේ ඡන්දදායකයාගේ හැසිරීමට දැඩි බලපෑමක් එල්ල කරයි. එබැවින් පක්ෂය, ප‍්‍රතිපත්තිය හා ජාතික මට්ටමේ චලනයන් ආදිය මේ තලයේදී ද්වීතීයික ඝණයේ බලපෑම් සාධක බවට පත්වන්නේය. නමුත් ජනාධිපතිවරණයේදී මේ තත්වය බොහෝ දුරට වෙනස් වේ. තමාට කිසිසේත්ම සමීප නොවන අපේක්ෂකයා දෙස ජනතාව බලන්නේ පෙර කී ප‍්‍රාථමික තත්වයන්ගෙන් ව්‍යුක්තවූද ඊට එහා ගිය සවිඥනිකත්වයක් තුළ නිර්මාණය වූ මානසිකත්වයක් සමගය.


එනිසා දැන් එළඹී ඇති ජනාධිපතිවරණය පලාත් සභා මැතිවරණ වල ප‍්‍රතිඵල සමග සසඳා නිගමන වලට එළඹීම අසාර්ථකය. නමුත් එය 2005 මැතිවරණයේ තත්වයන් සමග සසඳන්න යැයි අප ඉල්ලා සිටින්නේද නැත. මන්ද එදා තිබූ පරිසරය අද වන විට හාත්පස වෙනස් වී ඇති බව අප දන්නා බැවිනි. එබැවින් වත්මන් ප‍්‍රවණතාවන් එකිනෙක සමග සන්සන්දනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේය.


මෙහිදී අප මුලින්ම කළ යුතු වන්නේ එදා ප‍්‍රතිඵලයට වඩා මහින්ද දෙසට නැඹුරුවූ ඡන්ද බිහිවීමට හේතුවූ කරුණු සොයා බැලීමයි. ඉන් ප‍්‍රබලම කාරණය වන්නේ යුධ ජයග‍්‍රහණයයි. අතීතයේ යූ.එන්.පී ය මහවැලිය වික්කා සේම මහින්ද හැම ඡන්දෙකදීම විකුණන්නට තියාගත්තේ මෙම යුධ ජයග‍්‍රහණයයි. නමුත් ජනාධිපතිවරණයේදී මෙම යුධ ජයග‍්‍රහණයේ සමස්ථ වාසියම මහින්දට තනිව භුක්තිවිඳීමේ වාසනාව ගිලිහී යන්නේ මුළු යුද්ධය පුරාවටම හමුදාව මෙහෙයවූ හමුදාපතිවරයා ප‍්‍රබලම ප‍්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණ සටනේදී විපක්ෂව සිටගැනීම නිසාය. එසේ ඉදිරිපත්වූවා යැයි කියා මහින්ද ජාත්‍යන්තරය සමග කළ සටන හෝ යුධමය වාතාවරණය තුළ සමස්ථ රාජ්‍යයේම නායකයා ලෙස කළ කාර්‍යය මුළිනුපුටා වැටෙන්නේ යැයි අප තර්ක කරන්නේ නැත. නමුත් පලාත් සභා වේදිකාවන් සිසාරා රනිල්ගේ අලි-කොටි ගිවිසුම සමග සැසඳූ පරන්තන්, කිලිනොච්චි හා අලිමංකඩ ජයග‍්‍රහණ වල ප්‍රෞඩත්වය මෙම ජනාධිපතිවරණ වේදිකාවේදී අවලංගු කාසියක් වන බවත්, රනිල්ගේ සාමකාමී පෞරුෂය යටකරගෙන නැගී සිටි යුධ ජයග‍්‍රහණයෙන් ඔද වැඩුණු මහින්දගේ වීර පෞරුෂය තව දුරටත් ජනාධිපතිවරණ වේදිකාවේ අසමසම වන්නේ නැති බවත් අප අවිවාදයෙන් පිළිගත යුතු වන්නේය.(බිම් මට්ටමට යන විට ජනතාව තීරණ ගන්නේ පුද්ගලබද්ධ සාධක මත බව අප හොඳින් තේරුම් ගත යුතුය. එනිසා පුද්ගල පෞරුෂය එහිදී වැදගත් කාර්‍යයක් ඉටු කරනු ඇත.) මේ අනුව 2005දී යූ.එන්.පී ය සතුවූ උතුරේ ඡන්ද ලක්ෂ ගණනක් ප‍්‍රභාකරන්ගේ බලපෑමෙන් වැළකුණු තැන්හීදීත් ලක්ෂ එකහමාරක වැඩි ඡන්දයකින් පමණක් ජයගත් මහින්දට මේ තත්වයේ යුධ ජයග‍්‍රහණයකින් අද්විතීයිය වාසියක් අත්වනු ඇතැයි වහසිබස් දොඩවනු නොහැකි වනු ඇත්තේය.


මහින්ද සතු දෙවැනි වාසිදායක තත්වය වන්නේ ඔහුගේ සම්ප‍්‍රාප්තියේදීම ගෙනා ‘‘අපේකම’’ පිළිබඳ වූ තර්කයයි. ඒ හරහා ඔහු විසින් කළ බොහෝ දේ ඇත. නමුත් අප මෙහිදී අප සිහි එළඹවා ගත යුතු වන්නේ මේ අපේකම පිටුපස තිබුණේ ජවිපෙ වාමාංශික හස්තය බවටයි. ඒ නිසා මෙම අපේකමද ජවිපෙ හරහා පොම්ප කරන ලද ප‍්‍රතිපත්තියක් විය. ඒ අනුව නිර්මාණය වූ ‘‘අපි වවමු - රට හදමු’’ ‘‘වැව් දසදහසේ වැඩසටහන’’ ‘‘කිරිගොවීන් දිරි ගැන්වීම’’ ආදිය තදින් ගැමි ජනතාවගේ සිත් සතන් තුළ සටහන් විය. නමුත් පසුකාලීනව ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ආණ්ඩුව විසින් කුළියට ගත් එජාපයේ කෝප් ගැන්සිය තමන්ට හුරු ධනවාදී ප‍්‍රතිපත්තීන් සමග නොගැලපුණ මේ සමාජවාදී හෙවනැලි වලට ස්වාභාවික මරණයක් අත්වන්නට ඉඩ දුන්හ. මෙහි ප‍්‍රතිඵලය වූයේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා උඩ පැන පැන කියවූ ස්වයංපෝෂීත්වය වෙනුවට හාමතේ සිටින ජනතාවක් හා රුපියල් 100ට ඉහළ ගිය හාල් කිලෝවක් ඇති වීමයි. ඊට එතුමාගේ ආර්ථික විද්‍යාවේ තිබූ පිලියම වූයේ මහින්ද විසින් මුරුංගා අත්තේ තබා තිබූ දේශීය ගොවියාට පාඩමක් ඉගැන්වීමට පකිස්තානයෙන් හාල් මෙටි‍්‍රක් ටොන් ගණන් ගෙන්වීමය. එපමණක්ද නොව කිරිගොවීන්ට වෙන් කළ මුදලින් දෙකෙන් පංගුවක් ගසා කෑ උතුරුමැද මහඇමතිතුමන් රුපිලන් 200,000 ක් මිල වූ කිරිගොවි අලෙවි සැලක් හදන්නට රුපියල් 400,000ක් ගෙවා තිබුණේ ඇස් පියාගෙන මෙනි. මේ සිදුවීම් හරහා ආණ්ඩුවේ සැබෑ අපේකම හඳුනාගත් ග‍්‍රාමීය ජනතාව 2005දී ජවිපෙ සමග එක්ව ගත් ඡන්ද ප‍්‍රමාණයම ජවිපෙ විපක්ෂව සිටගත් විටත් ලබා දෙන්නට තීරණය නොකරනු ඇතැයි පැහැදිලිව කිව හැකිය.


මහින්දගේ වාසියට පවතින තෙවැනි හා අවසාන සාධකය වන්නේ සංවර්ධනයයි. ඒ තුළ මහාමාර්ග, ගුවන් පාලම්, ග‍්‍රාමීය මාර්ග, විදුලි බලාගාර, රණවිරු නිවාස ආදිය වන්නේය. මේවා මහින්ද දෙසට යම් ඡන්ද ප‍්‍රමාණයක් නැඹුරු කරන්නට ශක්‍යතාවයක් ඇති කරුණු ලෙස අප දකිමු. නමුත් මේ සංවර්ධයේ හොඳම කොටස පවතින්නේ ඒවාට අදාල අමාත්‍යංශයන් සතුව නොව. මාර්ග සංවර්ධනය සිදු කළ යුතු වන්නේ මහා මාර්ග අමාත්‍යංශයෙන් වුවද එය සිදු වන්නේ මග නැගුම හරහාය. උතුරේ හා නැගෙනහිර සමස්ථ මාර්ග සංවර්ධනය සිදුවන්නේ උතුරු වසන්තය හා නැගෙනහිර නවෝදය නම්වූ බැසිල්ගේ වැඩසටහන් හරහාය. (නැවත පදිංචි කිරීම් ගැන ඇමතිතුමන් කිසිවක් දන්නේ නැත. වරක් ඒ ගැන විමසූ විට එය බැසිල්ගෙන් විමසන්න යැයි ඇමතිතුමාම පවසා ඇත.) මේ හරහා පෙනෙන සංවර්ධනයට එහා ගිය නොපෙනෙන රාජපක්ෂ පවුලේ සංවර්ධනය සාර්ථකව සිදුවන බවයි. තවත් අවුරුදු 100කට ප‍්‍රමාණවත් ලෙස වරායන් 5ක් රට වටේ ඉදිවන බව මහින්ද පපුවට ගසාගනිමින් කෑගසයි. නමුත් එහි අයිතිකරුවා වන චමල් අයියාගේ නෝනා ලක්ෂ ගණන් වලට එම වරායන් වල රැකියා විකුණමින් හම්බකරන මුදල තවත් අවුරුදු 100කටත් වඩා කාලයකට තම පවුලට ප‍්‍රමාණවත් වනු ඇතැයි මහින්ද කියන්නේ නැත. එපමණක්ද නොව පොළොන්නරුවේ ඈත ගම්වල ජනතාව මෛත‍්‍රීපාලගේ බලාපොරොත්තු දේශපාලනයෙන් සංවර්ධනය එනතුරු බලාසිටියද හම්බන්තොටට විතරක් විශේෂිත වූ සීත මාලිගා ඉදිවන්නේය. මේ තත්වයන් කෙරෙහි සවිඥනිකව සිටිනා ජනතාව නැගෙනහිරින් ලැබීමට නියමිත නගරාධිපතිනියගේ හා තවමත් ප‍්‍රකාශ නොවූ පිල්ලෙයාන්ගේ සහය මත එකතු වන ලක්ෂ ගණනක් ඡන්ද පරද්දා ජනාධිපතිතුමන් බේරාගනු ඇතැයි කිසිවෙකුටත් කිව නොහැකිය.

මේ අනුව මෙම සටහනේදී අප උත්සහ දැරුවේ මහින්දට වාසිදායකව ඇතිවූ වෙනස්කම් පමණක් ගෙන ඒ හරහා ඔහුට මෙම මැතිවරණයේදී එම තත්වයන් කෙතරම් වාසිදායක වනු ඇත්දැයි සලකා බැලීමටය. අප මීලඟ ලිපියේදී ඔහුට අවාසිදාක ලෙස මේ වසර කිහිපය තුළ සිදුවී දේවල් ගෙන විග‍්‍රහ කිරීමට බලාපොරොත්තු වන අතර අවසන් ලිපියේදී වත්මන් පක්ෂ වල හැසිරීම මීට පෙර තත්වයන් හා සසඳා සැබෑ ජයග‍්‍රහණයේ දිශාව නිශ්චය කරගැනීමට උත්සහ දරන්නෙමු.

21 comments:

  1. තව දෙයක් ඇත එනම්, මහින්ද මෙරට එකිය බව වෙදිකා වල කියසිටියත් සරත් එගැන කතා කරන්නේ නැත.

    සරත් යුද ජය තනිව බුක්ති විදිමට යන්නේ, නාවුක / ගුවන් / සිවිල් හා පොලිසිය අමතක කරමින්ය.

    ReplyDelete
  2. ඔබගේ ඉදිරි ලිප දෙක පලවිම බලාපොරොත්තුවෙන් සිටිමි ...

    ReplyDelete
  3. බගේ අදහස් දැක්වීමට ස්තූතියි.ඔබගේ අදහස් වලට ගරු කරමි.

    මා මෙහිදී උත්සහ ගත්තේ මහින්දට වාසිදායකව ඇතිවී ඇති තත්වයන් අතලොස්ස විස්තර කිරීමට පමණි. එම විස්තරත් සමග එ්කීයත්වය යන්න ඍජුව සම්බන්ධ නොවේ යන්න මගේ අදහසයි. මන්ද එ්කීයත්වය පිළිබඳ ඔබ තර්කයක් මතු කරන්නේ නම් එය සම්බන්ධ වන්නේ ද්‍රවිඩ ජාතික සංධානය සමග ඇති කරගත්තාය කියන ගිවිසුම මත ගොඩනැගුණු තත්වය සමගය. නමුත් ඊයේ 13දා ස්වර්ණවාහිනියෙන් සම්බන්ධන් මහතා සමග කළ සජීවී සාකච්ඡාවේදී එතුමා එම අදහස ප‍්‍රතික්ෂේප කළේය.

    ඔබ අදහස් කළේ එය නොවේ නම් සමාවෙන්න. එසේ නම් තව දුරටත් එය පැහැදිලි කිරීම මට ප‍්‍රයෝජනවත් වනු ඇත.

    ReplyDelete
  4. @hashan
    නැත අවශ්‍යය නැත. ඔහු එසේ මධ්‍යට හෝ ජනතාවට කිව්වේනම්. එය හොද දෙයකි. නමුත් දෙරණ නාලිකාවට ටඑන්ඒ එක් මැතිතුමෙක් කියා ඇති දේය ගැන ඔබගේ අදහස දැන ගැනිමට කැමැත්තෙමි....

    පුලවන්නම් වර්ඩ් වෙරිපිකේෂන් අයින කරන්න ...

    ReplyDelete
  5. @ නුවර පාර

    වර්ඞ් වෙරිෆිකේෂන් අයින් කරන්න මම දන්නේ නෑ. එය කියා දෙන්න පුළුවන්නම් බොහොම ස්තූතියි. මගේ ඊ ලිපිනය nathawithara@gmail.com

    මෙහෙමයි. අපි මහින්ද කවුද කියා නොදන්නවා නෙමෙයිනේ. ද්‍රජා සංවිධානයේ සිවාජිලිංගම්ත් කලින්ම අපේක්ෂකයෙක් කළේ වත්මන් ජනාධිපතිතුමාමනේ. එයා විතරක් නෙමෙයි. අර හාමුදුරුවොන්ගේ බළලත් අද මල්ලෙන් එළියට දැම්මා. මහින්ද විසින් ඔය 22න් බරගානක් දාලා තියෙන්නේ. හෙට අනිද්දා ඉතුරු ටිකත් ඔය විදිහටම මහින්ද ජනාධිපතිතුමාට අපි සහය දෙනවා කියලා කොන්ත‍්‍රාත් එක ඉවර කරලා යයි යන්න. අපි අද්විතීය යැයි කියා ගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බල්ලාට දාන්න අද වෙන විට ඔය සහෝදර ගැන්සිය වැඩ කරන්නේ ඔය විදිහටයි. මේ කඬේ යවන්න හදන්නේ කවුද කියලා හිතන්නකෝ. වෙන කවුරුවත් නෙමෙයි. අහිංසක ඡන්දදායකයන් නේද? මෙහෙම එන්නත් කලිං කඬේ යවන ජනාධිපති කෙනෙක් ආවාම මොනවා නොකරයිද?

    ද්‍රවිඩ ජාතික සන්ධානේ තත්වේ මේකයි. එයාලාව අන්තිම වෙලාව වෙනකල් නම්ම ගන්න බැසිල් මාර ගේමක් දුන්නා. බැරිම වුණ තැන අතඇරලා දැම්මා. ඊට පස්සේ එයාලත් එක්ක හොර ගිවිසුම් ගැහුවා කියලා ප‍්‍රචාරය කරනවා. එහෙම හොර ගිවිසුමක් නෑ කියලා එහි නායකයා වෙන සම්බන්ධන්ම කියනවා. එ්ත් තාමත් එ් කතාව ලැජ්ජා නැතුව මාධ්‍ය හරහා දානවා. සිවාජිලිංගම්ව කඩලා අපේක්ෂකයෙක් කරපු සහෝදරවරුන්ට තව කෙනෙක් ලවා බොරු කියවන එකත් මහ දෙයක් නෙමෙයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඔය හාමුදුරුවෝ එහෙම එනවා වගේ අන්තිම වෙද්දි සිවාජිලිංගමුත් මහින්දට දෙන්න කියලා කියන්න ඉඩ තියෙනවා. එ්ත් සමහර විට දෙමළ ඡන්ද කීයටවත් ලැබෙන්නෑ කියලා දැනගත්තොත් සිවාජිලිංගම්ව වෙනම උස්සලා තියලා (ස්වර්ණවාහිනිය වැනි ටික කලකට කුළියට ගන්නා මාධ්‍යයක් හරහා) ෆොන්සේකට යන ඡන්ද කඩන්නත් පුළුවං.

    එ් නිසා මම කියන්නේ අපි මෝඩ වෙන්නැතුව හරි පාර දැක්කොත් විතරයි මේ උගුල් වලින් බේරෙන්න පුළුවං කියලා.

    ReplyDelete
  6. කියන කතා හරියයි කයමු. එත් සරත් මෙරට එකිය රටක් බව තාමත් කියන්නේ නැහැ.

    හැබැයි තරකයක් ලෙස ඉදිරපිත් කරන්න එපා 'යුද්දය ජය ගත් කෙනා රට කඩන්නේ නැහැ කියලා'

    ReplyDelete
  7. ඔබ එ්කීයත්වය ගැන දිගින් දිගටම ප‍්‍රශ්ණ කරනවා. ඔබගේ බ්ලොග් සටහනේත් ඔබ එ්කීයත්වය වෙනුවෙන් කඬේ යන කෙනෙක් කියාම හඳුන්වා දෙනවා. කෙසේ වුවද ඔබ වැන්නෙක් මෙලෙස ශිෂ්ටසම්පන්නව අදහස් හුවමාරු කරගැනීමට පැමිණීම ගැන මුලින්ම මා ඔබට ස්තූති කිරීමට කැමතියි.

    හරි කැන්ඩි අපි මෙහෙම හිතමු. සම්බන්ධන්ට ප‍්‍රභාකරන්ට වගේ වෙනම රාජ්‍යයක් ඕනෙද? මේ ප‍්‍රශ්ණෙට මගේ උත්තරේ නම් නෑ කියන එ්කයි. එ් ඇයි කියනවානං එයාට වෙනම රාජ්‍යයක් ඕනෙනං මෙච්චර කල් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එන්නෙ නෑනේ. එහෙනං එයත් යුද්ධ කරන්න එපැයි. අඩුම ගානේ ඩග්ලස් ඇමතිතුමා වගේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් හරි හදාගන්න එපැයි. එහෙම නෑනේ.

    මේ රට ආපහු ෆෙඩරල් කරන්න ඕනෙ නෑ. දැං කොහොමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඡන්දයක් තිබ්බහම උතුරෙන් එන්නේ දෙමළ නියෝජිතයොම තමයි. නැගෙනහිරින් මුස්ලිම් අය එයි. එයාලට තම ප‍්‍රදේශ වල බහුතරය තියෙනවනේ. ඉතිං සම්බන්ධන්ට එ්ක නේද එදත් අවශ්‍ය වුනේ. ප‍්‍රභාකරන් වුනත් ප‍්‍රජානත්ත‍්‍රවාදීව ගෙනාවනං වෙන්නෙත් ඔච්චරමයි.

    එ්ත් ඔයාලට තියෙන ප‍්‍රශ්ණය මේකත් නෙමෙයි. මේ අය ඇවිත් දකුණේ සිංහල බහුතරයේ ජනතා නියෝජිතයන් හරහා ඇතිවන ජාතිවාදී ආණ්ඩු වලට කඬේ නොයා එ්වා පෙරලන්න හදයි කියන සැකයනේ. ඔන්න ඔතන තමයි අපි හැමෝම කෙලව ගන්නේ. එ් කියන්නේ අපි හොයන්නෙත් එ්කීය වූත් ප‍්‍රජාතන්ත‍්‍රීය රාජ්‍යයක් නෙවෙයි. අපිට ඕනේ සුළුතරය යටකරගත් අමු සිංහල රාජ්‍යයක්. ඕකනේ අපි නොකියා කියන ඇත්ත.

    ReplyDelete
  8. @හෂාන්
    ඔබ මා හදුන්වාදුන් අකාරයට මම මහත් සෙ සතුටුවෙමි ... ඔබත් මඩ වලින් ෙතාර නිසාම මමත් කෙමන්ට් දමන්නට පෙළබි අත ...

    අපි වසර ගනනාවක් සිට සටන් කර ජයගත්ෙත් ඒකිය රටක් අැතිකරිමට ෙනාෙවනම්. ඒම සටන් වල දිවිපිදු විරැවන්ට අපි දෙන පිලිතුර කුමක්ද?

    සිංහල රජ්‍යය යන කාරනාවට මම තදින් වරද්ද වෙමි. මෙරට නියකයා විමට ඔනැම අයකු අයිතිය අැතත්. සිංහල බවුද්යකු හට ඒම අයිතිය වැඩිපුර අැතැයි මම සිතමි.

    ඔය හින්දා තමයි 17 වෙනි සංෙශාදනය යතාර්තයක් ෙනාවන්ෙන්. ඒක ජාති අනුව බෙදලා.

    ReplyDelete
  9. කැන්ඩි,

    17 මම දකින්නේ ජාතීන් අනුව බෙදලා නෑ. එ්කෙ බෙදලා තියෙන්නේ පක්ෂ අනුව. එහෙම බෙදද්දි අපි ජාතීන් හැටියට පිළිගන්න මැලි වෙන උඩරඩ පහතරට වැනි බෙදීමුත් නියෝජනය වෙනවා. ඔබ කියන විදිහට සිංහල බෞද්ධයන්ට නායකයා වීමට වැඩි ඉඩක් තිබිය යුතු නම් ජාතීන් අනුව බෙදීම තමයි හොඳ වෙන්නේ.

    ඔබගේ අදහස් නියෝජනය කරන්නේ ශ‍්‍රී ලංකාවේ සමස්ථ සිංහල ජනතාවගේ අදහස්ම තමයි. ඔබ එ්ක කෙලිං කතා කරන එකයි වෙනස. එ්ත් ටිකකට හිතන්න කැන්ඩි, අපි මුරලිට කැමතියි. මොකද එයා දෙමළෙක් වුණාට සිංහලයන්ගෙ රට දිනවන්න ක‍්‍රීඩා කරලා මහින්දට ඡුන්දෙ දෙන්න කියලත් කියනවනේ. එ් කියන්නේ එයා ඇත්ත දෙමළෙක් නෙමෙයි කියන එකයි මගේ හැඟීම. එයා ජැක්සන් ඇන්තනී වගේ බුද්ධාගම බඩගෝස්තරය කරගත්ත මිනිහෙක් විතරයි. එ්ත් ඔයාලා කැමති දෙමළුන් වුනත් කමක් නෑ සිංහල අපිටත් වැඩිය මහින්දට කඬේ යනවනං එච්චරයි කියලනේ.
    ඔය චින්තනය ටිකකට අයින් කරලා හිතලා බලන්නකෝ අපි තුළ තියෙන ඇත්ත ගැන. අපි ඇත්තටම බය දෙමළ නායකයෝ ඇවිත් අපේ රට අල්ලගෙන උන්ගෙ කරගනියි කියන එක නේද? හැබැයි කවදාහරි එ්ක වුණොත් එ්කට වැරදිකාරයෝ වෙන්නෙත් බොරු බයකින් එ් මිනිස්සුව එතෙන්ට දක්කපු සිංහල බෞද්ධයෝ කියාගන්න අය මිසක් එ් අයගේ අයිතීන් පිළිගන්න සූදානම් වුණ දේශද්‍රෝහීන් කියන අපි නොවෙයි.

    ReplyDelete
  10. 17 අපි තකා ෙනාකර ඉමු. මන්ද යත් මම ඒය අධ්‍යයනය කර නැත. මම දන්න ටික විතරයි මම කිව්ෙව්

    මුරලි සිංහලයන් වෙනුවෙන් සටන් කරනවා කියන කාරනාව වැරදිය. ඔහු සෙල්ලං කරනෙන් රට වෙනුවෙන්.

    නැවතත් මම අවධාරනය කල යුතු වන්ෙන් මට අවැසි ඒකිය රටක් යන්නය. ඒහිදි ඒතනට ඒන ඔන අයකුට මම කැමැත්ෙතමි.

    රට දෙමළ නායකයන් අල්ලා ගැනිම
    මචං ඒක සාදරණ බයක් නෙෙමයිද? උතුර විතරක් පාලනය කුරපු කෙනා මව් රටට ඒහෙම කලා නම්. ඔක්ෙකාම ලැබුෙනාත් ෙමාකක් කරයිද කියලා අපිට හිතා ගන්න පුලුවන්ද? අනික මෙරට සිංහල බවුද්දයට අයිතිහාසික වගකිමක් තියනවා අපරට පිලිබදව. මට දැනගන්න පුලුවන්ද දෙමළ විම නිසාම ඔවුන්ට අැති ගැටලු? ඒම අයිතින් ගැන කතා කරන කවුරැත් ඒ ගැන වස්තර කියන්ෙන් නැහැ ... ඔයාවත් කියන්න බලන්න.

    ReplyDelete
  11. කැන්ඩි,

    //උතුර විතරක් පාලනය කුරපු කෙනා මව් රටට ඒහෙම කලා නම්. ඔක්ෙකාම ලැබුෙනාත් ෙමාකක් කරයිද කියලා අපිට හිතා ගන්න පුලුවන්ද?//

    මෙතන තමයි ඔබ පටලගෙන ඉන්නේ. උතුර පාලනය කළ ප‍්‍රභාකරනුයි, දෙමළ නියෝජිතයනුයි ඇයි සමාන කරන්නේ. ප‍්‍රභාකරන් කළේ ත‍්‍රස්තවාදයෙන් පාලනය ගන්න. ඒත් දෙමළ නියෝජිතයෝ එහෙම නෑ. ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රීය රාමුවක් තුළ සර්වජන ඡන්ද බලයෙන් තමයි පත්වෙන්නේ. එයාලා ත‍්‍රස්තවාදීන් වගේ ආයුධ බලයෙන් නෙමෙයි මතවාදය පතුරවන්නේ. එයාලා කරන්නේ පොදුවේ දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය ව්‍යවස්ථාදායක තුළදී ප‍්‍රකාශ කිරීම පමණයි.

    අනික මේ ත‍්‍රස්තවාදය ඇති කරගත්තෙත් ඔය කියන දෙමළ නායකයෝ නෙමෙයි. ඒක කළේ බණ්ඩාරනායක, සිරිමා සහ ජේ ඇර් කියන අපේම සිංහල නායකයෝ. ඔබට වගේම එයාලටත් ඇතිවෙච්ච අනියත බිය තමයි මේ සියල්ලටම මුල වුණේ.

    බණ්ඩාරනායක සිංහල පමණක් පනත ගෙනාපු එක

    බණ්ඩා-චෙල්වා ගිවිසුම හාමුදුරුවරු ඉරපු එක

    ඩඞ්ලි-චෙල්වා ගිවිසුම අහෝසි වුණ එක

    72 සිරිමාවෝ ගේ දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමය හරහා විශ්ව විද්‍යාල ප‍්‍රවේශය දීපු එක

    ජේ ආර් ආණ්ඩුවේ අඩු සැලකිලි හා ඔවුන් ගින්න ඇවිලෙන්න ඉඩදීපු එක

    තමයි මේ ඔක්කොටම මුල. ඉතිං මම කියන්නේ වෙනම රාජ්‍යයක අවශ්‍යතාවයක් නොතිබුණ ඔවුන්ට ඒක ඇති කළේ අපිම තමයි. අනික ඒ අයගේ ක‍්‍රියාකාරීත්වයත් දෙවිදියකට ඇති වුණා.

    1.ඔබ අපි ඇතුළු හැමෝම බය වෙලා හිටපු ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය.

    2.සම්බන්ධන් ඇතුළු දෙමළ සංධානය හරහා ගෙන ගිය ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාමාර්ග.

    මෙතනදි අපි පටලගන්න තවත් දෙයක් තමයි සම්බන්ධන්ලා කොටි විදිහට හංවඩුගහන එක. එයාලට ඡන්දය ගන්න අවශ්‍ය නිසා සමහර ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළදී ප‍්‍රභාකරන් සුද්ද කරන්න හැදුවා තමයි. නමුත් ඒ සෑබෑ අවශ්‍යතාවයට නෙමෙයි. එයාලත් ඕනේ තරම් ත‍්‍රස්තවාදය විවේචනය කළා. ඒත් ඒක එළිපිට කියන්න බැරි වුණේ එයාලගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා ත‍්‍රස්තවාදය බලවත් නිසයි. නමුත් දැන් තත්වය නිසායි. ඒකයි මම කියන්නේ ඒ කෝණයෙන්ම බලන්න එපා කියලා.

    දැං රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් නම් කීයටවත් සම්බන්ධන්ට උතුරේ වෙනම රාජ්‍යයක් හදන්න බෑ. එහෙම කරන්න ගියොත් ඔබගේ ජාතිවාදයට (වරදවා හිතන්න එපා) විරුද්ධව මේ කතා කරන කටවල් සියල්ලම එදාටත් ඒ අයට විරුද්ධව කතා කරනවාමයි. ඒත් මම කියන්නේ අපි අනවශ්‍ය විදිහට අන්තගාමී වෙන්න හොඳ නෑ.

    දෙමළ මිනිස්සුන්ට දෙමළ වීම නිසා තියෙන ප‍්‍රශ්ණ හඳුනගන්න පුළුවං ඔබ යාපනේ විශ්වවිද්‍යාලයේ පාඨමාලාවකට ගිය ශිෂ්‍යයෙක් නම්. මම දන්නවා අපේ සිංහල බහුතරය ඉන්න විශ්වවිද්‍යාලයකට ආව දෙමළ විතරක් කතා කරන්න පුළුවං ළමයි වින්ද මානසික වේදනාව දැකලා. ඒ අයගේ මානසිකත්වය තේරුම් ගන්න නම් අපි සුළුතරය වෙලා බලන්නම ඔනේ. ඒකයි මම කිව්වේ යාපනේ විශ්ව විද්‍යාලයේ හිටියනං තේරෙයි කියලා. මම කියන්න ඔනේ නෑ ඔබම ටිකක් කල්පනා කරලා බලන්නකෝ. ඒ මානසික වේදනාව විතරයි. මීට එහා ගිය පිලිගැනීම ඇතුළු දේශපාලන නියෝජනය වැනි ප‍්‍රශ්ණ ගනනාවක් ඇත.

    ReplyDelete
  12. http://chathurangarupasingha.blogspot.com/2010/01/blog-post_483.html


    @ හෂාන්
    ඔයාලග තියන පින්තූරටික ඔයාගෙ බ්ලොග් එකේ දාන්න එහෙම නැත්නම් ඒ ටික මේ ඊමේල් wcrupasingha@yahoo.com ලිපිනයට එවන්න ඒක ගොඩක් අයට ප්‍ර්‍රයෝජනයක් වේවි

    ReplyDelete
  13. @හෂාන්
    මුලින කාරනා හා බොහොමක් දුරට එකග නිසා එගැන වැඩිපුර කතා නොකරම්
    වැඩිදුර
    http://kandyroad.blogspot.com/2010/01/blog-post.html බලන්න



    මම විශ්ව විද්‍යල කාරනව පමණක් කතාකරන්නම්
    ඔක ඉතින් සිංහල දෙමළ විම නිසාම ඇතිවන ගැටලුවක් නෙමෙයි. හිතන්න ඔයාට ඉංගිරිසි බැහැ. එත් ඔයා යනවා කොළඔ තියන හෝටලයකට. ඔයා කොහෙමද ගනුදෙනු කරන්නේ එයාලා ඉංගිසි විතරක් තතා කරනවනම්. ඔකට විසදුම බලය බෙදන එක කායලා ඔයා කියනවන්ම් ඉතින මට ඊට වඩා පැහැදිලි කිරමක් කරන්න බැහැ.

    ReplyDelete
  14. @හෂාන්
    මට කියන්න දෙමළ අය දෙමළ විම නිසාම. සිංහල අයට ඇති දෙමළ අයට නැති අයිතිවාසිකම් මොනවද කියලා. එ කියන එකක්වත් සිංහල අයට තියෙන්න බැහැ

    ReplyDelete
  15. @ kandy,

    ඒ වෙනස් කම් නිසා තමයි එයාලාට සිංහලයා නොකියා දෙමළා කියලා කියන්නේ. ඒ වෙනස් කම් තුළ මානසික, කායික, ආගමික, සංස්කෘතික, සමාජයීය දේවල් රැසක් තියෙනවා. ඒ හැම දේම අයින් කරලා දේශපාලනික කෝණයකින් විතරක් ඒ දිහා බලන්න එපා. එතන තමයි අපි වරද්ද ගන්නේ. හිතලා බලන්න මේ රට සුද්දා පාලනය කරද්දි අපි ඇයි මේ තරමි දුක් විඳලා උන්ව පැන්නුවේ. ඒ හේතුවම තමයි උතුරේ දෙමළ ජනතාවටත් පොදු. එයාලා තමන්ට පාලන බලතල ඉල්ලන්නේ ඒකයි.

    ReplyDelete
  16. @hashan
    එතකොට දකුණ හා උඩරට මිනිස්සු ඉල්ලුවොත් එකත් දෙන්න ඔනාද?

    ReplyDelete
  17. @hashan
    තව තියනවා කදුරට දෙමළ / නැගෙන හිර මුස්ලිම් / නැගෙනහිර දෙමළ / මිගමුව කතෝලික /

    ReplyDelete
  18. ඔව් එ්වත් දෙන්න ඕනේ කියලයි මම හිතන්නේ.

    හැබැයි ඔබ දකින බලය බෙදීම නෙමෙයි මම කියන්නේ. එ් අයගේ ස්වාධීනත්වය රැකෙන විදිහේ ඉතා කුඩා පරිමාණයේ විධි විධානයක් වුණත් වෙන්න පුළුවං.

    අපේ සමහරු හැම වෙලේම කෑගැහුවට බලය බෙදීම කියන්නේ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඇමරිකාව හරි තවත් කොහේ හරි රටක් දිහා බලාගෙන එ්ක තමයි මේ ෆෙඩරල් කියන්නේ කියලා හිතනවා. එ්ත් එයාලා දන්නේ නෑ දැං තියෙන පලාත් සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභා කියන්නෙත් බලය බෙදීමක් තමයි කියලා. එ් විතරක් නෙමෙයි ඩඞ්ලි දෙන්න ලෑස්ති වුණ ගම් සභා ක‍්‍රමයට කෑගහපු මිනිස්සු නිසා තමයි අන්තිමට පලාත් සභා තරම් දරුණු එකක් ආවෙත්.

    එ් නිසා මම කියන්නේ ඔබ මට වඩා දශමයක් හරි වෙනස් නං අපි දෙන්නට එකම බල කේන්ද්‍රයකින් පාලනය වෙන්න බෑ. එ්ක එකම තැනකින් වුනත් අපේ විශේෂත්වය මත ගැලපෙන තරමට වෙනස් වූ ආකාර දෙකකින් පාලනය විය යුතුයි.

    හැබැයි එ්ක තුළ කවදාවත් වෙනම රාජ්‍යයක් ගැන මං කතා කරන්නේ නෑ. මොකද බෙදුන හැම රටක්ම අන්ත දුගී වුණා මිට ගොඩ ආවේ නෑ. (උදා- ඉන්දියාවෙන් 1947දී කැඩුන පකිස්තානය ඉන්දියාවට වඩා දුප්පත් වුණා, පකිස්තානයෙන් 1972දී කැඩුව බංග්ලාදේශය පකිස්තානයටත් වඩා දුප්පත් වුණා)

    ReplyDelete
  19. machan meka political category eke categorize karapan.nethnam maga herenna puluwan

    ReplyDelete
  20. @hashan
    ඔබගේ පැහැදිලි කිරිම ඉතා පැහැදිලිය.

    ReplyDelete

Related Posts with Thumbnails