Thursday, January 21, 2010

මෙන්න සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය.........(මහින්ද පරාජය භාරගත යුත්තේ ඇයි - 3 කොටස)




මහින්දගේ රාජයෝගයට වින කරමින් විපක්ෂව අත්වැල් බැඳගත් පාර්ශව රැසක් තම පොදු අපේක්ෂකයා ලෙස නිර්පාන්ෂික පුද්ගලයෙකු වන ජෙනරාල්ව ඉදිරිපත් කරමින් වත්මන් දේශපාලන කරලියට උණුසුමක් ගෙනෙන්නට සමත් විය. අප මේ ක‍්‍රියාව අනුමත කරන්නේ තරඟයකින් තොරව ජයගත හැකි එක් අපේක්ෂකයෙකුගේ වන්මෑන් ෂෝ එකක් දැකීම වෙනුවට කරට කර සටන් වැදිය හැකි දැවැන්තයින් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක් හරහා පත්වන පාලකයා ජේ ආර් කරණයෙන් මිදුණු පාලනයක් වෙත ගෙන යෑමට ජනතාවට අත්වන හැකියාව නිසයි. කෙසේ වුවද මහින්ද තම ඒකාධිපති සිහිනය අතහැර දමා ජෙනරාල්ව හිට්ලර් ලෙස හඳුන්වා දීමෙන්ම ඔහු බොඳ කරගෙන ඇති සිහිනයේ කතන්දරය මෙහිලා දිගහැර දැක්වීමට අප උත්සහ ගනිමු.

ජවිපෙ පළමු පියවර

ජෙනරාල් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමේ සදාචාරාත්මක අයිතිය හා හැකියාවද තිබුණේ ජවිපෙ සතුවය. ඒ ඇයි දැයි විශ්ලේෂණය කර බැලීමේදී පහත හේතු ඊට මගපෑදුවා යැයි සිතන්නට හැකිය.

1. ජවිපෙ සහය මත පත්වූ ජනාධිපති මහින්ද ජෙනරාල්ව යුද්ධයේ තීරකයා ලෙස තෝරා ගැනීම.
2. ජවිපෙ හා ජෙනරාල් විසඳුම ලෙස දුටු යුද්ධය කරන තැනට මහින්ද ගෙන ඒමට ජවිපෙට හැකිවීම.
3. ආණ්ඩුවෙන් දික්කසාද වුවද යුද්ධය අවසන් වන තුරුම ජවිපෙ තම සහය උපරිමයෙන් ආණ්ඩුවට ලබාදීම.
4. ජවිපෙ එදා සිට අද දක්වා එකලෙසම හමුදා සෙබලූන් වෙනුවෙන් කතා කිරීම.
5. ජවිපෙ හා ජෙනරාල් යන දෙදෙනාම වැඬේ කරගත් පසු මහින්දගේ පිළිගැනීම අඩුවූ අය වීම.

මේ හේතු නිසා ගලවාගැනීමේ හමුදාවටවත් නුසුදුසු යැයි කියූ මංගලට හෝ පාමංකඩ යනවාය කියූ එජාපයටත් වඩා එම කපුකම විලිලැජ්ජා නැතුව කිරීමට හැකි එකම පක්ෂය වී තිබුණේ ජවිපෙ පමණි. ජවිපෙ එලෙස කරලියට ගෙනා ජෙනරාල්ව පොදු අපේක්ෂකයෙකු කර සැමට සහයෝගය දිය හැකි තත්වයක තබන්නට ඔවුන් පෙළඹෙන්නේ තම සුළු ඡන්ද ප‍්‍රමාණයෙන් තනිව එය කළ නොහැකි නිසාය.

එජාපයේ එකඟත්වය

මෙහිදී එම නොහැකියාව වෙනුවට තම පක්ෂය සතු 40% කට ආසන්න ස්ථීර ඡන්ද පදනම නියෝජනය කරන ඡන්ද සියල්ල යෙදවීමට එජාපය තීරණය කරනු ලබයි. ඒ වූකලී ජෙනරාල්ගේ දෑත් ශක්තිමත් වූ ප‍්‍රබලම හා පළමු අවස්ථාවයි. මෙලෙස එජාපය ජෙනරාල් සමග එක්වීම පසුපස ඇති ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් දෙකකි.

1. පවත්නා සන්ධාන ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කරන මහින්දගේ ජයග‍්‍රහණය බිඳ දැමීම.
2. ඒ හරහා මීළඟ පාර්ලිමේන්තුවේ බලය නතුකර ගැනීම.

මේ සඳහා පවත්නා පවත්නා චලනයන් මනාව හඳුනාගත් එජාපය ජවිපෙ සමග එකට සිටගන්නේ න්‍යායාත්මක තත්වයන් වලට එහා ගිය පොළවේ දේශපාලනය මනාව හඳුනාගත් පිරිසක් ලෙසය.

අප මීළඟට විමසා බැලිය යුතු වන්නේ මේ දෙපාර්ශවයේ සහය ජෙනරාල්ට කෙතරම් පහසුකරණයක් සලසනු ඇත්ද යන්නයි. එජාපය යනු ශ‍්‍රී ලංකාවේ වැඩිම ස්ථීර ඡන්ද පදනමක් සහිත පක්ෂයයි. එහි ප‍්‍රමාණය 40% කට ආසන්නය. එනම් ඡන්ද ප‍්‍රමාණය අතින් ලක්ෂ 40 ඉක්මවන ඡන්ද ප‍්‍රමාණයකි. (2005 වන තුරුත් තනිව පක්ෂයක් ලෙස තරඟ කළ හැකි එකම පක්ෂය ලෙස ඔවුන් හඳුනාගත හැක්කේ මේනිසාය.) මෙම සමස්ථ ඡන්ද ප‍්‍රමාණයම නියෝජනය කරන්නේ දකුණේ පාක්ෂිකයන්ගේ ඡන්ද වලින් පමණක් නොව ඔවුන් සතුව උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයන්ගේද විශ්වාසයද විය. ඒ අනුව උතුරේ හා නැගෙනහිරදී ප‍්‍රාදේශීය වැඩි වාසි පක්ෂය හැරුණු විට දෙවැනි හෝ තුන්වැනි තැනට තමන්ගේ ඡන්ද ප‍්‍රමාණය සටහන් කරගන්නට ඔවුන් සමත් වූයේ සන්ධානයේ ඡන්ද ප‍්‍රමාණය මැතිවරණ විකාශනයේදී නොකියවෙන තත්වයක් තුළය.


ජවිපෙ යනු ශ‍්‍රී ලංකාවේ දකුණ නියෝජනය කරන තුන්වන බලවේගයයි. ඔවුන් සතුවද ලක්ෂ 5කට ආසන්න ඡන්ද ප‍්‍රමාණයක් ස්ථීරවම පවතී. එසේම ජවිපෙ යම් ඡන්ද පදනමක් සහිත පක්ෂයක් සමග එකතු වූ කළ නිර්මාණය වන්නේ දෙපාර්ශවයේම ඡන්ද ගණන එකතු වූවාට එහා ගිය තත්වයකි. මන්ද යත් ජවිපෙ සතු තරුණ ජවය සහ සංවිධාන හැකියාව එය දෙගුණ තෙගුණ කරන්නට සමත් වීම අප අත්දැකීමෙන්ම දන්නා දෙයකි. බහුතර විශ්ව විද්‍යාලයන්හී ශීෂ්‍ය සංගම් බලයද, අන්තරේ බලයද, භික්ෂු අන්තරේ බලයද, තමන් සතු කරගෙන සිටින ජවිපෙ විසින් මෙවර අළුතින් එකතු වන ඡන්ද ලක්ෂ 2 කෙරෙහිද යම් ශක්තිමත් බලපෑමක් කරන්නට පැහැදිලි ඉඩක් තිබේ.

මේ අනුව පෙර කී එජාපයේ ශක්තිමත් පදනම හා එක්වූ ජවිපෙ ක‍්‍රියාශීලී තරුණ ජවය විසින් ජෙනරාල්ව මහින්ද පේන මානයට ඔසවා තබන්නට සමත්වූවා යැයි කිව හැකිය.

මංගල - මනෝ - හකීම් එයි.

මින් පසු ජෙනරාල් සමග එක්වූයේ මංගල සමරවීර නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයයි. ආණ්ඩු පාර්ශවයෙන් මෙයට එල්ල කරන චෝදනාව වන්නේ මෙය තනි පුද්ගලයෙකුගේ පක්ෂයක් කියාය. නමුත් මෙතෙක් සිදුවී ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ සහ නියෝජ්‍යය ඇමතිවරුන්ගේ පිල්මාරුවට තිරය පිටුපස සිට සිතියම ඇන්දේත් මේසා සූක්ෂම මැතිවරණ සටනක් නිර්මාණය කළේද කුමන පළපුරුදු කාරයාදැයි අපට වඩා හොඳින් මහින්දම දනී. අනෙක් අතට ඔහුගේ දිස්ත‍්‍රික් නියෝජිතයන්ගේ තරම නොදන්නා ආණ්ඩුවට එක් උදාහරණයක් ලෙස මහනුවර තත්වය පැවසීමට කැමැත්තෙමි. මේ වන විටත් මහනුවර සැබෑ තත්වය නම් එජාප නායකයන් තරුණ ක‍්‍රියාකාරීන්ට කාර්‍යාල කෑල්ලක් ඇරන් දෙන්නට තරම් මුදල් නැති අක‍්‍රීය පිරිසක් ලෙස පෙනුනද මංගලගේ නියෝජිතයා වන නසාර් හාජියාර් මුදල් වියදම් කරමින් (එජාප මන්ත‍්‍රීනියන් පවා මුදල් ඉල්ලා ගන්නට පෝලිමේ සිටින බව වැසීමට අවශ්‍ය නැත.) දැවැන්ත ප‍්‍රචාරණ ව්‍යාපාරයකට උරදී සිටියි. මේ නිසා මංගල පාර්ශවය යන්න ආණ්ඩුව පවසන පරිදි නිශේධනීය සාධකයක් නොවන බව කිව යුතුය.

මින් පසුව ජෙනරාල් වෙත සහය පළ කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ තවත් පක්ෂයක් වන මනෝ ගනේෂන් පාර්ශවයයි. මංගල - රනිල් - මනෝ එකට මුණගැස්සූ ‘‘නිදහසේ වේදිකාව’’ හරහා ඇතිකළ අනාගත පෙරළියට දැවැන්ත සහයෝගයක් දුන් පුද්ගලයෙකි මනෝ ගනේෂන්. මොහු ආණ්ඩුව විසින් හංවඩු ගැසූ ත‍්‍රස්තවාදියෙකු බවට පත්වන්නේද දෙමළ ජනතාවගේ අයිතීන් ගැන විපක්ෂයේ සිට හඬනැගූ නිසා බැවින් මොහු සතුව දෙමළ ජනතාව වෙත පණිවිඩයක් ගෙන යෑමේ ශක්තිමත් මාර්ගයක් විය. මීට අමතරව ඔහු සතුව බස්නාහිර පලාතේ සැලකිය යුතු ඡන්ද ප‍්‍රමාණයක්ද, අනෙකුත් දෙමළ ප‍්‍රදේශ වල මනා පිළිගැනීමක්ද වෙයි. එසේම දෙමළ සන්ධානයේ සහය ප‍්‍රකාශ නොවී තිබූ තත්වයක් තුළ ඔවුන් සමග සාකච්ඡා කළ මනෝ දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළොත් ජෙනරාල්ට සහය දීමටත් ඉදිරිපත් කළොත් තම පාක්ෂිකයන්ගේ දෙවන මනාපය ජෙනරාල්ට ලබාදීමට ප‍්‍රචාරයක් ගෙන යෑමටත් ඔවුන් එකඟ කරගනියි. (මෙහිදී තමන්ගේ අපේක්ෂකයා යැයි කීවේ පක්ෂය කඩාගෙන ගොස් මහින්දගේ ක‍්‍රයශක්තිය මත ඡන්ද කඩන සිවාජිලිංගම් වැන්නෙක් නොවන බව කරුණාවෙන් සලකන්න.)

මේ පිරිස සමග එක්වූ අනෙක් ප‍්‍රධාන පාර්ශවය වන්නේ මුස්ලිම් කොන්ග‍්‍රසයයි. මුස්ලිම් කොන්ග‍්‍රසය යනු ශ‍්‍රී ලංකාවේ තුන්වැනි ජනවර්ගය නියෝජනය කරමින් ඉන් බහුතරයේ සහයෝගය ලබන පක්ෂයයි. ශ‍්‍රී ලංකාවේ හැම ප‍්‍රදේශයකම වෙළඳ ප‍්‍රජාව අතර සුවිශේෂී අනන්‍යතාවයක් සහිත මුස්ලිම් ජනතාව නැගෙනහිර පලාතේ වැඩි කොටසක්ද නියෝජනය කරයි. මේ අනුව ජෙනරාල් සමග අත්වැල් බැඳගත් මේ පිරිස තවත් බොහෝ දුරකට ඔහුව ගෙනයන්නට සමත් විය.

පැනිලි වල වැඩි වාසිය ජෙනරාල්ට

මීට සමගාමීව සිදුවී පැතිමාරු වලින් ආණ්ඩුවට වාසිදායකව සිදුවූයේ එස්.බී නම් පලාත් විපක්ෂ නායකයාව සහ කුරුණෑගල එජාප මන්ත‍්‍රීවරු බාගැනීමට හැකිවීම පමණි. නමුත් ජෙනරාල්ගේ පාර්ශවයට වාසිදායකව සිදුවූ පිල්මාරු අතර ආණ්ඩුවේ ඇමතිවරු හා නියෝජ්‍යය ඇමතිවැර රැසක්ද ජනාධිපති උපදේශකවරුන්ද විය. මේ පිරිසෙන් බහුතරය දෙමළ මන්ත‍්‍රීවරුන් වූ අතර මේ වන විටත් දිගම්බරම් තම සහය ජෙනරාල් වෙත දක්වා තිබුණි. (2005 දී තොන්ඩමන් විපක්ෂව සිටි අතර මහින්දට කඳුකරයෙන් සහය දුන්නේ දිගම්බරම් පමණි.) මේ අනුව කඳුකරය නියෝජනය කරමින් පැමිණි මන්ත‍්‍රීවරු කීප දෙනා සමග දිගම්බරම්ගේ ශක්තිය එක්ව ගෙන බලන කල්හී මෙවර වතුකරයේ ප‍්‍රතිඵලය වෙනස් කිරීමේ ප‍්‍රවණතාවයක් පවතින බව කිව හැකිය. (පසුගිය පලාත් සභා මැතිවරණයේදීත් නුවරඑළිය ආසනයක් එජාපය සතු විය.) එසේම ආණ්ඩුවේ අවාසනාවට චන්ද්‍රසේකරන් ඇමතිතුමාගේ අභාවයද සිදුවූ අතර තවමත් වැනෙමින් සිටින තොන්ඩමන් අවසන් මොහොත වන තුරුම අතීරණයක පසුවන බවක් දක්නට තිබීමද විශේෂත්වයකි. අවසන් අවස්ථාවේදී මේ තත්වයද වෙනස් වීමට ඉඩ නැතුවාම නොවේ.

නැගෙනහිර පලාත නියෝජනය කරමින් මඩකලපුවේ නගරාධිපතිනිය වන ප‍්‍රභාකරන් මහත්මියත් මේවන විට හංසයාට සහය දක්වා ඇති අතර පිල්ලෙයාන්ගේ වැනෙන සුළු ස්වාභාවයද තොන්ඩමන්ගේ තත්වයට පත්වේවිදැයි සැක මතු කරවන තැනට පත්ව තිබේ.

සියල්ල කනපිට පෙරළමින් සම්බන්ධන් සම්බන්ධ වෙයි.

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වී මාසයක් ඉක්මයන තුරුත් සද්ද නැතිව සිටි ද්‍රවිඩ සන්ධානය මේ තුලිත දේශපාලන තත්වය කනපිට පෙරළමින් ජෙනරාල් ජයග‍්‍රහණයේ හිනිපෙත්තටම ඔසවා තබන්නට සමත් විය. බැසිල්ගේ කේවල් කිරීමේ ශක්තිය බිඳගෙන පැමිණි ටීඑන්ඒ මන්ත‍්‍රීවරුන් 16 දෙනා තම පක්ෂයේ සහය ලබාදෙන බවට ජෙනරාල්ට පොරොන්දු විය. මේ අනුව උතුරේ දිස්ත‍්‍රික්ක පහේම බහුතර ඡන්ද ප‍්‍රමාණය සහ නැගෙනහිර දිස්ත‍්‍රික්ක තුනක මුස්ලිම් ඡන්ද ප‍්‍රමාණයට අනෙකුත් දෙමළ ඡන්ද ප‍්‍රමාණයද එක්වී ඒ ප‍්‍රදේශ වල අති බහුතර ඡන්ද ප‍්‍රමාණයක් ජෙනරාල් වෙත හිමි විය. එනම් සමස්ථ උතුරු නැගෙනහිර පවතින ඡන්ද ප‍්‍රමාණය වන ලක්ෂ 9.5න් ලක්ෂ 7කට ආසන්න ඡන්ද ප‍්‍රමාණයකි.

මේ ආකාරයට පක්ෂයන්හී සහය සහිතව සිටින ජෙනරාල් වටා සිටින

1. වැඩිම ඡන්ද සහිත එජාපය
2. තුන්වන බලවේගය වන ජවිපෙ
3. සිව්වන බලවේගය වන ද්‍රවිඩ සන්ධානය
4. හය වන බලවේගය වන මුස්ලිම් කොන්ග‍්‍රසය

ඇතුළු ශක්තිමත් දේශපාලන චරිත රැසකි. (මංගල, මනෝ, අර්ජුන හා විජේදාස රාජපක්ෂ වැන්නන් සතුවද සැලකිය යුතු මට්ටමේ ඡන්ද ප‍්‍රමාණයක් පවතී.) මේ අනුව ශ‍්‍රී ලාංකික ඡන්ද ප‍්‍රමාණයෙන් බහුතරය නියෝජනය කරන පක්ෂ වල සහය ලබන ජෙනරාල්ගේ ජයග‍්‍රහණය නියතවම දැකගත හැකි දිස්ත‍්‍රික්ක ලෙස පහත ඒවා දැක්විය හැකිය.

උතුරේ දිස්ත‍්‍රික්ක - වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය
නැගෙනහිර දිස්ත‍්‍රික්ක - ත‍්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර
කොළඹ හා ගම්පහ
නුවර හා මාතලේ
නුවරඑළිය හා බදුල්ල

මීට අමතරව බහුතරය ලබාගැනීමට නොහැකි වුවද විශාල පරතරයකින් තොරව පැවතිය හැකි දිස්ත‍්‍රික්ක ලෙස දැක්විය හැක්කේ පහත දිස්ත‍්‍රික්කයන්නය.

හම්බන්තොට , ගාල්ල හා මාතර
කෑගල්ල හා කුරුණෑගල

මේ අනුව තමන්ට වැඩිවාසි සහිත අඩු ඡන්ද ප‍්‍රමාණයක් පවතින මොණරාගල, පොළොන්නරුව හා අනුරාධපුරය වැනි දිස්ත‍්‍රික්ක වලින් ඉහත දිස්ත‍්‍රික් අභිබවා යන්නට තරම් දැවැන්ත ඡන්ද ප‍්‍රමාණයක බලාපොරොත්තු වීමට මහින්දට සිදුවී තිබේ. එය ඉතා අසාර්ථක තත්වයක් නිසා මෙවර ජනාධිපතිවරණයෙන් මහින්දට හිමිවන්නේ ගියවර මෙන් අනපේක්ෂිත ජයග‍්‍රහණයක් නොව අපේක්ෂිත පරාජයක් බව නම් ස්ථීරය.

මෙන්න සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය

මේ අනුව ඡන්ද ප‍්‍රමාණයන් ගෙන විග‍්‍රහ කර බලන්නේ නම් පහත පරිදි ගණනය කිරීමකට යා හැකි වන්නේය. (මෙහි දක්වන්නේ ලැබිය හැකි අවම ඡන්ද ප‍්‍රමාණ වලිනි.)

එජාපය - ලක්ෂ 40
ජවිපෙ - ලක්ෂ 5
වතුකරය - ලක්ෂ 2
උතුරු නැගෙනහිර - ලක්ෂ 7
මුස්ලිම් කොන්ග‍්‍රසය - ලක්ෂ 1.5
මංගල, මනෝ, අර්ජුන, විජේදාස හා අනෙකුත් - ලක්ෂ 1
එකතුව - ලක්ෂ 56.5කි.
සමස්ථ ඡන්ද සංඛ්‍යාව - 10,800,000
ජෙනරාල්ට හිමිවන ඡන්ද ප‍්‍රතිශතය - 52.31% කි.

11 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Its time to collect some information to say "Why SF loose this election?"
    (Then U no need to worry about it after 27th.what u need to do is just publish)

    U can collect it from SOME of the UNP top people (because almost no support from ground people) and some JVPers some Muslims and some Tamils

    Ah! u forgot to add Paba's vote. Please do that correction.( also u can remove Chandrika's and Ranil's vote from this list)

    Don't hasitate to reply this with some "Baila/Pora talks"

    - Vishawa Vimukthi -

    ReplyDelete
  3. මතක ඇතුව 27 වෙනිදාට සරත්ගේ පාරජයට හේත ටික ලියන්න... මොකද එදාට කට්ටිය ගොඩක් ඇවිත් කමේනට දායි ...

    ReplyDelete
  4. නුවර පාර,
    එක වචනෙකින් දෙකකික් තමන්ගේ මහරජා බේරා ගැනීමේ හැකියාව ගැන නොපවසන්න. අප අපගේ තර්කය ඉදිරිපත් කරන්නේ කරුණු කාරණා සහ දත්තයන් සහිතවය. ඔබට මෙයට විරුද්ධව අදහසක් තිබේ නම් එයද අප මෙන් කරුණු කාරණා සහ සංඛ්‍යා සහිතව දක්වන්න කාරුණික වන්නේ නම් අමනුෂ්‍ය දේශපාලන පාර්ශවය නියෝජයන කරන ඔබවත් මනුෂ්‍යයෙක් යැයි අපට සිතාගත හැකි වන්නේය.

    ReplyDelete
  5. @ With,

    ඔබගේ අදහසට පිළිතුරු දීමට අයිතියක් ඇති නිසා මෙය ලියන්නෙමු. ඔබට අපගේ ලිපියට පිළිතුරු දෙන්නට හැකිනම් මටද එ් අයිතිය පැවතිය යුතුය. ඔබ වැන්නන්ගේ මේ ප‍්‍රකාශය නිතර මා දැක ඇත්තේ තර්ක කරන්නට ඇති නොහැකියාව නිසා නොවේ යැයි ඔබ සිතනවානම් අපගේ අදහසට පිළිතුරු සපයනු ඇත.

    ඔබට ඉඳහිට හමුවන එජාප, ජවිපෙ, මුස්ලිම් හා දෙමළ දෙතුන් දෙනෙක් ඔබේ අදහසට එකඟ වී කතා කළද ජනාධිපතිවරණයකදී තත්වය මීට වඩා වෙනස්ය. එහිදී මූලිකම වන්නේ පක්ෂයයි. එ් නිසා නිදහස් පක්ෂය හා ජාතික හෙළ උරුමය (මෙයටද පෙර තිබූ ලක්ෂ 2ක ඡන්ද ප‍්‍රමාණය එලෙසම පවතී යැයි උපකල්පනය කළොත්) හැරුණු විට අනෙකුත් සියලූම ප‍්‍රධාන පෙළේ පක්ෂ සියල්ලම පවතින්නේ මහින්දට විරුද්ධවය. මේ නිසා ඔබ සිටින ප‍්‍රදේශයේ ජනතාවගේ අදහස් විමසනවාට වඩා යෝග්‍ය වන්නේ පසුගිය මැතිවරණ කිහිපයේ ප‍්‍රථිපල ලේඛණ ගෙන පරීක්ෂා කර බැලීමයි.
    පබාගේ ඡන්දය වැනි ජෝක් කිරීමෙන් වැලකී සැබෑ ලෙසම අදහස් දක්වන්නේ නම් පමණක් අපට තව දුරටත් කතා කර හැකිවේවි. මන්ද අප කිසිදිනෙක ජෝක් එකක් ලෙස ඔබ වෙත අනර්කලී හෝ ගීතා කුමාරසිංහ (මොවුන් හෙළ සිනමාවේ ප‍්‍රසිද්ධ ගණිකාවන් යන්න අප අමුතුවෙන් කිවයුතු නැත.) ගැනවත් අනෙකුත් නළුනිළි රැළ ගැනවත් අසා අමාරුවේ දැම්මේ නැති නිසාය.

    ඔබගේ අදහස අප මෙලෙස භාර ගැනීමට සූදානම් නැත. මන්ද අඩව්වෙන් ඉදිරිපත් කර ඇත්තේ දත්ත සහ සංඛ්‍යා ලේඛණ සහිත වූ තර්කයකි. නමුත් ඔබ එය බොරු කිරීමට උත්සහ ගන්නේ රූපවාහිනියේ ඇතුගල හෝ ගුවන් විදුලියේ හඞ්සන් වැනි අය මෙන් අධම වූ පුස් තර්ක හරහාය. එබැවින් අඩව්ව ඔබට මෙවැනි ආරාධනාවක් කිරීමට සූදානම්. හැකිනම් දත්ත සහිතව සාකච්ඡා කිරීමට එන්න. එවිට 26 දින සිදුවන දේ අප ඔබට පෙන්වන්නම්.

    ReplyDelete
  6. Well well who says that JVP has 5 lacks ha?
    Are you day dreaming.
    'Anthare" has broken into two.
    Usually in sri Lanka JVP has no power over ppl around 18 years old.

    ReplyDelete
  7. @ අංජන,

    ඔබ සිතන පරිදි ජවිපෙ යනු කිසිම බලයක් නැති හැකියාවක් නැති පක්ෂයක් නොව. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මහා අරගල දෙකක අයිතිකරුවන් වන ඔවුන් ලෙයින් කළ සටන දෙවැනි වන්නේ ප‍්‍රභාකරන්ගේ ක‍්‍රියාදාමයට පමණි. එසේම මෑත ඉතිහාසය ගෙන බලන කල්හී ජවිපෙ විසින් කළ දේවල් ඔබට අමතකව ඇති බවක් පෙනෙන්නට තිබේ. මන්ද පරාජය පෙනි පෙනී සිටි මහින්දගේ 2005 ජයග‍්‍රහණයත්, හැමදෙනාම අවිශ්වාස කළ යුද්ධය හරහා ප‍්‍රභාකරන් නිශ්ශබ්ද කිරීමත් යන මෑත දේශපාලන ඉතිහාසයේ දැවැන්තම පෙරලීන් දෙකම කළේ ඔබ ගනනකටවත් නොගන්නා ජවිපෙ විසින් බව මතක තබා ගැනීම ඔබටම ප‍්‍රයෝජනවත් වනු ඇත.

    කෙසේ වුවද අංජන ශ‍්‍රී ලංකාව වැනි දේශපාලන පරිසරයක් තිබෙන රටක තුන් වැනි බලවේගය ලෙස මෙවන් තත්වයකට පැමිණීමට හැකි පක්ෂයක් යනු මීට වෙනස් ප‍්‍රජාතන්ත‍්‍රීය ව්‍යවස්ථාවක් තුළදී ඉතාමත් ශක්තිමත් බලවේගයක් වන බවද තව දුරටත් මතක් කිරීමට කැමැත්තෙමි.

    අනෙක් අතට පසුගිය වාර්තා ගෙන බලන කළ ඔවුන් සතුව ඔබ කියන මට්ටමට සෑහෙන්න එහා ගිය ඡන්ද ප‍්‍රමාණයක් පවතී. අළුතින් එකතු වන ඡන්ද ප‍්‍රමාණය දෙස බලන කල්හී ඔබ නොදකින සැබෑ වෙනසක් එ් තුළ පවතී. ඔබ මොන පසුබිමක සිට අළුත් ඡන්ද දෙස බලනවාදැයි නොදන්නා නිසා එ් පිළිබඳව අපට කතා කළ හැක්කේ ඔබේ අත්දැකීම පැවසුවොත් පමණි.
    නමුත් ඔබ වැන්නන්ට කීමට හැක්කේ ඔය අනවශ්‍ය විශ්වාසය 26 වෙනි දින ඔබේ හරහට හිටිනු නියත බවයි. සංඛ්‍යාත්මක ගණයන්ගෙන් තොරව ඔබ යුද්ධය හා සංවර්ධනය (වමට ගැහීම් කපා හරින ලද) ගැන නන්ෙදාඩවමින් මග බලා සිටියද ජනතාව ගන්නා තීන්දුව අනාගත ශ‍්‍රී ලංකාව උදෙසා ගන්නා බව නම් නියතය.

    ReplyDelete
  8. ඔබම හිතන්න ඔක වෙන් පුලුවන් දෙය්කද? නුවරපාරට හැගි යන පරදි පහත චන්ද පුමාණයක් සරත්ට ලැබිය හැක.
    1. එජාපය - ලක්ෂ 40
    ඔක වෙන්න පුලුවන් ....

    නුවරපාර උපකල්පනය - ලක්ෂ 40

    2.ජවිපෙ - ලක්ෂ 5
    මෙක මොන විහිලුවක්ද? ජවිපේ මිනිස්සු මව්බිමට ආදරෙයි. තම සදාදරණිය නායකයා මැරැ එජාපයටත් එක්ක ඔවුන් හිට ගන්නේ නැත. අනික ජනිපේ- එ අයටත් අඩුමගනේ ජන්ද ලක්ෂයක් එකතු කරගැනිමට හැකිය

    නුවරපාර උපකල්පනය - ලක්ෂ 3

    3.වතුකරය - ලක්ෂ 2
    හි හි තොණ්ඩා මහින්දට. එ මිනිස්සු කරන්නේ තොණ්ඩමන් කියන දේයි
    නුවරපාර උපකල්පනය - ලක්ෂ 1

    4.උතුරු නැගෙනහිර - ලක්ෂ 7
    ලක්ෂ 7 න් අඩව්වේ ලියුම් කරැ ඔකේම ජන්ද එයාගේ ගොඩට දාගේන.එත් ඇත්ටම ඔකේන් වලංගු චන්ද ගනන වෙන්න පුලුවන් ලක්ෂ 5 යි. එයිනුත් අපි සරත්එ දේමු ලක්ෂ 5 ක්

    නුවරපාර උපකල්පනය - ලක්ෂ 5

    5.මුස්ලිම් කොන්ග‍්‍රසය - ලක්ෂ 1.5
    හරි මෙ ඔක්කොම සරත්ට දේමු.

    නුවරපාර උපකල්පනය - ලක්ෂ 1.5

    6.මංගල, මනෝ, අර්ජුන, විජේදාස හා අනෙකුත් - ලක්ෂ 1
    අයියෝ මංගලට කවුද ච්නදදේනේන. ඔය චන්ද ඕකොම අපි දාමු මානෝට

    නුවරපාර උපකල්පනය - ලක්ෂ 1



    නුවරපාර ගණනය කිරිම. මෙය එජාපයට උපරිම වසිවන ලෙස කල ගනනය කිරිමකි. නමුත් සරත් ලබාගන්නේ 47%කි

    දැන් බලමු ඔක්කොම එජාපය - 40+3+1+5+1.5+1 = ලක්ෂ 51.5
    සමස්ථ ඡන්ද සංඛ්‍යාව - 10,800,000

    සරත් - 47% කි.
    අනිකුත් - 1%
    මහින්ද - 52%


    එහෙත් සැබැ ජන්ද පුතිපලයේදි 54% ට වඩා ඉහල චන්ද පුමාණයක් මහින්ද ලබා ගන්නා බව ඉතාමත් සතුටින් කියන්නේමු.

    ReplyDelete
  9. කැන්ඩි,

    ජනිපෙට කීයටවත් ජවිපෙ ඡන්ද වලින් ලක්ෂයක් කඩා ගන්න බෑ. එයාලා ලක්ෂයක ඡන්ද ගත්තත් ඒ ගන්නෙත් සන්ධානේ ඡන්ද වලින්ම කඩාගත්ත ඒවා විතරයි. මොකද ජවිපෙ ඡන්ද කවදාවත් පක්ෂයට විරුද්ධ වෙන්නේ නෑ. මහින්දට කඬේ යන ජනිපෙ කීප දෙනෙක් (සදාදරණීය සහෝදරයා ගැන හදිසියේ මතක් වූ පක්ෂය පාවාදුන් කක්කුට්ටන්) දාලා මේ දවස් වල ජවිපෙ ඡන්ද කඩන්න හැදුවට ඒක වෙන්නේ නෑ. අනික පසුගිය පලාත් සභා ඡන්දෙත් එක්ක ගනන් හදන්න එපා. ජනාධිපතවරණයකදී ජවිපෙට තියෙන ඡන්ද ගාන ඊට වඩා ගොඩක් වැඩියි. අනික ජවිපෙ වගේ පක්ෂයක් එජාපය වගේ දැවැන්ත ඡන්ද පදනමක් තියෙන පක්ෂයක් එක්ක එකතු වුණාම එතන තවත් ඡන්ද ලක්ෂ ගණනක් නිර්මාණය වෙනවා. ඒවා ජවිපෙ හෝ එජාප කියලා වෙන් කරලා හඳුන ගන්න බැරි කොටසක්.
    අනික කැන්ඩි උතුරු නැගෙනහිර තියෙන ඡන්ද ගාන ලක්ෂ 7ක් නෙමෙයි. උතුරු නැගෙනහිර දිස්ත‍්‍රික්ක 8ක් තියෙනවා. ඒකෙ ලක්ෂ 12 ක විතර ඡන්දයක් තියෙනවා. මම ගණන් හැදුවේ ලක්ෂ 7ක් ජෙනරාල්ට තියලා. ඒක ඊට වඩා ගොඩක් වැඩි වෙන්නත් පුළුවං.

    ඒ නිසා කැන්ඩි තත්වය ඔබ හිතනවාට වඩා ගොඩක් වෙනස්. අනික අඩව්ව මෙහිදී කළෙත් උපකල්පනයක් විතරයි. අඩව්වේ විශ්වාසය නම් මීට වඩා තවත් වෙනස් තත්වයක් ඇති විය හැකි බවයි.

    ReplyDelete
  10. මොකද වුනේ! කාගේ අනාවැකියද හරි?

    ReplyDelete
  11. hehe! paw general and the one who is writing this blog... now delete this comment as well.. lol
    Nice calculations machan.. keep it up! lol

    ReplyDelete

Related Posts with Thumbnails