Tuesday, January 26, 2010

දවල් එක වෙද්දි ඡන්දෙ තත්වය.


මෑත කාලය තුළ කිසිඳු මැතිවරණයකදී වාර්තා නොවූ පරිදි ඉතා විශාල ජනසහභාගීත්යක් හා ඉතා ක‍්‍රියාශීලී ජනතා මැදිහත් වීමක් සහිතව 2010 ජනාධිපතිවරණය මේ වන විටත් ක‍්‍රියාත්මක වෙමින් පවතී. යාපනය හා කිලිනොච්චියේ සිදුවූ සිදුවීම් දෙකක් හැරෙන්නට අනෙකුත් සියලූම පලාත් වල ඉතාමත් සාමකාමී මැතිවරණයක් දියත් වෙමින් පවතී.

අද දින දැකගත හැකි වූ සුවිශේෂීම සිදුවීම නම් උදෑසන 7 සිට 10 දක්වා කාලය තුළ ඡන්ද පොළ වල් වල අධික පෝලිම් දැකගත හැකි වීමේ තත්වයයි. සාමාන්‍යයෙන් පැය එක හමාරක පමණ දිගු පෝලිම් මහනුවර මාතලේ හා නුවරඑළිය ප‍්‍රදේශවල දැකගත හැකි වූ අතර අනෙකුත් සමස්ථ ශ‍්‍රී ලංකාවේම උදේ වරුව තුළ ඡන්ද පොළවල් වල පොදුවේ විශාල පෝලිම් තිබූ බව ප‍්‍රකාශ විය.

දහවල් 12 වන විට මාතලේ හා මහනුවර හා රත්නපුර දිස්ත‍්‍රික්ක වල බොහෝ ඡන්ද පොළවල් වල 60% ක ඡන්ද ප‍්‍ර‍්‍රකාශ වී තිබූ බවත්, ගම්පහ දිස්ත‍්‍රික්කයේ 60% ඉක්මවූ ඡන්ද ප‍්‍රමාණයක් ප‍්‍රකාශ වී තිබීමත්, ජා ඇල එක ඡන්ද පොළක 1200ක් පමණ තිබූ ඡන්ද පොළකින් තවත් ඡන්ද 129ක් පමණක් ප‍්‍රකාශ වන්නට තිබීමත් හරහා ජනතාව තිබූ උනන්දුවේ තරම කෙතරම්දැයි පැහැදිලි වනු ඇත.

යාපනයේ නල්ලූර් පිහිටි නගරාධිපති කාර්‍යාලය අසල ඊයේ රාත‍්‍රියේ පෙට්ට‍්‍රල් බෝම්බ පිපිරවීම නිසා 1000කට ආසන්න ඡන්ද සහිත එම ඡන්ද පොළේ මෙතෙක් ඡන්දය ප‍්‍රකාශ වී ඇත්තේ 50 පමණක් බව වාර්ථා වේ. තවද කොළොම්බුතුරෙයි හා පේදුරුතුඩුවේද බෝමබ පුපුරවා ඇත. මීට අමතරව අද උදෑසන වාර්ථා වූ අනෙක් සිද්ධිය වන්නේ ජෙනරාල්ගේ නියෝජිත විජිත හේරත් මන්ත‍්‍රීතුමාව ඉරට්ටකුලම් මාර්ග බාධකයෙන් නවතාගෙන පැයකට පසුව මුදා හැරීමේ සිද්ධියයි. එය ඉහළින් පැමිණි නියෝගයකට අනූව සිදුකරන ලද්දක් බව පොලිස් නිලධාරීන් පවසා ඇත. මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේද සුළු සුළු සිදුවීම් කීපයක් සිදුවී ඇති අතර මේ වන විටත් මේ සියල්ල මැතිවරණ කොමසාරිස් වෙත ලිඛිතව දන්වා ඇත.

කෙසේ වුවද අඩව්වේ අපේක්ෂාව වන්නේ උපරිම ජනසහභාගීත්වයක් සහිත සාමකාමී සාධාරණ මැතිවරණයකි. එ් වෙනුවෙන් අපි සැම කැපවෙමු.

10 comments:

  1. සතුටුයි හොදටෝම...
    ඔන්න ඔහොම සාමකාමී වෙනවා නම් මොකා ආවත්, අපිට කමක් නෑ..

    ReplyDelete
  2. ඔක තමිය වෙන්න ඔනා

    ReplyDelete
  3. @ පිස්සා,නුවර පාර,
    මගේ අදහසත් ඒකමයි. සාමකාමී මැතිවරණයක් පැවැත්වෙනවනං ඒ හොඳටෝම ඇති. ඒත් මේ දැන් වාර්තාවුණ විදිහට නාවලපිටිය හා ගම්පොළ ප‍්‍රදේශවල එස් බී ගේ මල්ලි වෙන සාලිය දිසානායක ඡන්ද පොළ නියෝජිතයන් සහ විපක්ෂයට බර ඡන්දදායකයන්ද ඡන්ද පොළවල් වලින් එළවලා තියෙනවා. නාවලපිටිය කියන්නේ ආණ්ඩුවේ ඉන්න තවත් සද්ද තියෙන ඇමතිකෙනෙක් වෙන මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ ආසනයයි. අඩව්වේ අප සාලිය දිසානායකගේ සහ එම පක්ෂයේ සුපුරුදු ක‍්‍රමය පෙන්නන එක ගැන කණගාටුව පළ කරනවා.

    ReplyDelete
  4. මෙන එකකට ගැටුම් ඇති කරනවාද? සරත්ට චන්ද අයිතිය නැහැ හි හි උබලට හොද වැඩේ හි හි

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Any,

    ඔබ කියා ඇති කතාව මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාව පුරා ආණ්ඩුවේ හෙන්චයියන් පතුරුවන කතාවක් බව පැහැදිලියි. ඔවුන් එවන කෙටි පණිවුඩයේ මෙසේ කියැවේ. ෆොන්සේකාට ඡන්දය නැති නිසා නීතිමය ප‍්‍රශ්ණ ගණනාවක් මතු කරයි. එනිසා ඔබේ ඡන්දය මහින්දට දෙන්න. මේ කතාව අමු බොරුවක්. ඔහුගේ නම 2008 ඡන්දහිමි නාමලේඛණයේ තිබුණේ නෑ. ඒත් ඔහුට ශ‍්‍රී ලාංකික පුරවැසිකම තියෙනවා. ඒ නිසා ඡන්දය ඉල්ලන්න හෝ රටේ ජනාධිපති වෙන්න බැරිකමක් නෑ. එහෙම ප‍්‍රශ්ණයක් තිබ්බනං ඇයි මැතිවරණ කොමසාරිස් නාමයේජනාව භාරගත්තේ. ජනාධිපති වෙන්න බැරිනං ඒක භාරගන්නෙත් නෑ. ඒ නිසා ඔබේ කතාව සහ මේ වන විට ස්වාධීන නොවන ආණ්ඩුවේ රූපවාහිනිය හරහා ලොකු ප‍්‍රචාරයක් ගෙනියන බොරුව නීත්‍යානුකූලවම බොරුවක් වෙනවා.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. chinthana why did u remove your comment

    ReplyDelete
  9. ඔන්න ඔහොම හොඳින් වෙනවනම් ඇත්තෙන්ම කවුරු දින්නත් කමක් නෑ කියලා හිතෙනවා . . . අනාගතේත් මේ වගේ සාමකාමීව දේවල් සිදු වෙනවානම් කොපමන හොඳට තියේවිද . .

    ReplyDelete
  10. yes duka, However we need this Free & Fair election. So people can select the rights person as the president.

    ReplyDelete

Related Posts with Thumbnails