Tuesday, January 26, 2010

විමල්ගේ විනාඩි පහළොවේ බොරුව හා ඡන්ද පොළේ රඟපෑ නාට්‍යය.


ජෙනරාල්ට ඡන්දහිමි නාමලේඛණයේ නම නොතිබීම හරහා ඔහුට රටේ ජනාධිපති වීමට හැකියාවක් නැතැයි විමල් වීරවංශ විසින් අද සැන්දෑවේ මාධ්‍යය අමතා විශේෂ ප‍්‍රකාශයක් කළේය. නමුත් සත්‍යය ඊට සුළු මොහොතකට පසු පහදා දුන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතාය. එම පැහැදිලි කිරීමට අනුව ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ලබා ගැනීමට සහ ජනාධිපති ලෙස පත්වීමට ඇති මූලිකම සුදුසුකම් දෙකකි.

1. ශ‍්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
2. වයස අවුරුදු 35 ඉක්මවා තිබීම.

නමුත් විමල් වීරවංශට අයත් වන ව්‍යවස්ථාවේ එය වෙනස් තත්වයක් ගනී. ඔහු ප‍්‍රකාශ කළේ එ් සඳහා ඇති එකම සුදුසු කම වන්නේ ඡන්දහිමියෙක් විසින් සැපිරිය යුතු සියලූ සුදුසුකම් සපුරාතිබිය යුතු බවයි. එහිදී ඔහු කියන්නේ ලියාපදිංචි ඡන්දදායකයෙකු වීම අත්‍යාවශ්‍ය බවයි.

නමුත් ඊට සුළු මොහොතකට පසු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමසාරිස් මේ තත්වය නිරාකරණය කරදෙයි. ඔහුගේ ප‍්‍රකාශයට අනුව ලියාපදිංචි ඡන්දදායකයෙකු වීම අත්‍යාවශ්‍ය නොවන බව කියැවේ. එසේ මැතිවරණ කොමසාරිස් මෙයට ඉක්මනින්ම මැදිහත්වීමට හේතුව වූයේ මේ හරහා එතුමා විසින් භාරගෙන මැතිවරණයට යොමු කළ ජෙනරාල්ගේ අයදුම් පත ගැන මේ හරහා ප‍්‍රශ්ණ කෙරෙන බැවිනි. එ් අනුව අතේ පත්තුවන බොරුව කී විමල් වීරවංශගේ විනාඩි පහළොවේ බොරුව මැතිවරණය සම්බන්ධ සියලූ බලතල සහිත කොමසාරිස් වරයාම අවලංගු කර දමන ලදි.

නමුත් මෙම සිද්ධිය පිටුපස ඇති සිනහ උපදවන කාරණය වන්නේ ජෙනරාල්ගේ ලියාපදිංචි වීම ගැන ප‍්‍රශ්ණ කරන විමල් වීරවංශ යනුද මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේ අවස්ථාවක් නැති පුද්ගලයෙකු වීමයි. විමල් වීරවංශ කී පරිදි ජෙනරාල් විසින් කර ඇත්තේ මෙලොව කිසිම අපේක්ෂකයෙක් නොකළ බොරුවක් බවයි. නමුත් එසේ කී විමල් තවමත් තමන්ගේ ඡන්දදාවයක් නොමැති වීම ගැන හෝ තමන් මාධ්‍යයන්ට පේන්නට බොරුවට ඡන්ද පොළක් වෙත ගොස් පැමිණි බවවත් තාමත් මාධ්‍යය වෙත නොකීම සැබෑ දේශපේ‍්‍රමීත්වයදැයි අපට ප‍්‍රශ්ණයක් මතුවේ.


විමල්ගේ විහිළුව පිළිබඳව ලංකා ටෲත් වෙබ් අඩෙවියේ පහත පරිදි දැක්වා ඇත.

//නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප්‍රකාශ කර නැත. හේතුව ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශටද මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමයි. පසුගිය දිනක පිට්ටුගල ග්‍රාම නිලධාරීවරයා හමුවී ඇති විමල් වීරවංශ තමාගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට මාරු කර ගෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අවස්ථාවේදී අදාල ග්‍රාම නිලධාරීවරයා ඡන්ද නාම ලේඛණය පරීක්ෂා කොට පවසා ඇත්තේ විමල් වීරවංශට මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැති බවයි. අද අචල සුරංග ජාගොඩ සමඟ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විමල් වීරවංශ එහි නිලධාරීන් සමඟ කතාබහේ යෙදී රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක්ද නිකුත් කළේය. නමුත් ඡන්දය භාවිත නොකළේය.


එහෙත් ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචිවී නැති බව පවසමින්, ඔහුට ලංකාවේ පුරවැසිභාවය නොමැති බව රාජ්‍ය මාධ්‍ය හමුවේ පැවසුවේද තමන්‍ටද ඡන්ද අයිතිය නැති විමල් වීරවංශය. මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ නීති විශාරදයෙකු පෙන්වා දුන්නේ අනුන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්නේ තමන්ටත් ඡන්ද අයිතිය නොමැති බවවත් නොදන්නා අයෙකු බවයි.//


නිවුස් වෙබ් හී මෙය දක්වා ඇත්තේ මේ ආකාරයටය.

//ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්දය පාවිච්චි කර නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේදී විමල් වීරවංශට පංචිකාවත්ත ප‍්‍රදේශයේ ඡන්දය ලියාපදිංචිව තිබූ අතර, පසුව කඩුවෙල, තලාහේන, පිට්ටුගල ඡන්දය ලියාපදිංචිව සිටියේය.

නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප‍්‍රකාශ කර නැත. හේතුව ලෙස වාර්තා වන්නේ විමල් වීරවංශටද මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවීමයි. පසුගිය දිනක පිට්ටුගල ග‍්‍රාම නිලධාරීවරයා හමුවී ඇති විමල් වීරවංශ තමාගේ

ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකට මාරු කර ගෙන ලෙස දක්වමිනි.

ඒ අවස්ථාවේදී අදාල ග‍්‍රාම නිලධාරීවරයා ඡන්ද නාම ලේඛණය පරීක්ෂා කොට පවසා ඇත්තේ විමල් වීරවංශට මෙවර ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව නොමැති බවයි. පසුව අද අචල සුරංග ජාගොඩ සමඟ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විමල් වීරවංශ එහි නිලධාරීන් සමඟ කතාබහේ යෙදී රාජ්‍ය මාධ්‍ය වෙත ප‍්‍රකාශයක්ද නිකුත් කළේය.

නමුත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ඡන්ද නාමලේඛණයේ නම ලියාපදිංචි නැති බව ප‍්‍රයෝජනයට ගෙන ඔහුට ලංකාවේ පුරවැසිභාවය නොමැති බව රාජ්‍ය මාධ්‍ය හමුවේ විමල් වීරවංශ පැවසූ අතර, ජනතාව පවසන්නේ අනුන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන්නේ තමන්ටත් ඡන්ද අයිතිය නොමැති බව පවා නොදන්නා අයෙකු බවයි.//

7 comments:

  1. විමල් ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑනේ ගොනෝ ... නීතියෙන් රිංග ගන්න පුලුවන් වුණත් හිරිකිත නැතිව මිනිහෙකුට කියන්න පුලුවන් ද තමන්ව රටේ නායකයා කර ගන්න කියලා අවුරුදු ගාණක් ඡන්දය වත් පාවිච්චි නොකළ මිනිහෙකුට ?

    ReplyDelete
  2. ඔබ ගොනා නම් කෙනෙකුට මෙම කමෙන්ටුව පළ කර ඇති නමුත් එම නමින් හඳුන්වන කෙනෙක් අඩව්වේ නැත. එනිසා ඔබේ ප‍්‍රශ්ණයට පිළිතුරු දීමට ආරාධනා නොලත් අපට නොහැකිය. සමහර විට ඔබේ නම ලෙස එය සඳහන් කළාද යන්න නොදනිමු. එසේ නම් එවැනි ගොනුන්ට පිළිතුරු දීමට තරම් අඩව්වේ ගොනුන් නැති බවත් කරුණාවෙන් සළකන්න.

    ReplyDelete
  3. @ Anonymous

    "....අවුරුදු ගාණක් ඡන්දය වත් පාවිච්චි නොකළ මිනිහෙකුට..."

    වාර්තා වන අන්දමට මෙතෙක් කල් ජෙනරල් සිය තැපැල් ඡන්දය භාවිත කර ඇත.

    ReplyDelete
  4. thanks ANY 2,

    it is a important thind

    ReplyDelete
  5. විමල්ට කක්කුට්ටා කියන්නෙ නිකං නෙවේ

    ReplyDelete
  6. මිනිස්කමක් නැතත් "කෘතවේදී" සන්හතියක් වීම මොනතරම් ආඩම්බරයක්ද?මොනව නැතත් අපෙ පොඩි වුන් ලොකෙ හොඳම කුඩුකේඩුකාර,විරුද්ධවාදියාට මැරෙනකල් එලව එලවා "කෘතවේදීකම" පෙන්නන
    අමනයන් වීම කාටනම් වැලකිය හැකි වේද????

    ReplyDelete

Related Posts with Thumbnails