Tuesday, January 26, 2010

ජෙනරාල්ට ජනාධිපතිකම අහිමිද? - කෙටිපණිවුඩ වලට පිළිතුර



අද දහවල් වන තුරුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා ඡන්දය ප‍්‍රකාශ කර නැතැයි යන්න මාධ්‍යය හරහා කියැවුණි. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන් හා මැති ඇමතිවරුන් ඡන්දය ප‍්‍රකාශ කරන ආකාරයන් දැකගත හැකි වුවද සරත් ෆොන්සේකා ඡන්ද පොළට එනතුරු රැකසිටි මාධ්‍ය වේදීන්ට හැරී එන්නට සිදුවිය. ඒ මන්ද යත් එතුමාගේ නම 2008 ඡන්දහිමි නාමලේඛණයේ නොවූ බැවිනි. එනිසා ඡන්ද පොළ වෙත නොගිය ජෙනරාල්වරයා ඡන්ද කටයුතු සාමකාමීව අවසන් වනතුරු සිට තම ප‍්‍රකාශය නිකුත් කළේය. ඒ අනුව තමන්ගේ ඡන්ද අයදුම් පත ඉදිරිපත් කළද ඡන්ද හිමි නාමලේඛණයේ නම නොතිබූ බව එතුමා කියා සිටියේය.

නමුත් මෙම තත්වය මේ වන විට කෙටිපණිඩුට හා රාජ්‍ය මාධ්‍යය යොදාගනිමින් වැරදි විදිහට අර්ථකතනය කරන ආණ්ඩුවේ නින්දිත ක‍්‍රියාව ගැන පළමුවෙන්ම පිළිතුරු දිය යුතුය. ආණ්ඩුව කියන ආකාරයට එතුමාට ජනාධිපති වීමට බැරිය. නමුත් ජනාධිපතිවරණයට ඉල්ලීම සහ ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කිරීම යන්න ක‍්‍රියාවලි දෙකකි. ඒ අනුව එතුමාට මෙවර ඡන්දය නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නොවිණි. ඒ අනුව පසුගිය මාසයේ එතුමා විසින් ඉදිරිපත් කළ අයදුම් පත මැතිවරණ කොමසාරිස් වරයා භාරගනියි. එයින්ම පැහැදිලි වන්නේ ජනාධිපතිවීමට එතුමා සතු නීත්‍යානුකූලභාවයයි. ඒ අනුව මේ වන විට රටපුරා සීඝයෙන් පැතිර යමින් තිබෙන ආණ්ඩුවේ අමනෝඥ පණිවුඩය බොරුවක් බව අඩව්ව කියා සිටියි.

ඒ සමගම පැණ නගින ගැටළුව වන්නේ ජෙනරාල් මේ බව කලින් නොකීවේ ඇයි යන්නයි. එයට සාධාරණ හේතු තිබේ. ආණ්ඩුවේ පාර්ශවයෙන් ඔහු කෙරෙහි ගෙනා අභූත චෝදනා හමුවේ මෙවන් අදහසක් ආරංචි වූයේ නම් ඔවුන් නිසැකවම මෙය හොඳ මඩක් ලෙස භාවිතා කිරීමත් ගම් බද ජනතාව වෙත වැරදි මතයක් පැතිරවීමටද ඉඩ තිබිණ. එනිසා නීත්‍යානුකූලත්වය තුළ කිසිඳු ප‍්‍රශ්ණයක් නැති මේ තත්වය හෙළි නොකිරීම සාධාරණයැයි කිය හැකිය.

නමුත් අඩව්ව ඔබට පොරොන්දු වූ පරිදි කාවවත් සුද්ද නොකර මේ තුළ ඇති වැරැද්දද මෙසේම දකිමු. එනම් රටේ අනාගත නායකයා නායකත්වයට ඒමටත් පෙර ජනතාව රැවටීමට කටයුතු කිරීමේ ඛේදනීය තත්වයයි. (අප ජෙනරාල්ට විරුද්ධ වන පළමු අවස්ථාව මෙය වන අතර ඉදිරියේදී ජනාධිපති පදවි ලදහොත් ඔහුගේ පාර්ශයේ නොඇලී ජනතාව නියෝජනය කරන තැන සිටීමට අඩව්ව කටයුතු කරනු ඇත.) මන්ද ඔහු මෙය නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ප‍්‍රකාශ කර සිටියේ නම් එතැනදී එය විසඳෙන අතර ඒ හරහා ආණ්ඩුව මේ ගෙනයන ප‍්‍රචාරයේ පදනම් බිඳ දමන්නට හැකියාව තිබුණි. නමුත් එය නොකළ නිසා අඩව්ව තම අප‍්‍රසාදය ජෙනරාල් වෙත පළ කරන්නේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගෙන් මෙවැන්නක් වසං කර තැබීම ගැනය.

නමුත් යමෙකුට මෙසේද කිවහැක ‘‘මෙහෙමනේ. ඕක කොහෙදිවත් කියන්න ඕනේ වුණේ නෑනේ. කවුරුත් ඇහුවෙත් නෑනේ. ඇහුවනං කියනවා. ඇහුවේ දැංනේ.’’ එවැන්නන්ට කියන්නට ඇත්තේ අඩව්ව ඔබට වඩා වෙනස් බව පමණි.


පසුව සටහන් කළ දෙයක් බව සිතන්න.
ඡන්ද හිමියෙක් කියන එකයි ඡන්ද හිමි නාමලේඛණේ නම තියෙනවා කියන එකයි දෙකක්. ඡන්ද හිමියෙක් කියන්නේ අවුරුදු 18ට වැඩි ඡන්දයට සුදුසුකම් තියෙන කෙනෙක් කියන එකයි. එ්කනේ 18ට වැඩි අයට විතරක් ඡන්දෙ ඉල්ලන්න පුළුවං. එයාලට ඡන්දෙ එන්න කලිං වුනත් ඡන්දෙ ඉල්ලන්න පුළුවංනේ. දන්නවාද 2009 ඡන්දෙදි එස් බීටත් ඡන්දෙ තිබ්බේ නෑ. එ් එයා 2008 හිරේ හිටපු නිසා ඡන්දහිමි නාමලේඛනේ නම දාගන්න බැරි වෙලා. එ්ත් මහඇමති වෙන්න ප‍්‍රශ්ණයක් වුණේ නෑනේ. එ් නිසා මේ වෙනස තේරුම් ගන්න. බොරු ප‍්‍රචාර යවන්න එපා. මැතිවරණ කොමසාරිස් පවා කියපු ඇත්ත මේකයි. කරුණාකරලා අසත්‍යය දේවලට ඉඩ දෙන්න එපා.

ටැබූ කමෙන්ටුවක් ලෙස දැක්වූ හේතු දැක්වීම පහත දැක්වේ.

මම සරත් ෆොන්සේකා වෙනුවෙන් කිසි විටෙක පෙනී නොසිටියෙමි. නමුත් මේ සිද්ධිය හා සම්බන්ධව ඔහු 100% ක් නිර්දෝෂී බව කිව යුතුය.

හමුදාවේ, පොලීසියේ ඇත්තන් සාමාන්‍යයෙන් තමන්ගේ නිවෙස පිහිටි ප්‍රදේශය අනුව ලියා පදිංචි වන සිරිතක් නැත. හේතුව ඔවුන්ට (අනිවාර්යයෙන්ම මැතිවරණ රාජකාරි වලට සහභාගි විය යුතු නිසා) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම වඩා පහසු නිසාය. ෆොන්සේකා මේ අනුව හමුදාවේ ලැයිස්තුවේ දිගටම ලියා පදිංචිව සිටින්නට ඇත.

ෆොන්සේකා හමුදවෙන් 2009 දෙසැම්බරයේ විශ්‍රාම යයි. එනිසා ඔහුට හමුදාවේ ලියා පදිංචිය නැත. විය යුතුව තිබුණේ එසැණින්ම ඔහුගේ නම පදිංචි ප්‍රදේශයේ ලැයිස්තුවකට මාරුකිරීමය. අපේ යල් පැණ ගිය සිස්ටම් වලට මෙවැන්නක් මාස දෙකකින් කිසිසේත්ම කළ නොහැකිය. අලි මදිවාට කොටි කීවාක් සේ අපේ ඔලමොට්ටල මැතිවරණ කොමසාරිස් පාවිච්චි කරන්නේ 2008 ලැයිස්තුවලු! එය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මිස ෆොන්සේකාගේ වරද නොවේ. (වෙනත් විදියකින් කිව්වොත් ෆොන්සේකාට විතරක් නොව ගිය අවුරුද්දේ 18 පිරුණු තරුණ තරුණියන් දහස් ගණනකට මැතිවරණ කොමසාරිස් තම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා ඡන්ද අයිතිය අහිමි කරයි.)

අවසාන වශයෙන් ෆොන්සේකා මේ කාරණය රටින් වසන් කළේ ඇයිදැයි ඔබ අසයි. ඔහු වැරදීමකින් හෝ එය හෙළි කළේ නම් බොරු ප්‍රචාර මැවීමෙන් ආණ්ඩුව විසින් කොයිතරම් අවාසියක් ඔහුට හිමි කරද්නු ඇත්දැයි සිතා බලන්න. මේ ලංකාවේ ඡන්ද දායකයින් මෝඩයින් වීමේ වරදය. ඊට ෆොන්සේකාට බැණ වැදී ඵලක් නොවේ.

16 comments:

  1. @හෂාන්
    ඔබගේ නිහතමානි කම අගයමි.

    ReplyDelete
  2. සරත් උදෙන්ම ඒක කිවුවනම් සරත් ඉවරයි.

    ReplyDelete
  3. නුවරපාර සහ අඩව්ව අතර මේ දෙබස ලංකාවේ මෝඩ/කපටි සියළු දෙනාටම හොඳ ආදර්ශයකි.

    අනේවාසික

    ReplyDelete
  4. @ ගලා,

    මම ඔබත් එක්ක එකඟයි. ඔබ ඔය නගන චෝදනාව මමත් ජෙනරාල් වෙත නගනවා. එ්ත් අපි ඔවුන්ගේ විරුද්ධ පාර්ශව ගැනත් හිතන්න ඕනේ. බැරිවෙලාවත් කලිං දැනගත්තනං විමල් මොනවා නොකරයිද? මේ ටිකටත් කරපු හරිය දැක්කා නේද? අනික ඔවුන් ගොතපු බොරුත් අපි දැක්කනේ. ඉතිං මේ කරපු දේ සාධාරණයි කියලා හිතනවා. හැබැයි එහෙමයි කියලා මම කලින් නගපු චොදනාව සැර බාල කරන්නෑ.

    ReplyDelete
  5. @ අනේවාසික,

    ඔබගේ අදහස පැහැදිලි නෑ. අඩව්ව සහ නුවරපාර අතර ඇති වූ දෙබසේ ඔබ දකින මෝඩ කම සහ කපටි කම පැහැදිලි කරන්න. එය අඩව්වට නුවරපාරට සහ අනෙකුත් කියවන්නන්ටත් වැදගත් වේවි. කරුණාකර ඔබගේ අදහස පැහැදිලිව කියන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලනවා.

    ReplyDelete
  6. මම සරත් ෆොන්සේකා වෙනුවෙන් කිසි විටෙක පෙනී නොසිටියෙමි. නමුත් මේ සිද්ධිය හා සම්බන්ධව ඔහු 100% ක් නිර්දෝෂී බව කිව යුතුය.

    හමුදාවේ, පොලීසියේ ඇත්තන් සාමාන්‍යයෙන් තමන්ගේ නිවෙස පිහිටි ප්‍රදේශය අනුව ලියා පදිංචි වන සිරිතක් නැත. හේතුව ඔවුන්ට (අනිවාර්යයෙන්ම මැතිවරණ රාජකාරි වලට සහභාගි විය යුතු නිසා) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම වඩා පහසු නිසාය. ෆොන්සේකා මේ අනුව හමුදාවේ ලැයිස්තුවේ දිගටම ලියා පදිංචිව සිටින්නට ඇත.

    ෆොන්සේකා හමුදවෙන් 2009 දෙසැම්බරයේ විශ්‍රාම යයි. එනිසා ඔහුට හමුදාවේ ලියා පදිංචිය නැත. විය යුතුව තිබුණේ එසැණින්ම ඔහුගේ නම පදිංචි ප්‍රදේශයේ ලැයිස්තුවකට මාරුකිරීමය. අපේ යල් පැණ ගිය සිස්ටම් වලට මෙවැන්නක් මාස දෙකකින් කිසිසේත්ම කළ නොහැකිය. අලි මදිවාට කොටි කීවාක් සේ අපේ ඔලමොට්ටල මැතිවරණ කොමසාරිස් පාවිච්චි කරන්නේ 2008 ලැයිස්තුවලු! එය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මිස ෆොන්සේකාගේ වරද නොවේ. (වෙනත් විදියකින් කිව්වොත් ෆොන්සේකාට විතරක් නොව ගිය අවුරුද්දේ 18 පිරුණු තරුණ තරුණියන් දහස් ගණනකට මැතිවරණ කොමසාරිස් තම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා ඡන්ද අයිතිය අහිමි කරයි.)

    අවසාන වශයෙන් ෆොන්සේකා මේ කාරණය රටින් වසන් කළේ ඇයිදැයි ඔබ අසයි. ඔහු වැරදීමකින් හෝ එය හෙළි කළේ නම් බොරු ප්‍රචාර මැවීමෙන් ආණ්ඩුව විසින් කොයිතරම් අවාසියක් ඔහුට හිමි කරද්නු ඇත්දැයි සිතා බලන්න. මේ ලංකාවේ ඡන්ද දායකයින් මෝඩයින් වීමේ වරදය. ඊට ෆොන්සේකාට බැණ වැදී ඵලක් නොවේ.

    ReplyDelete
  7. @ Taboo,

    ඇත්තටම ටැබූ මම ඔබේ අදහස සමග 100%ක් එකඟ වෙමි. ඔබ විසින් දක්වන ලද අදහස මම මෙයින් ගෙන ලිපියටම අන්තර්ගත කරමි. (ඔබේ නමින්) ඔබ විසින් පවසන සිස්ටම් ප‍්‍රශ්ණය මෙයට හේතුවන්නට ඇතිය යන්න මට පැහැදිලි වූයේද ඔබේ අදහස් දැක්වීම තුළින් පමණි. එ්ත් එහෙම දෙයක් වුණා නං ඇයි විමල්ට සහ ඩලස් වැන්නන්ට ඕක ඔයිට කලිං හොයාගෙන උදේම මේ ප‍්‍රචාරය යවලා මේ මැතිවරණේ විකාරයක් කරන්න බැරිවුණේ. ඇත්තටම එයාලා එ් තරම් මෝඩ නිසාද නැත්තං මොකක් නිසාද ?

    ReplyDelete
  8. ඕක කල්පනා වන්නට තිබුණේ හමුදාවේ හෝ පොලීසියේ තැපැල් ඡන්ද ක්‍රමය ගැන දන්නා කෙනෙකුටය. දේශපාලුවන් ඔය කතා දන්නේ නැත. අනික මේ හමුදාවේ හෝ පොලීසියෙන් අස්වූ කෙනෙක් එසැණින්ම ඡන්දය ඉල්ලු මුල් වතාවයි.

    ReplyDelete
  9. බැසිල් ෆොන්සේකට සල්ලි දිලා කියන්නේ ඇත්තද?

    ReplyDelete
  10. එහෙනම් කරන්න තිබ්බෙ මෙහෙමයි තත්වෙ කියල ඒක ගැන පැහැදිලි කිරීමක් මැතිවරන කොමසාරිස්ගෙන් සති ගානකට ඉස්සෙල්ල ප්‍රසිද්දියෙ ගන්න එක නෙ. එහෙම කරා නම් ඊට පස්සෙ වීරවන්ෂ මොනව කරන්නද.

    ReplyDelete
  11. ඇත්තටම ටැබූ ඔබේ දැනුවත් කිරීමට ස්තූතියි. එ් කියන්නේ හමුදාවල හිටපු පසුගිය වසර තුළ අස්වූ කිසිවෙකුට ඡන්දයා දාන්න බැරිද? මේ ගැන මා නොදන්නා නිසයි අසන්නේ.

    ReplyDelete
  12. @ Any 1,

    ඔබ අදහස් කළේ උතුරේ ඡන්දය පසුගිය ජනාධිපතිවරණයේදී වැලැක්වූවා සේ ජෙනරාල්ටත් මුදල් දී ඡන්දය නොදැම්මා කියලාද? ඔබ එවැන්නක් අදහස් කළේ නම් නැවත කියන්න තියෙන්නේ ඉහත ලිපිය සහ ටැබූගේ කමෙන්ටුවත් හොඳින් කියවන්න කියලා පමණයි. ඔබේ පාර්ශවය නියෝජනය කරන විමල් වැනනන් මෙන් ඔබත් හිතුමතේට කෑගසා පළක් නැති වූ තැන මෙවන් විහිළු කිරීම හෙළා දකිනවා.

    ReplyDelete
  13. @ Any 2,

    ඇත්ත. ඔබ කියන දේ තමයි හොඳම කියලා මමත් හිතනවා. ඒත් එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ කියලා හිතෙන්නැද්ද? නුවර පාරට කමෙන්ටුවක් දාපු කෙනෙක් කියලා තිබ්බා කෑ ගැහුවට විමල්ටත් ඡන්දෙ නෑ කියාලා. ඇත්තද දන්නෙ නම් නෑ. ඒත් ගියපාර මධ්‍යම පලාත් ඡන්දෙදි එස් බී ත් ඡන්දෙ දැම්මේ නෑනේ. ඒත් ඒකට කවුරුත් මෙච්චර කෑ ගැහුවෙත් නෑ.

    කලිං මේ විස්තරේ දැනගත්තනං අනිවාර්‍යයෙන් ආණ්ඩුවේ විමල්, හඞ්ඩා, ඩලස් වැනි අය මේක වටේට තනි බොරුවක් ගොතාගෙන මිනිස්සු නොමග යවනවා. ටිකක් හිතලා බලන්නකෝ විමල් මේ හවස කෑගහපු හැටියට සතියකට කලින් වුණානං කොහොමට හිටීද? ඇත්තටම මට හිතාගන්න බෑ විමල් මේ මෝඩ කතා කියලා බොරු කියලා ඔප්පු වුණාම කොහොම ගෙදරට වෙලා ඉන්නවද කියලා.

    ReplyDelete
  14. විමල්ටත් මේ පාර ඡන්දෙ නෑ එතකොට මිනිහ ප්‍රංශ පුරවැසියෙක්ද ?

    ReplyDelete
  15. @ ANY,

    ඔබේ කතාව හරි. විමල්ට ඡන්දය තිබිලා නෑ. එ්ත් මාධ්‍යයන්ට පේන්න ඡන්ද පොළකට ගිහිල්ලා ඇවිල්ලා. එ්ක තමයි විමල්ගේ පක්ෂයෙන් හදන නාට්‍ය වල අළුත්ම එක.

    පහත වෙබ් ලින්ක්ස් කියවන්න. විමල්ගේ ඡන්දය නැති එක ගැන කියවන්න පුළුවං

    http://www.lankanewsweb.com/Sinhala/news/2010_01_26_010.html

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5408:2010-01-26-10-51-42&catid=35:2008-10-13-08-30-14&Itemid=27

    ReplyDelete

Related Posts with Thumbnails