Sunday, February 7, 2010

නරුමයෙක් වටකරං එන උන් උස්සලා බිම ගසාපල්ලා ...............


අතේ කරගැට හිතේ දුක්ගැට
පුතේ ඉවසන් රොද බඳිල්ලා.

නෙතේ නිදිගැට සුනු විසුණුකර
මව් කිරෙහි සවි සිතට ගල්ලා.

නුඹේ දරුවන් උන්ගෙ පැටවුන්
මරං කන්නට වරම් ඉල්ලා.

නරුමයෙක් වටකරං එන උන්
උස්සලා බිම ගසාපල්ලා ...............



කුසට අහරක් හිසට වහලක්
උරුම නැති වග වටහා ගල්ලා.

හදට ඉකියක් නෙතට කඳුලක්
උරුම වන බව දැනගනිල්ලා.

කුෂව වැහැරුණු දෑස් ගිල්වුණු
අතකටින් දරු පැටවු එල්ලා

මහමගට බැස සිඟා කන්නට
වැටෙන්නට පෙර නැගිටපල්ලා ............



තනා මන්දිර දිනා රජසැප
උන්ගේ දරුවන් අම්මාපල්ලා.

ඌරු පැටවුන් සිහිකරාවී
බලාපල්ලා බලාපල්ලා.

කන්න බත්පත බොන්න දියපත
අහිමි උඹෙ පුතු මරු ගෙනිල්ලා.

නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ කාලය ඇවිල්ලා .....................

2 comments:

  1. බීප් බීප් බේබි ඇස්ටොන් මාටින් එකේ අපිට හෙටක් හදන්න ගියා
    බීප් බීප් බේබි නේවි එකේ ජන්ද කොරනවා
    බීප් බීප් බේබි නාසා එකෙන් අපිට චන්දිරිකාවක් ගේන්න ගියා

    බොලාගේ දරැවෝ ගැන මට මොකෝ

    ("බීප් බීප්" මාධ්‍ය නිදහසට අනුව නියම වචනය කපා ඇත. කියවන විට අවශ්‍ය නාම පදය යොදා කියවාගනු මැනව)

    ReplyDelete
  2. බීප් බීප් ගේ ලොකු දූ ලෝක පොලිස් කාරයාගේ ගෙදර ට ගිහින් අපට වෙනසක් ගේනවා

    බීප් බීප් ගේ පොඩි දූ ‍ලොකු අක්කිගෙ තනියටයි චූටි class එකකටයි යන්න කියලා එහේ යැව්වා

    බීප් බීප් ගේ බෑණා පොඩ්ඩ සිද්ධාලේප මුදලාලි වගේ තමන්ගෙම පොඩි පොඩි බඩු ටිකක් විකුණලා සාධාරණයෙන් දියුණු වෙන්න හදනවා

    බීප් බීප් ගේ ලොකු හාමිනේ දූලා බලාගෙන එහෙට වෙලා ඉන්නවා මෙහේ හිටියොත් සාරියට මඩ විසිවෙන හින්දා .

    බීප් බීප් ළමයිනුත් එහෙ යවලා පවුලත් දණගස්සවලා army අන්තඃපුරය බලා කියාගෙන ඉන්න හිටියා.

    කොහෙද මේ ‍යක්කු ‍ඒක කෑවනේ. මේ මාණ්ඩලික ප්‍රධානි කමක් දීලා...

    ReplyDelete

Related Posts with Thumbnails