Saturday, February 20, 2010

හිට්ස් වලට ලෝභ වූවන්ගේ වීරක‍්‍රියාව නොහොත් දේශපාලන ලිපි පිටුවහල් කිරීම.


සිංහල බ්ලොග්කරුවන් අතරින් අතලොස්සක් මේ දිනවල කණගාටුවෙන් සිටින බව අප ඔබ හැම අතරේ පවසා සිටිය යුත්තේ මතුවී ඇති තත්වය තවමත් ජනතාව අතරට ගොස් නැති නිසාවෙනි. මේ සිද්ධියේ මුලක සිට පවසන්නේ නම් කතාව මේ ආකාරයට දිග හැරිය හැක. සිංහල බ්ලොග් ලියන්නන් බිහිවුනේ ඈත අතීතයේ නොව. ඒ ඉතා මෑතදීය. මෙලෙස බිහිවූ බ්ලොග් ලියන්නන්ගෙන් බහුතරය බ්ලොගර්ස් අඩවිය හෝ වර්ඞ්ප්‍රෙස් අඩවිය හරහා තම බ්ලොග් අඩවිය නිර්මාණය කරගත් අයයි. නමුත් මේ බ්ලොග් කියවන්නන් ප‍්‍රමාණය ඉතාම සීමිත වූයේ ඒවා වෙබ් අඩවි මෙන් ජනප‍්‍රිය නැති නිසාය. එනිසා එතෙක් පැවති හිඩැස පුරවමින් සිංහල බ්ලොග් කියවනය යන්න ආරම්භ කිරීමට සිංහල බ්ලොග් සංගමය කටයුතු කරන ලදි. මෙය අප දකින ආකාරයට බ්ලොග් ලියන්නන්ට කළ ඉමහත් සත්කාර්‍යයකි. එපමණක් නොව එය ශ‍්‍රී ලාංකීය පාඨකයන්ටද කළ උපකාරයක් වන්නේ ඉතා හරබර ලිපි ලියැවෙන මෙම අඩවි ජනතාව අතරට යෑමට මෙම ක‍්‍රියාවෙන් ඉඩකඩ විවර වීම නිසාවෙනි.

බ්ලොග් කියවනයේ කතාව එය වන අතර දැන් මතුවී ඇති තත්වය වටහා ගැනීමට එය වැදගත් වන්නේය. මෙලෙස සිංහල බ්ලොග් ලියන්නන් හැම දෙනාගේම ලිපි මෙම කියවනයේ මුල් පිටුවේ පළ වන අතර එය නැවත වර්ගීකරණයක් කර දේශපාලනික, පෞද්ගලික, විනෝදාස්වාද, ආගමික ලෙස වෙන් කර පළ කිරීමක්ද කරනු ලබයි. නමුත් මුල් යුගයේදී මේ හැම වර්ගකිරීමකටම අදාල ලිපි පළමුව මුල් පිටුවේ පළ වුණ අතර එය නැවත වර්ගීකරණය කරන ලද පිටුව තුළ පළ වීමක් සිදුවුණි. එනිසා බ්ලොග් කියවනය වෙත එන ඕනෑම පාඨකයෙකුගේ ඇස ගැටෙන මේ බ්ලොග් වෙත හොඳ පිවිසුමක් සහ ප‍්‍රතිචාර දැක්වීමක් තිබුණි. නමුත් කල් යෑමේදී ආරම්භ වූ පුවත් අඩෙවි කිහිපයක් නිසා මුල් පිටුවේ නිතර නිතර ඒවායේ පළ වන කුඩා ප‍්‍රවෘත්ති පළ වීම නිසා මුල් පිටුව පිරී යන තත්වයක් උදාවුණි. මේ නිසා කළමණාකාරීත්වය විසින් ගන්නා ලද තීන්දුවක් ප‍්‍රකාරව ඒවා වෙනමම පිටුවක් වෙත ගෙන යන ලද අතර එය මුල් පිටුවේ දිස්වීම නවතා දමන ලදි. මෙය එක් අතකින් සාධාරණ වන අතර තවත් අතකින් අසාධාරණ දෙයක් ලෙසද තර්ක කළ හැකිය. නමුත් අද කෑගසන කිසිම දේශපාලනික බ්ලොග් ලියන්නෙක් එදා ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ එහි සාධාරණත්වය දුටු නිසාදැයි අඩව්වේ අපට නිසැකවම කිව නොහැකිය.

දැන් උද්ගත වී ඇති තත්වය අඩව්ව සාධාරණීකරනය කරන්න යනවා යැයි ඔබට අප කෙරෙහි යම් තරහක් ඇතිවනවා වන්නටත් හැක. නමුත් තව දුරටක් බලාපොරොත්තු සහගතව ඉන්න යැයි අඩව්වේ අප ඔබට ආරාධනා කරන්නේ තවමත් මෙම ලිපිය අවසන් නැති නිසාවෙනි. එදා පුවත් අඩවි වලට අත්වූ ඉරණම දැන් දේශපාලනික ලිපි ලියන්නන්ගේ බ්ලොග් අඩවි වලටද අත්වී ඇත. ඒ අනුව දැන් දේශපාලන යන වෙනමම ශීර්ෂයක් යටතේ ඒවායේ පළ වන ලිපි දක්වන අතර ඒවා යමෙකු බ්ලොග් කියවනයට ආ සැනින් ඇස ගැටෙන මුල් පිටුවෙන් විසිවී හමාරය. මේ තත්වය ඇති වූයේ මන්දැයි අප මුලින්ම විමසා බැලිය යුතුය. මන්ද යමකට හේතු නොදැක එය විචාරය කිරීමට යෑම අඳුරේ අතපත ගෑමක් වන නිසාවෙනි. මේ සඳහා හේතු වන මූලිකම හේතුව ලෙස අඩව්වේ අප දකින්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ කළමණාකාරීත්වයේ සංයුතියේ අති බහුතරය තාක්ෂණික පසුබිමක් සහිත වූවන් වීමයි. ඒ නිසා ඔවුන් මේ බ්ලොග් කියවනය හරහා අපේක්ෂා කරන්නේ තාක්ෂණික හරයකින් ලියැවෙන ලිපි වලට වැඩි අවධානයක් යොමුකරවා ලීමයි. මෙහිදී අප ඔවුන්ට කෙලන්ම ඇඟිල්ල දිගු කරන්නේ ඔබ මෙවැන්නක් අප අඩවි ලියාපදිංචි කරගැනීමේදී නොපැවසූ නිසාය. එනිසා මෙය ඔබ විසින් අවස්ථාව අනුව දමා ගත් නීතියක් බව පිළිගත යුතු වන්නේය. එනිසා අඩව්වේ අපේ විරෝධය ඔබ වෙත එල්ල කරන්නට දෙවරක් නොසිතන්නෙමු.

මෙම සිද්ධියට හේතු වූ දෙවැනි කරුණ වන්නේ පැවති උණුසුම් මැතිවරණ කාලයත් සමග මතුවූ තත්වයයි. මැතිවරණ කාලයේදී රටේ අතිබහුතරයක් දෙනා දේශපාලනාක උණකින් පෙළෙන අතර දේශපාලනික ලිපි ලියන්නන් පමණක් නොව අදේශපාලනික නොවූ සියළු බ්ලොග් ලියන්නන් ඒ කාලයේදී දේශපාලනයට සම්බන්ධ ලිපි ලියා තිබුණි. එබැවින් බ්ලොග් කියවනය පුරා දේශපානික මාතෘකාවන් දිස්වූ අතර ඒවාට කමෙන්ට් දැමූවන් අතර දේශපාලනය කරපින්නා ගත්තායැයි හංවඩු ගසන අප පමණක් නොව සින්ඩිය දුටු විට වමනේ යනවා යැයි ඔබ වෙත චෝදනා කළ තාක්ෂණික බ්ලොග් කරුවන්ද අපමණ සිටිය බව අපි මතක් කර දීමට කැමැත්තෙමු. එසේම මැතිවරණ උණුසුම තරමක් වියැකී ඇති මේ දිනවල දේශපාලනික ලිපි ලියන්නන්ගේ ප‍්‍රමාණයද අඩුවී ඇති බව දැන් ඔබටම වැටහෙනු ඇත. උදාහරණයක් ලෙස ඊයේ දිනයේදී පළවී ඇත්තේ දේශපාලනික ලිපි 4ක් පමණි. පෙරේදා එක් ලිපියක් පමණක් පළවී ඇත. ඊට පෙර දිනයන් දෙකේදී ලිපි 6 බැගිනුත් ඊටත් පෙර දින ලිපි 3ක් සහ 4ක් බැගින් පළවී ඇති බවද ඔබ දැනගත යුත්තේය. ඒ සමගම ගණිතයේ නූගතුන් බව නොකියා අපට කියාදෙන ඔබ දැනගත යුතු වන්නේ ඊයේ දිනයේ ඔබගේ මුල් පිටුවේ තාක්ෂණික ලිපි ලියන්නන්ගේ ලිපි 49ක් පළවී ඇති බවයි. පෙරේදාද එම ගණන 49කි. මේ අනුව ගෙන බලන කළ ඊයේ දිනයේදී සින්ඩිකේටරයේ පළවීමට දේශපාලන ලිපි ලියන්නන් ලියා තිබූ ලිපි ගණන පළවූ තාක්ෂණික ලිපි ලියන්නන්ගෙන් 8.16% ක් තරම් සොච්චමක් වන්නේය. පෙරේදා දිනය සම්බන්ධයෙන් එම ප‍්‍රමාණය 2.04% කි. එබැවින් හිතක් පපුවක් නැතිව මෙවැන්නක් කළේ ඇයි දැයි යන පොදු ප‍්‍රශ්ණය වෙනුවට අපට ඇසීමට ඇත්තේ ඔළුවක් නැතිව මෙවැන්නක් කළේ ඇයිද කියාය.

තත්වය මේ තරම් සෝචනීය බව දැන් පැහැදිලිය. නමුත් තත්වය තවත් සොචනීය බව දැක්වීමට අඩව්වේ අප සූදානම්. දේශපාලනික ලිපි ලියන්නන්ගේ ලිපි ප‍්‍රමාණයන් අප ඉහතදී දැක්වුවෙමු. දැන් අපි බලමු තාක්ෂණික ලිපි ලියන්නන් ඔය කියන තරම් බබ්බුද කියා. මන්ද සුමුදුගේ ........ නම් අඩවියක් (නම් වශයෙන් ලිවීම අපට තවත් පහර වැදීමට හේතු වන නිසා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය අප විසින්ම සගවා ගැනීමට තරම් මුග්ධ වන්නෙමු.) 19 වැනිදා පමණක් ලිපි 3ක් පළ කර ඇත. 18 වැනිදා එම ගණන 2 කි. අනුරාධපුරෙ .......... නම් අඩවියක 19 වැනිදා පළවූ ලිපි ගණන 3කි. මෙලෙස තවත් පසුපසට ගොස් බලන්නේ නම් එක් දිනකට ලිපි 5කට වඩා පළ කළ තාක්ෂණික අඩවිද දැකිය හැකිය. කෙසේ වුවද අනුව 18 සහ 19 දෙදින තුළ පළ වූ දේශපාලනික ලිපි ගණන සහ මෙම අඩවිය ලියන්නියගේ (ඇය කාන්තාවක් නොවේ නම් අපට සමා වුව මැනවි. නමුත් අපට හැඟෙන්නේ එලෙසය.) ලිපි ගණන සමාන වන්නේය. මේ අනුව පෙනී යන්නේ දේශපාලනික ලිපි ලියන්නන් කියා පශ්චාත් භාගයට පයින් ගසා එළවා දැමූ අපට කී හේතුව වූ ලිපි විශාල වශයෙන් පළ වීම නිසා අනෙක් අයගේ ලිපි ඉක්මනින් සින්ඩිකේටරයේ පහළට යෑම යන්නට සැබෑ ලෙසම දායකවූයේ කවුද යන්න දැන් ඔබට වැටහෙනු ඇත. ඒ අනුව සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ මේ ක‍්‍රියාව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකැයි අපි දකින්නෙමු.

අනෙක් වැදගත්ම දෙයක් වන්නේ රාවය පුවත් පතද මේ වන විට තම පුවත් පතෙහි තීරුවක් මේ බ්ලොග් ලියන්නන් වෙනුවෙන් වෙන් කර ඇත. නමුත් අප දැක ඇත්තේ නම් ඔබ විසින් පන්නා දැමූ දේශපාලනික ලිපි ලියන්නන්ගේ ලිපි පමණක් එහි පළ වන බවකි. ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත් පතක් මෙලෙස තම සංගමය විසින් පවත්වාගෙන යන බ්ලොග් කියවනයේ ලිපි වලින් උපුටා ගැනීමක් කරන බවක් නොදන්නා නිසාදෝ ඔබ මෙවැන්නක් කර ඇත. මෙය ඔබ විසින් අප වෙත මුදා හළ ඉරිසියාවට පැහැදිලි සාක්ෂියකි. මන්ද ඔබ කියන පරිදි අපගේ අඩවි නිසා තාක්ෂණික ලිපි ලියන්නන් වෙත ලැබෙන කමෙන්ටු ගණන අඩුවී ඇත. එසේම ඔවුන්ගේ ලිපි බැලීමද අඩුවී ඇත. සත්‍යයකි. අඩුවී නොව නැත්තටම නැතිවී ඇත. මන්ද පසුගිය කාලයේදී දේශපාලනික උණුසුම් වාතාවරණත් සමග දේශපාලනික ලිපි කියවන්නට යොමු වූවන් ගණන ඉතා සීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. එසේම ඔවුන් අදහස් දැක්වීමටද නොපැකිළව ඉදිරිපත් වුණි. මේ තත්වය යටතේ බොහෝ දේශපාලන බ්ලොග් ආශ‍්‍රිතව දීර්ඝ සංවාද ගොඩ නැගුණි. මේ තත්වයන් සාධනීයව නොදුටු ඔබ සහ තාක්ෂණික ලිපි ලියන්නන් විසින් දැන් අප නෙරපා හැර තිබේ. එබැවින් අපට පෙනී යන්නේ රාවය විසින් දේශපාලන ලිපි ලියන්නන්ට දී ඇති අවස්ථාවත් දේශපාලන ලිපි නිසා පොදුවේ සින්ඩිකේටරය කියවන්නන් වැඩි වීමත් යන කරුණු නිවැරදිව නොදැක අප වෙත ඔබ විසින් දැක්විය යුතු අනුග‍්‍රහය වෙනුවට කීප දෙනෙකුගේ කතාවල් අසා අප නෙරපා හැර ඇති බවයි.

කෙසේ වුවද ඔබගේ මේ තීන්දුව නිසා බොහෝ දේ සිදුවී හමාරය. ඒ අනුව ටැබූ නම් දේශපාලන ලිපි ලියන්නා අප හැර ගොස්ය. ඔහු මේ තීන්දුවේ මුග්ධ බවට කෙලින්ම අභියෝග කර අප වෙතින් සමුගෙන ගොස් හමාරය. ඔහු සිංහල කියවන අප වෙනුවෙන් ලියූ කාලය නිමාකර ඉංග‍්‍රීසියෙන් බ්ලොග්කරණය කරයි. මේ තත්වයට වගකිව යුත්තේ ඔබ යැයි අප ඍජුව ඇඟිල්ල දිගු කරන්නේ නැතත් ඒ පාපයේ කොටස්කාරයෙක් බවට ඔබේ සිත ඔබට වදදෙනු ඇත. අනෙක් අතට ශ‍්‍රී ලංකාවේ සිවිල් සංවිධානයන්ගෙන් තැන් කිහිපයකම බ්ලොග් පවත්වාගෙන යන අතර ඒ සංවිධාන වල සිටින්නන්ද බ්ලොග් කියවනය බැලීම පුරුද්දක් කරගෙන සිටිති. නමුත් ඒ තාක්ෂණික ලිපි කියවීමට නොව. දේශපාලන අර්ථයක් ඇති දෑ බැලීමටය. නමුත් දැන් ඔවුන්ගේද උනන්දුව වියැකී ගොස්ය. ”ඉතිං මල්ලි දේශපාලන ලිපි අපි වෙනම තැනක දානවනේ” යැයි ඔබ අපට දීමට පිළිතුරක් ගොනු කරගත්තත් එහි අසාධාරණත්වය ඔබට පෙනෙනු ඇත්තේ දේශපාලන ලිපි මුල් පිටුවේ තිබියදී තාක්ෂණික ලිපි වෙනමම පිටුවක් වෙත යොමු කළානම්ය.

අඳෝනාව මෙයයි. නමුත් මෙය පොදුවේ අපගේ අඩවිය බලන්නන් ගණන වැඩි කර ගැනීම වෙනුවෙන් යැදීමක් නොවන්නේය. අප ලියන ලිපි වෙත වැඩි කමෙන්ට් ගණනක් බලාගෙන ඔබ වෙතින් අභය දානයක් ඉල්ලීමක් නොවන්නේය. නමුත් අඩව්වේ අප වසරක් පුරා ගොඩනගා ගත් අනන්‍යතාවයට එල්ල කළ මුග්ධ ප‍්‍රහාරයට එරෙහිව හඬ නැගීමක් වන්නේය. දේශපාලන ලිපි ලියන්නන් ඔබගේ බෝ පැල වන් තාක්ෂණික ලිපි ලියන්නන්ට දැවැන්ත අභියෝගයක් වූ බව සැබෑවකි. ඒ අන් කිසිවක් නිසා නොව. එක්කෝ දේශපාලන ලිපි ලියන්නන්ගේ හැකියාව නිසාය. නැතිනම් තාක්ෂණික ලිපි ලියන ඔබගේ සාධු මිතුරු රැළගේ නොහැකියාව නිසාය. මේ දෙකෙන් නිවැරදි පිළිතුර තෝරා ගැනීම ඔබ සතුය.

අනෙක් අතට වත්මන් දේශපාලන තත්වය දෙස බලා ඔබ විසින් මේ තීරණය ගත්තා විය හැකිය. මන්ද සිදුවෙමින් පවත්නා මාධ්‍ය මර්ධනය හමුවේ ඔබ කෙරෙහි එල්ල වෙතැයි අපේක්ෂා කළ හැකි බලපෑම් නිසා මෙය කළා විය හැකිය. එය එසේ නම් අප එයට නොබියව අභියෝග කරමු. මන්ද මේ වූ කලී තර්ජන එල්ල වන්නට පෙර ඔබ විසින්ම කොල් එකක් දමාගෙන නෝර්වේ එම්බසියෙන් වීසා ලබාගෙන රට පැනීමක් වන්නේය. එසේම සමහර ප‍්‍රගතිශීලී ජනතාව මෙන් උපන්දිනයට කෝල් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ජනාධිපතිතුමා වෙත ඔබගේ උපන්දිනය ඊමේල් කිරීමක් වන්නේය.

.

56 comments:

  1. මේකත් නිකං ඉඩි මහීන් වගේ වැඩක් තමයි.

    මුල් පිටුව නිරන්තරයෙන් යාවත්කාල වෙන්න දෙන ගමන් අංශ වෙන් කලා නම් හරි කලින් තිබුණ වගේ. මෙයාල කියන්නෙ උවමනා කෙනා දේශපාලන ලිපි තියෙන අංශය වෙත හොයාගෙන යනව කියලනේ. ඉතිං හැම ලිපියක්ම මුල් පිටුවට ඇවිත් මුල් පිටුවේ ලිපි ටික පහලට ගියත් ඕන කෙනා තමන්ට කියවන්න අවශ්‍ය කරන එක හොයාගන්නවනේ. අර රාමචන්ද්‍ර කිව්ව වගේ ගුගල් පාවිච්චියෙන් ‍ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ලාමක දේවල්නෙ ඔය තාක්ෂණික බ්ලොග් ගොඩක් ඒවයෙ තියෙන්නේ.

    ReplyDelete
  2. ගුගල් පාවිච්චියෙන් ‍ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ලාමක දේවල්නෙ ඔය තාක්ෂණික බ්ලොග් ගොඩක් ඒවයෙ තියෙන්නේ.
    කතාව හරියටම හරි ඈත්තටම දේශපාලන සහ සාහිත්‍යමය බ්ලොග් වල තියෙන්නෙ චින්තනයන් ඒ කියන්නෙ මනුස්සයෙක් හිතන පතන ලෝකය දකින හැටි ගැන ඒක සාපේක්ෂයි වගේම ගූගල් කරලා ​​හොයාගන්න බෑ කියන එක නිවැරදි කරුණක්. වැඩේ තියෙන්නෙ ඕක තේරුම් ගන්න තරම් නම්‍යශීලීත්වයක් සින්ඩි පරිපාලනය විසින් නොදැරීම..
    හොඳ සටහනක්..

    ReplyDelete
  3. ඔව් අවාක්,
    අපිත් කියන්නේ එක්කෝ එක් අඩවියකින් එක දවසකට එක ලිපියකට සීමා කළා නං හරිනේ. වැඩි පුර ලිව්වොත් පළ වෙන්නේ එකක් විතරයි. එහෙම නැතුව අපේ අඩවි මුල්ලකට කළා කියලා හරි යන්නෑනේ. නිකමට සින්ඩියට ගිහින් බලන්න. 18 හා 19 ලියපු තාක්ෂණික ලිපි කොච්චරද කියනවනං මුල් පිටුවටත් වඩා වැඩියි. ඉතිං එයාලා කියන කතාව බොරුනේ.
    එහෙම නැත්තං මුල් පිටුවේ කාගෙවත් එ්වා දාන්නැතුව වර්ගීකරණයන් ටික විතරක් පෙන්නන්න ඕනේ. එතකොට ඕනේ කෙනා දේශපාලන ලිපි හොයා ගන්නවා වගේම ඕනේ කෙනා තාක්ෂණික ලිපිත් හොයාගනියිනේ. එතකොට සමාන ප‍්‍රවේශයක් තියෙනවා.

    එහෙම නැත්තං මුල් පිටුවේ කොටු කීපයකට වෙන් කරලා විවිධ ශීර්ෂ යටතේ යන ලිපි කීපය බැගින් හරි පෙන්නන්න ඕනේ.

    එහෙම නැතුව ඉරිසියාවට දෙයක් කරලා එ්ක වහගන්න බොරු ගෙතුවට හරියන්නෑනේ.

    @ ආගන්තුකයා,
    ඇත්තටම එ්ක තේරුම් ගන්න තරං තත්වයක එයාලා නෑ. අනික එයාලගේ වැඩෙන් ටැබූ වැන්නන් අපිට අහිමි වුණා වගේම තවත් බොහෝ දෙනෙක් පසුගාමී වෙලා. මේකට අපි කතා කරන්න ඕනේ. අපි මේ වෙනුවෙන් සංවාදයක් අරම්භ නොකළොත් තවත් බොහෝ දෙනෙක් මේකෙන් ඈත් වෙයි.

    ReplyDelete
  4. වසරකට කලින් තිබුනාට වඩා පසුගිය කාලයේ දේශපාලන පැත්තෙන් බ්ලොග් අවකාශය පිරෙන්න අරගෙන තිබුන ප්‍රවනතාවයක් තිබුනා.මෙහි ප්‍රතිඵලයක් විදිහට political angle එකකින් ලියවෙන බ්ලොග් සටහන් ගනනාවක් බිහිවුනා.මොලයට යමක් එකතු කෙරුනේ හා වාද විවාද වලට යම් ඉඩක් හැදුනේ ඒ වගේ දේශපාලනික අර්ථයක් සහිත අඩවි නිසා.
    ඊයෙ රෑ මම යාලුවෝ එක්ක ට්‍රිප් එකක් ගිහින් ගෑනු ලමයා එක්ක තරහ වෙලා අම්මට කියන් නැතිව ගෙදරට රිංගලා බුදියගෙන උදේ ඇහැරුනා වගේ පුද්ගලික දේවල් වල වාද විවාද කරන හෝ බුද්ධිය කලඹන කිසි දෙයක් නැහැ කියන එක ගැන අමුතුවෙන් කිව යුතුද?
    දේශපාලන ලිපි මුල්පිටුවෙන් ඉවත් කිරීම සමග සින්ඩියේ මුල් පිටුව දිහා බැලුවම මේ කාරනය හා වෙනස වඩා හොදින් පෙනෙනවා.ඇත්තටම දැන් බ්ලොග් කියවනයේ එක්තරා පාලු ස්වභාවයක් දැනෙනවා.බ්යොන්ඩ් ෆ්‍රෙම් ගේ ලිපි පලවීම පහල වැටී තිබෙන අතර ටැබූ සබ්ජෙක්ට්ස් වැනි විවාදාත්මක අඩවි ඉවත් වීම කවර අර්ථයකින් බැලුවත් පාඩුවක්.( රන්ඩු කරගන්න උනත් හරවත් යමක් ලියන ප්‍රතිවිරුද්ධ අදහස් දරන්නන් ඉන්න ඕනෙ.ඒ වෙනුවට ඉන්නෙ උදේ තේ බීපු හැටි ගැන ලියන අදේශපාලනික බබාල නම් බ්ලොග්කරනයත් නිරස දෙයක් බවට පත්වෙනවා)
    මේ ගැන විරෝධය පලකරමින් ලිපි දානවට වඩා අපට කල හැකි දෙයක් තිබේද?

    ReplyDelete
  5. හුඟක් දේවල් ඇත්ත. ඊට අමතරව තව දෙයක් පහුගිය කාලයෙදි දැක්කා. ඒක කෙලින්ම කියනවට වැඩිය ඇදේට කියන එක හොඳයි.

    අපි කොහේ හරි ආයතනයක් ඇතුලට යද්දී සික්කා දාන පාට් දැකලා තියෙනවා නේද? අහේතුකව ඔහේ මිනිහා අපිට කරදර කරන්නේ ඇයි? මිනිහට බලය තියෙන එකම තැන ඒක. එතනින් පිට මිනිහට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒ නිසා අහේතුකව පොර බලය පාවිච්චි කරලා අපිට කරදර කරලා අමුතු ආතල් එකක් ගන්නවා මට තමයි "ඇඩ්මින්" පවර් තියෙන්නේ කියලා.

    වැරැද්දෙන් කොටසක් අපිත් බාර ගන්න ඕනෙ. සින්ඩිකේටරේ කියලා දේකට අපි අපේ බ්ලොග් ලියලා ඔ‍හේ බාර දෙනවා. ඇයි වෙන ක්‍රම නැද්ද ප්‍රචාරය කරන්න. මීට වඩා නිදහසකින් ප්‍රචාරණය කරන්න පුලුවන් වෙයි විකල්ප ප්‍රචාරණ ක්‍රම හොයා ගත්තොත්.

    ReplyDelete
  6. රාමා ඔබේ කතාව හරි. නමුත් සිංහල බ්ලොග් කියවනයේ පරිපාලකයන් විසින් මෙවන් තීන්දුවක් ගෙන ඇත්තේ ඔවුන් තාක්ෂණික අංශයට ඇති උනන්දුව නිසාය. නමුත් සත්‍යය ලෙසම දේශපාලන කරුණු සහිත අඩවි රැසක් බිහිවීමත් එ්වා කියවන්නන් රැසක් බිහිවීමත් නිසා බ්ලොග් යන්න ජනතාව අතර ඉතා ජනප‍්‍රියව පවතී. ඔබ කියන්නා සේම අපට කළ හැක්කක් නැත. නමුත් අඩව්වේ අප කියන්නේ අප මීට විරුද්ධව හඬ නැගිය යුතු බවයි. මන්ද එසේ නොවේ නම් අප දේශපාලන බ්ලොග් ලියන්නන්ට පමණක් නොව එසේ නොලියන එහෙත් බ්ලොග් කියවන අපේ පාඨකයන්ට දැඩි අසාධාරණයක් කරනු ඇත. එනිසා රාමා අපි මේ ගැන හැකි උපරිමයේන හඬක් නැගිය යුතුයි.

    ටැබූ තනිව සටනක යෙදිලා ඉන්නවා. එ්ත් සින්ඩියෙන් පිට. මේ වෙලාවේ මහින්ද හිතවාදී සහ විපක්ෂ හිතවාදී බ්ලොග් ලෙස නොබෙදී අපේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් කතා කරන්නැයි අඩව්වේ අපි ඔබ සැමගෙන් ඉල්ලනවා. එ්වගේම තාක්ෂණික පසුබිමක ලිපි ලියන අපේ සහෘදයන්ගෙනුත් ඉල්ලන්නේ අපිට උදව් වෙන්න කියලායි. අපි මේ වෙනුවෙන් පෙනී සිටිමු. අවසන් පිළිතුර කුමක් වුවත් අපි නිහඬව සිටීම කිසිවෙකු අනුමත නොකරනු ඇත.

    ReplyDelete
  7. මොඩයෝ වගේ කැගහන්නේ නැතිව මම කියන විදියට ඕක කරන්න.
    සින්ඩියේ මුල් පිටුවේ මුකුත් දාන්න එපා.
    ඒකේ වර්ගීකරණය විතරක් දාන්න. එතකොට තමන් කැමති දේ තමන්ට තොරාගන්න පුලුවන් වැඩේ ඉවරයි

    ReplyDelete
  8. @ ANY
    අපිට මෝඩයෝ කිව්වටනං අපි විරුද්ධයි. එ්ත් ඔබේ යෝජනාවට අපි එකගයි. අපි කියන යෝජනා කිහිපය අතර එ්කත් එකක්.

    ReplyDelete
  9. ඔයාලට මොඩයො කිව්වේ නැ මම කිව්වේ අපි මොඩයෝ වගේ මේකට වලි කාලා වැඩක් නැ හොද දෙයක් කරන්නේ නැතුව

    ReplyDelete
  10. සින්ඩියේ ඇඩ් ඉමීන්ලා කොහොමත් ආයෙ මේක වෙනස් කරන්නෙ නෑ. කලිනුත් වතාවකදි යුනිකෝඩ් ‍නැතිව ඡායාරූප භාවිතයෙන්, ඒත් සිංහලෙන් අදහස් ප්‍රකාශ වුණ බ්ලොග් අඩවි ඉවත් කිරීම සම්බන්ධ ගැටලුවෙදිත් ඔවුන් තමන්ගෙ නීති වලට හිරවී සිටියා මිස නම්‍යශීලී වුණේ නෑ. ඒ නිසා අන්තිමට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය - සිංහල යුනිකෝඩ් බ්ලොග්කරුවන්ගේ සංගමය බවට නොනිල වශයෙන් පත් වුණා. ඔවුන් නම් තවමත් සිංහල බ්ලොග්කරුවන් යැයි යොදාගෙන ඉන්නවා. මේ ගැටළුවෙදිත් ඔවුන් නැවත මේ ගැන සලකා බලයි කියල හිතන්න බෑ. මොකද එතන ඉන්න ගීකයෝ හිතන්නෙ තමන්ට වරදින්නෙ නෑ කියල. ඒ නිසා අර ඇනෝ කිව්ව වගේ මේ ගැන තවත් ඔවුන්ගෙන් යමක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ‍සින්ඩියට ක්‍රමයෙන් බිහිවන විකල්ප තිබෙනවා දැන්. http://blog.inetlanka.com/ සහ http://syndi.sinhalablogs.org/ එවන් අඩවි දෙකක් http://kottu.org/ හැරුනම. තාමත් මේවා ළදරු අවධියේ තිබුණත් අඩු තරමෙ තම තමන්ම මේවා ප්‍රසිද්ධ කරන වැඩක් කලොත් තවත් සින්ඩියේ ඉන්න අවශ්‍ය වෙන එකක් නෑ.

    ReplyDelete
  11. මිතුරනි,

    ඔය ඉලව් සින්ඩිය අමතක කරන්න. පරිපාලකයන්ගේ ගොන්කම් ගැන ලිවීම වෙනම කතාවක්, නමුත් ඔබේ වෙබ් අඩවිය ජනප්‍රිය කරගන්න නම් සින්ඩියෙන් එපිට විසඳුම් ගැන හිතන්න. (දැන් සින්ඩියෙන් ආවත් එන්නේ බබාල ටිකක්නෙ. උන්ට මොන දේශපාලනයද?)

    මෙන්න මගේ යෝජනාව.

    1. සින්ඩියෙන් එළියට ඇද දාන්න කලියෙන් (ඒකත් බැරි නැත, මොවුන්ට) නම්බු පිටින් ඉවත් වන්න.

    2. සින්ඩියෙන් නොව සෙවුම් යන්ත්‍ර වලින් පාඨකයින් ආකර්ෂණය කර ගන්නා හැටි හිතන්න. මෙය කළ හැකි මා දන්නා ආකාර කිහිපයකි.

    (a). හැකිතාක් keywords, tags ප්‍රමාණයක් සිංහලෙන් හා ඉංගිරිසියෙන් යොදන්න.

    (b). පාඨකයින් සෙවුම් යන්ත්‍ර වලට ඇතුළත් කරනු ඇතැයි හිතන පද පෝස්ටයේ මාතෘකාවට යොදන්න. (උදා. මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා වැනි ප්‍රසිද්ධ පුද්ගලයකු සම්බන්ධව ලිපියක් නම් එම නම අනිවාර්යයෙන්ම මාතෘකාවට යොදන්න.)

    (c). සිංහලෙන් ලියනවාට අමතරව මාතෘකාව ඉංගිරිසියෙන්ද ලියන්න. (බොහෝ දෙනකු තවමත් Google කරන්නේ ඉංගිරිසියෙනි.)

    3. තම තමන්ගේ බ්ලොග් වල Blogroll වලින් සින්ඩියේ නැති අනෙකුත් දේශපාලන බ්ලොග් වලට, මත දැක්වීම කවරක් වුවද ප්‍රචාරයක් ලබා දෙන්න. (මම Blogroll වලට මුල පටන්ම විරුද්ධ වූ අයෙක්මි. එහෙත් සැලකිය යුතු දේශපාලන බ්ලොග් ප්‍රමාණයක් සින්ඩියෙන් සිය කැමැත්තෙන්ම ඉල්ලා අස් කර ගන්නේ නම් ඔවුන්ට මගේ බ්ලොග් එකේ Blogroll එකක් නිර්මාණය කර දීමට කැමැත්තෙන් සිටිමි.)

    4. Facebook හා Twitter ඇත්තන් ඒ මඟින් අනෙකුත් දේශපාලන බ්ලොග් වලට ප්‍රචාරයක් ලබා දෙන්න. (මට නම් මේ දෙකම බැරිය. කමන්න.)

    දැනට සිතට නැඟෙන්නේ මෙපමණයි. තවත් තාක්ෂණික ක්‍රම ඇතිනම් කරුණාකර බෙදා හදා ගන්න.

    ReplyDelete
  12. හෂාන් මෙකට මමත් විරුද්දයි. දෙශපාලනෙත් අපෙයි, සාහිත්‍යයත් අපෙයි. මෙ ලියන මිනිස්සුත් අපෙ මිනිස්සු. නමුත් සින්ඩියෙ ඉහල ඉන්න මිනිස්සු ටිකක් කල්පනා කරන්න ඔනා. මෙ දෙශපාලනික බ්ලොග් ලියන මිනිස්සු ටික ගැන. මොකද රට ගැන කතා කරන මිනිස්සුනෙ. තාක්ෂනික ලිපි ලියන සමහරු නෙමෙ හැමොම ගුගල් එකෙ ඉංග්‍රිසියෙන් තියන එවා සිංහලට හරොලා තමයි දාන්නෙ. නැතුව ඉතින් අපි අපෙම කියලා කොඩ් ලියනවැ.නෙද හැබැයි අපිට ගැලපෙන්නෙ නැහැ කියලා අතහරින එකට වැඩිය. මම මෙකෙ ඉන්නත් ඔනා නෙද කියලා හිතලා ඔක ඉවසගෙන ඉන්න. ඔයාගෙ ලිපි බලන්න මටනම් සින්ඩියටම යන්න ඔනා නැහැ...

    ReplyDelete
  13. සින්ඩිය අපේ බදු මුදල් වලින් යැපෙනවනම් අපිට මෙහෙම විවේචන කරල ඒක වෙනස් කරන්න පුලුවන්. මම හිතන්නෙ හොදම විසදුම බ්ලොග් එක සින්ඩියෙන් ඉල්ලා අස්කර ගැනීම. වවුලගෙ ගෙදර ගියාම වවුල වගේ ඉන්න ඕනලු :D

    ReplyDelete
  14. news site කියන්නෙ blog නෙවේනෙ.

    ReplyDelete
  15. වවුලගෙ ගෙදර අපට ඕන විදියට හදාගන්න පුලුවන් කියල තමා වවුලගෙ ගෙදර අය කියන්නෙ.සමහර වෙලාවට නිකමට වෙන්ඩැති

    ReplyDelete
  16. /සින්ඩිය අපේ බදු මුදල් වලින් යැපෙනවනම් අපිට මෙහෙම විවේචන කරල ඒක වෙනස් කරන්න පුලුවන්. මම හිතන්නෙ හොදම විසදුම බ්ලොග් එක සින්ඩියෙන් ඉල්ලා අස්කර ගැනීම. වවුලගෙ ගෙදර ගියාම වවුල වගේ ඉන්න ඕනලු :D/

    සින්ඩිය සිංහල බ්ලොග් කරුවන්ගේ බදු මුදලින් කෙසේ වෙතත් ඔවුන් උපයා දෙන හිට්ස් වලින් යැපේ. ඔවුන් ඔබ බලාපොරොත්තු වන සේවාව ලබා නොදෙන්නේ නම් ඉන් ඉවත්ව හිට්ස් වලින් කරන ගෙවීම් නතර කරන්න. මේ එක පාරට කරන්නට බය හිතෙන වැඩක් බව ඇත්තය. නමුත් ගඟකට බහින්නට බිය මිනිසා කිසිදිනෙක පිහිනීම නූගන්නේය.

    ReplyDelete
  17. @ Taboo

    බොහොම ස්තූතියි ටැබූ. ඇත්තටම ටැබූ රාමා, බියොන්ඞ් වැන්නන්ට ඔබේ අඩවිය හරහා යම් ප‍්‍රවේශ මාර්ගයක් ලබා දෙන්නේ නම් එය කොන් වූ දේශපාලන ලිපි ලියන්නන්ට ශක්තියක් වනු ඇතැයි සිතමි. එසේම තවදුරටත් සින්ඩියේ සිටින ගමන්ම සටන් කරන්නැයි මම සැමට ආරාධනා කරන්න කැමතියි. අපිව එලෙව්වොත් එලෙව්වාවේ. එ්ත් අපි එ් වෙනුවෙන් සටන් කරාය කියන හැඟීමවත් අපිට තියෙයි.

    ඔබේ අදහස් දැක්වීම හරහා කළ යෝජනාවන් අපට ඉතාමත් වැදගත්. සත්‍ය ලෙසම අප එ්වා භාවිතා කරන්නෙමු. එය අප හැමට කළ උදව්වක්ද වන්නේය. ටැබූ ඔබේ මේ අදහස් අපව තවත් දිරිමත් කරනවා. අපි කවදාවත් ලිපි ලිව්වේ නෑ හිට්ස් බලාගෙන. අපි කියවන්නන් ගාන වැඩි කරගන්න ලිව්වේ නෑ. අපි ලිව්වේ වගකීමකින්. අපිට පුළුවං තරමින් රටේ ජනතාව දැනුවත් කරන්නයි උත්සහ ගත්තේ. කමෙන්ට් බලාගෙන ලිව්වනං ජාතික චින්තකයෝ වගේ හරි නුවර පාර වගේ හරි දවසකට පෝස්ට් පනහක් විතර දාන්න තිබ්බා. අපි සිද්ධියක් වුණ ගමන් ෆෝම් නූනේ සත්‍යය දැනගෙන හරාත්මකව එ්ක ගැන විචාරය කරන්න ඕනේ හින්දා. නැත්තං උණු කැවුම් වගේ බ්ලොග් ලියන්නත් අපිට තිබ්බා. අපි මුල සිටම වචන දෙකේ තුනේ බ්ලොග් කෙරුවාවට එකග නෑ.

    ඉතිං ටැබූ, ඔබේ කතාවට එකඟ වෙන ගමන්ම මම දැනට ඔබෙන් ඉල්ලනවා අපේ සගයන්ව දිරිගන්වන්න කියලා. එ් අපේ හුදෙකලා සටනට ශක්තියක් වෙන්නයි. අපි උත්සහ කරලා බලමු. නමුත් අපි බලෙන් අයින් වී ඔවුන්ගේ සිහිනය මේ තරම් ලේසියෙන් සැබෑ නොකරමු. එනිසා සමානත්වය උදෙසා අපි සටන් කරමු. අපි සටන් කරන්නේ හැමෝටම සමාන ප‍්‍රවේශයක් දෙන්න කියන එකටයි.

    ReplyDelete
  18. මේ දොරේ, අපේ ටැබූ බොස් කියන ඔක්කොම සීන් පිලිගන්නව, ඒත් සින්ඩියෙන් යන්න කිව්වම කලිසම තෙමෙනව.
    අනේ බොසා උබල කරන සටන, හුහ්...
    කනවැන්දුම් ගෑනු වගේ සින්ඩියට වෙලා අඩ අඩ ඉන්නෙ නැතුව කරගන්න සටනක් එලියට ගිහින් කරගන්නවලකො. එතකොට සින්ඩියේ ටෙක් ලියන සූකිරි පැටවු ටිකටවත් පාඩුවේ ඉන්න පුලුවන්නෙ.
    දොරේ මම මේ උදව්වකට කියල කියන්නෙ, එලවනකන් නම් ඉන්නෙ සින්ඩියේ බොගක් දාන්න. එතකොට ඉතින් කොහොමත් එලවනවනෙ පුකටත් පයින් එකක් ගහලම

    ReplyDelete
  19. ඇත්තටම ටැබූ, ඔබ කියන හිට්ස් හරහා ඔවුන් යැපෙනවා කියන එක අපිට නොතේරේ. ටිකක් පහදා දෙන්න. එ්ත් අපිට තේරෙන එක දෙයක් තිබේ. එනම් වාසියක් නැත්නම් මොකට මේක කරගහගෙන යනවාද යන්නයි.

    ReplyDelete
  20. සූස්ති ගුණේ,
    ඔබලා වැන්නන් අපට හොඳට හුරුය. මන්ද අනන්‍යතාවයක් නැතිව හොරෙන් විත් සද්දය දාන ඔබලා වැන්නන් අප පිළිගන්නේ නියම පිරිමින් ලෙස නම් නොවේ. අනේ මල්ලිලා අපේ සාධු සින්ඩියට දේශපාලනය කියන අසූචි එකතු නොකර මේක මල් වට්ටියක් වගේ සීනි බෝල කතා වලින් පුරවගෙන එ්වා බල බල ස්වයං වින්දනය කරන්න ඉඩදීලා අපේ ආතල් එක නොකඩා යන්නකෝ යැයි නොකියා පොරවල්ලා නම් පලයල්ලා වැනි පොර ටෝක් දමන්නට පෙළඹීම හරහා අප දකින්නේ අපට විරුද්ධව කේලම් කියා යැවූ ඊමේල් වල දෙවැනි වටය දැන් එළිපිටම පටන් ගෙන ඇති බවයි. එනිසා සූස්තිය -කේ ගසාගෙන තමන්ගේ වැඩක් බලාගන්න යැයි කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු. මේ මදි නම් නැවත කියන්න.

    ReplyDelete
  21. චමිල් අයියයි පහන් අයියයි ගේ කොල්ලෝ කියලා සකුන්තලට අහුවෙලා වලි දාලා දැන් ඒ තරහ පිරිමහනවා කියලා තමයි අපිටනම දැනගන්න ලැබුනේ.
    තවද ඉන්ද්‍රිනාම ගොයියා එක්ක තරහා ඔයාට ඇඩ්මින් කමක් දුන්නේ නැතුව එයා ඇඩ්මින් උනා කියලා නේද ?

    තවද බ්ලොග් කියවනයෙන් හොරෙන් හැංගිලා ඉන්නවා නේ, ලැජ්ජයි!

    ReplyDelete
  22. කෙනෙක් කියන වචන වලට තරහා ගන්න, බනින්න, තමුන්ගෙ හැගිම් වෙනස්වෙන්න ගියොත් එක අවාසිය අපිටමයි. හෂාන් බලමු නෙද මොකද වෙන්නෙ කියලා.

    ReplyDelete
  23. @ උම්මත්තක,
    ඔබගේ කතාව අපට නොවැටහේ. අඩව්වේ අප කිසිම බ්ලොග් කරුවෙකුව හෝ පරිපාලකයෙකුව පෞද්ගලිකව නොහඳුනන්නෙමු. එසේම අඩව්ව ලියන අප කවුද යන්නත් කිසිම බ්ලොග්කරුවෙකු නොදන්නවා සේම කිසිම දිනෙක දැනගැනීමටවත් නොහැකි වන බව නම් නියතය. මන්ද එම රහස්‍ය භාවය අපගේ ආරක්ෂාව උදෙසා පමණක් වැදගත් වන නිසාවෙනි.

    ඉතිං ඔබගෙන් අප ඉල්ලන්නේ කිසිවකුගේ නම් හෝ අන්වර්ථ නාමයන් මෙම අඩවිය තුලදී භාවිතා නොකරන්න කියාය. අනෙක් අතට කිසිවෙකුගේ පෞද්ගලිකත්වයක් හාරා අවුස්සන්නට තරම් අධම නොවන අඩව්වේ අප සමග එවැනි දේවල් නොපවසා සිටින්නේ නම් මැනවි.

    අනෙක් අතට මෙම දේශපාලනික ලිපි ඉවත් කිරීම ගැන අප කතා කරන්නේ සහ සටන් කරන්නේ කිසිවෙකුත් සමග පුද්ගල බද්ධව නොව. අප මේ සිද්ධිය ගැන තර්ක කරන්නේ විෂය බද්ධවයි. එනිසා අදවන තුරුත් කිසිම බ්ලොග්කරුවෙකුගේ පෞද්ගලිකත්වයක් ගැන බින්දුවකුදු නොසෙවූ අඩව්වේ අප මේ මොහොත වන විටත් මේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නේ සියලූ දේශපාලන බ්ලොග් ලියන්නන්ම වෙනුවෙන් බව තේරුම් ගනු මැනවි.
    උම්මත්තක ඔබ ඉහත සමහර දේවල් ලියුවේ අපටදැයි අපට නිශ්චිතවම නොවැටහේ. එ් අදහස් තුළ අප ආමන්ත‍්‍රණය කර නැත්නම් සමාවන්න. අපව ආමන්ත‍්‍රණය කර ඇත්නම් ඔබ අපගැන වැරදි තොරතුරක් අසා ඇති බවත් තේරුම් ගන්න.

    ReplyDelete
  24. ඔබ හරි රවා. අපටත් තේරෙනවා මේකේ ලොකු ගේමක් යනවා කියලා. එ්ත් ඇයි මේ තරම් මිනිස්සු අධම වෙන්නේ. අපට තේරෙන්නැත්තේ එච්චරයි.

    ReplyDelete
  25. /ඇත්තටම ටැබූ, ඔබ කියන හිට්ස් හරහා ඔවුන් යැපෙනවා කියන එක අපිට නොතේරේ. ටිකක් පහදා දෙන්න./

    සින්ඩියද බන්දුල පද්මකුමාරගේ මුල් පිටුව වැනිය. පත්තර නැත්නම් පද්මකුමාරත් නැත. මුල්පිටුවත් නැත. තාමත් යම් පාඨක පිරිසක් සින්ඩිය වටා රොක් වන්නේ තමන්ගේ ප්‍රියතම ලිපි එහි ඇති නිසාය. ජනප්‍රිය බ්ලොග් කිහිපයක් හෝ ඉන් ඉවත් කර ගත්තොත් ඔය ඉලව් ටෙක්නිකල් ලිපි හෝ ඉංගිරිසි, කෘෂිකර්ම පාඩම් කියවන්න කවුරුත් එහි යන්නේ නැත.

    ඔබ එහි රැඳී ඉන්නා තාක් කල් ඔබ අනියමින් සින්ඩියේ හිට්ස් වර්ධනයට දායක වේ. කමෙන්ට් දැමීමෙන් මමද දායක වෙමි. (මෙනිසා තව සතියකින් පමණ සින්ඩියේ ඇති කවර හෝ බ්ලොග් එකකට කමෙන්ට් දැමීමෙන් වැළකී සිටීමට අදහස් කරමි.)

    ReplyDelete
  26. මිතුරනි,

    'සින්ඩිය' යන වචනය භාවිතා කිරීමෙන් පවා අපි වරදක් කරමු. එයින් ඇත්තේ එක් සින්ඩියක් පමණක් බව අපි අනියමින් පිළිගනිමු. මෙය සෛධාන්තිකවත් ප්‍රායෝගිකවත් වැරදිය.

    මෙනිසා එය හැඳින්වීමට කරුණාකර 'අදේශපාලනික සින්ඩිය' හෝ 'බබාලගෙ සින්ඩිය' යන වචන භාවිතා කරන්න.

    - Taboo

    ReplyDelete
  27. ටැබූ,
    ඔබේ කතාවට අපි එකඟයි. අප එයට කියන්නේ සීනි බෝල සින්ඩිය කියාය. දැනටමත් අප අවාක් කී මග යමින් තවත් බ්ලොග් කියවනයන් කීපයක් සොයා ගත්තා. ඉතිං ටැබූ අප දකින ආකාරයට ඔබ මෙයින් නික්මුණ එක ඇඟට මෙන්ම සිතටද හොඳය. මන්ද අප වසරක් තුළ අපේ පැල මෙන් දැන හැඳිනගෙන සිටි තැනින් දැන් අප එළවන්නට වෙර දරමින් සිටියි. එය ඇස් ඉදිරිපිට දිස්වන තත්වයටත් එහා ගොස් හොර ගේම් එකක් බවටත් පත්වී ඇත. විමල් වීරවංශ කීවාක් මෙන් මේ සීනිබෝල සින්ඩිය නිසා අපට සීගිරි යන්න නම් බැරිවී නැත. එනිසා අපට උලත් එකය. එසේම පිලත් එකය.

    එහෙත් මේ මැස්සන් පියාඹන උඩ දුටු විට දැනෙන්නේ වෙනමම දෙයකි. එනිසා කාට වුවද අනවශ්‍ය ආතල් ගැනීමට අප ප‍්‍රස්තුතයන් නොවන්නා සේම අනුන්ගේ මෝඩචූන් ආතල් බිඳීමෙන් අප ගොන්පාට් නොවීමටද කැමතිය. එනිසා අඩව්වේ අප ඔබ සැමගෙන් මෙසේ ඉල්ලා සිටීමට කැමතිය. අපගේ මතවාදයන්ට එකඟ නැතිනම් අඩව්ව අඩවිය නොකියවා සිටින්නේ නම් ඉතාම හොඳය. (විශේෂයි.- විසම්මුතික අදහස් ඉවසන සහ ගරුකරන ඔබට මෙය අදාල නොවන බවද කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete
  28. දැනට චමිල හා පහන් (උම්මත්තක) එක පිලක් වී සිටිනවා UCSC එක තුල. සකුන්තල හා එකට එක දීව ගාගෙන සිටි මේ අය දැන් වෙන් වී ඇත. දැනට චමිල හා (මැටිපහන් කීම වඩාත් නිවැරදියි. උ.ගැ. මකබාස් )පහන්, චමිල් UCSC එක තුල බක පන්ඩිතයන් ලෙස සලකනු ලබයි. පහන් චමිලගේ ඕනැම කීමට හිස නවාගෙන සිටින්නෙකි. කොන්දක් නැත. අන්තර්ජාලයේ චන්ඩිය. දැනට එළකිරි අඩවිය එක්ක වගේම මේ වගේ පහත් වලියක් කලට පෙර ඇදගෙන නෑවා මතක ඇති.

    තවද මේ දෙදෙනාම පොර වීමට කැමතියි. එම නිසා යන යන තැන වලි දමාගැනීම සිරිතකි. දැනට මේ අය හදන්නේ සකුන්තල එක්ක ඇති තරහ පිරිමැහීමේ මඩ ගැසීමකටයි. මොක්ද මැටි පහන්ගේ වචන වලින් කිවුවොත්. "උට කලින් බ්ලොග් ලිවුවේ මම. උබව බ්ලොග් ලියන්න පුරුදු කරේ මම. ඒක නිසා මමයි SBU එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න ඕනේ" කියා ඔහු කෙලින්ම ඉන්ද්‍රිනාමට පවසා තැත. දැන් ඉරිසියාව තවද වැඩීවීඇත. මක්නිසාද සකුන්තලටද දැන් SBU එකේ ඇඩ්මින් කෙනෙකු නිසා.

    කට්ටියට මතක ඇති කලකට පෙර මැටිපහන් සකුන්ලට එකට සිට බ්ලොග් එකක් ලියා මඩ ගැහුවා. මේය අපිට පුදුමයක් නොවෙ. මොවුන් දෙදෙනාට කිසිම පුද්ගලයන් සමග එට සිට්මේ හැකියාවක් නැත. එකට සිටිය අයට මෙලෙස මඩ ගහනවානම්.... සිතන්න... මේ අය සමාජයට කරන සේවයක් නැත. සේවයක් කරන කෙනෙක් ඇත්නම් ඒ අස්සට රිංගගෙන ලකුනු දමාගැනීම තමයි කරන්නේ. (උදා: Firefox වල සිංහල යතුරුලියනය කරන plugin එක.) මැටි පහන දන් එය තමන් කල දෙයක් මෙන් පෙනී සිටියි. හේතුව "මමයි ඔය අදහස දුන්නේ" මෙය සෑදූ කෙනා නිහතමානී නිසා මේ ගගන කතා නොකරයි.

    රටට ජාතියට සේවයක් නොකර මේ අය තම අයිතිවාසිකම් ගැන කතාකරයි. මේ අය ලන්කරගන්නේ බලාගෙන. අර කතාවක් තියනවානේ නයි ඔඩොක්කුවේ දාගෙන කෑවෝ වෑවෝ කියන්න් එපා කියලා.

    ReplyDelete
  29. Ane eagollanta monawath kiyanna epa appa... sindiya lassana karanna ne yanne.

    ReplyDelete
  30. අවසන් වරට මඩ රොත්තක් සමග කමෙන්ටුවක් දැමූ ANY ට,

    ඔබ කළ දෙය අප කිසිසේත් අනුමත කරන්නේ නෑ. මන්ද අප අඩවිය තුළ කිසිවෙකුට මඩ ගැසීමකට අවස්ථාවක් නොදෙන නිසාය. එසේම අප කිසිම අයෙකුගේ අදහස් දැක්වීමක් මකා දැමීමටද අකමැති බව තේරුම් ගන්න. මන්ද යමෙක්ට දෙයක් කීමට ඇති අයිතිය අප උදුරා නොගන්නා නිසාය. නමුත් ඔබලා පෞද්ගලිකව නම් ගම් සහිතව මේ ගෙන යන දරුණු මට්ටමේ මඩ ප‍්‍රචාරය තව දුරටත් ගියහොත් අපට එම කමෙන්ටු මකා දැමීමට සිදුවන බවත් කරුණාවෙන් සලකන්න. එනිසා ඔබ අතර ඇති ආරවුල් අඩව්ව තුළට නමක් රහිතව විත් නොලියන්නැයි අප කරුණාවෙන් ඉල්ලා සිටිමු.

    අප මේ කිසිවෙකුත් පෞද්ගලිකව නොහඳුනන්නෙමු. මන්ද අපි පවත්නා දේශපාලනික තත්වයන් ගැන සවිඥනිකව ලිපි ලියුවා විනා කාගේවත් කෝන්තර හොයා ඇවිද්දේ නැත. එසේම මේ සීනි බෝල සින්ඩිය කරන්නේ කවුද කියාවත් අප සොයා බැලූවේ නැත්තේ එයට වඩා වැදගත් දේවල් අප සතුවූ බැවිනි. නමුත් දැන් අපට මේ තුළ පවතින මහා ගැටුමක කරුණු ඇස ගැටෙමින් පවතී. එනිසා ඔබලා විසින් බබ්බුන් යැයි කියා උඩ දමනා තාක්ෂණික ලිපි කරුවන්ද හොඳ ගේම් කරුවන් බව හොඳින්ම වැටහෙනු ඇත.

    එ් අනුව බලන කළ ඇඞ්මින්ලා වන්නට හෝ මේ තුළ අනසක පතුරවන්නට තරම් තාක්ෂණික උණක් නොතිබුණු අප වැනි දේශපාලන ලිපි කරුවන් කොයි තරම් අගනේදැයි ඔබටත් ලඟදීම වැටහෙනු ඇත. එනිසා තාක්ෂණික ලිපිකරුවන් අප ඉවත් කිරීම ගැන සතුටු වනවාටත් වඩා අප සතුටු විය යුත්තේය. මන්ද ඔවුන්ගෙන් බේරීමට ලැබීම ගැනය.

    ReplyDelete
  31. Use google reader to read your favorite blogs. It works with blogger and wordpress. I am using that so no need to go any syndicator. You can add the blogs you want and read it from there.

    www.google.com/reader

    ReplyDelete
  32. මහසෙන් මහත්තය කියල තියෙනව වගේ ඔය ක්‍රමයෙන් පුළුවන් හදාගන්න තමන්ගේම සිංඩියක්!

    ReplyDelete
  33. ඔබට බොහොම ස්තූතියි මහසෙන්,

    ඇත්තටම ටැබූ කිව්ව වගේ වතුරට බැස්සම තමයි අපිට පීනන්න ඉගෙන ගන්න පුළුවං වෙන්නේ. එ් නිසා මේ දින දෙක තුළ විතරක් අපි සොයාගත් නව පිවිසුම් මාර්ග ගණන විශාලයි. ඉතිං මහසෙන් කිව්ව වගේ අපි හැමෝගෙන්ම ඉල්ලන්නේ අපි තවත් දේවල් මේ සංවාදයට එකතු කරමු කියලයි. බලන්න මේක කොයිතරම් සාර්ථක දෙයක්ද කියලා. අපිට ඇති වෙලා තියෙන තර්ජනය ගැන කිව්වම එ්තුළ ගොඩනැගෙන සංවාදය හරහා ඊට පිළියම් රැසක් මතුවෙනවා. එ් හරහා ප‍්‍රශ්ණය යම්තාක් දුරකට විසඳනවා වගේම කණාමැදිරි එළියක් දෙස බලාගෙන සිටි අපිට දැන් දැන් ඉර එළිය, හද එළිය පෙනෙන්න පටන් ඇරන් තියෙනවා.

    මම සහෘදයන්ගෙන් ඉල්ලන්නේ අපි මේ සංවාදය තව තවත් හරවත් දේවල් වලින් පුරවමු කියලයි. එතකොට අපිට නොහැකි වුනත් අපි මේ ගැන දැනුවත් තාක්ෂණික පසුබිමක් සහිත බ්ලොග්කරුවෙක් සමග සාකච්ඡා කොට මේ පිළිබඳව වෙනමම ලිපියක් ඔබවෙත දිගහැරීමට බලාපොරොත්තු වන්නෙමු. එබැවින් විකල්ප ක‍්‍රම පිළිබඳව අප දැනුවත් කරන්නැයි අඩව්වේ සංස්කාරකවරු දැනුමැති ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    ReplyDelete
  34. මහසෙන් ගෙ වැඩේ හොදයි තමන් කැමති බ්ලොග් ටික එකට දාගත්තම කිසි කරදරයක් නැතිව බලාගන්න පුලුවන් , හැබැයි හොද බ්ලොග් මොනවද කියල හොයාගන්න නම් මේවගේ සින්ඩි බලන්න වෙනව මොකද අපි හුගක් වෙලාවට සිංහලෙන් සෙවුම් කරන්නෙ නැහැනෙ,

    ReplyDelete
  35. මලිත් ඔබ කියන කතාව ගැන අපිටත් ගැටළුවක් තියෙනවා. අපි ගූගල් සෙවීම කරද්දි ඉංග‍්‍රීසි භාවිතා කරන නිසා අපට සිංහල නම් සහිත අඩවි මග හැරෙනවා නේද? නමුත් අප මහසෙන් කී පරිදි බැලූ විට සමහර අඩවි දක්නට ලැබුණා.

    ReplyDelete
  36. admin@sinhalabloggers.com මෙතන්ට කියල බැලුවනම් හරි

    ReplyDelete
  37. Thanks ANY,

    We will mail them this situation.

    ReplyDelete
  38. පිස්සු ඇඩ්මින් නංගිලාට උන්ගේ ගොන් ටෙක් බොලොග් කියවගන්න ඇරල මේක ජනප්‍රිය කරවමු.. I will help...

    මෙයට වර්ෂා.

    ReplyDelete
  39. ටෑබූ පොන්නයා මහදෑනමුත්තා වෙලා හුක් හුක්.ගෝලයො රොත්ත සින්ඩියෙම ඉදන් මලපහ කරගන්නවා යකො පලයව්කො යන්න අර ටෑබූ පොන්නයා වගේ ඌ හිතන් ඉන්නෙ සින්ඩිය දුවන්නේ උගෙ කෑලෑපත්තරෙ නිසා කියලා යාන්තම් සුද්ද උනා සින්ඩ්ය

    ReplyDelete
  40. ගූ කෑලි ටික සෙට් වෙලානෙ බොල මෙතන

    ReplyDelete
  41. අනේ පොන්න ටෑබුවො තොගෙ ඔය සමලිංගික පත්තරෙ නෑති උනා කියලා වෑහෙයි සින්ඩිය බලන් හිටපන් පඩයක් ගියාම ඔයිට හොදයි

    ReplyDelete
  42. @ හෂාන් සහ මලිත්:
    යලිත් ටැබූගේ උපදෙස් කියවන්න. හැමවිටම සින්හලෙන් මෙන්ම ඉන්ග්‍රීසියෙන්ද tags, labels යොදන්න. එවිට ගූග්ල් තුල ලෙහෙසියෙන් සොයාගත හැක.
    එමෙන්ම සින්ඩියෙන් එලවනතුරු මෙහි රැදී සිටීමටද වගබලාගනිමු.එදවස එලඹුනු පසු යලි මේ ගැන කථා කරමු. ඒ හේතු දෙකක් නිසා.

    01. මේ වනවිට තවත් සින්ඩියක් බිහිකිරීම මහා තාක්ෂණික හාස්කමක් නොවන නිසා.
    02. මීට වඩා වැදගත් දේ ඔබ, රාමා, ටැබූ වැන්නන් අතින් ලියවිය යුතු සමය නිසා.

    සින්ඩිය වෙනස් නොවෙතැයි යන්න සිතීමට එක අතකින් කල්වැඩිය. අපි සුබවාදීව බලා සිටිමු. එතෙක් අපේ වැඩකොටස කරගෙන යමු.
    මන්ද යත්,
    " මග දෙපස ඇති දේවදාර ගස්වල ගෙඩි ගනින්නට ගියහොත්, නොදැනුවත්වම රෑ බෝ විය හැකි හෙයිනි" (උපුටා ගැනීම: පූජ්‍ය අචාන් චා හිමි )

    ReplyDelete
  43. taboo=mangalweera(pons)
    hashan-somawansa(JARA KATAK )
    rama=anura kumare(GON THARKA)
    chamila=lalkanthan(pus wedi)

    mokuth na

    ReplyDelete
  44. "මග දෙපස රැදී.. ඔබ දෙසට හැරී.. මම, නෙතු නොපියා හිදිමී...."
    (උපුටා ගැනීම: වැහි පබලු සැලී-සුරේන්ද්‍ර)

    ReplyDelete
  45. ඇට මැස්සා,

    ඇත්තටම ඔබේ කතාවට අපි එකඟ වෙනවා. නමුත් අපි අළුත් සින්ඩියකට අවශ්‍ය උපරිම සහය ලබා දිය යුතු වෙනවා. එ්වගේම අපි අපේ කාර්‍යය තවදුරටත් කිසිම අඩුවකින් තොරව කරගෙන යන අතර රාමා, ටැබූ ගෙන්ද ඉල්ලන්නේ ධෛර්‍යයෙන් තම ගමන යන්න කියලයි. ඇත්තටම ඇට මැස්සා ඔබටත් අපි මේ ගමනට ආරාධනා කරනවා.

    ReplyDelete
  46. මීට පෙර කුණුහරප කමෙන්ට් දමා තිබෙන ANYලා ට,

    අඩව්වේ අප කිසිවෙකුත් දමන කමෙන්ට් මකා දමන්නට පෙළඹෙන්නේ නැත්තේ එය අන් අයගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට බාධාවක් වන නිසයි. මන්ද ඉහත අදහස් දක්වා ඇති ඇනීලාටත් එයාලාගේ දැනුම අනුව එ් දේවල් කියන්න අපි ඉඩ දෙන්න ඕනේනේ.

    සමහරුන් තවත් කෙනෙක් සමග මතවාදීව ගැටීම හරහා තම ස්ථාවරය සාධාරණීකරනය කරගන්නවා. තවත් සමහරු මේ විදිහට කුණුහරපයක් කියලා තමන්ගේ තියෙන මතවාදී දුප්පත් බව රටට එළි කරනවා. අපි මේක දකින්නේ ලස්සන කෙල්ලෙක් එක්ක යන කොල්ලෙක් දිහා පාරෙදි කින්ඩියට බලලා ගෙදර ඇවිත් බාත්රූම් එකට වෙලා හොරෙන් කෙල්ලගේ ලස්සන හිතින් මවාගන්න ගමන් අදින වැලක් ලෙසය. එනිසා අපි අනුන්ගේ ස්වයංවින්දන ආතල් කැඞීමට තරම් පහත් නොවෙමු. (නමුත් මේවා හොරෙන් කරගත්තා නම් හොඳය. නැත්තම් වන්නේ ඔබේ ආතල් එකේ ප‍්‍රතිඵලය අඩව්ව නම් අපගේ කාමරයේ ඇති මෙට්ටයේ උලා යෑමකි.)

    ටැබූට එරෙහිව ඔබලා නගන මුග්ධ ප‍්‍රහාරයන්ට ටැබූ කිසි දිනෙක නොසැලෙන බව අප දනිමු. එසේම ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ඔබලා වැනි වාසගමක් අහිමි (ජාතකය ගැන ප‍්‍රශ්ණයකි.* බියගුල්ලන් නැතුවට තවත් දහසක් බුද්ධිමත් මෙන්ම ශක්තිමත් මහත්වරුන් සිටින බවත් කීමට කැමැත්තෙමි. කෙසේ වුවද ඔබගේ තත්වය පෙන්වමින් ඉහත දිගහැර ඇති ඔබගේ හැකියාවට මේ වචන කිහිපයත් වැඩි බව අපගේ හැඟීමයි.

    ReplyDelete
  47. >...නමුත් අපි අළුත් සින්ඩියකට අවශ්‍ය උපරිම සහය ලබා දිය යුතු වෙනවා. ...<හෂාන්
    ඒ මොකටද?
    දැන්වත් බ්ලොග් සින්ඩිකේටර වටා පෙලගැහී තියෙන සිංහල බ්ලොග්කරණය එතැනින් එහාට යා යුතුයි. නැතිනම් සිංහල බ්ලොග්කරණය කියන දේට අනාගතයක් නැහැ.
    බ්ලොග් අඩවියක් ප්‍රචාරණය කිරීම සඳහා යොදා ගත හැකි එකම මාර්ගය සින්ඩිකේටර නෙමෙයිනෙ. තව ඕනෑ තරම් ක්‍රමඋපායන් තියෙනවා. ඒ දෙවල් භාවිතා කරමු.

    ReplyDelete
  48. මෙහි කුණුහරප කියූ ඇනියන් ගැන දුක් වෙමි. ඔවුන්ගේ පහත් මානසික මට්ටම මෙයින් හෙලිවේ.බහුතරයක් මඩ කරුවන් සරසවි සිසුන් වීම ඊටත් දුකකි. රටේ අනාගතයද මේ ?

    ReplyDelete
  49. ඇත්ත කසුන්,

    අපි අපේම ස්වාධීනත්වයක් මත ගොඩනැගිය යුතුයි. කෙටිකාලීන ශක්තියක් විදිහට විතරයි එහෙම දෙයක් අදහස් කළේ. ඇත්තටම ටැබූ කියපු උපක‍්‍රමත් මින් ඉදිරියට භාවිතා කිරීමට අපි උනන්දු වෙනවා. අපි එ් දේට උත්සහ ගමු කසුන්, මම හිතනවා මේක අපිට කරපු නරකක් නෙමෙයි හොඳක් කියලා. මොකද නැත්තං අපි තාමත් රාමුවකට කොටු වෙලා බලාගෙන ඉන්නවා. දැන් ඊට එහා ගිය සාකච්ඡුාවක් අපි අතර තියෙනවා.

    ReplyDelete
  50. සරසවි ශිෂ්‍යයෙක්February 23, 2010 at 12:13 AM

    ඔය වගේ පහත් මානසිකත්වයක් ඇත්තේ UCSC කියන එකේ ඉන්න online වීරයො වෙන්න දඟලන තුන් හතර දෙනෙක්ට පමණයි. ඔවුන් තුන් හතර දෙනාගෙ මට්ටමින් මුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාව දෙසම බැලීම වැරදියි.

    ReplyDelete
  51. සරසවි ශිෂ්‍යයෙක්February 23, 2010 at 12:15 AM

    ඉහත කමෙන්ටය hashan ට ඉහළින් කමෙන්ටය දක්වා ඇති Any වෙත බව කරුණාවෙන් සළකන්න.

    ReplyDelete
  52. ඇනෝනිමස් කමෙන්ට් එකක් දැම්මේ කවුද කියලා දන්නේ එ්කඑ දාපු එකා විතරයි. මට නම් හිතෙන්නේ ඔය කමෙන්ට්ස් සේරම එකම කෙනාගෙ කියලා. මම කියන්නේ බොරුනම් බබා සින්ඩි පරිපාලනයෙන් අහලා බලන්න. ;).

    ReplyDelete
  53. චූ අක්කාකාFebruary 23, 2010 at 12:43 AM

    මෙහි කුණුහරප කියූ ඇනියන් ගැන දුක් වෙමි. ඔවුන්ගේ පහත් මානසික මට්ටම මෙයින් හෙලිවේ.බහුතරයක් මඩ කරුවන් සරසවි සිසුන් වීම ඊටත් දුකකි. රටේ අනාගතයද මේ ?

    ReplyDelete
  54. ඔය වගේ පහත් මානසිකත්වයක් ඇත්තේ UCSC කියන එකේ ඉන්න online වීරයො වෙන්න දඟලන තුන් හතර දෙනෙක්ට පමණයි. ඔවුන් තුන් හතර දෙනාගෙ මට්ටමින් මුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාව දෙසම බැලීම වැරදියි.

    ReplyDelete
  55. කනගාටුයි.............. ඔබට සුභ අනාගතයක්

    ReplyDelete

Related Posts with Thumbnails