Monday, March 22, 2010

සිරසට ගල් ගැසූ මර්වින් සරමෙන් මූණ හංගා ගනී. නමුත් හෙළුව රටටම පෙනේ.


අද සවස සිසර ප‍්‍රධාන කාර්‍යාලයට එල්ල කළ මුග්ධ ප‍්‍රහාරය අඩව්ව මේ මොහොතේ පිළිකුලෙන් හෙළා දකින බව ප‍්‍රකාශ කරන්නෙමු.

සිරස ආයතනය අභියෙසට කැළණිය ඩිපෝවට අයත් ලංකා ගමනා ගමන බස්රථයකින් පැමිණෙන මෙම මැර පිරිස (දේශපාලන ආධාරකරුවන් ලෙස කීම තවත් නිවැරදිය.) නිදහසේ බැස විත් පාරේ ඇති විශාල ප‍්‍රමාණයේ ගල් අහුලා සිරස ආයතනය දෙසට පහර දෙන්නට විය. 50කට අධික පිරිසක් මෙම අධම ප‍්‍රහාරයට සම්බන්ධ වන අතර ඔවුන් මහමග සිට සිරස ආයතනය දෙසට පහර දෙන වේලාව අතර තුර කිසිඳු නීතිය රකින ආයතනයක් විසින් එය වැලැක්වීමට පියවරක් ගන්නේ නැත. ඉන් පසුව අදහස් දක්වන සිරස ආයතනයේ කාර්‍ය මණ්ඩලය පවසා සිටියේ තමන් විසින් දිගින් දිගටම පොලීසියට මෙය දැනුම් දුන්නද ක්ෂණික ක‍්‍රියාමාර්ගයක් නොගත් බවයි. අවසානයේදී ජීප් රථයකින් පැමිණෙන පොලීසිය විසින් මැර පිරිස පන්නා ගොස් 16 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි.

ඉහත දැක්වූයේ අද සවස සිරස මාධ්‍ය ආයතනය වෙත එල්ල ප‍්‍රහාරයේ සිද්ධිය කෙටියෙනි. නමුත් මේ පසුපස ඇති ඛේදනීය තත්වය සහ නොහික්මුණු ගැමුණුගේ විකාරය අප නැවතත් විමසා බැලිය යුතු වන්නේය. මන්ද මාධ්‍ය නිදහස යනු රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අත්‍යාවශ්‍ය අංගයක් නිසාය. නමුත් මහ දවල් අධි ආරක්ෂිත කලාපයන් අසලදී රාජ්‍යයට අයත් බස් රථයකින් විත් අඹ ගසකට ගල් ගසන්නාක් මෙන් ආතල් ගනිමින් මාධ්‍ය ආයතනයකට මැර ප‍්‍රහාරයක් එල්ල කරන මේ රට ගැන අපිට සිතිය හැක්කේ මොනවාද? මෙය අපට සාමාන්‍යකරණය වූ දෙයකි. අනෙක් අතට සිරසටද මෙය අමුත්තක් නොවේ. ඔවුන් මෙය බලාපොරොත්තුවෙන් සිටි දෙයක් මෙන් ක‍්‍රියාකර ඇත. නමුත් මේ දේවල් විමසා බලන කළ මෙය මැරයන්ගේ පාරාදීසයක් නොවේ දැයි සිතෙයි.

මීට පෙරද සිරසට කැළණියේ ගැමුණු ඇමතිතුමන් විසින් කළ පහර දීමක් නිසා අධිකරණයෙන් නියෝග කළේ නැවතත් එවැනි දේවල් නොකරන ලෙසටය. ඊට පෙරද තම අහිංසක පුතාගේ වීරක‍්‍රියාවක් නිසා නිතර නිතර උසාවි ගිය ගැමුණුතුමා එහි ගිය සිරස වාර්ථාකරුවන්ට කුණුහරපයෙන් පවා බැන වැදී එළවා ගත්තේය. මේ සිද්ධි අධිකරණයේ හෙළා දැකීමට ලක්වූ නිසා ඉන්පසු දිනක රාත‍්‍රියේ සිරස ගිනි ගැනීමට ලක් විය. මේ ආකාරයට සිරස හා කැළණිය අතර සමීප සම්බන්ධයක් පසුගිය කාලය පුරාවටම පැවතුණි. ඊට පසු අද සිදුවූ සිදුවීම නැවතත් කැළණිය බස්රථයකින් පිරිසක් විසින්ම සිදුකර ඇත.

තත්වය මෙයයි. දැන් ඇත්තේ විපක්ෂය විසින් මෙය හෙළා දැකීමටත් ආණ්ඩුව විසින් එය විදේශීය කුමන්ත‍්‍රණයක් කියා හෝ සිරසම ගහගත්තා කියා උඩ පැන පැන කෑගැසීමටත් පමණි. නමුත් මීට පෙර අවස්ථාවේදී රජයේ ඇමතිවරයෙක් ඇසුවේ ”ඔච්චර වැඩ දාන සිරසට ඕක වීඩියෝ කරගන්න බැරිවුණේ ඇයි?” කියාය. නමුත් දැන් ඒ කතාව කීමට බැරිය. මන්ද මෙවර සියලූ දෙනාම මනාවට හඳුනාගත හැකි ලෙස වීඩියෝ ගතවී ඇත. එනිසා අවශ්‍ය නම් පොලීසියට කැළණියට ගොස් ඔවුන් අත්අඩංගුවට ගත හැක. නැත්නම් ඔවුන්ගේ මුහුණු රවුම් කර කර රූපවාහිනියේ පෙන්විය හැකිය. එපමණක්ද නොව පෙර අවස්ථාවේ මෙන් නොව, රෑ වෙනුවට අධික ෆෝම් වීම නිසා මහ දවල් ආ බුදුන්ගේ දේශයේ අහිංසක දරුවන් 16ක් මෙවර පොලීසියට නොඅල්ලා සිටීමට නොහැකිවී ඇත. එනිසා කලින් ප‍්‍රහාරයට වඩා මේ අවස්ථාවේදී අවශ්‍ය තරම් සාක්ෂි තිබේ.

නමුත් අප බලා සිටින්නේ මෙම මැර ප‍්‍රහාරයට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ගයන් මීට පෙර අවස්ථාවට වඩා දශමයකින් හෝ වෙනස් වේවිද කියාය.

10 comments:

  1. රටම විකුනන් කන සිරස වගේ පාහාරයින්ට ගල් නෙමේ ගහන්න ඕනෙ...

    1. තුප්පහි පාහාර රුපියල් 2 ඉන්දියාවෙන් වීසි කරන කසිකබල් ‍මෙහි පෙන්වා අපගේ සංස්කෟතිය විනාශ කිරීමට උපරීම වෙර දැරීම.
    2.මිනීමරු කොටි පාහාරයා වේස සිරසට පමණක් "වේලුපිල්ලේ ප්‍රභාකරන් මහතා" වීම.
    3. පාහාර පක්ෂග්‍රාහී දේශපාලන ක්‍රියා මෙරටට බෝ කිරීම.
    4. දේශපාලන පක්ෂ හේද භින්න කිරීම මගින් ජනප්‍රිය වීමට උත්සාහ කිරීම.

    මේවගේ ඒවට දුක හිතෙන්නේ මෝඩ ගෑනු වගේ ගෙවල් වලට වෙලා මහ ගෙදර බලන උම්බල ව‍ගේ ලාංකීය ජාතකයක් නැති මහරාජා සමූහයේ _ _ජාතකයින්ට ම පමණයි.

    ReplyDelete
  2. @ ඇනී,

    ඔබගේ නමත් මෙහි සඳහන් කළේ නම් ලැබෙන්නට ඉඩ ඇති අවස්ථාවන් කිහිපයකි.

    1. ඉදිරියට එන ප‍්‍රාදේශීය සභා ඡන්දයේදී පචායුධ කණ්ඩායමෙන් නොමිනේෂන් ගත හැකි වන බව නම් නොඅනුමානයි.

    2. උපන්දිනයද දැම්මොත් අතිගරු ජනාධිපතිතුමා ඔබට උපන්දිනය දවසේ උදේ පාන්දර කතා කර සුභ අනාගතයක් යැයි කියනු ඇත.

    3. හොඳ වචන සෙට් එකක් ඇති නිසා මේ දිනවල මාධ්‍ය සාකච්ඡා වල වන් මෑන් ෂෝ දමන්නට වී ඇති ඩලස් ඇමතිතුමා ඔබව ලඟින් තබා ගැනීමට හෝ තෝරාගනු ඇත.

    4. විමල්ගේ ඡන්ද වැඩ නිසා පාලූවෙන් සිටින ඇතුගලවාහිනියේ චමුදිත සමග තනිවම දේශපාලන සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත. (ඔබෙන් අසන්නේ ඔබ දෙන ප‍්‍රශ්ණ පමණක් නිසා බිය වන්න දෙයක් නැත.)

    5. සුදර්මන් නම් අපේක්ෂකයා සමග ඉලෙක්ටි‍්‍රක් තරාදියක් බඳු එක පැත්තක් පමණක් ඇති තුලාවේ පොරටෝක දී පොරක් වීමට හැකිවනු ඇත.

    6. සමහර විට කොහන විසින් ජිනීවා ගෙන්වාගෙන කෑම වේලක් සහ ඩොලර් 100ක් දී මහලේකම්ට විරුද්ධව කෑගසන්නට කියනු ඇත.

    7. ඉහත කිසිවක් නැතද ගැමුණු ඇමතිතුමා ඔබව රැගෙන ගොස් හඬ නෑසෙන පිස්තෝලයක් අතට දී මහරාජාව මරන්නට කියා කොන්ත‍්‍රාත්තුව දෙනු ඇත. (මන්ද මේ කොන්ත‍්‍රාත්තුව දීමට තවමත් ඔබවැනි ඇදගෙන නාගන්නා කෙනෙකු එතුමාට හමුවී නැත.)

    ReplyDelete
  3. සිරසට නම් ගල් ගැහුවාට කමක් නෑ කියන මතයේ තමයි මම ඉන්නේ.
    මාර්කටින් අතින් සිරස අනිත් මාධ්‍ය වලට වඩා සෑහෙන ඉදිරියෙන් සිටියත්, සිරසේ ක්‍රියා කලාපය ගැන නම් බුද්ධිමතුන්ගේ කැමැත්තක් ඒ තරම්ම නැහැ.
    රට විකුණන නාලිකාවක්.

    ReplyDelete
  4. ඔව් ඔව්. ඇෆ්ගනිස්තානෙත් තිබුනා සිරස වාගේම රට විකුණන නාලිකාවක්. දුන්නා නේද උන්ට බැටේ. දැන් නාලිකාව කුඩු.

    ඔව් ඔව්. මහා බුද්දිමතෙක් වන සොක්‍රටීස්නුත් කීවේ, ක්‍රියා කලාපය ගැන එතරම් කැමතී නැත්තම් ගහපිය ගල් කියලානේ.

    ReplyDelete
  5. මිස්සක මල්ලි ටිවි එකෙ රිමොට් එක තියන්නෙ ඔයගෙ අතෙ.... එ මිනිස්සුත් සල්ලිවලට ආසයි.. එයාලටත් කාර් තියනවා, පැස්ටොල් ගහන්න ඔනා..දරුවො ඉන්නවා.. එයාලත් ආසයි දරුවන්ට හොදට උගන්වලා එයාලව සමාජයෙ ඉහල තැනකට ගෙන්න. එයාලත් ඉන්න කාලෙ හම්බු කරන්න ඔනා... සිරසෙ ඉන්නෙත් අපෙ මිනිස්සු ටිකක්.. එයාල ගාව තියනවා අපෙ දෙවලුත් ගොඩක්.... වටිනා කියන දෙ ගොඩක් තිබුනා......, තියෙවි....., ඉස්සර 1998, 1999 කිංග්ස්ලි සුරිය සිරස කරන කාලෙ අපි හරිම ආසවෙන් එවා ඇහුවා...එයාලා එතන ඉදන් අද මෙතනට එ දෙ ගෙනල්ලා තියනවා... කෙල්ලන්ව බාගෙට අන්දලා නටනවා... නැත්නම් දුප්පත් මනුස්සයෙක්ගෙ කටහඬක් මාර්කට කරනවා.... එහෙමත් නැත්නම් ඉන්දියාවෙන් රුපියලට දෙකට පෙන්නන දෙයක් මෙහෙ ගෙනල්ලා පෙන්නලා විනාශ කරනවා කියලා එයාලට බනින එක වැරදි.... ඔයගෙ බ්ලොග් එකෙ අරමුණ ට හරියන්න ඔයගෙ ප්‍රතිපත්ති නොතිබුනොත් ඔයගෙ බ්ලොග් එක වැරදෙනවා... එවගෙ තමයි බිස්නස් කාරයො.. උන් කරන දෙවල් වලින් උන් ලාබ ගන්නවා. රටක පාලකයො තමුන්ගෙ රටවැසියාට කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති, නිති වෙනස් කරන්න ඔනා නැත්නම් රට එතනමයි.. මිනිස්සුන්ගෙ හදවත් වල තියන දුර්වලකම් තෙරුම් අරන් රාජ්‍ය මාධ්‍යත් ලොකු විනාශයක් කරා.. එ මහින්දව දිනවිම නොවෙයි... ජෙනරල්ට කරපු දෙ... එකම ඇති සිරස කරාට වඩා ජාතියට ද්‍රොහිකමක් රජයෙ මාධ්‍ය කරපු බව ඔප්පු කරන්න.. අපි සිරසට බනින එක වැරදියි.. අපි පෙන්නන දෙ දකිනවා මිසක් එතනින් එහාට දෙයක් හිතන්නෙ නැහැ.. අනික අපෙ ගොඩක් මිනිස්සුන්ට ගොඩක් දෙ අමතක වෙනවා.. බොහොම ඉක්මනින්..

    කෙනෙක් ව පරාද කරන්න ඔනා ගල් ගහලා මරලා, හිරෙ දාල නෙමෙ.. අපෙ ප්‍රතිවාදියා ලඟ අපිට වඩා හොද ප්‍රතිපත්ති තියනවා නම් ඉට වඩා හොද ප්‍රතිපත්ති අප නිර්මාණය කරගන්න ඔනා.. ඉට වඩා හොද සංකල්ප අපි නිර්මාණය කරගන්න ඔනා නෙද...?

    ReplyDelete
  6. උදයේ හවස ගයනා ගුණ කඳාණෝ...
    රණ බිම කෙසර නද දුන් මහ රජාණෝ...
    අප කෙම් බිමක රැඳවූ බෝ සතාණෝ...
    ‍අපටත් තොපට මෙන් නායක ..........ණෝ

    ReplyDelete
  7. Rava , Excellent !

    ReplyDelete
  8. සිරසට ගහපු එක වැරදියි. අපිට ඉතින් පචවාහිනියෙ නිව්ස් බලන්නෙ නැනේ.මේ ගහල තියෙන්නේ සිරසට නෙමෙයි. අපිටයි.
    කොහොමද අපෙ ගෙදරකට 50ක් විතර අඇවිත් ගල් ගහල ගියොත්?

    ReplyDelete
  9. http://www.sirasatv.info/

    ReplyDelete

Related Posts with Thumbnails