Tuesday, February 9, 2010

ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අඩව්වේ දැඩි විරෝධය



දින කීපයකට පෙර නිමාව දුටු ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මීට පැය කීපයකට පෙර හමුදා පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මෙම සිදුවීම ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කර තිබුණේ පහත පරිදිය.

‘‘මීට ස්වල්ප වේලාවකට ඉහතදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කොළඹ 07 රාජකීය මාවතේ පිහිටි සිය කාර්‍යාලයේ දේශපාලන පක්‍ෂ නායකයින් පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදී එම ස්ථානයට බලහත්කාරයෙන් කඩාවැදුණු යුද හමුදා පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව Lanka news web වෙත වාර්තා වේ.

මෙම අවස්ථාවේදී ජෙනරාල්වරයා සමග විපක්‍ෂ සන්ධානයේ නායකයින්වන ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, සුනිල් හදුන්නෙත්ති, මුස්ලිම් කොංග‍්‍රස් පක්‍ෂයේ නායක රවුෆ් හකීම් සහ බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් සාකච්ඡාකරමින් සිටි අතර එසේ අත්අඩංගුවට ගැනීමට ජෙනරාල්වරයා සිය දැඩි විරෝධය දැක්වූ විට යුද හමුදා පොලීසියේ නිලධාරීන් ඔහුට පහරදී බිමදිගේ ඇදගෙන ගොස් වාහනයකට නංවාගත්බව සිද්ධිය සියැසින් දුටු විපක්‍ෂ සන්ධානයේ නායකයින් Lanka news web වෙත වැඩිදුරටත් අනාවරණය කර සිටියේය.’’
(උපුටා ගැනීම ලංකා නිව්ස් වෙබ්)

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ ප‍්‍රකාශය ලංකා ටෲත් අඩවියේ සටහන් වූයේ මේ ආකාරයට.

අද රාත්‍රියේ අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද අධිකරණය හමුවට පමුණුවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලක්ෂ්මන් හුළුගල්ල මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ෆොන්සේකා මහතාට යුද හමුදාපති සහ මාණ්ඩලික ප්‍රධානී තනතුරු දරන කාළය තුළ විපක්ෂය සමඟ එකතුවී රජයට විරුද්ධව සහ ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණ සිදුකළා යැයි චෝදනා එල්ලවී ඇති බවයි.

"එබැවින් ජනරාල්වරයාගේ එම ක්‍රියා සම්බන්ධයෙන් හමුදා අධිකරණය හමුවේ සාක්කි විමසීමට බලා පොරොත්තුවන බව හුලුගල්ලේ මහතා පවසයි."(
උපුටා ගැනීම ලංකා ටෲත්)

මුලින්ම මේ මතුවී ඇති තත්වය සම්බන්ධයෙන් අඩව්වේ කණගාටුව මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරන්නෙමු. එසේම ප‍්‍ර‍්‍රජාතන්ත‍්‍රවාදය අතුගා දමමින් ආණ්ඩුව ගෙනයන අත්තනෝමතික මර්ධන ක‍්‍රියාකලාපයන් සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධයද මෙහිලා පළ කරන්නෙමු.
මේ වන විට තත්වය මේ ආකාරයේ පවතී. මින් ප‍්‍රකාශ වන පරිදි ජෙනරාල් අත්අඩංගුවට ගෙන ඇත්තේ හමුදා අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමටය. නමුත් මේ සිදුවීම හරහා විද්‍යාමාන වන වත්මන් ශ‍්‍රී ලංකාවේ තත්වය ඉතාමත් ඛේදනීය එකකි. මන්ද විපක්ෂ අපේක්ෂකයෙක්ට පවත්නා බල හවුලට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඉදිරිපත් වීමට ඇති අවස්ථාව මේ හරහා අහුරන්නේ ඉතාමත් සූක්ෂමවය. මෙය සරළ තත්වයක් නොව. මන්ද රටතුළ යමෙකුට පවත්නා බල හවුලෙන් පිට මතවාදයක් දැරීමට සහ ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට අයිතියක් නැති වීම යනු ඉතාමත් බැරෑරුම් තත්වයකි. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රීය වෙස් මුහුණක් පැළඳ ගත් ඒකාධිපතියෙක් රටට අරක් ගෙන ඇති බව ඕනෑම තොත්ත බබෙකුට වුවත් වැටහේ.

එපමණක් නොව. මේ හරහා නොකියා කියැවෙන ඉදිරි මැතිවරණයේ තත්වයද කිසිසේත්ම ප‍්‍රජාතන්ත‍්‍රීය නොවනු ඇත. එනම් ඉතා දූෂිත ලෙස වුවද තමන්ගේ තුනෙන් දෙකේ සිහිනයට පාර්ලිමේන්තුව දක්කාගෙන යන බව මහින්ද මේ හරහා ජනතාවට පෙන්නා ඇත. එවන් විශ්වාසයක් තමන් සතු බැවින් මහමැතිවරණයක් කටඋඩ තිබියදී වුවද මෙවන් දෙයක් බිය නැතුව කරන්නේ එබැවිනි. ඒ අනුව තම ගණන් හිලව් අනුව අනිවාර්‍ය ජයක් (ජනතා ඡන්දය නැතත් ජිල්මාට් හරහා හෝ) නියත බැවින් මේ ඔවුන් උත්සහ ගන්නේ ජෙනරාල්ව මැතිවරණයට ඉදිරිපත් වීම වළක්වා පාර්ලිමේන්තු ඒම වැළැක්වීමටයි. එපමණක්ද නොව, හැකිනම් ජීවිතාන්තය දක්වා සිරගත කරන්නට හැකිවේ නම් එයද මහත් පිටිවහලක් වනු ඇත.

අප දැන් බලමු මේ හරහා උද්ගත විය හැකි තත්වයන් ගැන. සත්‍ය ලෙසම මේ සිදුවීමට රටේ බහුතර ජනතාවක් පිළිකුල් කරනු ඇත. එසේම විපක්ෂයට ලැදි ජනතාව මීට විරුද්ධව වීදි බසිනු ඇත. ජෙනරාල් සමග දිගටම සිටි පක්ෂය වන ජවිපෙ තම තරුණ ජවයද යොදා මේ වෙනුවෙන් මතවාදීව සටනක් අරඹනු ඇත. මැතිවරණය ඉතා ආසන්න බැවින් ජවිපෙ මෙය ආණ්ඩුවට පහර ගැසීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කරන්නට සිතනු ඇත. නමුත් සිදුවන්නේ එය නොවේ. අනිවාර්‍යයෙන් ආණ්ඩුවේ ලැට් කටවල් ටික වන විමල්, ඩලස්, රෝහිත අබේගුණවර්ධන හා සිරිපාල සිල්වා වැනි අය ජනතාවගේ හිත්තුළට මෙම ප‍්‍රජාතන්ත‍්‍රීය මැදිහත් වීම් කැරැල්ලක් ලෙස කාවද්දනු ඇත. ඒ හරහා ජවිපෙ නායකයන් සහ තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගනු ඇත. අවි ලඟ තබා ගත්තා යැයි කියා පොලීසියේ පුරුදු රාජකාරිය දිගටම කරගෙන යනු ඇත. නමුත් එය පාතාලයට කළ රාජකාරිය තරම් දරුණු නොකරනු ඇතැයි අපි අඩමානෙට මෙන් විශ්වාස කරමු. ප‍්‍රමාණය කෙසේ වුවද සිදුවීමට නියමිත දෙය මෙයයි.

මෙවන් දෙයක් කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වන්නේ ඇයි දැයි යමෙකුට අසන්නටද බැරි නැත. එම ප‍්‍රශ්ණය තවත් ටිකක් හර බර කරන්නේ නම් ඔහු අසන්නේ ‘‘මෙච්චර ජයග‍්‍රහණය පෙනි පෙනී තිබියදී මොකටද ජෙනරල්ව අත්අඩංගුවට ගන්නේ. ඔන්න 82 වගේ තිබ්බනං පිළිගන්නවත් තිබ්බා.’’ පිළිතුර ලෙස කියන්න දේවල් දෙකක් ඇත.

‘‘ පළවෙනි එක තමයි විජයග‍්‍රහණයක අවශ්‍යතාවය. ඒ කියන්නේ තුනෙන් දෙක. ඒකට කීයටවත් යන්න බෑ කියලා පේනවා. ඒ නිසා ආණ්ඩුව එක්ක හිටියම ඡන්ද ගන්න බැරිනිසා ඩග්ලස් තනියම දාන එක ටී.එම්.වී.පී එක තනියම දාන එක වගේ දේවල් කරන්න පුළුවං. ඒත් ඇත්ත දෙය නම් ඒත් තුනෙන් දෙකට යන්න බෑ කියන එකයි. අනික ජනාධිපතිවරණයේදී තරං ඡන්ද ගානක් මේ පාර කීයටවත් හම්බෙන්නෑ. මොකද මේ පාර ඡන්දෙ ඉල්ලන්නේ කෝප් හොරු හෙජිං හොරු වසංගත සිල්වා වගේ අයනේ. ඒ නිසා ගියපාරටත් එහා ඡන්ද ජිල්මාට් එකක් දාන්න ඕනේ. මෙයාලා දැන්ම ඒකට ලෑස්ති වුණොත් ගේම ලේසි වෙන්නෑ. ඒ නිසා මේ කට්ටිය පාලනය කරන හොඳම ක‍්‍රමේ මේක. කරදරයක් වෙන ඕනේ කෙනෙක් ඇතුලට දාලා කටවල් වහලා තියන්න පුළුවං.’’

‘‘අනික් හේතුව තමයි. ආණ්ඩුවේ මීළඟ කාල සීමාව මේක ඇදගෙන යන්න නං ජනතාවට යකෙක් පෙන්නන්න ඕනේ. අපේ රටේ මිනිස්සුන්ට හුරු ප‍්‍රභාකරන්ගේ ආතතිය මත ජීවත් වෙලා. ඉතිං දැන් ප‍්‍රභාකරන් කෙනෙක් නැති නිසා මිනිස්සුන්ට ආණ්ඩුව බෝරිං වෙන්න ඉඩ තියෙනවා. ඒකට කරන්න පුළුවං හොඳම දේ තමයි දකුණේ කොල්ලො කෙල්ලො ටික අවුස්සලා උන් ටික මර මර ආණ්ඩුව ගෙනියන එක. එතකොට කොටි මැරුවා වගේ ආරක්ෂක ලේඛම්ටත් කරන්න දෙයක් තියෙනවානේ.’’

සැබෑ තත්වය මෙයයි. සිදුවෙමින් පවතින ක‍්‍රියාවලිය ඉතාමත් දරුණු ප‍්‍රතිඵලයන් බිහිකරලිය හැකි වන්නේය. එබැවින් මේ මොහොතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ආධාරකරුවන් ස්වකීය ආරක්ෂාව සලසා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් වන්නේය. විශේෂයෙන්ම රටේ ජනතාව හැටියට අඩව්ව ඔබෙන් ඉල්ලන්නේ රට ආපස්සට තල්ලූ කරන මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි ක‍්‍රියාවලිය නැවත හැරවීමට ඔබට හැකි ආකාරයෙන් වචනයෙන් හෝ දායක වන ලෙසයි. නැතහොත් මේ ඔබේත් මගේත් අප හැමගේත් අවසානය වනු නොඅනුමානය.

52 comments:

  1. මගෙත් බලවත් විරෝධය!!
    ඔහොම වෙන්න එපා මහින්ද මාමේ..

    ReplyDelete
  2. UNP eka minissu maruwa wage mamanam hithanne naa mea aanduwa minissu marai kiyala..

    ReplyDelete
  3. vvisit bbc.co.uk/sinhala u see Y

    ReplyDelete
  4. මගෙත් බලවත් විරෝධය 2

    ReplyDelete
  5. ඉඩි අමීන් වැඩ පටන් අරගෙන

    ReplyDelete
  6. මේ සිද්ධිය ගැන මම පුදුමයට හෝ කණගාටුවට පත් නොවෙමි. මේ බලාපොරොත්තුවිය යුතුව තිබුණු දේය.

    මෙවැනි ජඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සිදුවනු දැක, ඒ අනුමත කරන මීහරක් රැළක් සිටින රටක ජීවත්වීමට ලැබීම ගැන පමණක් කණගාටු වෙමි.

    - Taboo

    ReplyDelete
  7. Pissa, ANY 2, Binguwa, ANY 3,

    ස්තූතියි ඔබලාට, ඇත්තටම මේ මොහොතේ ඔබලා මේ අත්තනෝමතික ක‍්‍රියාවලට විරුද්ධව කතා කිරීමත් ප‍්‍රමාණවත් යැයි අප සිතන්නේ බොහෝ දෙනෙක් ගොළුවත රකින බැවිනි.

    ReplyDelete
  8. @ Taboo,

    ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි ටැබූ, නමුත් ටැබූ අප ඔබෙන් මීට එහා ගිය විග‍්‍රහයක් බලාපොරොත්තු වෙනවා. ආවේගශීලීව අදහස් දැක්වීමට ගැන අප කිසිවිටෙකත් උරණ වන්නේ නෑ. මන්ද මේ අනාගතය අතීතයේදී පැහැදිලිව දැක පුන පුනා ජනතාවට කී ඔබත් මමත් මේ මොහොතේ සිටින්නේ තරමක පශ්චාත්තාපයකිනි.

    නමුත් ටැබූ අප මෙවන් දෙයක් ඔබෙන් අසන්නට කැමතියි. අඩව්වේ අප දකින ආකාරයට ආණ්ඩුව දකුණේ තරුණ නැගිටීමකට පාර කපා ගන්නවා. මෙය ඔවුන්ගේ පැවැත්ම උදෙසා කරන දෙයක් බව අපගේ අදහසයි. මේ සම්බන්ධයෙන් ඔබ දරන මතය කෙටියෙන් හෝ දක්වන්නේ නම් වැදගත් වනු ඇත.

    ReplyDelete
  9. Arrest karanna kalin ude BBC ekata fonseka depu statement eka unge site eke thiyenawa. eke fonseka kiyanawa.

    "I am definitely going to reveal what I know, what I was told and what I heard.
    Anyone who has committed war crimes should definitely be brought into the courts," Gen Fonseka said.

    Meka beluwa ona kenekta therenawa ey arrest kale kiyala.

    http://news.bbc.co.uk/2/hi/south_asia/8504882.stm

    ReplyDelete
  10. මෙවා මහ අසික්කිත වැඩ. මේවායින් තමයි අපේ රටේ නම කැතවෙන්නෙ

    ReplyDelete
  11. රටක නීතියක් ඇත්තේ හැමටම පොදු වන පරිද්දෙනි.
    ඔබ හෙට ප්‍රභාකරන් මරාදැමීමට පවා ඔබගේ විරෝධය පලකලත් මම පුදුම නොවෙමි.
    මන්ද ඔබේ දේශපාලන භාවිතාව මැනවින් හදුනාගත් නිසාය

    ReplyDelete
  12. @ දසුන් - එතකොට කරුණා අම්මාන් , හරි අහිංසකයා නේද ? අනේ තොපි වගේ දේශප්‍රේමියො

    ReplyDelete
  13. දසුන්,

    ඔබ නීතියේ සමානාත්මතාවය ගැන කතා කිරීමට අඩව්වේ කිසිම විරෝධතාවයක් නෑ. එසේනම් මීට පෙර එම නීතිය කෝප් වාර්තාව අනුව රුපියල් බිලියන ගනන් වමට ගැසූ ඇමතිවරුන්ටත් ක‍්‍රියාත්මක වන්නට තිබුණා. ඒ වෙනුවට වුණේ හොරු ටික රෙද්ද අස්සේ දාගෙන හොරු අල්ලපු මිනිහව කුණු කූඩයට දැමීමයි. ඒ විතරක්ද හෙජිං වංචාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු වත් ඔබ ආරක්ෂා කරන්න හදන මහින්දවාදීන් තුට්ටුවකටවත් මායිම් කළේ නෑ. ශ‍්‍රී ලංකාවේ තිබෙන උපරිමාධිකරණයට සලකපු විදිහ ඕක. ඒවා දැක්කේ නෑ වගේ ඔබ නීතියේ ආධිපත්‍යය කතා කරනවා. ඒ විතරක් නෙමේ. යුද්ධය ආරම්භ කරපු දවසේ ඉඳලා තම සුජාතභාවය රැකගන්න වත්මන් පාලක පැලැන්තිය මාධ්‍යවේදීන් කී දෙනෙක් අමු අමුවේ මැරුවාද? ඒවා ඔබට අමතක නමුත් වසරකට පෙර මහ දවල් අධිආරක්ෂිත කලාපයක් තුළ මරා දැමූ ලසන්ත ගැන මතක ඇති. ඔබ ඔය කියන නීතිය ඒ කෙරෙහි ක‍්‍රියාත්මක වුණ විදිහ ඔබ දන්නවා ඇති. තවමත් කිසිම පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගැනීමටවත් ලංකාවේ පොලීසියට බැරි වුණා. සිරසට ගහපු වෙලාවේ බොරුවට හාමුදුරු කෙනෙක් අත්අඩංගුවට අරන් පස්සේ ඒකෙනුත් මග ඇරියා.

    ඒ විතරක් නෙමේ සුසන්ත පුංචිනිලමේ වැනි මිනීමරුවන් ආණ්ඩුවේ ඇමතිවරු වෙලා. ඒ ඇමතිකම ගන්න තියෙන සුදුසුකම නාලන්ද මරපු එක. අනික් ඇමතිවරු ඒ තැන් වලට ආවේ හොරකං කරපු නිසා. කෝ දැන් ඔබ කතා කරන නීතිය. ඇයි ඒ නීතිය මේ දේවල් වලට ක‍්‍රියාත්මක නොවන්නේ. එක පක්ෂයක් බදාගෙන උන් කරන ඕනේම දෙයක් හරි කියන ඔබ වැනි මිනිසුන් ඉන්න තාක් කල් සිද්ධ වෙන්නේ මේ ටිකම තමයි. නමුත් ඉතාමත් මෑතදීම මේ මර්ධනකාරී හස්තයේ සරදමට ඔබටත් ලක්වීමට සිදුවනු ඇත. වතුර නටන තුරු ඔබත් ඔය හැලිය තුළ ආතල් ගන්න. නමුත් ඔවුන්ගේ ඒකාධිපති රංගනයේදී ඡන්දය දුන්නේ කවුද නොදුන්නේ කවුද කියා නොබලා අප සැමට එක හැන්දෙන් බෙදනු ඇත. එදිනට අපි එකට නීතියේ ආධිපත්‍යය ගැන සටන් වදිනු ඇතැයි අඩව්ව සන්තෝෂය පළ කරන්නෙමු.

    ReplyDelete
  14. අසඩක් උඹ හරි. "යුද්ධය ඉවරයි සාමයෙන් පරිසම්වෙයල්ලා"

    මේ හරහා ගම්‍ය වන කාරණා කිහිපයක් තිබේ. පළමු කාරණය නම් ඵපාන්සේකා අත්අඩංග=වට ගැනීම ත=ළින් මැතිවරණ පෙත්සම ඉදිරිපත් වීම වැළැක්වීමයි. එහිදී මැතිවරණයේදී "ක=මන හෝ ජිල්මාට්" එකක් සිදුවී ඇති බව නැවත වරක් සනාත කරදෙයි. අනෙක් කරැණ පශ්චාත් යුධ සමයේ සමාජයේ ඇතිවී තිබෙන "රික්තකය" ආණ්ඩු විරෝධයක් වශයෙන් මත=වීම වළක්වා ගැනීම සදහා "සරත් පොන්සේකා" නම් සාධකය භාවිතා කිරීමයි.

    විටෙක පිරිබාහරන් මරාදැමුණු විට කිරිබත් කෑ අප පිරිබාහරන් නම් මිලේජ්ජයා මරා දැමීමට මූලික වූ මිනිසා පරාජය කරවූ විටත් කිරිබත් කෑහ. අද ඔහු හිරගෙදරට නියම වෙද්දී කිරිබත් කෑවේනම් ඒ ගැනද පුදුම විය යුත= නැත. පිරිබාහරන්ට අනුව මේ රටේ සිටින්නේ සියල්ල දින 15කින් අමතක වන මිනිසුන් කොට්ඨාශයකි.

    තරහා අවසර මහරජත=මනි, "පැණි වරකා ගහටත් හෙණ ගැසූ" බව පමණක් මතක තබා ගන්න.

    @ දසුන්,
    "රටක නීතියක් ඇත්තේ හැමටම පොදු වන පරිද්දෙනි."
    කලබල නැතිව නිවිහැනහිල්ලේ හිතන්න. තෙරෙයි හැබැයි ගොඩක් කල්යයි.

    සැ.යු. පාර පනින විට කහ ඉරේදී මේ ගැන සිතීම සෙ!ඛ්‍යයට අහිතකර වන්නට පුළුවන. කිරිබත් ලුණු මිරිස් සමග කෑම ගැනද වැඩිපුර හිතන්න එපා.

    ReplyDelete
  15. Anonymous වස්සාට...

    ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වන්නන්ට සලකන විදිහ ඉගෙන ගෙන කතා කරන්න. කරුණා වුණත් අර්පත් වුණත් අංගුලිමාල වුණත් ප්‍රභාකරන් වුණත් ඒක සිද්ධ වෙන විදිහ වෙනස්.

    තක්කඩි පාවා දෙන්නන්ට සලකන විදිහ වෙනස්.

    ජනරාල් ආවේ මොකාට ද කියලා උඹලාටත් අපිට වගේම තේරෙනවා. ඒත් උඹලා නොතේරෙනවා වගේ ඉන්නවා. හරියට රනිල් වගේ. තමන්ගේ විරුද්ධවාදියාව ඉවත් කරන්න පෙළඹෙන ඕනම බලවේගයක් එක්ක එකතු වෙන්න රනිල්ට පුලුවන් වීම වගේ.

    http://lankanthoughts.blogspot.com/2010/02/blog-post_09.html

    ReplyDelete
  16. ඉහත දසුන් මධුසංඛ වානගුරු තමාගේ ප්‍රකාශයක් තමා විසින්ම නිෂේධ කර ගනී.

    ඔහුගේ ප්‍රකාශ දෙක සලකන්න.

    1. නීතිය හැමදෙනාටම පොදු විය යුතුය.
    2. ප්‍රභාකරන් මැරීම වරදක් නොවේ.

    නීතිය හැමදෙනාටම පොදු නම් ප්‍රභාකරන් (නීත්‍යානුකූලව කළ යුතු වූවාක් සේ අත් අඩංගුවට නොගෙන) පොරෝ පහර දුන් පුද්ගලයාටද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවන්නේ නම් නීතිය සමහරුන්ට විශේෂ සැලකිලි දක්වනවා විය යුතුය.

    ගෝත්‍රවාදීන් මෙවන් ව්‍යාකූල තත්ත්වයන්ට පත්වීම ස්වාභාවිකය. අනේ මුන්ට කවදා මොළයක් ලැබේද?

    ReplyDelete
  17. අනේ දේජාන්,

    එතකොට කරුණා අම්මාන් මිනී මරපු එක කමක් නෑ. මොකද ප්‍රජාතන්ත්‍රවාදයට එකතු වෙලා නෙ. හොද වෙලාවට ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී වුනේ නැත්තෙ.

    අපි වස්සොනෙ. ඔයා තමයි මොල කාරයා

    ReplyDelete
  18. @ thejan

    ඔබේ කතාවට අඩව්වේ අප විරුද්ධ වෙනවා. ඔබ පාවා දෙන්නන් ගැන කියනවා. ඔබ කියන විදිහට ලංකාවේ එකම පාවා දෙන්නා ජෙනරාල්. ඇයි ඔබ එක මුල්ලක ඉඳලා මේ ගැන විග‍්‍රහ කරන්නේ. එතකොට කරුණා - පිල්ලෙයාන් පාවා දෙන්නෝ නෙමේද? එජාපයෙන් පැන්න 17 පාවා දෙන්නෝ නෙමේද ? විමල් ජවිපෙ පාවා දුන්නැද්ද? එතකොට ලංකාවේ මාධ්‍යවේදීන් පාවා දුන් වික්ටර් අයිවන්, ප‍්‍රගතිශීලීන් පාවා දුන් වාසුදේව වගේ අයත් තව ඕනේ තරම් ඉන්නවා. ඇයි විපක්ෂයට එක්වෙන අය විතරක් පාවා දෙන්නෝ වෙන්නේ. ඔබගේ මේ පාවාදෙන්නා කියන වචනයත් විමල්ගේ දේශද්‍රෝහියා කියන වචනය වගේම එකක් නේද?

    ReplyDelete
  19. මචන් හශාන්,
    මම දෑන් අව් 20(මට 31)තිස්සෙ උම්බල වගෙ අයගෙ කතා අහනව.
    උබ කියනව,
    *නමුත් ඉතාමත් මෑතදීම මේ මර්ධනකාරී හස්තයේ සරදමට ඔබටත් ලක්වීමට සිදුවනු ඇත.
    *වතුර නටන තුරු ඔබත් ඔය හැලිය තුළ ආතල් ගන්න.
    *නමුත් ඔවුන්ගේ ඒකාධිපති රංගනයේදී ඡන්දය දුන්නේ කවුද නොදුන්නේ කවුද කියා නොබලා අප සැමට එක හැන්දෙන් බෙදනු ඇත.
    *එදිනට අපි එකට නීතියේ ආධිපත්‍යය ගැන සටන් වදිනු ඇතැයි අඩව්ව සන්තෝෂය පළ කරන්නෙමු

    මුලින්ම ඔවා කිව්වෙ JR ට. අද විව්‍රත අර්තිකයට හෙමොම කෙමති. ඓන්දු - ලන්කා ගිවිසුමට හරි හොන්දඉ. එට පස්සෙ ප්‍රෙමදාසට. අද මිනිස්සු කියන්න ලන්කවාට නියම මිනිහ ප්‍රෙමදාස කියල.
    හෑබෑ‍ය් එ කලෙත් එමති හොරු හිටිය. මද්යවෙඩියො මෑරුව.

    තව අව් 10-15 උම්බල සද්දෙ වහගෙන පෙත්තකට වේ. උම්බල තෙරුම් ගනි කෙතුමති රජ්ය බිහිකරන්න බෑරි බව. එදාට උම්බල වගෙ තවත් සෙට් එකෙක් බෑහෑල ඔය කතා ටික ඔහොම්මම අනගත පරම්පරවට කියාවි.

    ReplyDelete
  20. karuna, pilleyan, 17 dena, wimal, victor ivon, wasu... hera thawath pawa denno sitida? mama ahanne UNP eke JVP eke ehemaaya nedda?

    ReplyDelete
  21. කරුණා ඊලාම් සටන පවා දුන්න මේකට කෑගහන්න කවුරැවත් නැද්ද ?

    මේකෙන් පෙන්නෙ ආණ්ඩුව ෆෝක්සේකට කොච්චර ද බය කියන එක ඊලග මහ ඡන්දෙට ඉලුවත් කට්ටිය පැරදෙන බව දන්නවා.

    අනික ඡන්ද බර ගානකින් දින්න නම් මොකටද බය වෙන්නෙ ?

    ReplyDelete
  22. දෙගොල්ලන්ගේම වලි නිසා කෙලවෙන්නේ ලංකාවට! ජනරාල්ගේ ප්‍රකාශයත් වැරදියි.

    ReplyDelete
  23. තේජාන්, ජනරාල් පවා දුන්න වගේ මොකද්දෝ කුණුහරපයක් කියනව පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද ?

    ReplyDelete
  24. ජනරාල් මොන ප්‍රකාශයද ?

    ReplyDelete
  25. ජෙනරල්ගෙ මේ ප්‍රකාශය....

    http://www.bbc.co.uk/sinhala/news/story/2010/02/100208_fonseka_war_crimes.shtml

    ReplyDelete
  26. යුද්ධය සම්බන්ධයෙන් අපට අහන්නට ලැබුනේ ආණ්ඩුවේ ප්‍රවෘත්ති විතරය. එහිදී පුන පුනා කියැවුණේ ආරක්ෂක හමුදා කිසිම යුද්ධාපරාධයක් කර නැති බවත් සර්ෆ් එක්සෙල් වලින් හෝදාගත් ලෙස සුදු බවත්ය.

    දැන් එවකට හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා යුද්ධාපරාධ ගැන කතා කරයි. මගේ ප්‍රශ්නය මෙයයි. කවුරුන් විසින් හෝ යුද්ධාපරාධ කර ඇතිනම් (ඒවා කොයි තරම් භයානකද යන්න අපි නොදනිමු.) කෙනකු ඒවා හෙළි කිරීම වරදක්ද?

    ඇත්ත කීම වරදක් වන්නේ කෙසේද? වරදක් වන්නේ බොරුකියන්නේ නම් නේද?

    සැලකිය යුතුයි: යුද්ධාපරාධ (War Crimes) යනු අවියක් ගෙන තමන් මරන්නට එන සතුරා මරා දැමීම නොවේ. නිරායුධ සතුරා හෝ සිවිල් වැසියන් (අප චැනල් ෆෝ වීඩියෝවේ දුටු ආකාරයට) කෲර ලෙස තිරිසන් ආකාරයට මරාදැමීමයි. මේ තනිකර පළිගැනීමය. ශිෂ්ඨ සමාජය අනුමත නොකරන ආකාරයේ තිරිසන් පළිගැනීමය. මෙය යුද්ධයක් දිනීම සඳහා අත්‍යවශ්‍ය සධකයක් නොවේ. යුද්ධාපරාධ නොකර යුද්ධයක් දිනීමට පිළිවන.

    ReplyDelete
  27. ලොක්ක යුධ අපරධයක් වුනා නම් ඒක හොයන්න එපායැ(මාත් දැන් ආණ්ඩුව වගේ හිතන්නෙ)

    අනික ෆොන්සේකා ඒ කාලෙ හමුදාපති එතකොට එයත් ඒවට සම්භන්යි(මාර වඩේ යකෝ මෙ මනුස්සයා සියදිවි නසා ගන්න යන්නෙ)

    ReplyDelete
  28. මෙතන "ෆොන්සේකා" විය යුතුය
    http://adawwa.blogspot.com/2010/02/blog-post_08.html?showComment=1265700167826#c4974291679568397053

    ReplyDelete
  29. ලඟදිම උං‍ ලියන එක තහනම් කරයි. බැරිඋනොත්. ඊලගට කටට ඉබ්බෝ දාලා යතුරු දෙයි කන වෙලාවට විතරක් ඇරෙන විදියට. ඒත් ඒක වෙනකන් ලියමු කථා කරමු රාජපක්‍ෂ පවුල රට කන එක ගැන.

    රාජපක්‍ෂ වන්දිබට්ටයෙක් වීම = ප්‍රභාකරන්ගේ ගෝලයෙක් වීම

    ReplyDelete
  30. මචං හෂාන් යැයි අදහස් පළ කර ඇති ANYට යමක් කීමට කැමතියි.

    ඇත්ත ඔබ කියන කතාව අපි භාරගන්නවා. නමුත් මම සතුටින් කියන්න කැමතියි එදා තිබ්බ ජේ ආර් ගේ ඒකාධිපතිවාදය මේ තරමටවත් පාලනය කරගත්තේ ඔබ ඔය කියන විදිහට කීපදෙනෙක් හරි ඒ වෙනුවෙන් කතා කරපු නිසා. එසේම අපෙන් පසුවත් තවත් පරම්පරාවක් මේ වෙනුවෙන් සටන් කරනු ඇත. එය ඉතාම අත්‍යාවශයයි. මන්ද ලෝක දේශපාලනය නිසිමගට ගන්නේ ඔබ මෙන් අසා සිටින්නන් නොව විකල්ප මතයක් වෙනුවෙන් සටන් කරන්නන්ය. එනිසා අනාගතයේ එසේ බිහිවන විසම්මුතිකයන්ට අපගේ ප‍්‍රණාමය මෙලෙස දක්වන්නෙමු.

    ඔබම ටිකක් හිතලා බලන්න මේ වෙන දේවල් බලාගෙන පොට්ටයේ වගේ ඉන්න අපට පුළුවංද? මේ විහිළු කතා අහගෙන බීරෝ වගේ ඉන්න අපිට පුළුවංද? ඔබ බලාගෙන අහගෙන හිටියත් හෙට ඔබේ දරුවන් ඒකේ විපාක ඔබේ ඇස් ඉදිරිපිටම විඳවනු ඇත. නමුත් ඒ වෙනුවෙන් අපිට දෙයක් කරන්න පුළුවං නං අඩව්ව දෙපාරක් හිතන්නේ නෑ. ටිකක් හිතලා බලන්න දේශපාලනඥයෝ කවදාවත් ජනතාව ගැන 100%ක් හිතලා වැඩ කරන්නෑ. දේශපාලනය කියන්නෙම බලය සඳහා වූ අරගලයක් කියලා අර්ථදැක්වෙන්නේ ඒ නිසයි. ඉතිං අපි ඒ බලය උදෙසා යන මිනිස්සුන්ව සදාචාරාත්මක ප‍්‍රවේශයක් හරහා ගෙනියන්න මැදිහත් වෙන්න ඕනේ. නැත්තං ඒ බලය සඳහා යන ගමන යන්නේ අපේ බෙල්ල උඩින්. ඒ වෙනුවෙන් කතා නොකර ඡන්දය දුන් පක්ෂය හැමදාම සුද්ද කරකර ඉන්න ගියොත් අපිට රටක් ඉතුරු වෙන එකක් නෑ.

    ReplyDelete
  31. අඩව්ව පේ‍්‍රක්ෂකයන් වන ඔබ විසින් මේ වන විටත් ඉතා වැදගත් සංවාදයක් අරඹා ඇත. ඒ මහත්මා සංවාදය පිළිබඳව අප ඔබ සැමට ස්තූතිවන්ත වෙමු. එසේම අඩව්වේ අපත් මෙහිදී තවත් එක් පාර්ශවයක් ලෙස පමණක් මෙයට එක්වීමට කැමතියි. මන්ද අප අපගේ අඩවිය තුළදී වුවද ආධිපත්‍යයක් ඇති කරගැනීමට අදහස් නොකරන නිසා සහ විරුද්ධ මතයන් වුවත් අප ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නා බැවිනි.

    ReplyDelete
  32. SF ට ගහලාලු හොදටෝම, බෙහෙත් දෙන්න අවසර දීලත් නැතිලු.
    පැය 18 ක කාලයකට බේත් නොගෙන හිටියොත් ජීවිතයට අනතුරක් තියෙනවලු.

    මට කදුළු ආවා.. ආදරණිය SF, ආදරණීය තාත්තේ,
    අඩනවට වැඩි දෙයක් මට කරන්න බෑ..
    අපි හොදටෝම අසරණයි!!

    ReplyDelete
  33. විරුද්ධ පාර්ශවය උත්තර දෙන්නෙ නැතුව පැනල ගිහින් (ආණ්ඩුව වගේමයි ඇරපු අතක් නෑ)

    ReplyDelete
  34. වෙබ් අඩවියෙ වෙලාව වැරදියි.
    http://www.google.lk/search?q=sri+lanka+time

    හරි වෙලාව තිබ්බෙ නැත්නම් post එක සින්ඩියෙ පහලට යනව

    ReplyDelete
  35. මචං හශාන්,
    අපිත් කලින් සටන් කලා. අව් 15 ගෑටව් විදිහට අපි UNP කරයො එක්ක තර්ක කලා. (එ කලෙ අපිට කරන්න පුලුවන් එච්චරය්) අපි සටන් කරල 65% කින් ගෙනපු චන්ද්‍රිකා පිස්සු කෙලින කොට මට UNP කරඉන්ට මුන දෙන්න බෙරි උනා. ඔය ඈත්තටම හිතනවද ඔයා ජෙනරල්ව ගෙනත් ඔයටත් එ දෙ වෙන එකක් නෑ කියල...
    මීට ANY

    ReplyDelete
  36. අඩව්වේ අපි ජෙනරාල් බලයට ගේන්න උත්සහ කළා. නමුත් තත්වය වෙනස් වුණා. ඔබ හරි. 94 චන්ද්‍රිකා ගේන්න ප‍්‍රගතිශීලීන් ලොකු දායකත්වයක් තිබ්බා. එ් කියන්නේ ඔබලා අඳුරු යුගය නිමා කරන්න උර දුන්න අය. එ්කාලේ අපිනං දේශපාලනය කියලා ලියාගන්නවත් බැරි තරං පොඩියි. නමුත් අද අපිට තියෙන අංශු මාත‍්‍රයක හරි නිදහස ලැබුණේ ඔබලාගේ එ් කැපකිරීම් වලට පිං සිද්ධ වෙන්න. ඔබ කියන කතාවේ පොඩි වැරැද්දක් තියෙනවා. අපි ජෙනරාල් බලයට ගේන්න දරදිය ඇද්දා වගේම ඔහු පත්වුණා නම් අපි පසුදින සිට ඔහුට කඬේ යන්න සූදානම් නෑ. අපි කතා කළේ ජනතාව වෙනුවෙන්. අවස්ථාව අනූව ජෙනරල් පත්වීම සුදුසුයි කියලා අපි තීරණය කළාට ඔහු පත්වුනොත් අපි ඔහුගේ ක‍්‍රියාවන් සියල්ල නිවැරදි කර කර පස්සෙන් යන්නේ නෑ. අපි පහුවෙනිදා ඉඳලාම ඔහුගේ වැරදි ක‍්‍රියාවන් ප‍්‍රශ්ණ කරනවා. අපි ජනතාවට හිතසුව පිණිස ඔහුව ගෙනාවනං ඔහු ජනතා විරෝධි දෙයක් කළොත් පළමුවෙන්ම ප‍්‍රශ්ණ කිරීමට අයිතියක් ඇත්තේ අපට. එ්ක අයිතියක් විතරක් නෙමෙයි වගකීමකුත් වෙනවා. ඉතිං අඩව්වේ අප කියන්නේ කිසිම දිනෙක අපි පාලකයාගේ එ්ජන්තයන් නොවිය යුතු බවයි. එ් නිසා අප විසින් පත්කළ යම් නායකයෙක් පත්වූදා සිට ඔහුගේ ස්වාධීනත්වය තුළ වැඩ කළ යුතු අතර අප අපගේ ස්වාධීනත්වය තුළ නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

    මේකේ අන්තිම ප‍්‍රතිඵලය තමයි අපි හැමදාම විපක්ෂයේ සිටීම. අප පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් වුනත් එ් මොහොතේදී බහුතර ජනතාවක් අපට එරෙහිව සිටිනු ඇත. නමුත් අනාගතයේදී අපේ සාධාරණත්වය ජනතාව විසින්ම පවසනු ඇත. ඉතින් මේ සත්‍යය වටහාගෙන ඉවසීමෙන් ක‍්‍රියාකරන්නට හැකිනම් අපට මේ සටන ජයගත හැකි වෙනවා.

    ReplyDelete
  37. හෂාන් නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි. රටෙ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනවා තවත් මෙහෙම ගියොත්. මෙ විරයට මෙහෙමද රාජපක්ෂ සලකන්නෙ. යකො දිනපු හාම මෙහෙමත්. මෙ රටට, මෙ රටෙ මිනිස්සුන්ට කවදා රට ගැන හැගිමක් එයිද.... ජාතික මාධ්‍යන් ගැන නම් කතා කරන්න බැහැ... තූ විතරක්... අපි මෙකට මොනවා හරි කරන්න ඔනා. අපෙ විරයෙක් මෙ ඉන්නෙ. තරහෙන් මොඩ විදියට කටයුතු කරෙ නැහැ මෙ මහත්මයා.

    ReplyDelete
  38. ෆොන්සේකා මහතා අත්අඩංගුවට වීම යම් දුරකට සධාරණ බවක් මේ බ්ලොග් කරුවා කියනවා.

    http://subtlesl.wordpress.com/2010/02/09/sarath-fonseka-arrested/

    ReplyDelete
  39. අපගේ බලවත් විරෝධය :
    අපක්ෂපාතී සංවේදී තරුණ කැල

    ReplyDelete
  40. මමත් පොදුවේ මෙම ක්‍රියාව නරකක් ලෙස දැක්කද?
    හමුදාවේ සිටින /සිටපු ඕනෑම අයෙකුට ඇති
    වගකීම් හරි හැටි තේරැම් ගැනීම මත රටක
    ආරක්ෂාව පවතී. මේක ගැඹුරු අර්ථවත් පැත්තක්

    හමුදාමය වටපිටාව මෙතනින් ඉවරකරන්න බැහැ
    රටක හමුදාවක් සිටිය යුතුමය. හමුදාවක්තුල
    ඉතා ඉහලින්ම ඇති මුදුන්මල්කඩ ව්නයයි.
    විනය රැකීම හමුදාව හා බැදුනු සියල්ලන්ම කල යුතුය.
    It Must. විවිධ ගම්වල පලාත්වල විවිධ තරාතිරම්වල
    පුද්ගලයින් දහස් ගණනක් ගෙනත් මෙහෙම පුහුණුවක් ලබාදී
    එක් පරමාර්ථයකට යොමුකර පාලනය කිරීම විනය මක සිදු වන්නක්
    නැත්නම් එහෙම රට තියෙයි........

    ReplyDelete
  41. Anonymous @February 9, 2010 5:03 PM

    සමාවෙන්න, ජෙනරාල් අත් අඩංගුවට පත් වීම සාධාරණ යයි මා කියා නැත. එසේ කීමට තරම් අත් අඩංගුවට පත් වූ හේතු වත්, අත් අඩංගුවට ගත් ක්‍රමය වත් මා දන්නේ නැත. හේතුව හෝ ක්‍රමය හෝ දෙකම හෝ අසාධාරණ වීමට *ඉඩ ඇත*.

    මා කීවේ මෙයට දෙස් දෙවොල් කියන බොහෝ දෙනෙක්, (මෙතැන බණ දෙසන සුද්දෝදන කෙනෙකුත් ඇතුළුව) බලය සම්බන්ධ ප්‍රශ්නයේදී මහින්ද හෝ ෆොන්සේකා තරමටම නරක කුහකයන් බව සහ, ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටියේ, ඔහු බලය ගත්තේ නම් අනික් පැත්තේ ඉරනමත් මීට නොවෙනස් බව දැන දැනම බවයි.

    ReplyDelete
  42. @ Buddhika Karunanayaka

    හොඳයි බුද්ධික අප මුලින්ම ඔබේ කතාව පිළිගන්නම්. මන්ද හමුදාවකට විනයක් අවශ්‍යයි කියන කතාව අපිට තේරෙනවා. නමුත් බුද්ධික මිනිහෙක් හමුදාවේ හිටපු පළියට එ් පුද්ගලයා ජීවිතාන්තය දක්වාම මහින්දගේ හෝ ගෝඨාභයගේ හෝ බූදලයක් වෙන්නේ නෑනේ. ඉතිං නීත්‍යානුකූලව විශ‍්‍රාම ගිය නිලධාරියෙක්ට විපක්ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් වීමට සිවිල් අයිතියක් තියෙනවා නේද? ඔබ හමුදා සෙබලාගේ විනය කියන්නේ එහෙම ඉදිරිපත් නොවී විශ‍්‍රාම ගියාට පස්සෙත් ජනාධිපතිතුමාගේ අතවැසියෙක් වී සිටීමද?

    එසේම විපක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වුණාම තමන්ට හිතවත් අය හරහා උදව් ලබා ගැනීමේ වැරැද්ද මොකක්ද? ඔහු හමුදා සෙබලෙක් නිසා ඔහුගේ හිතවතුන් හමුදාවේ විශ‍්‍රාම ගිය අය. ඉතිං විශ‍්‍රාම ගිය පසු සිවිල් වැසියන් වන ඔවුන්ට ව්‍යවස්ථා ප‍්‍රකාරව ලැබී තිබෙන කැමති දේශපාලන මතයක් දැරීමේ අයිතිය සහ කැමති දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වැඩ කිරීමේ අයිතිය කියන එ්වා භුක්ති විඳින්න බැරි කමක් නෑනේද? ඉතිං ඔබ විනය කියන්නේ හැමදාම ජනාධිපතිතුමාගේ පස්සෙන් ගොස් දේශපාලනය කිරීමද?

    අනික දැන් හමුදාවෙන් විශ‍්‍රාම යවපු නිලධාරීන් 14 දෙනාම නිල ඇඳුමෙන් දේශපාලනය කළා කියනවා. ඔබ රූපවාහිනිය බැලූවනං මැතිවරණ සමයේ හමුදාවේ සෙබලූ කීයක් මහින්දගේ ගුණ වැයුවද කියලා මතක ඇති. නමුත් ඔවුන් දේශපාලනය කියන්නේ විපක්ෂයට උදව් කරපු අයට විතරයි. නමුත් ඔවුන් කිසිම රූපවාහිනී චැනලයක දේශපාලනය කතා කළේ නෑ. ඉතිං ඔබ විනය කියන්නේ නිළ ඇඳුමෙන් ආණ්ඩුවට කඬේ යන එකද?

    අඩව්වේ මේ දේවල් තේරෙන්නෑ. එ් අපේ නූගත්කම හෝ මෝඩකම නිසා විය හැකියි. එබැවින් ඉහත ප‍්‍රශ්ණ ටිකට උත්තර දී අපට නිවැරදි මග පෙන්වන්නැයි ඉල්ලා සිටින්නෙමු.

    ReplyDelete
  43. මොනව වුණත් ඔය කැපුවත් අපි දෙනව කියන අයගෙන් තමයි රටට ලොකුම හානිය වෙන්නේ.

    ReplyDelete
  44. /හමුදාමය වටපිටාව මෙතනින් ඉවරකරන්න බැහැ
    රටක හමුදාවක් සිටිය යුතුමය. හමුදාවක්තුල
    ඉතා ඉහලින්ම ඇති මුදුන්මල්කඩ ව්නයයි.
    විනය රැකීම හමුදාව හා බැදුනු සියල්ලන්ම කල යුතුය./

    ඇත්ත. මෙය සරත් ෆොන්සේකාට සේම ශවීන්ද්‍ර ද සිල්වාටත් අදාළයි. හමුදා විනය අනුව ශවීන්ද්‍ර ද සිල්වාට යුද්ධ අපරාධ කිරීමේ හැකියාවක් නෑ. එසේ කළා නම් ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතුයි.

    ReplyDelete
  45. ලොකෙ ගොඩක් යුද්ද වලදි යුද අපරාද වෙනවා. ඉරාකෙ ඈෆ්ගනිස්තනෙ, පලස්තිනෙ, කාස්මීරයෙ ඔය හෙම තෑනකම එවා උනා. ලන්කාවෙත් වෙන්න බෙරි කමක් නෑ.
    එහෙම දෙවල් උනානම් සවෙන්ද්‍රලවය් ගොටාබයවය් විතරක් නෙමේ ෆොන්සෙකත් වග කියන්න ඔනා. අපෙ අමි කොල්ලොත් බර ගනක් අහුවෙය්.
    ඉතින් මහත්වරුනි අපි මොකක්ද කල යුත්තෙ? අපිට පුලුවන් මෙ හෙමදෙනාවම ජත්යන්තර අඩිකරනයකට බාරදෙන්න. එහෙම දෙයක් උනොත් මම හිතන්නෙ අපිට ඉතිහස ගතවෙන්න පුලුවන්.

    ReplyDelete
  46. මේ ගැන කියන බොහෝ දෙනෙක් කියන්නෙ බැරි වෙලාවත් ෆොන්සේකා ආවොත් වෙන්නෙ මේ දේ අනිත් පැත්ත කියලයි. ඒ නිසාම මේ වෙලා තියෙන දේ සාධාරණී කරණය කරනවා. ඒ එක්කම ජේ.ආර්., සිරිමාවෝ සහ විජය සම්බන්ධයෙන් ගත්තු පියවර ගැනත් කියල මේ දේ සාධාරණිකරණය කරන්න යනවා. ඒ කියන්නෙ අවුරුදු විස්සකට කලින් හිටපු පාලකයෙක් කරපු දෙයක් නිසා සහ අනාගතයේදී විය හැකිව තිබුණ දෙයක් නිසා ෆෙන්සේකා අත් අඩංගුවට ගැනීම සාධාරණයි කියන එකයි. මේ අය අමතක කරන්නෙ වර්තමාණයයි. ජේ.ආර්. කරපු නිසා හෝ ෆොන්සේකා පත් වුවොත් කරන්නට ඉඩ තිබුණ නිසා මේ කරපු දේ සාධාරණද?

    ReplyDelete
  47. "නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි"

    ඇත්ත. මේක වුනේ ටික කාලෙකට කලින්. මුළු රටම ගිලෙනවට කට්ටියටම කමක් නැත්තෙ ඒකයි.

    අඩව්ව,
    මහින්ද ආණ්ඩුවෙන් අල්ලන්න පුලුවන් හැම අඩව්වක්ම අල්ලලා රටේ ආකල්ප සහමුලින්ම වෙනස් කලා. මේකට විරුද්ධව කතා කලේ බොහොම පොඩ්ඩයි. ඒ අයගෙනුත් බහුතරයක් දැන් හිරේ. අතුරුදහන්. මරලා දාලා. දැන් තත්වේ අනුව මහින්ද, ගොටාබය ඇතුළු පිරිස පඩයක් ඇරලා ඒකත් දේශප්‍රේමී කිව්වොත් රටේ බහුතරයක් ඒකත් පිලිගන්නවා.

    මේ හේතුවම ඇති රටට පුක් ගහ ගන්න කියන්න. මොකද විරුද්ධව කතා කරන අය ඩිෂුම් ගාලා අතුරුදහන් වෙන කාලයක් මේක.

    පිස්සා,
    සරත් මාර ආදරණීය තාත්තෙක් නෙමේ.එයත් කාලයක් තිස්සේ හොඳ හොඳ සෙල්ලම් දැම්මා. දෙමළු ඉන්නවනම් සිංහලයො කියන විදියට ඉන්න කිව්වෙ එයා තමයි. එයාට මහින්ද අරින්න ලෑස්ති වුන එක එක ආකාරයකට හොඳ දෙයක්. නැත්තන් මේ විදියටවත් මේ ධ්‍රැවීකරණයට විකල්පයක් එන්නේ නෑ. ඒ මොනව වුනත් සරත්ට මාර ආදරණීය තාත්තා කියන්න පිස්සට පුලුවන්නම් මහින්දට ආදරණීය තාත්තා කියන්න අර ගොන් දේශප්‍රේමී රැළටත් පුලුවන්. පොට වරද්ද ගන්න එපා.

    ReplyDelete
  48. @ Awak,

    අඩව්ව ඔබේ කතාවට මුළුමනින්ම එකඟ වෙනවා. ඔන්න ඕක තේරුම් නොගත්ත එකයි අපේ වරද. අපේ දේශපාලනය ඇතුලේ අතීතයත් වර්තමානයේම කියවන්න මිනිස්සු පුරුදු වෙලා. අවුරුදු 23 කට කලිං හදපු 13 සංශෝධනය වගේ දේවල් පවා ඔය විදිහට පටලං ඉන්නේ එ්කයි. ඔබේ කතාව හරියටම හරි. එ්ත් මෙයාලා එ්ක තමන්ගේ වාසියට විතරනේ භාවිතා කරන්නේ. කරුණා ආවාම එ්ක හරි. එතකොට වර්ථමානය. ඔහු අතීතයේ කළ දේවල් අමතකයි. එ්ත් ටී.එන්.එ් එක එහෙම නෑ. උන් සදාකාලික කොටි. ඇයි ජවිපෙ උන් සදාකාලික කැරලිකාරයෝ. ඕක තේරුම් ගන්න බැරි අපේ ජනතාව විමල්ගේ හැම අඩව්වකටම නටනවා.

    ReplyDelete
  49. මේක හෂාන්ට.
    හෂාන් ඔයාගෙ කථාවෙ ඇත්ත තැන් තියෙනවා. හමුදාවක කෙනෙක් කරපු කරැමයක් ලු හමුදා සෙබලෙකු වීම. ඉතිං හමුදා සෙබලා ආණ්ඩුවට ගැතිවීම ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ නීති පද්ධතියෙන්ම කරලා තියෙන දෙයක්.

    ReplyDelete
  50. අවසානයේ කෙසේ හෝ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත්වී ඇත. අත් අඩංගුවට ගැනීමේදී සහ ඊට අනතුරුව ඉතාමත් නින්දිත ආකාරයෙන් සැලකීම පිළිබඳවත් වාර්ථා වෙමින් පවතී. මේ වෙනුවෙන් පොදු විපක්ෂය නැවත එක්වී විරෝධතා ව්‍යාපාරයන් රට පුරා අරඹා ඇත. නමුත් සිදුවී ඇති යතාර්ථය වන්නේ අවසාන වශයෙන් ජනාධිපතිවරණයේදී අභියෝගයක් වූ මිනිසාගෙන් පළි ගැනීමක් පමණි.

    අඩව්වේ අපට මෙම තලයේදී කළ හැක්කේ මේ වෙනුවෙන් බ්ලොග්කරුවන් දැනුවත් කිරීමත් බ්ලොග් ලියන්නන් හා කියවන්නන් අතර සංවාදයක් ගොඩනැගීමත් පමණකි. ක‍්‍රියාකාරී තලයේදී ඊට එහා දෙයක් කළ හැකි වුවද අප එකිනෙකා අතර ගොඩනැගෙන සංවාදය එවන් ක‍්‍රියාවන් දහසක් උදෙසා අප දිරිගන්වන බවත් අමතක නොකළ යුතුය. එබැවින් දහසකට එහා ගිය නිරීක්ෂකයන් සහ 50ක කමෙන්ටු හරහා මේ සඳහා ඔබගේ දායකත්වය ඉතාමත් ක‍්‍රියාකාරීව තිබූ බව නැවත නැවතත් කියාපායි. එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා ජනතා ඇසකින් බලන සහ හඬ නගන අඩව්වේ අප ඔබ සැම දැක්වූ දායකත්වය වෙනුවෙන් ස්තූති කිරීමට කැමැත්තෙමු. තවත් සංවාදයකින් හමුවන තුරු ආයුබෝවන්.

    ReplyDelete
  51. http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5582:2010-02-11-07-28-17&catid=34:2008-10-13-08-28-51&Itemid=27

    "බී.බී.සී. සන්දේශය සමග සිදු කළ එම ප්‍රකාශය විකාශයවූයේ ජෙනරාල් අත්අඩංගුව ගත් දින රාත්‍රී 10.00ට පමණ බවයි. නමුත් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ එදින රාත්‍රී 09.15 ට පමණ බව ඒ මහතා පෙන්වාදුන්නේය."

    ReplyDelete
  52. thank you ANY 4 your contribution. We think it is a very important information.

    ReplyDelete

Related Posts with Thumbnails