Wednesday, January 27, 2010

අඩව්ව අඩෙවි සංස්කාරකගේ විශේෂ ප‍්‍රකාශය. (මැතිවරණයෙන් පසු තත්වය)

අඩව්ව විසින් මේ මොහොතේ විශේෂ ප‍්‍රකාශයක් කළ යුතුව පවතී. ඒ අනුව සියළුම බ්ලොග් කියවන්නන් සහ ලියන්නන් අමතා ඉතා වගකීමෙන් මේ ප‍්‍රකාශයක කරන්නෙමු.

අඩව්ව යනු පැහැදිලිවම වෙනසක් වෙනුවෙක් පෙනී සිටි සහ තම අදහස් පල කළ අඩවියකි. අප අඩව්ව මේ මග ගෙනයෑමට තීරණය කළේ රටේ සිදුවුණ සිදුවීම් සහ නිශ්චිතවූත්, භයානකවූත් අනාගත සැලසුම් වලින් ජනතාව බේරාගැනීමටය. එසේ සිතීමට ප‍්‍රමාණවත් සිදුවීම් ගණනාවක් සහ අඳුරු සෙවනැලි ගණනාවක් මතුවෙමින් පැවතිණි. එම තත්වයන් ප‍්‍රශ්ණ කළ පුද්ගලයන් අධම ලෙස නිහඬ කරන්නට තරම් මෙම බල හවුල අත්තනෝමතිකව නැගිටිමින් සිටියේය. මේ තත්වයන් ඇසෙන පෙනෙන අඩව්වේ අප තව තවත් (අතිබහුතර ශ‍්‍රී ලාංකීය බුද්ධිමතුන් මෙන්) නිහඬව සිටීම හරහා අප වෙත ඉබේ තල්ලූවන න්‍යායාත්මක හා සදාචාරාත්මක වගකීම පැහැර හැරීමකැයි අපගේ හදවත් පුන පුනා කියා සිටියහ. එබැවින් පටු ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන් කාලෝ ෆොන්සේකාගේ සිට මාලනී ෆොන්සේකා දක්වා විවිධ පුද්ගලයන් තම මතවාදයන්, වටිනාකම්, විශ්වාසයන්, බලාපොරොත්තු ආදී සියලූ දේවල් මහින්ද රාජපක්ෂගේ දෙපා මුල තබා වැඳ වැටෙන කල අඩව්වේ අප උඩුගං බලා පිහිනීම ආරම්භ කළෙමු.

අප අපේ පිහිනීම ආරම්භ කළේ කරුණා අම්මාන් දේශපේ‍්‍රමියෙක් වූ දිනයේය. කරුණා අම්මාන් දේශපේ‍්‍රමියෙක් වන්නේ නම් අරංතලාවේදී ඝාතනයට ලක්වූ සිංහලවූද බෞද්ධවූද භික්ෂූන්වහන්සේලා සහ අලිමංකඩ මුලතිව් බංකර් තුළ මියගිය ජාතියේ මුර දේවතාවන් දේශද්‍රෝහීන් වන්නේදැයි අඩව්ව ප‍්‍රශ්ණ කර සිටියේ පාලකයන්ගෙන් සහ පාලිතයන්ගෙනි. එතැන් පටන් යුධ වංචාවන්, ජනතාව මුලා කිරීම්, වැඩවසම් රාජ්‍යත්වය, නීතියේ වල්වැදීම, ඇමතිවරුන්ගේ විගඩම්, රාජපක්ෂ වරුන්ගේ ¥ෂණ හා මාධ්‍යය මර්ධනය ආදී අවස්ථාවලදී අප කටවල් පියාගෙන නොසිටියෙමු. එහිදී අවධිකළ අපේ හඬ පක්ෂපාතීවූවා යැයි යමෙකු තර්ක කළ හොත් අප එයට එකඟ වන්නෙමු. මන්ද යත් එය අපේ අරමුණ කරා යෑමේ අවශ්‍යතාවය මත ගත් තීරණයක් බැවිනි.

ඉන්පසු හදිසියේ ඇති වූ මැතිවරණය තුළදී අප පවත්නා බල හවුලට දැඩිව පහර ගැසූ අතර සාක්ෂි සහිතව කරුණු දක්වා සිටියෙමු. එහිදී අප කිසිවක් හිතේ හිරකරගෙන නොසිටීමට වගබලා ගත්තේ ලසන්ත හෝ පෝද්දල මෙන් අවධානමට ලක්වීමට නොවුනත් 26වෙනි දින හවස ටැබූ වැන්නන් ප‍්‍රසිද්ධියේ නිරුවත් කළ ආකාරයේ අනියත බියගුළුකමක් නැති නිසාවෙනි. එ අනුව අප අඩව්ව අඩෙවියේ කිසිම පළ කිරීමක් ඉවත් කළේ හෝ සඟවා තැබූයේ නැත. අප එදා ලියූ දේ අදටද ඔබට දැකගත හැකිය. ඒ මන්ද යත් අප කළ කී සෑම දෙයකම වගකීම අප පෞද්ගලිකවම දරණ බැවිනි. එය පත්වන පාලකයා දෙස බලා ලිපි සැඟවීමට තරම් ප‍්‍රාථමික දෙයක් නොවන බව අප මේ මොහොතේද ඔබ ඉදිරියේ පවසා සිටිමු.

තවත් අඩවි කීපයක් තමන්ගේ අවසන් ලිපි සටහන් තබා බ්ලොග්කරණයෙන් සමුගන්නා බවක් පවසා ඇත. නමුත් ඔවුන් මෙසේ උත්සාහය අතහැර දමන්නේ ඇයි දැයි අපට නොවැටහේ. ඔවුන්ගේ බ්ලොග්කරණයේ අභිලාෂය ඉටුවූ බවක් පෙනෙන්නට නැති කොට මෙසේ සටන අතහැර දමන්නේ මන්දැයි අප ඉදිරියේ ප‍්‍රශ්ණාර්ථයක් ඉතිරි කරයි. තත්වය කෙසේ වූවද අඩව්ව මේ මොහොතේ වගකීමෙන් කියන්නේ අප ඇරඹූ උඩුගං බලා පිහිනීම කිසිසේත්ම අත්නොහරිමු. මන්ද අප මේ කර්තව්‍යය කරන්නේ සමස්ථ ශ‍්‍රී ලාංකීය ජාතිය වෙනුවෙනි. ඉදින් මෙවර එය සාක්ෂාත් කරගත නොහී අපේ උඩුගං බලා පිහිනීමට බාධා කරමින් සැඩ පහරක් ආ නමුත් ඉන් තරමක් වෙහෙසට පත්වූ හා සිත්තැවුලෙන් වුවද අප නැවතත් අත්පා ගසමින් ගමනට සැරසෙන්නෙමු.

ගැටුමක් ඇති වීම සාමාන්‍ය දෙයකි. මේ මොහොතේ අපේ අභිලාෂයන් සහ යථාර්තය අතර ගැටුමක් ඇති වී ඇත. ඒ හරහා අපේ බලාපොරොත්තු යථාර්තය තුළ බොඳව ඇත. මේ ගැටුම හරහා ඇතිවන සිත්තැවුල හා පශ්චාත්තාපය යනු ගැටුමේ නිශ්පාදනයන් වන්නේය. මේ චෛතසික තත්වයන් වූ කලී අන් කිසිවක් නොව ශක්තියයි. මේ ශක්තිය විවිධ පුද්ගලයන් විවිධ ලෙස භාවිතා කරති. සමහරෙක් මෙය ඍණාත්තමකව ගෙන තමන් කෙරෙහි වෛර්‍යයක් ඇති කරගෙන මේ ශක්තීන් තමන් වෙතට මුදා හරියි. ඔවුන් කරගන්නේ තමන්ට අකටයුත්තකි. තවත් අයෙක් මෙය රටේ ජනතාව කෙරෙහි වෛරී සිතුවිල්ලෙන් ජනතාව වෙත මුදාහරියි. ඒ අරහා ඔවුන් තවදුරටත් මෙහෙම හරක් ටිකකට මොකට දේශනා තියනවාද සිතා මේ සත්කාර්‍යය ප‍්‍රතික්ෂේප කරති. ඔවුන් කරන්නේ ජනතාවට අකටයුත්තකි. අඩව්වේ අප සිතන පරිදි නම් මේ දෙකම සාධනීය නොවේ. මන්ද මේ ගැටුම හරහා උපන් ශක්තිය මේ අවස්ථා දෙකේදීම ඍණාත්මකව භාවිතා වී ඇත. ඒ නිසා අඩව්ව සිතන්නේ මෙම ශක්තිය අප ධනාත්මකව යොදා ගෙන එය ශක්ති ප‍්‍රභවයක් ලෙස භාවිතා කළ යුතුය කියාය. සැබෑ ගැටුම් විපරිවර්ථන ක‍්‍රියාවලිය එයයි. එය නව ගමනකට මග පාදයි. එය අපටත්, ජනතාවටත් අප දෙපාර්ශවයටමත් කළ හැකි හොඳම කාර්‍යය වන්නේය.

මැතිවරණ ප‍්‍රතිපල පිළිබඳව අපගේ ආකල්පය වන්නේ මෙය ඉතාමත් සාමකාමී මැතිවරණයක් යන්නයි. නමුත් අප උපරිම මට්ටමේදී උත්සහ ගත් වෙනස හෝ අවම මට්ටමේදී උත්සහ ගත් ප‍්‍රජාතන්ත‍්‍රීය පාලකයෙක් බිහිකරගැනීම යන කරුණු ද්විත්වයම දෑස් ඉදිරිපිට බොඳවී හමාරය. ඒ අනුව අපේ රටට දැන් වරම් ලද ඒකාධිපතියෙක් පත්වී හමාරය. එහි කරුමය අනාගතයේදී අපට දැකගත හැකි වන්නේය. එය මෙහිදී විස්තර නොකෙරෙන්නේ විග‍්‍රහාත්කව වෙනමම ලිපියක් ලෙස පල කිරීමට අපේක්ෂා කරන බැවිනි.
මේ වූකලී ශෝකාලාපයක් නොවේ. මේ අප හිත් තුළ බුර බුරා නැගෙන වේදනාවයි. එසේම මේ වෙනස වන තුරුම ඒ වෙනුවෙන් ක‍්‍රියාකිරීමට අප මෙහෙයවන ශක්තියයි. එබැවින් අප පරාජයක් ලෙස මෙය කිසිසේත්ම විග‍්‍රහ නොකරන්නෙමු. මන්ද යත් මේ අපේ අනාගත ක‍්‍රියාකාරීත්වගේ ගාමක බලවේගය තනා දෙන ශක්ති ප‍්‍රභවය වන නිසාය. මේ අනුව විවිධ අඩවි විවිධාකාර තීරණයන් ගන්නා මේ තීරණාත්මක මොහොතේ අඩව්ව ගන්නා වෙනස වන්නේ ෆස්ට් එකට දමා ගමන වේගවත් කිරීමයි.ඒ අනුව ඔබට ඊයේ මෙන්ම හෙටටත් අඩව්ව ඉතුරු වන බව සතුටින් ප‍්‍රකාශ කරන්නෙමු. එසේම එදාටත් වඩා හෙට අප මතවාදීමය අතින් තව තවත් ශක්තිමත් වෙමින් මනෝමය නොවූ අපේ (ජනතාව වෙනුවෙන් කරන) අරගලයේ යථාර්තවාදී රූපය දැකීමට ක‍්‍රියාකරන්නෙමු. කාලයේ වැලිතලාවට කිසිදා යට නොවන මැරකම හා අවනීතිය හරහා උදුරාගන්නට තැත් කරන ඔබේත් මගේත් පපුකැනැත්ත තරම් වටිනා ප‍්‍රජාතන්ත‍්‍රීය හෙට දවස වෙනුවෙන් අද දවස කැප කරන්නට සූදානම් බව මෙහිලා සටහන් කර තබන්නේ හද පිරි සන්තෝෂයකින් හා ආඩම්බරයකිනි.





විශේෂ දැනුම් දීමයි.
මැතිවරණය සම්බන්ධ අපගේ අදහස් දැක්වීම් හා ස්ථාවරයන් පිළිබඳව ඔබට ප‍්‍රශ්ණ කිරීමට ඇති අයිතියට අපි අවස්ථාව සලසා දෙමු. ඔබගේ චෝදනා හෝ අදහස් මෙහි පළ කරන්න. ඉදිරි ලිපයේදී අප හැකි ඉක්මනින් ඔබේ ප‍්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නෙමු. අඩව්ව කිසිදා ඔබව මුලා නොකරන බවත් අප කළ කී සියලූ දේ සම්බන්ධව සම්පූර්ණ වගකීම ගන්නා බවත් කරුණාවෙන් සලකන්න.

.

17 comments:

  1. නියමයි නියමයි. තව මාස කීපයකින් එන මැතිවරණයෙදිවත් මේ වෙනස කරල කට්ටියට නටන්න තියෙන ඉඩ අඩු කරමු.

    ReplyDelete
  2. ඇත්ත වශයෙන්ම ඔබගේ ධෛර්ය්‍යය අගය කල යුතු වෙ.
    ඔබ ලියන සියල්ල නිවැරදි බව මා සිතන්නේ නැති වුනත්, පරාජය හමුවෙ පැන යාමෙන් වැලකී රැදී සිටීම අගය කරමි.

    ඔබටත් සුභ අනාගතයක්..!

    ReplyDelete
  3. @ මාරයාගේ හෝරාව, ඔබ නිවැරදි බව මටද හැඟේ.

    ReplyDelete
  4. ඡන්ද ප්රතිඵල පිලිගත හැකිද? මහා කුමන්ත්රණයක ලකුණු නොපෙනෙන්නේද? මැතිවරණ කොමසාරිස්ගේ අවසන් ප්රකාශය ගැන කුමක් සිතන්නේද?

    ReplyDelete
  5. ANY 1, Any 2, & මාරයා,

    ඔබගේ දිරිගැන්වීම් වලට බොහොම ස්තූතියි. අඩව්ව එදා මෙන් අදත් හෙටත් හැංගෙන්නේ නැතුව තමන්ගේ වැඬේ කරනවා. එ්ක ස්ථිරයි.


    අවක්ෂේප,

    ඔබ කී දෙය වැදගත් කියලා හිතෙනවා. එ්ත් වෙනසක් වෙනුවෙන් තිබුණ එකම අවස්ථාව මෙය කියලයි අප හිතන්නේ. මේ අවස්ථාවේ අපේ උත්සාහය සාර්ථක වුණා නම් අනිවාර්‍යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට දැඩි බලපෑමක් කරන්න තිබ්බා. එ්ත් දැං එ්ක අසාර්ථකයි. අනික මේ කලගෙඩි ලාම්පු සෙල්ලමකට ලෑස්ති වෙනවා කියලත් ආරංචියක් තියෙනවා. lanka news web බලන්නකෝ.

    ReplyDelete
  6. @ ANY 2,

    ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කරන අවස්ථාවේ මැතිවරණ කොමසාරිස් හිරකරගෙන සිට බැසිල් විසින් අවශ්‍ය ප‍්‍රතිඵල නිකුත් කළ කතාවත් ජෙනරල්ගේ නිවසේ අය විසින් එව්වායැයි කියන කෙටිපණිවුඩයත් අප දුටිමු. එසේම ජෙනරල් ඇතුළු පක්ෂ නායකයන් රැඳී සිටි හෝටලය වැටලූ හමුදාවේ පිරිස ගැනත් (මානව හිමිකම් ඇමති පිළිගත්) අප මාධ්‍ය හරහා දුටිමු. නමුත් මේ තුලද යම් අනවශ්‍ය මවා පෑමක් තබෙන බව අඩව්වේ මතයයි. මන්ද පරාජය පිළිබඳව හෝ මෙසේ වන්නට හේතු කියා පරාජය භාරගැනීම මේ හරහා ප‍්‍රතික්ෂේප කරන බැවිනි. මන්ද ජයග‍්‍රහණය කරන ආකාරය විශ්වාසයෙන් කී පරිදිම පරාජය වූ පසු ඊට සාධාරණ විශ්ලේෂණයක්ද කළ හැකි වීම දේශපාලනඥයෙකුගේ යුතුකම වන්නේය. නමුත් තමා සිරකරගෙන සිටින බවත්, තමා මැරීමට යන බවත්, අන්ත ¥ෂිත මැතිවරණයක් හරහා ප‍්‍රතිඵල වෙනස් කළ බවත් කී විට පරාජය විග‍්‍රහ නොකර මගහැරිය හැකි නිසාවෙනි.
    මැතිවරණයේ වංචාවන් හා ජෙනරාල්ට ඇති තර්ජන මුළුමනින්ම ඉවත නොදාන නමුත් තමන්ට ඡන්දය දුන් ජනතාවට පිළිතුරු දීමට ඔවුන්ට ඇති වගකීම මගහැරීම ගැන කණගාටු වන්නෙමු.

    ReplyDelete
  7. @හෂාන්
    ඔව් දිගටම ලියන්න පරජය හමුවෙ පලා ෙනායා ඉදිරියටත් තම මතය ඉදිරිපත් කිරමට හැකිෙවවායි මා එක සිතින් පතමි ...

    ReplyDelete
  8. බොහොම ස්තූතියි කැන්ඩි,

    ඔබේ සහයෝගයට ස්තූතියි. මම දන්නවා ඔබ මොන මතයක් දැරුවත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කෙනෙක් නෙමෙයි කියලා. අනික මම හරි අගේ කරනවා ඔබ ජයග‍්‍රහණයෙන් උමතු නොවී පත්වූ ආණ්ඩුවේ වැඩ ගැන අවධියෙන් ඉන්නවා කියලා ලියපු ලිපිය ගැන. ඇත්තටම අවශ්‍යය වෙන්නේ එ්ක. අපි කවුරුත් සදාකාලික නෑ. එ් හින්දා අපි කාවවත් දිනවලා අතපිහදාගන්න බෑ. අපි මේ රටේ අනාගතය නිවැරදි තැනට ගන්න එකයි කරන්න ඕනේ. එ්කට මේ වෙලාවේ රටේ ජනතාව ගත්ත මේ තීරණය හරහා ඇතිවූ තත්වය නිසා අනවශ්‍යය විදිහට සතුටක් හෝ කම්පාවකින් තොරව අපිට පුළුවං උපරිමයෙන් කටයුතු කරන්න ඕනේ. එ්කෙදී අපි ඡන්දෙ දීමට ගත්ත තීරණ හරි හෝ වැරදියි කියලා අපිට හිතෙයි. එ් මොනවා වුනත් අවස්ථාවෝචිතව නිවැරදි තීරණය අරන් අපි කතා කරන්න ඕනේ.

    ReplyDelete
  9. ස්තුතියි. මට පිස්සු නැහැ කියල ඒත්තු ගැන්නුවාට. මම ඒලියන් කෙනෙක් නෙවේ කියල සහතික කලාට. කොහෙත්ම හුරු නැති කැලෑවක අතරමන් වෙලා වගේ හැගීමක් තිබුනෙ. හුරුපුරුදු ගහකොල තාම මැරිල නෑ කියල දැනෙනකොට ආපහු හුස්ම ගන්න ආස හිතෙනවා.

    ReplyDelete
  10. ඇට මැස්සා,

    ඔබ කියන කතාව ඇත්ත. මේ වෙලාවේ ගොඩක් දෙනෙක් බය වෙලා. අපිත් එක්ක එකට හිටගත්ත බොහෝ දෙනෙක් ශබ්ද නැති වෙලා. එ්ත් මම නං කියන්නේ අපි බය උනොත් අපි විශ්වාස කරන පාඨකයෝ කොහොම බය වෙයිද? අපි මේ වෙලාවේ මේ වගකීම මගහැරියොත් අපි ලසන්තලා වගේ මිනිස්සු ජීවත් වුණ මේ රටට ගැලපෙන්නෑ. එ් විතරක් නෙමේ එ් අයගේ ජීවිත මේ රට වෙනුවෙන් පූජා කරපු එකේ ප‍්‍රතිඵල දකින්න වෙන්නෙත් නෑ.

    ReplyDelete
  11. ඔබගේ අඛණ්ඩ මැදිහත් වීම පිළිබදව සතුටු වෙමි. නමුත් කරුණා සම්බන්දව ඔබගේ ආස්ථානය මූලිකව ජාතිවාදී මෙන්ම පසුගාමීය. පශ්චාත් යුදමය වකවානුවේදී පවා නිවැරදි වීමට අවශ්‍ය ආයතනික ව්‍යුහයක් (Truth Commission of South Africa) නැතිකමේ ගැටළුව ඇතත් අතීතය වෙනස්කර ප්‍රජාතන්ත්‍ර වාදී දහරාවට ඇතුල්වීමට ඇති ඉඩකඩ ඇහැරිය යුතු නැත. එසේම දේශද්‍රෝහී සහ දේශප්‍රේමී වැනි නිශ්චිත දේශපාලන අර්ථයන් ජනනය නොකරන සංකල්ප ඔළුවේ තබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පුළුල් කතිකාවකට යා නොහැකි බව මාගේ හැගීමයි.KHAP Dayaratne

    ReplyDelete
  12. @ LAST ANY(දයාරත්න මහතානෙනි,)
    ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි. ඔබ කරුණා සම්බන්ධව ඉදිරිපත් කර ඇති තර්කය පිළිබඳ අප සම්පූර්ණයෙන් එකඟ වන්නෙමු. නමුත් අප කරුණා පිළිබඳ පළමු ලිපිය ලියුවේ කරුණා ත‍්‍රස්තවාදී කණ්ඩායමක සිට එක්වරම රටේ ආණ්ඩුවත් සමග ගණුදෙනුවකට ආ මොහොතේය. ඇත්ත වශයෙන්ම වැරැද්දක් කළ පුද්ගලයෙක් අතීතයේ සිරකර තබා සදාකාලිකවම පහර ගැසිය යුතු නැති බව අඩව්වේ අප දැඩිව විශ්වාස කරමු. නමුත් දයාරත්න මහතානෙණි අප මෙම සිදුවීම පවත්නා දේශපාලනික වටපිටාවෙන් ව්‍යුක්තව විග‍්‍රහ කළ නොහැක. ඔය දේශපේ‍්‍රමී සහ දේශද්‍රෝහී යන්නත් සම්බන්ධ වන්නේ එතැනදීය. (ඔබ දේශපේ‍්‍රමී සහ දේශද්‍රෝහී තර්කය තුළ පවත්නා ප‍්‍රාථමික මට්ටම පිළිබඳ කී දෙයට මුළුමනින්ම එකඟ වන්නෙමු.) පවත්නා ආණ්ඩුව විසින් ඊනියා දේශපේ‍්‍රමීත්වයක් මවාපාමින් ජනතාව කඬේ යවමින් තම සහෝදර සමාගමේ සියල්ලන් දේවත්වයේ ලා සලකන තැනට ජනතාව තල්ලූ කරන්නේ ඔය කියන දේශපේ‍්‍රමී තර්කය මතය. සියල්ල දේශපේ‍්‍රමිත්වය හරහා විග‍්‍රහ කිරීමට තරම් අධම වූ විමල් ප‍්‍රමුඛ ජාතිවාදී පිළ දිගින් දිගටම නූගත් ගැමියා තම මතයේ තබා ගැනීමට එකම මාර්ගය කරගත්තේ එයයි.

    මේ හරහා ඔවුන් කරුණා පිල්ලෙයාන් තම වාසිය තකා බා ගන්නා විට අපට මේ ප‍්‍රශ්ණය අසා බැරිවිය. ඇත්තටම ඒ ප‍්‍රශ්ණය දේශපාලන විද්‍යාත්මකව හා සදාචාරාත්මකව වැරදි බව අපි දනිමු. නමුත් ¥ෂිත වූ සහෝදර සමාගම මේ සියල්ලන් බා ගන්නේ සහ කරුණා වැන්නෙක් ආණ්ඩුව සමග අත්වැල් බැඳගන්නේත් ඔබ ඔය කියන ආකාරයේ පරම සිතුවිල්ලකින් නොවීමම එයට හේතුවයි. ඒ නිසා න්‍යායාත්මක තත්වයන් ප‍්‍රායෝගික තත්වයන්ගෙන් ව්‍යුක්තව විශ්ලේෂණයට යාමෙන් සිදුවන්නේ අකමැත්තෙන් වුවත් ආණ්ඩුවට කඬේ යෑමක්ම වන නිසා අප ඒ තත්වයෙන් ගැලවීම සඳහා මෙසේ ප‍්‍රශ්ණ කළ බව සිතනු මැනවි.

    ReplyDelete
  13. මම බොහො තැන් වලදි ලියු දෙ සිදුවි ඇත. රටක් අර්ථික හො ආධ්‍යාත්මික අතින් දියුනු වන්නෙ රටෙ මිනිසුන්ගෙ බුද්ධිමට්ටම මතය. අපගෙ අවාසනාවක මහත රටෙ බහුතරයක් දෙශපාලුවන් බොහො ඉහලින් තබා පිදිය යුත්තන් හට ගරහමින් රට දියුනු කිරිමක් ගැන කතා කරයි. චන්ද කාලය අතරතුරෙදි ජෙනරල් සරත් ෆොන්සෙකාගෙ නම නොකියු මාධ්‍යන් තුල අද නම කියවෙයි. රටක දෙශපාලන සදාචාරය පිරිහිමෙදි දක්නට ඇති ලක්ෂණ බොහොමයක් අපි දැක්කෙමු. නමුත් ජනපති මහින්ද නැවතත් බලයට පත්වි ඇත. අප රටෙ මැදිහත් මත දරනා උගතුන් බුද්ධිමතුන්ගෙ හඩ ඇසුවෙමු. නමුත් වෙනසක් වි නොමැත. අප රට මෙතරම් දුෂනය රජයන රටක් වි ඇත්තෙ දෙශපාලුවන්ගෙ වැරැද්දෙන් නොවන බව මගෙ මතයයි. එයට වග කිව යුතුවන්නෙ රටක ජිවත්වන මිනිසුන්ය. මිනිසුන් නිති බිඳ පොලිස් නිලධාරින් හට රුපියල් 500 ක් දි බෙරි පොලිස් නිලධාරින් හට දුෂිතයැයි කියති. කොහොම උනත් අඩව්ව තුලින් සිදුවු දෙය රටෙ දියුනුව හා දෙශපාලන සදාචාරයට යහපත්ය. එ පිළිබද මා ස්තුතිය පිරිනමයි. දියුනු රටවල දෙශපාලනය කරන මහත්වරු බොහොමයක් රටෙ දියුනුව, මිනිසුන්ගෙ දියුනුව කෙරෙහි බලපාන ප්‍රතිපත්ති හා නිතිරිති සාදයි. එවැනි මිනිසුන් කිපදෙනෙකු හො බිහිවෙවායි මගෙ පැතුමයි.

    ReplyDelete
  14. රවා,

    අඩව්වේ කාර්‍යය පිළිබඳ ඔබ ධනාත්මකව කතා කළාට ස්තූතියි. ඒ වගේම ඔබ කරන සත්කාර්‍යය ගැනත් අපි ස්තූති කරනවා. රවා ඒ වගේම ඔබ රටේ ජනතාව ගැන කී කතාවටත් අඩව්ව එකඟයි. මන්ද මිනිස්සුන්ගේ හැටියට තමයි රජ්ජුරුවෝ කියලත් කතාවක් තියෙනවානේ. ඒත් මම හිතන්නේ රටේ ජනතාවගෙන් අති බහුතරය මතවාදීව යැපුම් මට්ටමේ ඉන්න කොටසක්. මොකද තමන්ගේම කියලා මතයක් තියෙන්නේ ඉතාමත් අතලොස්සකට විතරයි. මතවාදයෙන් ස්වයංපෝෂිතනං එයාලා වෙන මතවාද හමුවේ වැනෙන්න බෑ. ඒවාට ඍජුව පිළිතුරු දෙන්න ඕනේ. ඒ වගේම මතවාදීමය පදනමට අනුව තමන් යම් දෙයක් සම්බන්ධව ගන්නා තීරණය පැහැදිලි කිරීමට හැකි විය යුතුයි. නමුත් ඒ හැකියාව බොහෝ දෙනෙක්ට නෑ. ඒකට තවත් හේතුවක් තමයි ලංකාවේ දේශපාලනය නියෝජනය කරන පක්ෂ වලටවත් ඒක නැතිකම.

    ඉතිං එහෙම මතවාදීමය වශයෙන් යැපුම් මට්ටමේ ජනතාවක් ඉන්න රටකින් අපිට සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ජනතාව මතවාදයක් අහුලගන්නේ බුද්ධිමත් යැයි කියන ජනතාවගේ කතා අහලා. ඉතිං ලංකාව වගේ මාධ්‍යයන් අන්තිම තිතටම විමල් කරණයට ලක්කලාම ජනතාව දිවා ? දකින්නේ එ් මතයම විතරයි. ඉතිං අතිබහුතර ජනතාව එ් අහුලාගත් මතවාදය ගිරව් වගේ කියවනවා. ඒ නිසා මේ ප‍්‍රතිඵලය අමුතු දෙයක් නෙමෙයි.

    ඒ හින්දා මම කියන්නේ අපි ජනතාවට බනිනවාට වඩා කරන්න ඕනේ සියලූ මතවාදයන් එක තලයක විග‍්‍රහ වෙන්නට ඉඩ නැති කොට ජනතාවට ඒ දේවල් හරහා තේරීමකට හෝ තමන්ගේම මතවාදයක් නිර්මාණය කළ හැකි තත්වයක දැනුම් මට්ටමකට යෑමට ඉඩ නොදෙන මේ ඒකාධිපති ක‍්‍රමයට බනින එකයි. අපි තව දුරටත් මේ ලිංමැඩි නිදහස බදාගෙන හිටියොත් ගිරා මතවාද දරන්නන්ට එහා ගිය අනන්‍ය මතවාද දරන ජනතාවක් ඉන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හදාගන්න වෙන්නේ නෑ.

    ReplyDelete

Related Posts with Thumbnails